Dangerously yours....
Pari🖤
To 11th blood...
https://telegra.ph/Dangerously-yours-04-23
12th Blood...
ඇලිස් හිටිය තැනට යද්දිම කෛලාශුත් පෝස්ටර් එක දැක්කේ එකපාර පපුව අල්ලගනිද්දි.
" ප්‍රාති..." කියාගෙන කෛලාශ් දණින් වැටුනා.
කෛලාශ් නැඟිටලා වටපිට බැලුවේ ප්‍රාතිව හොයන්න.
ඒත් මේ වෙනකොට hall එකේ stage එකේ ප්‍රාතිගේ තැන විහාරා අරන් තිබ්බෙ.
කෛලාශ් කෙලින්ම stage එකට දිව්ව.
" කෝ ප්‍රාති..." විහාරාගේ ඔලුවට ගන් එක තිබ්බ කෛලාශ් ඇහුවා.
විහාරා බයෙන් ගැහෙන්න ගත්තා. කතා කරනවා තියා කටේ කෙළත් හිඳුනා.
" මගේ දුවව අතහරින්න..." මානෙල් ඇවිල්ලා කෛලාශ්ගේ අතේ එල්ලුනා.
" මේකිගේ ඔලුව කුඩු වෙන්න ඕනේ නැත්තන් කියනවා කෝ ප්‍රාති කියලා..."
" ප්‍රාතිව එයාගේ අම්මා අරන් ගිහිල්ලා... අපි දන්නෑ මොකද වුනේ කියලා..." මානෙල්.
කෛලාශ් සැනසුම් සුසුමක් හෙළලා ගන් එක පාතට දැම්මා. ඒත් ඒ එක්කම ගයනි හෝල් එකට දුවගෙන ආවා.
" සරත් කෝ ප්‍රාතිහාරි...."
" මොනාද ගෑනියෙ අහන්නේ තමුසෙනේ දැන් ටිකකට කලින් ප්‍රාතිහාරිව අරන් ගියා කිව්වෙ..."
" ඒ කියන්නේ ප්‍රාතිහාරි මෙතන නැද්ද...." ගයනි.
" එතකොට තමුන්ද ප්‍රාතිගේ අම්මා... කෝ ප්‍රාති.." කෛලාශ් ගයනිගෙන් ඇහුවා.
" ප්‍රාති... ප්‍රාති මේ හොටෙල් එකේමයි ඉන්නෙ... ඒත් එයාව මං ගිහින් දාපු රූම් එකේ නෑ මේ වෙනකොට... "
" මොකක්... තමුසේ මොකක්ද මගේ කෙල්ලට කරේ.. " කෛලාශ්
" මම ප්‍රාතිහාරිට හොඳ කසාදයක් කරන්න හැදුවේ.. " ගයනි.
" මගේ කෙල්ලට හීරීමක් හරි වෙලා තිබ්බොත් මම උබලා ඔක්කොම මරනවා..." කෛලාශ් හෝල් එක දෙකක් කරා.
" කෙවින් මට දැන්මම මගේ කෙල්ලව හොයාගන්න ඕනේ..."
" කෛලාශ් අපි මෙතනට ආවේ මොකටද කියන එක අමතකද... අමතක කරන්නෙපා අපේ එකෙකුත අපිට නැතිවුනා කියන එක..." කෙවින්.
" මට ඒවාගෙන් වැඩක් නෑ මට මගේ කෙල්ලව ඕනේ..."
ටික වෙලාවකින් ප්‍රාතිගේ අම්මා තාත්තා කුඩම්මා කට්ටියම වගේම කෛලාශ්ලාත් security room එකේ cctv footage check කර කර හිටියේ ප්‍රාතිව හොයාගන්න.
ප්‍රාති ගියපු රූම් එක දැක්ක ගමන් කෛලාශ් දිව්වෙ රූම් එක හොයාගෙන.
අනික් අයත් ඒ පස්සෙන් ආවා.
ඒත් එයාලා පරක්කු වැඩියි.
