Dangerously yours...
Pari🖤
To 12th blood...
https://telegra.ph/Dangerously-yours-04-24-2
13th blood....
ප්‍රාතිට එතන එහෙම්මම නින්ද ගියේ පහුවදා වාහන ගොඩක සද්දෙට ඇහැරෙද්දි.
ප්‍රාති පහල බලද්දි දැක්කේ වාහන පෝලිමක් එයාගේ මිදුලේ නවත්තලා තියනවා..
කෛලාශ්ගේ කාර් එක නම් තිබ්බේ නෑ
ප්‍රාති පහළට යන්නෙ නැතුව බලාගෙන හිටියේ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා.
ඒ එක්කම කට්ටියක්ම බැස්සා කාර්වලින් එළියට.
ඒ අතරේ හිටිය එක්කෙනෙක් දෙන්නෙක් ප්‍රාතිට දැකලා පුරුද්දක් තිබ්බේ බිස්නස් මීටින්වලින් දැකලා තිබ්බ හින්ද.
ඒ අතරින් ලොක්කා කියලා හිතන්න පුලුවන් කෙනා එකපාර ප්‍රාති හිටිය බැල්කනි එක දිහා බලලා කතා කරා.
" මිස් කත්‍රිආරච්චි අපිට ටිකක් කතා කරන්න පුලුවන්ද..."
ප්‍රාති කිසිම දෙයක් නොකියා බාතෲම් එකට ගිහින් මූණ ටිකක් හෝඳගෙන පහළට ගිය ප්‍රාති දොර ඇරියේ ඒ අයට ඇතුළට එන්න.
එතනින් අර ලොක්කා වගේ හිටිය කෙනා ඇවිල්ලා සෝෆා එකෙන් ඉඳගත්තේ අනිත් අය ප්‍රාතිවත් වටකරගෙන ව්ටේම හිටගනිද්දී.
ප්රාතිට් බයක් දැනුනත් ඒ බවක් පෙන්නන්නෙ නැතුව එයත් ඒ කෙනා ඉස්සරහාම සෝෆා එකෙන් ඉඳගත්තා.
"ඉතින් මිස් කත්‍රිආරච්චි... ඔයා මාව දන්නවද දන්නෙත් නෑ ඒත් මං අඳුන්වලා දෙන්නම්කෝ... මම සුගත් ජයකොඩි... ආදිත්‍යගේ තාත්තා..."
ප්‍රාතිට ආදිගේ තාත්තා කියද්දිම තේරුනා මොකටද එන්නේ කියලා.
" හරි බය වෙන්න එපා මිස්ටර් ජයකොඩි මම ඊයේ වෙච්ච දේවල් කාටවත් කියන්නෙ නෑ..."
" මිස් කත්‍රිආරච්චි... ඒ කියන්නේ ඔයා තාමත දන්නෙ නැද්ද..." සුගත්.
" මොකක්ද..."
ඇත්තටම කිව්වොත් ප්‍රාති දැනන් හිටියේ නෑ මේ හැමදේම මීඩියාවලට ගිහින් කියලා.
" කමල් අරක පෙන්නන්න මෙයාට..."
එතකොට සුගත්ගෙ පිටිපස්සෙ හිටිය කෙනෙක් ප්‍රාතිගේ අතට ටැබ් එකක් ගෙනත දුන්නා.
ප්‍රාති පුදුමෙන් මුළු ආර්ටිකල් එකම කියෙව්වෙ මෙහෙම දෙයක් වුනා කියලා කොහෙත්ම දැනන් හිටියේ නෑ කියලා.
" මිස් කත්‍රිආරච්චි... දකින්න ඇතිනේ නේද... හිතනවට වඩා තත්වේ දරුණු වෙලා තියෙන්නේ... මේ වෙනකොට අපේ කම්පැනිවලටත් ඒක බලපාලා තියෙන්නේ... "
" ඉතින් මිස්ටර් ජයකොඩි මට මොකක්ද කරන්න කියන්නේ... ඔයාලා දැන් මාව අතුරුදහන් කරන්නද යන්නෙ..."
" හහ්... හහ්.. පිස්සුද මිස් කත්‍රිආරච්චි... මං ආවේ ඔයාට ආදිත්‍යව මැරි කරන්න කියන්න..."
