Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name....


To 13th blood...

https://telegra.ph/Dangerously-yours-04-26



14th blood...


ප්‍රාතිහාරි ගෙදර දොරට තට්ටු කළාම දොර ඇරන් ආව කෙනා දැකලා ප්‍රාතිට ආපහු හැරුනේ යන්න. මොකද ඒ කෙනාට මූණ දෙන්න තරන් දෛර්‍යයක් ප්‍රාතිට තිබ්බෙ නෑ.

" නංගි...."


ප්‍රාති ආපහු යන්න හැරුනත් ත්‍රීශා කතා කරපු හින්දා නතර වුනා.


" නංගී... ඔහොම ඉන්න ඇයි යන්නේ..."


" අක්කේ..." ප්‍රාති බිම බලාගෙනම කතා කරෙ ඒ ඇස් දිහා බලන්න බැරි තරන් පසුතැවීමක් තිබ්බ හින්දා.


" නංගී කෝ මං දිහා බලන්න... ඔක්කොටම ඉස්සෙල්ලා ඇතුළට එන්නකෝ..."කියලා ත්‍රීශා ප්‍රාතිව එක්කන් ගේ ඇතුළට ගියා.

ඒ යනකොට ප්‍රාති දැක්කේ ආදි සෝෆා එක උඩට වෙලා බිත්තිය දිහා බලන් ඉන්නවා හරිම හිස් බැල්මකින්. එතන තිබ්බ ස්ටූල් එකේ හිස් බියර් ටින් හය හතක්ම තිබ්බා.


ත්‍රීශා ප්‍රාතිත් එක්ක ආදි හිටිය තැන ඉස්සරහින් ඉඳගත්තා.


" නංගී බලන්න මං දිහා... කෝ ඉතින්..." ත්‍රීශා බලෙන්ම ප්‍රාතිගේ මූණ එයාගේ පැත්තට හරෝගත්තා.


" නංගි බබෝ... ඒ වුන දේ දැන් අමතක කරන්න.. ඔය දෙන්නා අතේ කිසිම වැරැද්දක් නෑනේ... දැන් ඒ හැමදේම අමතක කරලා දාන්න... දැන් කින්නකෝ ඔයා ඇයි ආදිව හොයාගෙන ආවේ.."


"අක්කේ... ආදි අයියාගේ තාත්තා ආවා අද මාව හම්බෙන්න... එයා කෛලාශ්ටත් ශූට් කළා... "


" මොකක්... කෝ දැන් කෛලාශ්..."


" එයා හොස්පිටල් එකේ අක්කේ... අතට වැදුනේ... මම කෛලාශ්ගේ අම්මටයි තාත්තටයි කිව්වා එයාව ආපහු එක්කන් යන්න කියලා... මොකද මිස්ටර් ජයකොඩි මට ආදි අයියව මැරි කරන්න කිව්වා... එහෙම නැත්තන්..." කියලා ප්‍රාති ත්‍රීශාව බදාගෙන අඬන්න ගත්තා.


ප්‍රාතිව අතගාමින් සනසන්න උත්සාහ කරපු ත්‍රීශා,

" ආදි මාත් ඔයාට කිව්වනේ... දැන් තියන හොඳම දේ ඔආ ප්‍රාතිව මැරි කරන එක තමා..."


ඒක ඇහුනම බිත්තිය දිහා බලන් හිටිය ආදි විතරක් නෙවෙයි අඬ අඬා හිටිය ප්‍රාතිත් ත්‍රීශා දිහා බැලුවා.


" ත්‍රීශා තමුසෙට පිස්සුද... තමුසෙට පුලුවන්ද මම වෙන කෙනෙක්ට අයිති වෙනකන් බලන් ඉන්න..."


"අක්කේ... මට ඔය දෙන්නා අතරට එන්න ඕනේ නෑ... මම අයියව හොයාගෙන ආවේ මට මේකෙන් පැනගන්න උදව් කරන්න කියන්න... ප්ලීස්.. මට උදව් කරන්න..."


" ඒත් නංගි ඔයා ආදිව මැරි කරානම් ඔක්කොම ප්‍රශ්න හරිනේඑ..."


" අක්කේ ප්ලීස් ඒ දේ නම් කරන්න බෑ... අක්කේ ආදි අයියා ඔයාගෙ lover.. මම ආදරේ කරන්නෙත් කෛලාශ්ට... මට මොනාවුනත් ආදි අයියාව නම් මැරි කරන්න බෑ..."