රූම් බෝයි කෙනෙක්ට කියලා රූම් එකේ ඩොර් එකත් ඕපන් කරගෙන ඇතුළට ගිය කෛලාශ් ඉස්සෙල්ලම දැක්කෙ බිම හැමතැනම වැටිලා තියන ඇඳුම්.
ඊළඟ දැක්කේ කිසිම ආදරවන්තයෙක් දකින්න නුසුදුසු දෙයක්.
ඒ ප්‍රාති වෙනත් පිරිමියෙක්ගේ තුරුලේ ඉන්න එක.
" ප්‍රාති..." කෛලාශ්ගේ කටේ සද්දෙට ප්‍රාති වගේම ඒ පිරිමි කෙනත නැඟිට්ටා.
ප්‍රාති ඉස්සරහා ඉන්න කෛලාශ්ව දැකලා ඇඳ පැත්ත බලද්දි එයා එක්ක හිටපු කෙනා දැකලා පුදුම වුනා.
" ආදි අයියා.. "
" ප්‍රාතිහාරි...."
ඔව් ඒ රාත්‍රිය ප්‍රාති එක්ක ගත කරලා තිබ්බේ ආදි.
" කෛලාශ්... මම... මම... " ප්‍රාති හඬා වැටුනේ මොකක්ද වුනේ දැන් මොනා කරන්නද කියන එක හිතාගන්න බැරුව.
මේ වෙනකොට සරත් ගයනි මානෙල් කට්ටියත් මෙතන හිටපු හින්දා එයාලාට තේරුනා තවදුරටත් එයාලා ප්‍රාතිගෙන් ගන්න හිටිය වාසි ගන්න බැරි වෙනවා කියලා.
කෛලාශ් එකපාර ආදිට ගහන්න පටන් ගත්තා.
ආදිත් ඉතින් එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ. කෛලාශ් පොලිසියේ එතකොට ආදි underworld එකේ.
දෙන්නා දෙන්නා නොදෙවෙනිව ගහගට්ත්තා.
අන්තිමට කෛලාශ් ගන් එක ඇදලා ගත්තේ ආදිට වෙඩි තියන්න.
" කෛලාශ් නවත්තන්න.. ඕක නවත්තන්න.. මම මැරෙනවානැත්තන්...." කියලා ප්‍රාති පිහියක් බෙල්ලට තියාගත්තා.
" ප්‍රාති... එපා.... එපා.. බබා... එපා... ප්ලීස්..." කියන ගමන් කෛලාශ් ප්‍රාති ළඟට එන්න ගත්තා.
" stop... stop කෛලාශ්.... අද මගේ ඇඟම වෙන පිරිමි කෙනෙක් අල්ලලා තියෙන්නේ ඔයාට එක වයින් බෝතලේකින් මාව ක්ලීන් කරලා ඉවරයක් කරන්න බැරිවෙයි..." කිව්ව ප්‍රාති බාතෲම් එකට දිව්වා.
එත් එක්ක්ම ආදිගේ ෆෝන් එකට කෝල් එකක් ආවෙ නෙහාන්ගෙන්.
" සර්... ලොකු ප්‍රශ්නයක්... සර්ගෙයි ප්රාතිහාරිගෙයි ෆොටෝ වගයක් viral වෙලා තියනවා... දෙන්නා... දෙන්න... එකට ඉන්න..."
" මොකක්..." කිව්ව ආදි ඉක්මන්ට ෆෝන් ර්ක අරන් චෙක් කරද්දි තමා දැක්කේ එහෙම එකෙක් වෙනවා කියලා.
" ඉක්මනට අයින් කරනවා ඒවා ටික නෙහාන් තමුසේ මොන මඟුලක් ද කරන්නේ...."
" ඒවා මං අයින් කරන්න ට්‍රයි කරලා සර්... ඒත් කිසිම විදිහකින් අයින් කරන්න බෑ ඒ වෙනුවට ඒවා තවත් viral වෙන එක වෙන්නෙ..."
" හරි මම බලන්නම්... කොහෙද දැන් ඉන්නේ..."
" ඔෆිස් එකෙ සර්...."
