Dangerously yours...
Pari🖤
To 10th blood....
https://telegra.ph/Dangerously-yours-04-22
11th blood....
ප්‍රාති අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි දැක්කේ කවුද මන්දා පිරිමි කෙනෙක් ටවල් එකක් විතරක් ඇදලා ප්‍රාති දිහා කෑදර බැල්මකින් බලන් ඉන්න විදිහ.
" බේබි.. ඔයා නැගිට්ටද. ඒකත හොදයි.. එහෙනම් අපි වැඩ පටන් ගමු.. " කියලා ඒ කෙනා ප්‍රාතිගේ ඇඟට බර වුනා....
ප්‍රාති ඒ කෙනාව තල්ලු කරන්න හැදුවත් ප්‍රාතිගේ ඇඟට පණක් තිබ්බෙ නැත්තේ තාමත මත් ගතිය ඇරිලා නැති හින්දා වගේම උණ තාමත් තිබ්බ හින්දා.
ඒ කෙනා ප්‍රාතිගේ ඇඳුමේ පටිය ඉරලා දැම්මේ ප්‍රාති අන්ත අසරණ වෙද්දි. වටපිට බලද්දි ප්‍රාති දැක්කා එයාගේ අතේ දුරින් පලතුරු පිඟානේ තියන පිහිය.
ඉක්මනට අත දික් කරලා පිහිය අරගෙන ප්‍රාති අරකෙනාට ඇන්නා. ඒක ඇනුනේ අතකට උනත් ඒ කෙනා ප්‍රාතිගෙන් අයින් වුනේ කෑගහගෙන.
" මොකක්ද බැල්ලියේ කරේ...."
ප්‍රාති ඉක්මනට අමාරුවෙන් නැඟිට්ටේ ඒ පිහිය ඒ කෙනා දිහාට දික් කරගෙන. ඒ කෙනාව ඇඟේ තිබ්බ මුලු හයියම දාලා බිමට තල්ලු කරලා ප්‍රාති ඉක්මනට එළියට දිව්වා.
ලිෆ්ට් එකේ යන්න බැලුවත ලිෆ්ට් එක එන්න වෙලා ගියා ඒ මදිවට අර කෙනා රූම් එකෙන් එළියට දුවන් ආවේ ප්‍රාතිව හොයාගෙන.
ප්‍රාති පඩිපෙළට දුවලා ගිහින් උඩ තට්ටුවට ගියේ අර කෙනාත් ප්‍රාතිගේ පස්සෙන්ම එද්දි.
ප්‍රාති ඒ floor එකේ හැංගෙන්න තැනක් හෙව්වෙ හැම රූම් එකක්ම අරින්න බල බල.
ප්‍රාතිගෙ වාසනාවට එක රූම් එකක් ඕපන් වුනේ ප්‍රාති ඇතුළට ගිහින් දොර ලොක් කරගනිද්දි.
ප්‍රාති රූම් එකේ ඩෝර් එකට හේත්තු වෙලා හති ඇරියේ දාඩිය පිට දාඩිය දාලා තියෙද්දි.
රූම් එක ඇතුළට ප්‍රාති ගියේ කවුරුහරි ඉන්නවද බලන්න.
රූම් එකේ ලයිට් දාලා තිබ්බෙ නැති හින්දා ප්‍රාති බිත්ති අත ගගා ස්විච් හෙව්වා.
ඒ අස්සෙ තමා කවුද කෙනෙක් ප්‍රාතිව අල්ල්ගෙන බෙල්ල සිප ගන්න පටන් ගත්තේ.
ප්‍රාතිට ගයනි ඩ්‍රග් එකක් දීලා තිබ්බෙ මේ වෙනකොට ඒකත වැඩ කරන්න අරන් තිබ්බේ.
" සර් මිස් ටානියා එන්න බෑ කිව්වා අවසාන මොහොතේ පොඩි සර්ට බයයි කියලා... ඒත්..."
" මොකක්ද මිනිහෝ... මේකව් සෙට් කරග්ත්තෙත් පුදුම අමාරුවෙන් ආයේ මේ වගේ චාන්ස් එකක් එන්නේත නෑ..."
" සර් මේ.. පොඩ්ඩක් අහන්නකෝ...."
" කියනවා ෂික්... අතට ආපු චාන්ස් එක.. වෙන එකියක්ව හරි කොහෙන්හරි හොයපන්..."
" සර්.... හොයන්න දෙයක් නෑ.... දෙන දෙයියෝ ගෙදරටම ගෙනැත් දෙනවා කියනවනෙ අපේ වෙලාව හොඳයි..."
" වටේ යන්නෙ නැතුව පොයින්ට් එකා වරෙන්..."
" සර් පොඩි සර්ගෙ ඇසිස්ටන් ඒ රූම් එකට ගියා...."