" නංගි මේ අහන්නකෝ... මම ඇත්තටම කිව්වොත් වදයි..."


" ත්‍රීශා ඇති දැන් ඕක නවත්තන්න... මම ප්‍රාතිහාරිව මැරි කරන්නේ නෑ එච්චරයි... අපිට ළමයි ඕනේ නෑ... මම කියලා තියනවානේ... ප්‍රාතිහාරි දැන් ඔයාට ඕනේ මේකෙන් පැනගන්නනේ... ලංකාවේ හිටියොත් නම් ඔයාට කවදාවත් තාත්තාගෙන් බේරෙන්න හම්බෙන්නේ නෑ... ඒ හින්දා හොඳම වැඩේ රට යන එක..."


"මම එහෙම තමා කලිනුත් හිතන් හිටියේ අයියේ.. ගෙදර මැරේජ් එකෙන් බේරෙන්න ඕන නිසා මම කෛලාශ් එක්ක රට යන්නම් කියලා හිතන්හිටියේ... ඒත් මට දැන් කෛලාශ් එක්ක ගිහින් එයාව අනතුරේ දන්නත් බෑ.. අනික මම එයාට ආදරේ කරාට එයාට මූණ දෙන්න මට තාම හිත හදාගන්න අමාරුයි..."


" ඉතින් ඒකනේ නංගී.."


" ත්‍රීශා කටවහනවා... මං ආයේ කියන්නේ නෑ..."


" ප්‍රාතිහාරි ඔයා රටෙන් පිට වෙන්න ගියත් කොහොමත් airport එකෙන් යන්න බෑ... තාත්තාට අහුවෙනවා.. හොඳම දේ නැවෙන් පිටත් වෙන එක..."


" ඒත් අයියේ... මිස්ටර් ජයකොඩි කිව්වා අද මැරේජ් එක announce කරනවා next week marriage එක කියලා.. ඒ හින්දා මට ඒ ඉක්මනට මොනාහරි කරගන්න පුලුවන් වෙයිද..."


" ඒ ගැන බය වෙන්නෙපා මම ඒක කරලා දෙන්නම්... අද රෑ වෙද්දි මම ඔයාට ඔක්කොම ready කරලා දෙන්නම්... "


" හරි අයියේ ලොකු දෙයක්... අයියේ ඔයා black & white එකෙ..."


" owner... ඉතින් මොකක්ද වෙන්න ඕනේ.. ඔයා ගිහාම මටම තමා පාඩුව කොහොමත්...ආ.. ටිකක් ඉන්න... අපේ branch එකක මම ඔයා වැඩක් හදලා දෙන්නද මොකද කියන්නේ..."


"මං අහන්න ගියෙත් ඒකම තමා..."


" හරි ඒ ගැන බයවෙන්න එපා මම ඔක්කොම කරලා දෙන්නම්... මම රෑට හරියටම කියන්නම්..."


" හරි එහෙනම්... අක්කේ... මම ගිහින් එන්නම්... අයියේ මම යනවා..." කිව්ව ප්‍රාති යන්න නැගිට්ටා.


" නංගී ටිකක් ඉඳලා යන්නකෝ..."


" අක්කේ... කෛලාශ්ව operation theater එකේ දාලා ආවෙ මම... එයාව බලන්න යන්න ඕනේ..."


"හරි එහෙනම්..."


ප්‍රාති ආයෙමත් හොස්පිටල් එකට පිටත් වුනේ ආවට වඩා සැහැල්ලු මනසකින්.


කෛලාශ්වත් ලංකාවෙන් එළියට යැව්වා නම් ප්‍රාතිගේ හිත තවත් නිදහස්...


ප්‍රාති ආයෙමත් හොස්පිටල්ට එකට ආවා. කෛලාශ් ඒ වෙනකොට වෝඩ් එකේ හිටියෙ.. මිස්ටර් වයිට්ලාත් ඇවිල්ලා හිටියා.


" බබා... ඔයා කොහෙද ගියේ..."


කෛලාශ් ගාවින් ඉඳගත්ත ප්‍රාති කෛලාශ්ගේ ඔලුව අතගෑවා.


" කෛලාශ්... මම ඔයාගේ අම්මයි තාත්තායි එක්කත් කතා කළා... ඔයා ආපහු යන්න කෛලාශ්... මාව අමතක කරලා දාන්න..."


" ප්‍රාති තමුසේ හදන්නේ මාව අමතක කරලා දාලා අරූව මැරි කරන්නද..."