" මොකක්... ඒ දේ නම් කීයටවත වෙන්නෙ නැති දෙයක් මිස්ටර් ජයකොඩි... කීයටවත් මම ආදි අයියාව මැරි කරන්නේ නෑ... ඔයාලට වෙන මොනාහරි දෙයක් කරලා මේක වහලා දන්න පුලුවන්නේ... "
" නෑ මිස් කත්‍රිආරච්චි... දැනට තියන හොඳම option එක තමා ඔයා ආදිත්‍යව මැරි කරන එක... එතකොට ම්‍රෙ හැමදේම හරියනවා... ඇත්තටම කිව්වොත් මම අද ආවේ ඔයාට ආදිව මැරි කරන්න කියලා ඉල්ලන්න නෙවෙයි... මැරි කරන්න වෙනවා කියලා දැනුන් දීලා යන්න..." සුගත් අවසාන ටික කිව්වේ තර්ජනාත්මක විදිහට.
ඒ බව ප්‍රාතිට හොඳටම තේරුනා.
" ඒක නම් කොහොමවත්ම වෙන්නෙ නෑ මිස්ටර් ජයකොඩි... මට boyfriend කෙනෙක් ඉන්නවා.. ඒ විතරක් නෙවෙයි ආදි අයියාටත් girlfriend කෙනෙක් ඉන්නවා..."
" ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි මිස් කත්‍රිආරච්චි... ඔයා ආදිත්‍යව මැරි කරන්න ඕනේ... අද දවල් 12 වෙද්දි මම announcement එක දෙනවා next week marriage එක එච්චරයි... ඔයාට ඔයාගේ වැඩ කරන් පාඩුවේ ඉන්න පුලුවන් පවුලත් රැකගෙන...."
" ඒක කීයටවත වෙන්නෙ නෑ..."කියාගෙන ගේ ඇතුළට ආවේ කෛලාශ්..
" කෛලාශ්..." ප්‍රාති.
" ප්‍රාති කීයටවත් ආදිත්‍යව මැරි කරන්නෙ නෑ... ප්‍රාතිව මැරි කරන්නේ මම... she is mine...only mine..."
" මිස්ටර් වයිට්.. ඔයා මේ ප්‍රශ්නෙන් ඈත් වෙලා හිටියොත් හොඳයි... මොකද ඔයා මේකට මැදිහත වුනොත් වෙන දේවල් ඔයාටත් හිතාගන්න බැරිවෙයි..." සුගත් නැංගිටලා ඇවිල්ලා කෛලාශ්ගේ පපුවට ඇඟිල්ලෙන් තල්ලුවක් දාලා කිව්වා.
ඒ එක්කම ගන් එක ඇදලා අරන් සුගත්ගේ ඔලුවෙන් කෛලාශ් තිබ්බේ සුගත්ගේ ගෝලයෝ ඔක්කොම කෛලාශ්ව වට කරගෙන කෛලාශ්ව ගන්වලින් ඒම් කරා.
" මිස්ටර් වයිට්... මම ඔයා හිතනවා වගේ කෙනෙක් නෙවෙයි... තමුන් කොහොමත ටිකක් වැඩියි... ඒ හින්දා මෙතනින් දැන්නම අහකට වෙන්න.. නැත්තන් තමුසෙගෙ අම්මයි තාත්තයි දෙන්නත් තමුසෙගේ තනි මකන්න පරලෝකෙට එයි හොඳේ..."
" තමුනුත එනවා මං එක්කම ... " කියලා කෛලාශ් ට්‍රිගර් එක ඇද්දත් ඊටවඩා ඉක්මන් වුන සුගත්ගෙ කෙනෙක් කෛලාශ්ගේ අතට වෙඩි තිබ්බා.
ප්‍රාති කෑගහගෙන කෛලාශ් ළගට දුවගෙන එන්න හැදුවත ප්‍රාතිව කමල් ඇවිල්ලා කොණ්ඩෙන්ම අල්ලගත්තා.
කෛලාශ්ගේ අතට වෙඩි තිබ්බ හින්දා ගන් එක අතහැරුන ගමන් කට්ටිය කෛලාශ්වත අල්ලගත්තෙ හෙල්ලෙන්නවත් බැරි වෙන්න.
" අතහරිනවා ප්‍රාතිව...."
" කටවහනවා තමුන්... මිස් කත්‍රිආරච්චි තමුන්ට මේකෙන් පැනලා යන්න බෑ... පැනලා යන්න හරි වෙන මොනාහරි මංගුලක් කරන්න හැදුවොත් තමුන්ගෙ මේ ආදරවන්තයාට වෙන දේ හිතාගන්න බැරිවෙයි... අද අතට වෙඩි තිබ්බට ඊළඟ බුලට් එක කොහාද වදීද කියලා කියන්න බෑ..."
