Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name....


To 14th blood....

https://telegra.ph/Dangerously-yours-04-28



15th blood...


නෙහාන් එක්ක ටික දුරක් යද්දි ප්‍රාතිට දිගට හරහට මැසේජ් එන්න ගත්තේ කවදාවත් නැතුව.


ප්‍රාති ඒ මැසේජ් ඕපන් කරලා බැලුවා.


ප්‍රාතිගේ අතින් ෆෝන් එක බිම වැටුනේ,


" කාර් එක නවත්තන්න..." කියලා ප්‍රාති කෑගහද්දි.

" ඇයි ප්‍රාතිහාරි..." නෙහාන් කලබලෙන් ඇගුවේ කාර් එක නවත්වන ගමන්.


" මාව ආපහු ගිහින් දාන්න... මාව ආපහු හිටපු තැනටම ගිහින් දාන්න..." ප්‍රාති අඬමින් කිව්වා.


ප්‍රාති බිම වැටුනු ෆෝන් එක වෙවලමින් ඇහින්ඳලා ගත්තා.

කෛලාශ්ගේ නම්බර් එක ඩයල් කළේ පුංචිම පුංචි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒත් කෛලාශ්වේ ෆෝන් එක ඕෆ් කියන එක කනට ඇහෙද්දි ප්‍රාතිට හයියෙන් ඇඩුනා.


ඔව්. ප්‍රාති මේ ආයෙමත් හැරිලා යන්න හේතුව කෛලාශ්..

ප්‍රාතිට දිගට හරහට ඇවිල්ලා තිබ්බ මැසේජ්වල තිබ්බෙ video එකකුයි photo වගේකුයි.

කෛලාශ් කාර් එක වේගෙන් ඩ්‍රයිව් කරන් එද්දි රෝන් සයිඩ් ආව ටිපර් එකකින් හප්පලා දාලා යනවා තමා වීඩීයෝ එකේ තිබ්බේ. ෆොටෝවල කෛලාශ් ලේ පෙරාගෙන ඉන්නව තිබ්බා.

ඊට යටින් මැසේජ් එකක් තිබ්බේ මුගෙ මලකඳ දකින්න ඕනේ නැත්තන් හිටපු තැනටම එන්න කියලා..


" අනේ අයියේ ඉක්මනට යන්..."

මේ තරන් කාලෙකා නෙහාන්ට අයියේ කියලා කතා කරලා නැති ප්‍රාති අද එහෙම කතා කරද්දි නෙහාන් පුදුම වුනා.


" ප්‍රාතිහාරි මොකක්ද වෙලා තියෙන්නේ... මට කියන්නකෝ..."

" එයාලා... එයාලා... මගෙ කෛලාශ්ව... මගේ කෛලාශ්ව ඇක්සිඩන්ට් කරලා..." ප්‍රාති අඬමින් කිව්වා.

නෙහාන් ඉක්මනටම ආයෙමත් ප්‍රාතිව එනත ඇරලුවා.

ප්‍රාති කාර් එකෙන් බැහැලා දිව්වේ වැටි වැටී.

ඒ වෙනකොටත් කමල් එළියට වෙලා බලන් හිටියේ ප්‍රාතිව බලාපොරොත්තුවෙන්.

ප්‍රාති ගිහින් කමල් ළඟ වැඳ වැටුනා.

" ප්ලීස්... මාව මගේ කෛලාශ් ළඟට එක්කන් යන්න... ප්ලීස්.. මම ආයේ පැනලා යන්නේ නෑ..."

" චූටි මැඩම් ඔයා ඔය වැඩේ කලින්ම කරා නම් අපිට මෙහෙම දෙයක් කරන්න උවමනාවක් නෑනේ..."


"අනේ ප්ලීස්... ප්ලීස්... මාව කෛලාශ් ළඟට එක්ක යන්න.. මම පැනලා යන්නෙ නෑ ආයේමත්..."


කමල් අතවැසියෙක්ට ඉඟිකළේ කාර් එක අරන් එන්න කියලා.

නෙහාන් මේ වෙන හැමදේම දිහා බලාගෙන ඉඳලා ඉක්මනට ආදිට කෝල් එකක් අරන් හැමදේම කියලා ප්‍රාඅති ගිය කාර් එක පස්සෙන්ම ගියා.


මේ දේ අහපු ආදි යකා නැටුවෙ ගෙදර බඩු පොළොවේ ගහමින්.