" කෛලාශ් ප්ලීස් මාව තේරුම් ගන්න..." ප්‍රාතීගේ ඇස්වල කදුලු පිරුනා.


" කෛලාශ්... මම ඔයාව අමතක කරනව නෙවෙයි.. මට කවදාවත් ඔයාව අමතක කරන්නත් බැරිවෙයි... ඒත් අපි අපේ සම්බන්ධය මෙතනින් නතර කරන්න ඕනේ කෛලාශ්... අපි break up වෙමු..."


" නෑ ප්‍රාති ඒක කවදාවත් වෙන්නෙ නෑ... මම තමුසෙව වෙන කෙනෙක්ට අයිති වෙන්න දෙන්නෙ නෑ... තමුසේ මගේ විතරයි ප්‍රාති..."


කෛලාශ්ගේ නළලට නලල තියාගත්ත ප්‍රාති,


" ප්ලීස් කෛලාශ්... මාව් තේරුම් ගන්න.. මම ඔයා ආදරේ හින්දයි කියන්නේ... ප්ලීස් ආපහු යන්න කෛලශ්..."


" ප්‍රාති තමුසේ මට ආදරේ නම් කොහොමද මට යන්න කියන්නේ..."


" කෛලාශ්... සමහර වෙලාවට ආදරේදී කැපකිරීම් කරන්න වෙනවා.. අපි දෙන්නාට දෙවියොන්ගේ කැමැත්ත තිබ්බොත් ආයේ එකතු වෙන්න ලැබෙයි.. අපි මෙතනින් නවතිමු කෛලාශ්.. I'll leave now..." කියපු ප්‍රාති අවසාන වතාවට කෛලාශ්ගේ තොල් සිප ගත්තා.


ප්‍රාති ඇඳෙන් නැගිටලා යද්දි කෛලාශ් එ පස්සෙන් දුවගෙන ආවේ මිස්ටර් වයිට් කෛලාශ්ව බලෙන් නවත්ත ගන්න හදද්දි.


පිටිපස්සවත් හැරිලා බලන්නෙ නැතුව ප්‍රාති ඉක්මනට දිව්වෙ කාර් එක ළඟට.

අඬ අඬම ගෙදර ගිය ප්‍රාති වතුරමල යටට වෙලා කෑගහලා ඇඬුවේ හිතේ තිබ්බ දුක වේදනාව පිට කරන්නා..


පැයක් දෙකක්ම ෂවර් එක යට හිටිය ප්‍රාති අවසානෙට බාතෲම් එකෙන් එළියට ආවේ අලුත් ජීවිතයක් ආරම්භ කරන්න හිතාගෙන.


දැන් දවස් ගාණක්ම ඔෆිස් ගියෙ නැති හින්දා ඇවිල්ලා තිබ්බ මේල් චෙක් කරේ හිතේ තියන දේවල් ආයේ අයේම ඉස්මතු වෙන්නෙ නැතිවෙන්න හොඳම දේ බිසී වෙන එක හින්දා.


මේල් චෙක් කරලා නෙහාන්ට කෝල් එකක් ගත්තා.


" මිස්ටර් නෙහාන්... මම මේල් චෙක් කරා.. අපිට අලුත් ප්‍රොජෙක්ට් වගයක් ඇවිල්ලා තියනවා..."


" එහෙමද ප්‍රාතිහාරි... ඔයා එට එනවනේ... නේද..."


" ඔව් මිස්ටර් නෙහාන්..."


" එහෙනම් ඒ ගැන පොඩි presentation එකක් හදන් එනවද එතකොට ඔක්කොම වැඩ ලේසියිනේ..."


" හරි මිස්ටර් නෙහාන්..."


නෙහාන් ඒ භාර දුන්න වැඩේ හොඳයි කියලා හිතුනේ ප්‍රාතිට බිසී වෙන්න පුලුවන් නිසා


ප්‍රාති presentation එක හද හද ඉන්නකොට අඳුනන්නෙ න්ථි නම්බර් එකකින් කෝල් එකක් ආවා.

ප්‍රාති කෝල් එක ආන්ස්වර් නොකර හිටියෙ මීට කලින් ප්‍රාතිට dating rumor එකක් හින්දා prank call ගොඩක් ඇවිල්ලා කරදරේ වැටුන හින්දා.


ඒත් ඒ නම්බර් එකෙන් ආයේ අයේම කෝල් ආවා.