" ප්ලීස් එයාව අතහරින්න... මම කැමතියි... මම ආදි අයියව මැරි කරන්නම්... "
" ඕක කලින් කියන්න තිබ්බනේ කෙල්ලේ... එහෙනම් අපි ගියා ඔන්න..."
එහෙම කියලා ඒ අය මේ දෙන්නව අතහැරලා දාලා යන්න ගියේ කෛලාශ් ආයෙමත් ගන් එක අරගෙන පස්සෙන් යන්න යනකොට.
ප්‍රාති ඉක්මනට දුවගෙන ගිහින් කෛලාශ්ව පිටිපස්සෙන් බදාගත්තා.
" ප්ලීස් එපා කෛලාශ්... ඕක නට්තර කරන්න..." කෛලාශ්ව ගල් ගැහිලා නතර වුනේ ප්‍රාතිගේ කඳුලුවලින් කෛලාශ්ගේ පිට තෙත් වෙද්දි.
ප්‍රාති අඬන එක තවත් දරාගන්න බැරිවුන කෛලාශ් හැරිලා ප්‍රාතිව සිප ගත්තා.
ඒත් මේ පාර නම් ප්‍රාති කෛලාශ්ව ඉක්මනින් ඈත් කලා.
" බබා... ඇයි..."
" No... No... කෛලාශ්... මම තවදුරටත් පිරිසිදු කෙනෙක් නෙවෙයි... I think we should break up..."
ඒ වචන ටික ඇහුන කෛලාශ්ගේ හදවතට දැනුනේ පිහියකින් ඇනගෙන ඇනගෙන යනවා වගේ හැඟීමක්.
ප්‍රාති එහෙම කිව්වත් ප්‍රාතිට දැනුනෙත් ඒ දේම තමා.
" නෑ.. නෑ... බබා.. ඒක කරන්න බැ... ඔයා හැමදාමත මගේ.. ඔයා මගේ විතරයි... එන්න.. දැන්මම යන්.. අපි අදම මැරි කරමු...."
කෛලාශ් ප්‍රාතිගේ අතින් ඇදගෙන එළියට යන්න හැදුවා.
" නෑ කෛලාශ්... ඔයා හිතනවා වගේ ඒක ලේසි දෙයක් නෙවෙයි... ඔයාට හොඳ කෙනෙක් හම්බෙයි... අනික මට ඔයාව නැති කරගන්න ඕනේ නෑ කෛලාශ්.. ප්ලීස් අපි මේක මෙතනින් නතර කරමු.. එයාලා අද ඔයාගේ අත.. දෙයියනේ..." ඒ වෙලාවේ තමා ප්‍රාතිට කෛලාද් තුවාල වෙලා ඉන්නේ කියලා මතක් වුනේ..
" කෛලාශ් ඔයාට තුවාල වුනා.. එන්න ඉක්මනට හොස්පිටල් යන්... අර ලේ..."
" නෑ ප්‍රාති.. මට පොරොන්දු වෙන්න මාව දාලා යන්නෙ නැ කියලා..."
" කෛලාශ්.. ප්ලීස් අපි ඉස්සෙල්ලම හොස්පිටල් යන්..."
" බෑ ප්‍රාති....මට ඔයා..." ප්‍රාති කෛලාහ්ව සිප ගත්තේ ප්‍රාතිගේ මේ වැඩෙන් කෛලාශ්ව මෙල්ල කරගන්න පුලුවන් වෙයි කියලා හිතුන හින්දා.
ප්‍රාති හිතුවා වගේම කෛලාශ්ව ඊටපස්සේ හොස්පිටල් එක්කන් යන්න පුලුවන් වුනා.
කෛලාශ්ව තියර්ටර් එකට ගද්දි ප්‍රාති ටික වෙලාවක් එළියට වෙලා හිටියත ඊටපස්සේ හොස්පිටල් එකෙන් එළියට ආවේ මේ වෙලාවේ කරන්නම ඕන දෙයක් මතක් වුන හින්දා.
ප්‍රාති ගියේ black & white hotel එකට.
ප්‍රාති ඇතුළට යද්දිම receptionist පුදුමෙන් ප්‍රාති දීහා බලලා ආචාර කරා.