" ඉවරයි... ඉවරයි... ඔක්කොම ඉවරයි..."

ආදිගේ අතත තුවාල වෙලා ඒ අස්සෙ ලේ ගලන්න ගත්තේ බිඳුණු වීදුරු කෑල්ලක වැදිලා.

ත්‍රීශා බලන් ඉන්න බැරිම තැන ආදිව පිටිපස්සෙන් බදාගත්තේ ආදි සන්සුන් වෙද්දි.

" ත්‍රීශා.. මම මොකද කරන්නේ දැන්... සම්පූර්ණ ප්ලෑන් එකම ඉවරයි... "

" ආදි... ප්ලීස් දැන්වත් තේරුම් ගන්න... ඔයා ප්‍රාතිව මැරි..."

" ත්‍රීශා.. කටවහනවා... ඒක විතරක් මට කියන්නෙපා... තමුසෙට පුලුවන්ද මම වෙන කෙනෙක්ගේ වෙනවා බලන් ඉන්න..."

" මට බෑ ආදි මට බෑ... ඒත් මම වගේ ළමයෙක්වත දෙන්න බැරි එකියක් වැඩක් තියනවද..."

" ත්‍රී... මට ළමයි එපා... මට ළමයි එපා... මට ඔයාව ඕනේ... ඔයාව විතරයි..."

" එපා ආදි... අපි දෙන්නට කවදාවත් එකතුවෙන්න බෑ... ඒක අපේ දෛවය..."

" දෛවය කෙහෙල්මල... ත්‍රීශා... දැන් වෙන කරන්න දෙයක් නෑ... යන්... අපි දෙන්නා මැරි කරමු... එතකොට කාටවත බෑ ඔයාව මගෙන් වෙන්කරන්න..." කියලා ආදි ත්‍රීශාගේ අතින් ඇදගෙන එළියට යන්න ගියා.

ඒත් ත්‍රීශා ආදිගෙ අත අතහැරලා ආදිගෙ කම්මුල එකක් ගැහුවා.

"enough..... adhi... enough.. මට තවදුරටත මේ දේ කරන්න බෑ... let's break up..."

" ත්‍රී ඔයා කොහොමද.. ඔයා කොහොමද් කටක් ඇරලා ඔහොම කියන්නේ..."

" කටක් ඇරලා තමයි කියන්නේ ආදි... තමුසෙව කිස් කරපු කටෙන්ම තමා කියන්නේ... දැන් ඇති... මේ හොඳටම ඇති... ආයෙමත් අපි දෙන්නා හම්බවෙන්නෙ නෑ... ඔයා ප්‍රාතිව මැරි කරන්න ඕනා..."

" මට බෑ ත්‍රී... මට බෑ.. මම මැරි කරන්නේ ඔයාව විතරයි...."

" ආදිව ඔයා අනිද්දට ප්‍රාතිව මැරි කරන්න ඕනේ... නැත්තන් ඔයාව ඊටපස්සෙ දවසේ මගේ මළගෙදරට එන්න වෙයි..." කියපු ත්‍රීශා ආදි දිහාවත නොබලා හැරිලා යන්න ගියා.

ආදි ත්‍රීශා යන දිහා බලන් හිටියේ ලොකු වේදනාවක් හිතේ හිරකරගෙන.

ත්‍රීශාත් ආදිව දාලා ගියේ කැමැත්තකින් නෙවෙයි ත්‍රීශා ආදිට ප්‍රාතීව මැරි කරන්න කිව්වත් ඒක කිව්වේ හිත ඇතුළින් පිච්චි පිච්ච්.


ගෙදර ගියපු ත්‍රීශා ගියේ එයාගේ තාත්තාව හොයාගෙන.

" ඩෑඩ්.. මම මැරි කරන්න කැමති...." කියලා කාමරේට දිව්වෙ තවත් දුක හිරකරන්න ඉන්න බැරි හින්දා.


ආදි තාමත් ත්‍රීශා ගිය පාර දිහා බලන් හිටියේ ත්‍රීශා එයාව දාල යන්න ගියා කියන එක විශ්වාස කරගන්න බැරුව.


කමල් ප්‍රාතිව හොස්පිටල් එකට එක්කන් ආවම ප්‍රාති දිව්වේ emergency room එක හොයාගෙන.

