Dangerously yours...
Pari🖤
To 09th blood....
https://telegra.ph/Dangerously-yours-04-21
10th Blood....
ප්‍රාති දිගින් දිගටම මුහුද දිහාට ගියේ ඉණ දක්වා මුහුදු වතුරෙන් යට වෙද්දි. ලොකු මුහුදු රැල්ලක් ප්‍රාති දිහාට ආවේ ප්‍රාතිගෙ තීරණයට මුහුදත අවසර දුන්නා වගේ.
ඒත් එක්කම ආව කෙනෙක් ප්‍රාතිගේ අතින් ඇදලා අරන් ප්‍රාතිගේ කම්මුලට පාරක් ගැහුවේ ප්‍රාතිව පියවි සිහියට එද්දි.
නෙහාන් හිටියේ ත්‍රීශාගේ restaurant එකේ. ප්‍රාති කාර් එක නතර කළේ ත්‍රීශාගේ restaurant එකට පේන තැනක නිසාත් මේ රෑ බීච් යන්න ර්න අය අඩු නිසාත් නෙහාන්ගෙ අවදානේ ප්‍රාතිගේ කාර් එකට ලැබුනා.
ප්‍රාති කාර් එකෙන් බහිනවා දැක්ක නෙහාන් පුදුම වුනේ හවස නැඟිටගන්නවත් අමාරුයි කිව්ව කෙනා බීච් එක පැත්තට යනව්වා දැකලා.
" මේකි යකෝ හවස කිව්වා නැගිටගන්නත අමාරුයි උණ කියලා.. දැන් බීච් ඇවිල්ලා..."
ත්රීශාත් එතකොට තමා ප්‍රාතිව දැක්කේ.
" ප්‍රාති නේද..."
" ඔව් බන් අද ඔෆිස් ආවෙත නෑ... හෙට එන්නෙත නෑ කිව්වා.. දැන් බීච් ඇවිල්ලා... "
" ආදි.... ආදි... ඉක්මනට එන්න... නෙහා වරෙන් ඉක්මනට..." ආදිගේ කකුලටත් ගහලා ත්‍රීශා දිව්වේ ප්‍රාතිගේ පැත්තට..
මොකද ත්‍රීශා දැක්කා ප්‍රාති මුහුද දිහාට යනවා.
ආදියි නෙහානුයිත් එ වෙලේ තමා ඒක දැක්කේ. දෙන්නා වේගෙන් දිව්වේ ප්‍රාති ළඟට.
කොහොමහරි රැල්ලට ප්‍රාතිව අරන් යන්න නොදී අල්ලගන්න ආදිට පුලුවන් වුනා.
" තමුසෙට පිස්සුද...." ප්‍රාතිගේ කම්මුලටත් එකක් ගහලා ගොඩට ඇදගෙන එනගමන් ආදි කෑගැහුවා.
" මාව අතහරින්න... මට මැරෙන්න දෙන්න... මට යන්න දෙන්න...." ප්‍රාති අඬා වැටෙමින් බිමට වැටුනා.
ආදි ත්‍රීශා දිහා බැලුවේ මොනා කරන්නද කියලා දැනගන්න.
ත්‍රීශා ප්‍රාති ළඟට ඇවිල්ලා ප්‍රාතිගේ අතකින් අල්ලගත්තා. ත්‍රීශාගේ අතට ප්‍රාතිගේ අත්වල රස්නේ දැනුන හින්දා නළලට වගේම බෙල්ලටත අත තියලා බැලුවා.
" දෙයියනේ නංගෝ... ඔයාට උණනේ... යන් කෝ යන්... " කියලා ත්‍රීශා ප්‍රාතිව කොහොමහරි නැගිට්ටවගෙන restaurant එකට එක්කන් ගිහින් වොෂ් එකක් දම්මලා ත්‍රීශාගේ ඇඳුමකුත දුන්නා ඇඳගෙන්න කියලා.
ඊටපස්සේ ප්‍රාතිට උණුම උණු කෝෆි එකකුත් හදලා දීලා ත්‍රීශා පැත්තකින් දෙන්නත් එක්ක ඉඳගත්තේ ප්‍රති එක්ක කතා කරන්න...