ප්‍රාති ෆෝන් එක සයිලන්ට් කරන්න යද්දි කෝල් එක් ආවේ ත්‍රීශාගෙන්.


" හෙලෝ අක්කේ..."


" ත්‍රීශ නෙවෙයි ප්‍රාතිහාරි මම... දැන් මම කෝල් කීයක් නම් ගත්තද..."


" ආ අයියේ ඔයාද ගත්තේ.. අඳුන්නනෙ නැති නම්බර් එකක් හින්දා ආන්ස්වර් කරේ නෑ..."


" හරි දැන් ඒවාගෙන් වැඩක් නෑ... වැඩේ හරි තව දවස් තුනකින් ඒ කියන්නේ සඳුද රෑට ship එක යන්නේ... ඔක්කොම ලෑස්ති කරගන්න... හවස හය වෙද්දි මම කෙනෙක්ව එවන්නම් ඒ කෙනා ඔයාව ගිහින් ඇරවලා එතන වැඩ සේරම කරලා දෙයි... "


" හරි අයියේ thank you..."


" මේ දවස් ටිකේ නෝමල් එකේ ඉන්න කිසිම කෙනෙක්ට කියන්න එපා මේ ගැන... මොකද තාත්තාගෙ කනට වැටුනොත් කරන කිසි දෙයක් වැඩක් නැතිවෙයි... පුරුදු විදිහටම ඔෆිස් යන්න ඒ වැඩ කරන්න... දැන් කෛලාශ් මොකද..."


" මම break up වුනා අයියේ... කෛලාශ් කැමති වුනේ නෑ... ඒත් මට කරන්න දෙයක් නෑ.. එයාව ආරක්ෂා කරගන්න ඕනේ..."


" හරි ප්‍රාතිහාරි පරිස්සම් වෙන්න මේ දවස් ටිකේ.. මොකද අපේ තාත්තා වෙඩින් එක announce කරලා ඉවරයි..."


" මොකක්..."


" ඇයි දැක්කෙ නැද්ද..."


" මං ෆෝන් එක බැලුවේ නෑ අයියේ.."


" ලබන බදාදා වෙඩින් එක... බය වෙන්නෙපා... ඔයාව යවන්නේ USවලට... ඉතින් යන්නම මාසයක් විතර යයි... එතකොට මෙහේ කූල් ඩවුන් වෙලා තියෙයි..."


" හරි අයියේ.. Thank you.."


"හරි එහෙනම්.."


ආදි කෝල් එක තිබ්බට පස්සෙ ප්‍රාති කෝල් එකක් ග්ත්තේ එඩ්වඩ් වයිට්ට.


" දුව..."


"මිස්ටර් වයිට්... කෛලාශ්ට මොකද දැන්..."


" ඔයා ගියාට පස්සේ මෙතන දෙකක් කරා දුව අන්තිමට ස්ලීපින් පිල්ස් දීලා නිදිකෙරෙව්වා..."


" I'm sorry මිස්ටර් වයිට්... මම කෛලාශ්ට දුකක් දුන්නට... ඒත් මට කෛලාශ් ආරක්ෂා කරගන්නත් ඕනා එකයි මම මෙහෙම තීරණයක් ගත්තෙ..."


" මට ඒක තේරෙනවා දුව... අපි සඳුදට යනවා ලංකාවෙන්..."


" සඳුදා..."


" ඔව් දුව... සඳුදා රෑට ෆ්ලයිට් එක... ඊට කලින් එකක් හම්බුනේ නෑ අපිට... දුව පරිස්සමින් ඉන්න... කෛලාශ්ව බලන්න ආයෙ එන්න එපා..."


" හරි මිස්ටර් වයිට්..."


කෝල් එක කට් කරපු ප්‍රාති ආයෙමත් අඬන්න ගත්තේ එයාට කෛලාශ් නැතිවෙනවා එයා කෛලාශ්ව නැතිකරගත්තා කියන දේ ඔලුව ඇතුළේ දෝංකාර දුන්න නිසා.


පහුවදා උදේ ප්‍රාති ඔෆිස් ගියේ කූලින් ග්ලාස් දාලා. මොකද අඬලා අඬලා ඇස් හොඳටම ඉදිමිලා තිබ්බේ.


කට්ටිය ප්‍රාති දිහා බැලුවේ පුදුමෙන්. ස.අරු වෙනදටත් වඩා ගෞරවයකින්. මොකද ප්‍රාතිනේ එයාලාගේ බොස්ගේ වෙන්න වයිෆ්.