ඒ වෙනකොටත් එඩ්වඩ් ඩයනා දෙන්නා කෛලාශ්ගේ ජීවිතේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමින් හිටියේ.

ප්‍රාතිව දැක්ක ඩයනා ප්‍රාතිගේ කනට ගැහුවේ ප්‍රාතිව දෙදරලා යද්දි.

" තමුසෙ ආයේ ආවේ මගේ දරුවාගේ ඉතුරු ටිකත මරා ගන්නද...යනවා මෙතනින්.. යනවා...යන්න... මගේ දරුවට පාඩුවෙ ඉන්න දීලා යනවා යන්න...."

ප්‍රාති කිසිම දෙයක් නොකියා අඬමින් බලන් හිටියේ ඇත්තටම කෛලාශ්ට මෙහෙම දෙයක් වෙන්න හේතුව එයා හින්දා.

ඩයනා ප්‍රාතිට ආයෙමත් ගැහුවේ ඊළඟ පාර ගහන්න කලින් එඩ්වඩ් ඇවිල්ලා ඩයනාව අල්ලගනිද්දා.

" මාව අතහරින්න එඩ්... මගේ පුතා අර ඇඳ උඩ පණ අදින්නේ මේකි හින්දා..."

ප්‍රාති emergency room එක ඉස්සරහා දණින් වැටුනේ කියාගන්න බැරිතරන් වේදනාවකින්. එක රැයක වුන දේකින් ප්‍රාතිගේ මුළු ජීවිත්‍රෙම වෙනස් වුනා.

emergency room එකෙන් ඩොක්ටර් කෙනෙක් එළියට ආවා. ඩයනායි එඩ්වඩුයි දෙන්න ඉක්මනට ඩොක්ටර් ළzආ ආවේ කෛලාශ් ගැන දැනගන්න.

" ඩොක්ටර් මගේ පුතා..."

" පේෂන්ට ඉක්මනින්ම blood transition එකක් කරන්න ඕනේ.. මේ වෙනකොට අපේ blood bank එකේ stock නෑ... ඒ හින්දා ඔයාලා කවුරුහරි..."

" මගෙන් ගන්න.. මගේ bloo type එකමයි පුතාගෙත්..." එඩ්වඩ්

" හරි මිස්ටර්... ඔයාට ලෙඩ මොනාහරි..."

" ඩොක්ටර් මට sugar තියනවා..."

" එහෙනම් සොරි.. ඔයට blood donate කරන්න බෑ..."

" ඩොක්ටර් මම O negative මගෙන් ගන්න..." කියලා ප්‍රාති ඉදිරියට ආවා.

ප්‍රාති කෛලාශ්ට ලේ දීලා ආයෙමත් emergency room එක ළඟට එද්දිම සිහිය නැතිවෙලා වැටුනේ නෙහාන් ඉක්මනට ප්‍රාති ළඟ්ට එද්දි.


ප්‍රාතිට ආයෙමත් සිහිය එද්දි කමල් වගේම නෙහානුත් ළඟ හිටියා.

" චූටි මැඩම්... දැන් එහෙනම් ආපහු යමු නේද..."

" අනේ මට කෛලාශ්ව බලන්න දෙන්න... එක සැරයක්...."

කමල් ඉඩ දුන්නම ප්‍රාති ඉක්මනනින්ම ගියේ කෛලාශ්ව හොයාගෙන. ඒ වෙනකොටත කෛලාශ්ව වෝඩ් එකකට දාලා තිබ්බ හින්දා ප්‍රාති නර්ස් කෙනෙක්ගෙන් අහගෙන කෛලාශ්ව හොයන් ගියා.

කෛලාශ් හිටිය වෝඩ් එක ළඟට යද්දිම ප්‍රාතිට ඇහුනේ,

" I'm sorry mr.white... අපි ඔයාගේ පුතාව බේරගත්තත් එයාගේ ඔලුවට වැදුනු පාරක් නිසා නිසා එයාගේ මොළේ පැත්තක් ඩැමේජ් වෙල තියනවා.. ඒකෙන් එයාගේ මෙමරියට හානි වෙලා තියෙන්න ඕනේ බොහො දුරට... සමහරවිට එයාට හැමදේම හරි නැත්තන් ජීවිත කාලයෙන් කොටසක් හරි අමතක වෙන්න ඉඩ තියනවා...ඒක 100% ශුවර්..."

" කමක් නෑ ඩොක්ටර් මට මගේ පුතා බේරුනානේ ඒ ඇති..."