" නංගී... මොකක්ද ප්‍රශ්නේ.. මං දන්නවා ඔයා හිත හයිය කෙල්ලක් කියලා... ඔයා ලොකූ ප්‍රශ්නයක් නැත්තන් ජීවිතේ නැති කරගන්න හිතන්නේ නෑ..." ත්‍රීශා මේසේ උඩ තියාගෙන හිටිය ප්‍රාතිගේ අතකින් අල්ලන් සියුම්ව පිරිමදිමින් ඇහුවා
ත්‍රීශා දිහා බලන් හිටිය ප්‍රාතිගේ ඇස්වලින් කඳුලු කැට කඩා වැටුනේ ඉබේටමයි. පාතිට වචනයක්වත කතා කරගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.
ගැහැනියක්ගෙ දුක තේරෙන්නේ තව ගැහැනියකටනේ...
ත්‍රිශා ප්‍රාතිව වැළස්දගත්තේ ප්‍රාතිත් ත්‍රීශාව බදාගෙන තවත අඬද්දි. පෑය කාලක් විතර ප්‍රාති ඇඬුවේ ත්‍රීශාගේ ටී ෂර්ට් එක ප්‍රාතිගේ කඳුලින් තෙත් වෙද්දි...
ප්‍රාති අඬන එක දැකලා නෙහානුයි ආදියි එන්න හැදුවත් ත්‍රීශා අතින් සන් කරලා දෙන්නව නැවැත්තුවා.
" නංගී.. ප්‍රාති බබෝ... දැන් අඬන එක නවත්තන්නකෝ... කියන්නකෝ මොකක්ද වුනෙ කියලා... මාව ඔයාගෙම අක්කා කියලා හිතන්නකෝ මැණික...."
අවසානේ ප්‍රාති ඔලුව ඉස්සුවා.
" අක්කේ මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ.. "
ඊටපස්සේ ප්‍රාති කෛලාශ් එක්ක වුන හැමදේමයි හෙට තියන engagement එක ගැනයි ඔක්කොම විස්තර ත්‍රීශාට කිව්වා.
"මට තේරෙනවා නංගා ඔයාට මේ හැමදේම තනියම දරාගන්න අමාරුයි කියලා... මා මෙ දේ කියන්න.. ඔයා කෛලාශ්ට ආදරෙයිද...."
" මම කෛලාශ්ට ආදරෙයි අක්කේ... ඒත්.. ඒත්.. මෙ හැමදේම ඉක්මනින් වුනා වැඩියි කියලා මට හිතෙනවා... "
" ඔයා ඇයි කෛලාශ් එහෙම දේකට එද්දි නතර කරේ නැත්තේ..."
" මම බය වුනා අක්කෙ... මම බය වුනා මට එයාව නැතිවෙයි කියලා..."
" ප්‍රාති... ඔයා එහෙම හිතපු එකයි වැරදි... ඔයා ඔයාගේ අදහස ගැනත කෛලාශ්ට කියන්න තිබ්බ... එහෙම වුනා නම් කෛලාශ් ඒ තරන් දුරක් නොයා ඉන්න ඉඩ තිබ්බා..."
" ඔව් අක්කේ... මමත වැරදී... මට ටිකක් හරි හිත හදාගන්න තිබ්බා... ඒත් එයා ඊයේ කරපු දේ. "
" ඒ දේ වෙනවා කියන එක කලින්ම මායි ආදියි කතා වුනා.. එදා කෛලාශ් බීච් එකෙ හැසිරුන විදිහ... දැන් ඒ ගැන හිතන්නෙපා... ඔයා දැන් sucide කරගන්න හැදුවේ ඒ නිසාද.. "
" මගේ හිත හරිම බරයි අක්කේ... හෙට engagement එක.. ඒ ගැන කෛලාශ් දැනගත්තාම කොහොම හැසිරෙයිද දන්නෙ නෑ.. "
" ඇයි ඉතින් ඔයා engagement එක නවත්තන්නෙ නැත්තේ..."
" මගේ තාත්තා එහෙම එසේ මෙසේ කෙනෙක් නෙවෙයි අක්කේ.. එයා මම හෙට engagement එකට ගියේ නැත්තන් ළමා නිවාසෙ විනාශ කරනවා... ඒ අස්සේ අම්මා මොනා කරන්න යනවද කියලා මට තේරෙන්නෙ නෑ. "
" ඇයි ඔයා මේ ගැන කෛලාශ්ට කියන්නේ නැත්තේ.. "
" මට බයයි අක්කේ... මම කෛලාශ්ට මගේ පණ වගේ ආදරෙයි.. තාත්තා කෛලාශ් ගැන දැනගත්තොත් කෛලාශ්ට කරදරයක් කරයි කියලා මට බයයි..."