" දැන්ම restaurant එකට යන්න.. ත්‍රීශා ගැන බලන්න මම එනකන්.."
" සර් බයවෙන්නෙ දෙයක් නෑනේ ත්‍රීශා කොහොමත් දන්නවා ඕවා ai කියලා..."
" ai නම් මාත් සද්ද නොකර ඉන්නවා මිනිහෝ..."
මේ වෙනකොට ආදිගෙයි ප්රාතිගෙයි මේ සිද්ධිය රට පුරාම ප්‍රසිද්ධ වෙලා තිබ්බේ..
නිකන් නෙවෙයි ලස්සන headline එකක් එක්කම.
" Skyline ගුවන් සමාගමේ මිළඟ අනුප්‍රාප්තිකයා එනම් black & white ව්‍යාපාර ජාලයේ හිමිකරු ආදිත්‍ය ජයකොඩි, කත්‍රිආරච්චි ව්‍යාපාර ජාලයේ හිමිකරු වන සරත් කත්රිආරච්චිගේ පළමු දියණිය වන ප්‍රාතිහාරි කත්‍රිආරච්චි සමඟ හොටෙල් කාමරයක සිට හසූවෙයි. ආරංචි මාර්ග අනුව අද දින ප්‍රාතිහාරි කත්රිආරච්චිගේ විවාහ ගිවිස ගැනීම පැවැත්වීමට නියමිත වී තිබුනු අතර මේ දෙදෙනාගේ සම්බන්ධය එයද අතරමඟදී කඩාකප්පල් වී ඇත්තෙ ප්‍රාතිහාරි කත්‍රිආරච්චි ආදිත්‍ය ජයකොඩි සමඟ පැනයාම නිසාවෙනි...."
නිව්ස් එක දැක්ක ආදිට මල පැන්නේ මුන් බොරු හදලා දාලා තියන හැටි දැක්ක හින්දා.
" පොඩ්ඩක් ඉන්න මුන් කොහොමද දන්නෙ මම black & white එකේ owner කියලා..." ආදි.
" මොකක්... තමුන් ද black & white එකේ owner..." කෛලාශ්.
ආදි කෛලාශ්ගේ ප්‍රශ්නෙට උත්තර නොදීම කල්පනා කරේ අද එයා හොටෙල් එකට ආපු වෙලාවේ ඉඳන් වුන දේවල්.
ආදි මේ රූම් එකට ආවේ බිස්නස් මීටින් එකට තව වෙලාව තිබ්බ හින්දා. ඊටපස්සේ ඩ්‍රින්ක් එකක් ඕඩර් කරලා ඒක බිව්වට පස්ස් තමා ආදිව මත් වුනේ.
ඒකෙන් ආදිට එයාවම control නැතිවුනා. අෆුම room එකෙන් එළියට යාගන්නවත සිහියක් තිබ්බෙ නෑ. ඒ අතරේ තමා ප්‍රති අහම්බෙන් ආවේ.
" මේක තනිකර උඟුලක්.... මොකාද මට ඩ්‍රග් එකක් දෙන්න තරන් නිර්භීත එකා..." ආදි එතන තිබ්බ ග්ලාස් එකක් පොළොවේ ගැහුවේ තරහෙන් කෑගැහුවා.
" ඔයාව විතරක් නෙවෙයි අයියේ මටත් ඩ්‍රග් එකක් දීලා තිබ්බේ... මම හිතන්නේ මට ඒ වැඩේ කළේ නම් අම්මා කියලා..." ප්‍රාති බාතෲම් එකෙන් එළියට එනගමන් කිවා.
" අයියේ දැන් මේක අමතක කරන්න... ත්‍රීශා අක්කට දැනගන්න තියන්න එපා.. ත්‍රීශා අක්කා මට මගේම සහෝදරියක් වගේ එයාට මගේ අතින් මෙහෙම වැරැද්දක් වුනා කියන එක මට දරාගන්න බෑ... කෛලාශ්... ප්ලීස් ආදි අයියට මුකුත් කරන්නෙපා එයාගේ අතේ කිසිම වැරැද්දක් නෑ... " කියපු ප්‍රාති හොටෙල් රූම් එකෙන් එළියට ගියේ wardrobe එකක් ඇදගෙන.