" අම්මෝ ඇති යන්තන්... ඒක නෙවෙයි ප්‍රාතිහාරි අද saturday කියලා අමතක වුනාද..." නෙහාන් විහිලුවක් කරලම ප්‍රාතිව පිළිහත්තේ ත්‍රීශා කලින්ම ප්‍රාතිගේ හිත හදන්න කියලා තිබ්බ හින්දා..


" අහ් ඔව් නේ..." වෙනදා නම් ඔරාති නෙහාන් කියන ඒවාට හොඳට මොනාහරි කියලා ඒත් අද එහෙම නෑ. නෙහාන්ට ඒ වෙනස හොඳට තේරුනා.


" ප්‍රාතිහාරි මෙන්න ඔයාට surprise එකක්..." කියලා නෙහාන් ප්‍රාතිඅ ෆයිල් එකක් දික්කලා.


ප්‍රාති ෆයිල් එක අරන් බලද්දි දැක්කේ USවල අලුතින් ඕපන් කරන branch එකක ceo විදිහට ප්‍රාතිව පත් කරලා තියනවා.


" මිස්ටර් නෙහාන් මේක..." ප්‍රාති පුදුමෙන් නෙහාන් දිහා බැලුවා.


" ඕක සර්ගේ තීරණයක්... හොඳට වැඩ කරන්න ප්‍රාතිහාරි... ඔයා ගිහාම හැබැයි මට තමා පාඩුව..." කියපු නෙහාන් ප්‍රාතිගේ ඔෆිස් කැබින් එකෙන් එළියට ගියා.


වැඩ ඉවර කරලා ගෙදා ගියපු ප්‍රාතිට තේරුනා කවුරුහරි එයාව ෆලෝ කරනවා කියලා.

ටිකකින් දැක්කේ ඒ වෙන කවුරුත් නෙවෙයි කෛලාශ් කියලා.


කර් එක පාරේ පැත්තකින් නවත්තපු ප්‍රාති කාර් එකෙන් බැස්සා.


කෛලාශුත් ඊටපස්සෙ කාර් එක පැත්තකින් නවත්තලා බැහැලා ආවා.


" ප්‍රාති එන්න මාත් එක්ක යන්න.. අපි දෙන්නා මැරි කරමු ඊටපස්සේ ඔයාට පුලුවන්නේ මාත් එක්කම ආපහු මගේ රටට යන්න..."


කෛලාශ් ප්‍රාතිගේ අතින් ඇදගෙන ගිහින් එයාගේ කාර් එකට නග්ගවන්න හැදුවා.


ඒ එක්කම දෙන්නවම ඇවිල්ලා ගන් අතේ තියාගත්ත සෙට් එකක් වට කරා.


" මිස්ටර් කෛලාශ්... අපේ චූටි මැඩම්ව හොඳ හිතින් අතහැරියොත් හොඳයි..."


ප්‍රාතිට තේරුනා මෙ ඇවිල්ලා ඉන්නේ සුගත්ගෙ කට්ටියක් කියලා.


" කෛලාශ් ප්ලීස් මාව අතහැරලා ඔයා යන්න..."


" පිස්සුද ප්‍රාති මුන්ට බයවෙන්නේ..."


" මිස්ටර් කෛලාශ්ට ඊයේ කෑවා මදි වගේ නේ..."

කෛලාශ්ගෙ පැත්තට ගන් එක දික්කරමින් කියද්දි ප්‍රාති හොඳටම බයවුනේ වෙව්ලන්න ගනිද්දි.


"ප්ලීස් කෛලාශ් යන්න.. ඔයා මට ඇත්තටම ආදරේ කරා නම් මාව අතහැරලා යන්න..."


" ප්‍රාති මම තමුසෙට ඇත්තටම තමා ආදරේ කරන්නේ.. එහෙමයි කියලා තමුසෙව දාලා යන්න මම නිවටයෙක් කියලා හිතුවද..."


" enough කෛලාශ්..." කිව්ව ප්‍රාති කෛලාශ්ගෙ අත ගසලා දාලා ඉක්මනට ඇවිල්ලා කාර් එකට නැග්ගා.


ඊටපස්සේ එතන හිටිය අයට කෑගැහුවේ,


" දැන් හරිනේ... එයාට යන්න දෙන්න..."


ප්‍රාති ගෙදර යද්දි ඒ අය පස්සෙන්ම ආවේ ගෙදර මුර කරන්නත් කට්ටිය නතර වෙද්දි.