" ප්‍රාති මට හිතෙන්නේ ඔයා එක්කෝ ටික කාලෙකට රට ගියා නම් හරි කියලා... හෙට සද්ද නොකර engagement එකට යන්න... ඊටපස්සේ රට යන්න... ඔයා කැමති නම් කෛලාශ් එක්කම යන්න පුලුවන්නේ නේද.. ජිවිතේ නැති කරගන්නවාට වඩා options තියනවා බබෝ... ඔයා හැමදේම තනියම හිතේ තද කරන් ඉන්න එපා... ඒවා කාටහරි කියන්න... අනික කෛලාශ් කියන්නේ ඔයාගේ boyfriend එයාට දේවල් හංඟන්න එපා... එයාට හරි කියලා හිත නිදහස් කරගන්න නැත්තන් ඕන වෙලාවක මම ඔයා එක්ක කතා කරනවා... ඒ හින්දා අර වගේ මෝඩ තීරණ ගන්න එපා... දැන් කාලා එහෙමද.. "
ත්‍රීශා ප්‍රාතිගේ හිත පුලුවන් තරන් හැදුවා.
අන්තිමට ප්‍රාති restaurant එකෙන් පිටත් වෙනකොට පාන්දර දෙකටත් කිට්ටුයි.
ප්‍රාති කාර් එක ළඟට ගියාම ඒ පස්සෙන්ම ආවේ ආදි.
" ප්‍රාතිහාරි..."
" අයියේ.. "
" මොකක් හරි ප්‍රශ්නයක් ආවම ජීවිතේ නැතිකරගන්න හදන්න එපා... අද අපි හිටියට තව්ත් දවසක එහෙම කවුරුත් නැති වෙන්න පුලුවන්.. ඒ හින්දා මේ ඔලු ගෙඩියෙන් හොඳට කල්පනා කරලා තීරණ ගන්න..." කියලා ප්‍රාතිගෙ ඔලුවටත් එකක් ඇනලා තමා ආදි ගියේ.
ප්‍රාතිගෙ හිතේ තිබ්බ ලොකු බරක් මේ වෙනකොට අයින් වෙලා තිබ්බේ. එයාට හරි හමන් විසඳුමක් නොලැබුනත හිතේ තිබ්බ දේවල් තව කෙනෙක්ට කිව්ව හින්දා හිත නිදහස් වුනා.
ප්‍රාති ගෙදර එද්දි දැක්කේ කෛලාශ්ගේ කාර් එක ගේ ඉස්සරහා නතර කරලා තියනවා. ප්‍රාති කාර් එක ගරාජ් එකට දාලම තමා කෛලාශ්ගේ කාර් එක ළඟට ආවේ.
ප්‍රාති ඈතින්ම දැක්කා කෛලාශ්ට කාර් එකේම නින්ද ගිහිල්ලා කියලා. කෙල්ලට දුකත හිතුනා.
කාර් එකේ ග්ලාස් එකට පොඩි තට්ටුවක් දැම්මේ ඒකට කෛලාශ් ගැස්සිලා ඇහැරෙද්දි. කෛලාශ් නොදැනුවත්වම එයාගේ අත ගියේ හංඟන් හිටිය ගන් එකට.
" කෛලාශ්..."
ප්‍රාතිගේ කටහඬ ඇහෙද්දි තමා කෛලාශ්ට උන්හිටි තැන් මතක් වුනේ.
කෛලාශ් කාර් එකෙන් බැස්සා. ප්‍රාතිට බනින්න කියලා හිතාගෙන හිටියත ඒ මූණ දිහා බලාගෙන වචනයක්වත කියන්න කෛලාශ්ට හිතුනේ නෑ.
" ඔයා ඇවිල්ලා ගොඩාක් වෙලාද කෛලාශ්..."
" ඔයා කොහෙද ගියේ බබා... "
" මම බීච් ගියා..."
" බීච්... පිස්සුද බබා.. මේ උණ හැදිලා තියෙද්දී... " කියලා කෛලාශ් ප්රතිට තාමත උණද කියලා බැලුවා.
මේ වෙද්දි නම් ප්‍රාතිගේ උණ ගොඩාක් දුරට අඩුවෙලා තිබ්බේ.
" යන් ඇතුළට..."
කෛලාශ් ප්‍රාතිව හරහට වඩා ගත්තේ ප්‍රාතිගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගනිද්දී.
ප්‍රාතිව සෝෆා එකෙන් තිබ්බ කෛලාශ් ප්‍රාතිගේ තොල්වලට බරවුනා.