ප්‍රාති ගියේ කෙලින්ම ඩයනායි එඩ්වඩුයි ගාවට.
" මිස්ටර් වයිට්... මිසිස් වයිට්... මට ඔය දෙන්නා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද..."
" අනේ දුවේ ඔය formal විදිහට කතා කරන්න ඕනේ නෑ මෙහෙ එන්න... ඔයා අපේ ලේලිනේ..."
ප්‍රාතිට තේරුනා කෛලාශ් දැනටමත මේ දෙන්නට සම්බන්ධය ගැන කියලා තියෙන්නේ කියලා.
" නෑ මිසිස් වයිට්... මම ආවේ අද ඒ ගැන කතා කරන්න තමා... ඔයාලා දන්නවා ඇතිනේ ඊයේ වුන දේ..."
" ඔව් දුවේ අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. අපි දන්නවා මොකක්ද වුනේ කියලා... අපි සාම්ප්‍රදායික විදිහට හැදුන අය නෙවෙයි... ඔයාඅපිට අපේ ලේලිම තමා..."
" එහෙම කියන එකටත thank you මිසිස් වයිට්... ඒත් මේ වෙනකොට ඒ දේ ලොකු ප්‍රශ්නයක් වෙලා ඉවරයි...ඒ හින්දා මම කෛලාශ් එක්ක තියන සම්බන්ධය නතා කරනවා..."
" ඒත් දුවේ ඇයි ඒ.. පුතාගෙන් කිසිම ප්‍රශ්නයක් නෑනේ..."
" නෑ කෛලාශ්ගෙන් මට ප්‍රශ්නයක් නෑ.. ඒත් මං හින්දා කෛලාශ් තමා කරදරේ වැටෙන්නේ... දැනුත් කෛලාශ් හොස්පිටල් එකේ ඉන්නේ..."
" මොකක්.... මොකක්ද මගේ පුතාට වුනේ..."
" කෛලාශ්ට ආදි අයියාගේ තාත්තාගේ කෙනෙක් වෙඩි තිබ්බා අතට... බය වෙන්නෙපා එයාට මුකුත් වෙන්නෙ නෑ... මිසිස් වයිට් මිස්ටර් වයිට්... ප්ලීස් මම ඔය දෙන්නගෙන් වැදලා ඉල්ලන්නේ කෛලාශ්ව එක්කන් ලංකාවෙන් යන්න ප්ලීස්... කෛලාශ්ව මගෙන් ඈත් කරන්න... මට කෛලාශ්ට කරදරයක් වෙනවා බලන් ඉන්න බෑ ප්ලීස්..."
ප්‍රාති අඬ අඬම කිව්වා.
ප්‍රාතිගේ තත්වේ තේරුන් ගත්තා ඩයනා ප්‍රාතිගේ කැමැත්තට ඉඩ දුන්නා.
හොටෙල් එකෙන් එළියට ආව ප්‍රාති නෙහාන්ට කෝල් එකක් ගත්තා.
" මිස්ටර් නෙහාන්... මට ආදි අයියා ඉන්නේ කොහෙද කියලා දැනගන්න පුලුවන්ද.."
" ප්‍රාතිහාරි...."
" ප්ලීස් මිස්ටර් නෙහාන්..."
" එයා එයාගේ ගෙදර ප්‍රාතිහාරි..."
" මිස්ටර් ජයකොඩිත් ඉන්නවද..."
" නෑ ආදිත්‍ය සර් එයාගේ ගෙදර ඉන්නේ..."
"මට ලොකේෂන් එක දෙන්න ප්ලීස්..."
" හරි මං එවන්නම්..."
ප්‍රාති නෙහාන් එවපු ලොකේෂන් එකට ගිහාම ප්‍රාතිගේ ගේ වගේම නවීන පන්නෙට හදපු සුපිරි ගෙයක් තිබ්බා.
ප්‍රාතිහාරි ගෙදර දොරට තට්ටු කළාම දොර ඇරන් ආව කෙනා දැකලා ප්‍රාතිට ආපහු හැරුනේ යන්න. මොකද ඒ කෙනාට මූණ දෙන්න තරන් දෛර්යයක් ප්‍රාතිට තිබ්බෙ නෑ.
" නංගි...."
____________________________________
මං කතාව දිගටම ගෙනියන්න ඕනද ළමයි...
reaction 50ක්වත් නෑ comments 10ක්වත් නෑ...
ඔයාලාම තීරණය කරන්න...
ආදරෙයි හැමෝටම