ඉරිදා දවසත් ගෙදරටම කොටු වෙලා හිටිය ප්‍රාති කල්පනා කරේ හෙට පැනගන්නේ කොහොමද කියලා.


ආදිට කෝල් එකක් ගත්ත ප්‍රාති ඔක්කොම විස්තරේ කිව්වා.


" හරි බය්වෙන්නෙපා ප්‍රාතිහාරි.. හ්ට සුපුරුදු විදිහටම ඔෆිස් යන්නකෝ එතනින් මම ඔයාව එළියට පන්නගන්නන් කොහොමහරි..."


ආදි මත විශ්වාසේ තියලා ප්‍රාති පහුවදා ඔෆිස් ගියා.

දවල් වෙනකන්ම කිසිම කලබලයක් නතුව වැඩ හොඳින් වුනේ ප්‍රාතිගේ හිතට යම් සැනසිල්ලක් දැනෙද්දි.


ඒත් මාරයා කඩා පාත් වුනේ හවස හතරට විතර.


සුගත්ගේ අතවැසියෙක් වුන කමල් ඔෆිස් එකට ආවේ ප්‍රාතිව හම්බෙන්න.


" චූටි මැඩම් ලොකු සර් ඔයාට කිව්වා වෙඩින් ඩ්‍රෙස් ෆිටෝන් කරලා බලන්න කියලා..."


" හරි මම හෙට එන්නම්..."


"හෙට නෙවෙයි මේ දැන් යන්න ඕනා..."


" මොකක් මේ දැන්..."


"ඔව්..."


ප්‍රාති කමල් එක්ක පිටත් වුනේ ආදිට මැසේජ් එකක් යවන ගමන්.


ප්‍රාතිට එක එක විදිහේ ඩ්‍රෙස් පැයක් විතා ෆිටෝන් කරන්න වුනා. මේ වෙද්දි හයත් පහුවුනේ ප්‍රාතිගේ බලාපොරොත්තු කඩ වෙද්දි.


තවත් ඩ්‍රෙස් එකක් ෆිටෝන් කරන්න ගිය ප්‍රාති හිටිය රූම් එකට මුස්ලිම් ගෑනු ළමයෙක් ආවේ හරිම කලබලෙන්.


" මිස් ඉක්මනට මේක ඇඳගන්න..." කියලා එයා එයාගේ ඇඳුම් ගලවන්න ගත්තා.


" මොකක්..."


" මාව ආදි සර් එව්වෙ..."


ප්‍රාතිට එතකොට තමා ආයෙමත් අර නැති වෙලා ගිය බලාපොරොත්තුව එන්න ගත්තේ.


ප්‍රාති ඒ ගෑනු ළමයාගේ ඇඳුම ඇඳලා සන්ග්ලාස් දෙකකුත් දාගත්තේ ප්‍රාතිව කාටවත් අඳුනගන්න බැරිවෙද්දි.


" මිස් ඔයා දැන් කෙලින්ම එළියට යන්න.. ඉස්සරහා නවත්තලා ඇති කළු ජීප් එකක්.. ඒකේ නෙහාන් සර් ඉන්නවා..."


ප්‍රාති තවත් තත්පරයක්වත් නාස්ති කරන්නෙ නැතිව එළියට ගියා. වාසනාවකට වගේ ප්‍රාතිට අර ගාඩ්ලා ටික එයාව අඳුනගන්න ඉස්සරවෙලා එළියට පැනගන්න පුලුවන් වුනා.


" අම්මෝ ඇති යන්තන්..." ප්‍රාති පපුවට අතක් තියලා බර හුස්මක් හෙලුවේ සැනසීමක් දැනුන නිසා.


" බයවෙන්නෙපා ප්‍රාතිහාරි දැන් මම ඔයාව වෙලාවට ගිහින් ඇරලවනවා..."


නෙහාන් එක්ක ටික දුරක් යද්දි ප්‍රාතිට දිගට හරහට මැසේජ් එන්න ගත්තේ කවදාවත් නැතුව.


ප්‍රාති ඒ මැසේජ් ඕපන් කරලා බැලුවා.


ප්‍රාතිගේ අතින් ෆෝන් එක බිම වැටුනේ,


" කාර් එක නවත්තන්න..." කියලා ප්‍රාති කෑගහද්දි.


__________________________________________


කාවද මරන්නේ....


reaction දාන්න... comment කරන්න...


ආදරෙයි හැමෝටම

Report Page