විනාඩියක් දෙකක් ප්‍රාතිව සිප ගෙන කෛලාශුත් සෝෆා එකට බර වුනේ ප්‍රාතිව ඇඟ උඩට ගනිමින්.
" බබා.. මට සමාවෙන්න.. ඔයා උණ හැදෙන්න හේතුව මම... ඔයා ඊයේ එපා කියද්දි මම බලෙන්මයි ඔයා එක්ක හිටියේ..."
ප්‍රාති පුදුමෙන් කෛලාශ් දිහා බැලුවේ කෛලාශ්ට ත්‍රීශා කතා කරලවද්ද කියලා හිතලා.
" මගේ යාලුවෙක් ඔයාව චෙක් කරේ උදේ... එයා කිව්වා ඔයාට උණ හැදුනේ ඒ හින්දා කියලා සොරි මැණික...." කියලා කෛලාශ් ප්‍රාතිගේ නළල සිප ගත්තා
එදා ඒ දෙන්නා සෝෆා එකේම නින්දට වැටුනේ ප්‍රාති කෛලාශ්ගේ පපුවේ උණුහුමට තුරුලු වෙද්දි.
පහුවදා කෛලාශ් යන්න යද්දි ප්‍රාති,
" කෛලාශ්.. අද රෑට මම ෆැමිලි ඩිනර් එකට යනවා... එද්දි පරක්කු වෙයි.. "
" අහ්.. හරි බබා.. මම කියන්න හිටියේ අද මට රෑට එන්න වෙන්නෙ නෑ කියලා.. අද මට වැඩක් තියනවා. එහෙනම් මම ගිහින් එන්නම්.. I love you.. " කියලා කෛලාශ් ප්‍රාතිගේ තොල්වලට කෙටි සිපුමක් තිබ්බා.
කෛලාශ් ගියාට පස්සේ ප්‍රාති කුඩම්මාට කෝල් එකක් ගත්තා.
" හෙලෝ..."
" මම කීයටද එන්න ඕනේ.... කොහාටද එන්න ඕනේ..."
" 5 වෙද්දි එන්න... මම ලොකේෂන් එවන්නම්...."
ප්රාතිගෙයි කුඩම්මාගෙයි සංවාදේ අහගේන හිටියේ විහරා.
" අම්මා... ඒකි ඇත්තටම කැමතියිද දැන්... මට නම් සැකයි ඒ වුනාට.. "
" අනේ මන්දා.. බලමුකෝ මොකද වෙන්නෙ කියලා... මොන මඟුලක් කරලා හරි අද මේ engagement එක වෙන්න ඕනා එච්චරයි..."
ඒ අතරේ සරත් මේ දෙන්නා ඉන්න තැනට ආවේ කෝල් එකකින් කාටද කෑගහගෙන.
" තමුසේ මොකටද දැන් engagement එකා එන්න හදන්නේ.. "
"--------"
" ආහ් දැන් ද ඒකි තමුසෙගෙත් දුව කියලා මතක් වුනේ.. "
" -----"
" හරි එනවා. මං ලොකේෂන් එවන්නම්... හැබැයි තමුසේ මොකක් හරි කරොත ඒකත බලාගමු..." කියලා සරත් කෝල් එක කට් කරා.
" මොකක්ද ප්‍රශ්නේ සරත්..."
" ආ ගෑනිත් engagement එකට එන්න ඕනේ කියනවා..."
" තාත්තේ අම්මෙ මට නම් හිතෙන්නෙම අද මොකක් හරිම දෙයක් වෙයි කියලා..."
" බලමුකෝ... මොන මඟුලක් වුනත කමක් නෑ engagement එක වුනා නම්..."
උදේ ප්‍රාති ළඟින් ආව කෛලාශ් කෙලින්ම ආවේ බංකරේට.
" බොස් වැඩේ හරි අද තමා දවස.... "
"හරි එහෙනම් මේවගේ මහමොලකාරයා මොකාද කියලා කොහොමහරි හොයාගන්න ඕනේ..."
" සර් උන් ටික මීටින් එක ලෑස්ති කරලා තියෙන්නෙ හවස 6ට. ..."
" අපි පහ වෙද්දි එතනට යනවා එච්චරයි.. මතක තියාගන්න මුළු හොටෙල් එකම අපේ control එකේ තියෙන්නෙ ඕනේ.. ඒකේ වෙන මුකුත් ව්ශේෂ දේවල් නෑනේ අද..."