ඒ වෙලාවේ තමා ඩයනා වගේම එඩ්වඩ් ප්‍රාතිව දැක්කේ. ඩයනා ආයෙමත් ප්‍රාතිට බනින්න ගියත ඩයනාගේ අතින් අල්ලලා එඩ්වඩ් නතර කරා.

එඩ්වඩ් ප්‍රාතිට ඉඩහදලා දුන්නේ කෛලාශ්ව බලන්න යන්න.

ඔලුව සම්පූර්ණයෙන්ම බැන්ඩේජ් කරලා අත් කකුල් තැනින් තැන් බැන්ඩේජ් කරලා ඔක්ඩිජන් මාස්ක් එක දාලා ඒ මදිවට අතට කටු ගහලා ලේ දෙන කෛලාශ්ව දැක්කම ප්‍රාතිට පපුව පලාගෙන යන තරන් වේදනාවක් දැනුනා.

කෛලාශ් ළඟට ගිය ප්‍රාති ඉඳගෙන කතා කරන්න ගත්තා.

" කෛලාශ්... මම දන්නෙ නෑ ඔයාඅ මාව ඇහෙනවද කියලා... ඒත් මම අද ඔයාට මේ හැමදේම කියනවා.. මොකද අද තමා ඔයාව මට හම්බෙන අවසාන දවස...කෛලාශ් ඔයා මගේ පළවෙනි ආදරේ.. මට ඔයාව හැමදාම මතක තියෙයි මම ජීවත්වෙන තාක් කල් මට ඔයාව මතක තියෙයි... මම ඔයාට ගොඩාක් ආදරෙයි කෛලාශ්... මම ඔයා එක්ක අලුත ජීවිතයක් පටන් ගන්න හිතද්දි තමා මෙ දේවල් එක පිට එකපිට වෙන්න ගත්තේ.. සමහරවිට ම්ට ඔයාව ලබන්න පිනක් නැතිවෙන්න ඇති... කෛලාශ් මට සමාවෙන්න... මම හින්දා තමා මේ හැමදේම ඔයාට වුනේ... මම ප්‍රාර්ථනා කරනවා ඔයාට මාව අමතක වෙන්න කියලා... ඔයාට මාව අමතක වෙලා ගියොත් විතරයි ඔයාට සතුටින් ඉන්න ලැබෙන්නේ කෛලාශ්... මම යනවා... මම යන්නම යනවා... සදහටම..." කියලා කියපු ප්‍රාති කෛලාශ්ගේ නළල සිප ගෙන රූම් එකෙන් එළියට එන්න යද්දිම කෛලාශ් කතා කළා.


ඒත් ඒ එයාට නෙවෙයි... ඩයනාට....

" අම්මා..."

ඩයනායි එඩ්වඩුයි ඉක්මනට කෛලාශ් ළග දුවගෙන ආවා.

ප්‍රාතීඑ හිත කිව්වත් ආයේ කෛලාශ් ළඟට යන්න කියලා ප්‍රාති දොරෙන් එළියට ආවා.

ඒත් ප්‍රාතිට කෛලාශ්ව දාලා යන්න හිතුනෙම නෑ..

නමුත් ඊළඟට ඇහුන දෙයින් ප්‍රාති හොඳාම කඩා වැටුනා.

" අම්මා මට මොකද වුනේ... මගේ ඔලුව ගොඩක් රිදෙනවා... අපි දැන් හෙට ලංකාවට යන්නෙ කොහොමද...."

ප්‍රාතිට තේරුනා කෛලාශ්ට එයාව මතක වෙලා කියලා. ප්‍රාති වේගෙන් හොස්පිටල් එකෙන් එළියට දිව්වෙ කෛලාශ්ගෙන් සමුගන්න සදහටම.

පාරේ වේගෙන් යන වාහන දිහාට ප්‍රාති දුවගෙන ගියේ ප්‍රාතිගේ වෙලාවටම වේගේ පාලනය කරගන්න බැරි වාහනයක් ප්‍රාතිගේ පැත්තට එද්දි....


________________________________________


හරි එහෙනම් මළ ගෙදරට ලෑස්තිවෙන්න... මඟුල් ඔක්කොම කැඩුවා... දැන් හරිම සතුටුයි....

reaction දාන්න... comment කරන්න...


ආදරෙයි හැමෝටම

Report Page