ආදිට අඩුම මේ trending යන එකවත කියාගන්න ලැබුනේ නෑ.
ප්‍රාති හොටෙල් එකෙන් එළියට එද්දි දැක්කේ mediaවලින් හොටෙල් එක ඇතුළට එන්න පොරකනවා.
ප්‍රාති මොකක්ද හේතුව කියලා නොදන්න හින්දා ඒ අයව ගණන් ගන්නෙ නැතූව main door එක පැත්තට යන්නෙ නැතුව වෙන පැත්තකින් parking එකට ගියේ කාර් එක ගන්න.
කෛලාශුත් ඒ පස්සෙන්ම ආවේ ප්‍රාතිව ආරක්ෂා කරගන්න.
ප්‍රාති කාර් එකට නඟින්න යද්දි කෛලාශ් ප්‍රාතිව නවත්තලා එයාලා ආපු වාහානේකට ගිහින් ප්‍රාතිව නග්ගගත්තා.
" මාව අතහටින්න කෛලාශ්.. මාව අතහරින්න..."
කෛලාශ් ප්‍රාතිව නග්ගගෙන හොටෙල් එකෙන් එළියට ප්‍රාතිව ඉක්මනට අරගෙන ගියා.
" කෛලාශ් මාව අතහරින්න දැන්... මම පිරිසිදු නෑ..."
" ප්‍රාති කටවහගන්න... තමුසේ මගේ විතරයි. මගෙන් ඈත් වෙන්න හිතන්නවත එපා..."
" කෛලාශ් මම වෙන කෙනෙක් එක්ක නිදියෑවා... ඔයාට ඒක තේරෙන්නෙ නැද්ද..."
" මට ඒක කමක් නෑ ප්‍රාති ඒක ඔයා නොදැනුවත්ව උන දෙයක්... ඔයා මගේ විතරයි..." කිව්ව කෛලාශ් ප්‍රාතිගේ අත අල්ලගත්තේ තනි අතින් ඩ්‍රයිව් කරද්දි.
ප්‍රාතිට කියන්න ගොඩාක් දේවල් තිබ්බත් ඒ කිසිම දෙයක් කිව්වට වැඩක් නෑ කියලා දන්න හින්දා වගේම ඇඟට දැනුනු මහන්සිය හින්දා ෂටර් එකෙන් එළිය බලාගෙන හිටියේ කෛලාශ්ගේ ඇස් මඟ අරින්න. එහෙම්ම ප්‍රාතිට නින්ද ගියේ කෛලාශ් ප්‍රාතිව එක්කන් ගෙදර එද්දි.
මේ අතරේ ආදි තවමත හොටෙල් රූම් එකට වෙලා කල්පනා කෙළේ මොකක්ද කරන්නේ කියලා. ආදිට මේ වෙනකොට ත්‍රීශාට මූණ දෙන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.
ආදි කල්පනා කර කර ඉන්න අතරේ රූම් එකට ආවේ ආදිගේ තාත්තා සුගත්.
" ආදිත්‍ය...."
සුගත්ව දකිද්දි ආදිට තේරුනා මේ හැමදේම පිටිපස්සෙ ඉන්නේ සුගත කියලා.
" තමුන් නේද මේ හැමදේම කරේ..."
" ෂහ්.. මගේ කොල්ලා කොහොමත් බ්රයිට්නේ මම ඒක දන්නවා.. ඔව් මම තමා ඔක්කොම කරේ... තමුසේ හිතුවද අර වද ගෑනිව බඳින්න මම ඉඩ දෙයි කියලා.. "
"ත්‍රීශාට වද ගෑනි කියන්නෙපා..."
" වද උන්ට වදයි කියන්නෙ නැතුව වෙන මොනා කියන්නද..."
" තමුන් මොකටද ප්‍රාතිහාරිව මේකට ඇදලා ගත්තේ... ඒ කෙල්ල අහිංසකයි..."