" අහ් සර්... අද engagement එකක් තියනවා.. ඒකත් 6ට පටන් ගන්නේ..."
" හරි එක අවුලක් නෑ.. අපි ඒකට කිසිම විදියක disturb එකක් වෙන්නෙ නැති වෙන්න අපෙ වැඩ කරන් යන්..." කෛලාශ්
ඒත් කෛලාශ් දන්නවා නම් ඒ engagement එක එයා පණ වගේ ආදරේ කරන එයාගේ ප්‍රාතිගේ කියලා.
හවස පහ වෙද්දි ප්‍රාති විතරක් නෙවෙයි කෛලාශුත් හොටෙල් එකට ආවා. දෙන්නාම දෙන්නට මඟ ඇරුනේ විනාඩියකට.
කෛලාශ් engagement hall එක ළගින් ගියත් එතන බෝඩ් එකේ තිබ්බ නම දැක්කේ නැත්තේ එතන සරත් හිටපු හින්දා.
ප්‍රාති කරන්න දෙයක් නැතිකමට ගියා මිසක් ප්‍රාතිගේ හිත තිබ්බෙ නම් එතන නෙවෙයි.
ප්‍රාති අම්මත් එනවා දැකලා පුදුම වුනේ ඊයේ අර වගේ කතාවක් කියලා අද මෙහෙම ඉන්නවා දැකලා.
" ආ කෑල්ල... තමුසෙගේ රැස් බැස්සද... "
සමරසිංහගේ පුත්‍ර පැණියා ප්‍රාති ළඟට ඇවිල්ලා ඇහුවා.
ප්‍රාති සද්ද නොකර හිටියේ ඇහුනේ නෑ වගේ..
" මොකෝ තමුසෙගේ කට වැහිලාද...ඒකත හොඳයි... අද engagement එක.. තව සති දෙකකින් වෙඩින් එක.. එතකොට තමුසේ...." කියලා පැණියා ප්‍රාතිගේ ඉණ වටා අත යැව්වා.
ප්‍රාතිගේ අත් දෙක මිටි මෙලවුනත දැක්කේ සරත් බලන් ඉන්නවා. ඊටපස්සේ බොරු හිනාවක් මවාගත්ත ප්‍රාති ආපු අය එක්ක කතා කර කර හිටියා.
engagement එකට තව වෙලාව තිබ්බ හින්දා ප්‍රාති හෝල් එකේ පැත්තකින් ඉඳගත්තේ වයින් වීදුරුවකුත් තොල ගාමින්.
ටිකකින් ප්‍රාතිට කර කැවෙන ගතියක් දැනුනේ ප්‍රාතිට වෙන දේ දැකලා ප්‍රාතිගේ අම්මා ගයනි ප්‍රාති ළඟට එද්දි.
කාටවත නොදැනි ප්‍රාතිව හිමීට එළියට අරන් ගිය ගයනි ඊළඟට ගියේ රූම් එකකට. එතන දොර ළඟ ගයනිගේ හස්බන්ඩ් උදේශ් හිටියා.
" මිස්ටර් රණසිංහ ආවා ඇතුළේ ඉන්නේ.. කෙල්ලව භාර දීලා අපි හිමීට මාරුවෙමු..."
ගයනි සිහිය නැතුව ඉන්න ප්‍රාතිව එක්කන් ගිහින් ඒ රූම් එකේ ඇඳ උඩින් දැම්මා.
ටිකකින් ප්‍රාතිට සිහිය ආවේ ඇඟට සීතල අතක ස්පර්ශයක් දැනුන හින්දා. මත් ගතිය හින්දා ප්‍රාතිට හරියටම සිහියක් තිබ්බෙත් නෑ.
ප්‍රාති අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි දැක්කේ කවුද මන්දා පිරිමි කෙනෙක් ටවල් එකක් විතරක් ඇදලා ප්‍රාති දිහා කෑදර බැල්මකින් බලන් ඉන්න විදිහ.
" බේබි.. ඔයා නැගිට්ටද. ඒකත හොදයි.. එහෙනම් අපි වැඩ පටන් ගමු.. " කියලා ඒ කෙනා ප්‍රාතිගේ ඇඟට බර වුනා....
__________________________________________
ප්‍රාති බේරෙයිද ළමයි....
මම කතාව කනපිට පෙරලන්න යන්නේ... like sad ending for prathi & khailash..
reaction දාන්න.. comment කරන්න...
ආදරෙයි හැමෝටම