" මොකක් අර නෙහානයා... උබ හිතුවද ඌ gay කියලා... "
" නෑ නෑ සර්.. ප්‍රාතිහාරි මිස්..."
" මොකක් ප්‍රාතිහාරි.... ඒකි මොකද මෙහෙ කරන්නෙ...."
" දන්නෑ සර් මිස්ගේ පස්සෙන් ටවල් එකක් ඇඳාත්ත එකෙක් පන්නගෙන ආවා... මිස් උගෙන් බේරෙන්න තමා මං හිතන්නේ පොඩි සර්ගේ රූම් එකට ගියේ.. ඒ මිස් හිටියෙත් වැනි වැනී... බය වෙන්න දෙයක් නෑ සර් අපේ ප්ලෑන සාර්ථකයි... "
" එහෙමද.. ප්‍රාතිහාරි ටානියාටත් වඩා හොඳයි... මට බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ.. එහෙනම් තම පැය දෙකකින් උබ ඉතුරු වැඩේ පටන් ගනින්..."
" හරි සර්...."
" තාත්තේ... මොකාද අරූට ඒ වගේ වෑක් කරන්නේ අරකිත් එක්කම ඉන්න දුන්නා නම් ඉවරනේ..."
" මට ඕන හින්දා මම කරන්නේ.. හ්ම්ම්.. යමු මීටින් එකට. "
" සර්.. මේ වෙද්දි මීටින් එකට කට්ටිය ඇවිල්ලාලු ඉන්නේ... ඒත් සර් මුං ටික අඳුරගන්න විදිහක් නෑ හරියටම... උන් ඔක්කොම මාස්ක් දාලා එකම විදිහට ඇදලා ඉන්නේ...." කෙවින්.
" කමක් නෑ අද මේක කොහොමහරි ඉවරයක් කරන්න ඕනේ... කෝ අපේ කට්ටිය දැන් locationවලට ගිහිල්ලානේ ඉන්නේ.. "
" ඔව් සර්..."
" ඔව් සර්.. "
" රයිට්... එහෙනම් අපේ ප්ලෑන් එක ස්ටාර්ට් කරමු...."
මාස්ක් එකක් දාගත්ත කෛලාශ්ගේ ටීම් එකේ කොල්ලෙක් වුන jay මීටින් එක තිබ්බ රූම් එකට ගියේ රූම් බෝයි කෙනෙක් විදිහට වයින් අරගෙන.
ට්‍රොලියේ හයි කරලා තිබ්බ කැම් එකකින් කෛලාශ් හැමදේම බලාගෙන හිටියේ.
එතන ඔක්කොම එකළොස් දෙනෙක් හිටියා.
" එහෙනම් අපේ ඊළඟ වැඩේ කලින් ඒවාටත් වඩා success වෙන්න ඕනේ... " කියලා කට්ටියම චියර්ස් කරා.
ඒත් එක්කම රූම් එකේ දොර ඇරගෙන ආපු කෙනෙක්,
" ලොක්කා රහස් පොලිසියෙන්... රහස් පොලිසියෙන් අපිව වට කරලා...."
" ඉක්මනට පැන ගමු..." කියලා කට්ටියම කලබලෙන් නැගිට්ටා.
" සර් මම රහස් පාරක් දන්නවා... මම එක්කන් යන්නම්..." කියලා jay මේ අයව කොටු කරගන්න හැදුවේ.
" මූව අල්ලගනින්..." කියලා එතන ලොක්කා කියන කෙනා අණ දුන්නේ දෙන්නෙක් කෙවින්ව තදින් අල්ලගනිද්දි.
" උබ නෙවෙයි අපේ රූම් බෝයි... කවුද උබ..."
" නෑ සර් මම තමා...."
" හහ්... අපේ රූම් බෝයි ගොලුයි බීරියි යකෝ... " කිව්ව ලොක්කා ෂූට් කරේ jayගේ ඔලුවටමයි. jay එතනම මැරිලා වැටුනා.
වැඩේ ගැස්සුනා කියලා තේරුන කෛලාශ් කට්ටියට අණ දුන්නා වට කරන්න කියලා. ඒත් රූම් එකේ හිටිය සෙට් එක ඔක්කොටම වඩා කපටියි.
උන් අමුතු ගෑස් එකක් මුලු floor එක පුරාම යන විදිහට දැම්මේ කෛලාශ්ලට උන් ගියෙ කොහාටද කියලා හොයාගන්න බැරිවෙද්දි.
කෛලාශ්ලා උන්ව හැමතැනම හොය හොය අන්තිමට ගියේ ප්‍රාතිගේ engagement එක තිබ්බ හෝල් එකට. මොකද එතන තමා උන්ට හැංඟෙන්න හොඳම තැන.
ඒත් මේ වෙනකොට එතනත් ගිනි අරන් තිබ්බෙ ප්‍රාති හිටියේ නැති හින්දා.