" මම.. මම ඒකිව ඇදලා ගත්තා... ඒකි තමා විහින්ම මේකට පැටලුනේ... දැන් ලෑස්ති වෙනවා ඒකිව බඳින්න..."
" මොකක්.. මට බෑ.. මම බඳිනවා නම් බඳින්නේ ත්‍රීශාව විතරයි... "
" හහ්.. හීනෙන් තමා... " කිව්ව සුගත් යන්න ගියා.
ආදි දෑතින් ඔලුව බදාගත්තේ මොනා කරන්නද කියලා තේරෙන්නේ නැති හින්දා.
ප්‍රාතිව ගෙදරින් බස්සපු කෛලාශ් ප්‍රාතිගෙ නළල සිප ගෙන මුකුත්ම නොකියා ගියේ බංකරේට
මේ වෙනකොට බංකරේ දෙකක් වෙලා තිබ්බෙ කෛලාශ් හැසිරුන විදිහ හින්දා.
" කෛලාශ් ඔයාගේ මේ වැඩ හින්ද අපේ මිෂන් එක සම්පූර්ණයෙන්ම fail වුනා.. ඒ විතරක් නෙවෙයි අපේ කොල්ලෙක් අපිට නැතිවුනා..."
" ඒ මගෙ කෙල්ල යකෝ...ඒකිට මොනාහරි වුනා නම්...."
" එතකොට අපි සර්... අර මැරුන jay... jayගේ wife pregnant... අපි කොහොමද දැන් jay මැරුනා කියලා එයාට කියන්නේ... ඔයා විතරක් නෙවෙයි සර් අපිත ආදරේ කරන අය ඉන්නවා.. අපි එ අයවත අතහැරලා දාලා මේ වැඩේට ආවේ. අපි පණපිටින් ආපහු යයිද එයාලාව ආයේ හම්බවෙයිද කියන එකවත් අපි දනෙ නෑ..." ඇලිස් වේදනාවෙන් කියාගෙන කියාගෙන ගියා.
" සර්.. අපිට කරන්න දෙයක් නෑ අපි සර්ව ඉහළට report කරනවා... සර්ට එක්කො අපිව නැත්තන් කෙල්ලව දෙකෙන් එක්ක තෝරගන්න පුලුවන්..." කිව්ව කට්ටිය බංකරෙන් එළියට ගියා.
අන්තිමට කෙවිනුත් කෛලාශ්ගේ උරහිසට තට්ටුවක් දාලා ගියේ කෛලාශ් විතරක් බංකරේ ඉතුරු වෙද්දි.
ආදරෙන් අන්ද වෙලා හිටිය කෛලාශ් අන්තිමට බංකරේ අතහැරලා ගියේ ප්‍රාතිව හොයාගෙන. කෙවින් ඇතුළු අනික් පිරිස බංකරෙන් එළියට වෙලා බලන් හිටියේ කෛලාශ් එයාලාව තෝරගනී කියලා. ඒත් කෛලාශ් එයාලා දිහාව්ත් නොබලා යන්න ගියා.
ප්‍රාතිව බලන්න ආවත කෛලාශ් කාර් එක එළියේ නවත්තගෙන හිටියේ ඇතුළට යන්නෙ නැතුව.
බැල්කනි එකට වෙලා කල්පනා කර කර හිටිය ප්‍රාති මේ බව දැක්කත් ප්රාතිටත් කෛලාශ් ළඟට යන්නා තරන් හයියක් තිබ්බෙ නෑ.
ආදිට වගේම ප්රාතිටත් මේ වෙනකොට හිත් ඇතුළේ තමන්ගේ ආදරේ පාවලා දුන්නා කියන හැඟීම වර්දනය වෙමින් තිබ්බා.
ප්‍රාතිට එතන එහෙම්මම නින්ද ගියේ පහුවදා වාහන ගොඩක සද්දෙට ඇහැරෙද්දි.
ප්‍රාති පහල බලද්දි දැක්කේ වාහන පෝලිමක් එයාගේ මිදුලේ නවත්තලා තියනවා..
__________________________________________
no reactions... no comments... should I give up?
ආදරෙයි හැමෝටම