" මනෙල් කෝ ප්‍රාතිහාරි..."
" මං දන්නෑ සරත්.. ටිකකට කලින් හිටියනේ මෙතන... "
" තාත්තේ... මං කිව්වනේ ඕකි එකපාරින් කැමති වෙද්දිම..."
" මොකක්ද මෙතන වෙන්නෙ මිස්ටර් සරත්..." මිසිස් සමරසිංහ.
" අහ් නැ නෑ.. මුකුත් නෑ මිසිස් සමරසිංහ..."
" මුකුත් නැත්තෙ මොකද මිස්ටර් සරත්... කෝ කෙල්ල... ඔයාලා අපිව joke එකකට ගත්තද ආහ්...අද මේ engagement එක වෙන්නෙ නැත්තන් අපේ ඩීල් එක අමතක කරමු..."
" නෑ නෑ engagement එක අනිවාර්යයෙන්ම වෙනවා.. විහාරා ප්‍රාතිහාරිට කෝල් එකක් අරන් බලන්න..."
විහාරා කෝල් ගන්නකොට ෆෝන් එක රින්ග් වුනේ එතනම ළඟ තිබ්බ ටේබල් එකකින්. විහාරා ගිහින් ෆෝන් ර්ක අරන් ආවා.
" ප්‍රාතිහාරිට මොකද වුනේ..." සරත්.
" සරත් කෝ ගයනි..." මානෙල්.
කට්ටිය වට පිට බලද්දි ගයනිත් නෑ කියලා තේරෙද්දි පරක්කු වැඩියි.
මතීෂ් වේටර් කෙනෙක්ට කතා කාලා ප්‍රාතිහාරිව දැක්කද කියලා ඇහුවා.
" අහ්.. අර අතන ඉඳන් හිටිය ලස්සන මිස් නේද... එයාට බීලා වැඩිවුනාද කොහෙද ඊටපස්සෙ කලු සාරියක් ඇඳන් හිටිය මිස් කෙනෙක් එළියට අරන් ගියා..."
" ඒ ගයනි.... සරත ගයනිගෙන් අහන්න..."මානෙල්.
සරත් ඉක්මනට ගයනිටා කෝල් එකක් ගත්තා.
" ගයනි.. කෝ ප්‍රාතිහාරි..."
" හහ්.. ප්‍රාතිහාරි... දැන් හෙව්වට වැඩක් නෑ... මම කිව්වනේ ඔය මඟුල කරන්න දෙන්නෙ නෑ කියලා... " කිව්ව ගයනි කෝල් එක කට් කරා.
" වැඩක් නෑ ප්‍රාතිහාරිව ගයනි අන් ගිහිල්ලා."
" දැන් මොකක්ක්ද කරන්නෙ සරත... engagement එක නවත්තන්නද කියන්නෙ..."
" පිස්සුද එ වැඩේ කරන්න බෑ.. එහෙම වුනොත් කරන්න තියෙන්නේ ප්‍රාතිහාරි වෙනුවට වෙන කෙනෙක්..." කියලා සරත් බැලුවේ විහාරා දිහා.
" තාත්තේ... පිස්සුද... මට නම් බෑ... ඌ මහ තිරිසනෙක්..."
" දුවේ තාත්තා ඉන්න තත්වේ ටිකක් තේරුම් ගන්න.. මම ඔයාට company එකේ 10%ක shares දෙන්නම්..."
ඒ කතාව කිව්වම නම් විහාරාගේ මූණට හිනාවක් ආවේ engagement එකට කැමති වෙද්දි.
මේ වෙනකොට කෛලාශ්ලා හෝල් එක පුරාම පැනගත්ත සෙට් එක හොය හොය හිටියේ.
ඇලිස් එකපාර හෝල් එකේ තිබ්බ පෝස්ටර් එකක් ළඟින් හිටගත්තෙ පෝස්ටර් එකේ හිටිය කෙනා දැකලා.
"සර්..."
" ඇලිස්... කාව හරි හොයාගත්තද..." කෛලාශ්.
" නෑ සර්... ඒත්... ඒත් මේක සර් දකින්න ඕනේ..." කියලා ඇලිස් කෛලාශ්ව එයා හිටිය තැනට කතා කරා.
ඇලිස් හිටිය තැනට යද්දිම කෛලාශුත් පෝස්ටර් එක දැක්කේ එකපාර පපුව අල්ලගනිද්දි.
" ප්‍රාති..." කියාගෙන කෛලාශ් දණින් වැටුනා.
__________________________________________
අමුතුම තෘප්තියක් දැනෙනවා ළමයිනේ... කසාදයක් කැඩුවමද මන්දා... ( ඔයාලා තමා දන්නේ මට මතකත නෑනේ😁)
reaction දාන්න comment කරන්න
ආදරෙයි හැමෝටම