Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets , blood & her name....


To 08th blood....

https://telegra.ph/Dangerously-yours-03-30



09th blood....

ප්‍රාති බෑග් ටිකත් අරන් එද්දි කෛලාශ් කාර් එකෙන් බැහැලා ප්‍රාතිගේ අතින් බෑග් ටික ගත්ත.

"" කොහෙද ගියේ බබා.. ඔයා කෝල් ආන්ස්වර් කරෙත් නෑනේ..."

" අහ්.. කුඩම්මා ආවා ඇඳුම් වගයක් ගන්න යන්න.."

කෛලාශ් ඇඳුම් බෑග් එකට එබ්ලා බලලා,

" පාර්ටි එකක්වත්ද..."

" මගේ engagement එක..."

ප්‍රාති එහෙම හිතුවා විතරයි කිව්වෙ නෑ. මොකද ප්‍රාති කෛලාශ්ව ආශ්‍රය කරේ ටික දවසක් වුනත දැනටමත කෛලාශ්ව තේරුන් අරන් හිටියේ.

" බබ... " ප්‍රාති බර කල්පනාවක ඉන්නවා කියලා තේරුන හින්දා ප්‍රාතිට කතා කරා.

" අහ්... මේ.. පාර්ටි එකක් තමා ෆැමිලි ඩිනර් එකක්..."

" බබා ඔයා ඩිනර් ගත්තද..." කෛලාශ් ප්‍රාතිගෙන් ඇහුවා.

" නෑ තාම..."

" එහෙනම් එන්නකෝ යන්..." කියලා කෛලාශ් ප්‍රාතිට ගෙදරා ගොඩ වෙන්නව්ත් ඉඩක් නොදී ආයෙමත ප්‍රාතිව ඇඳගෙන එයාගේ කාර් එකට නැග්ගුවා.

resturant එකට යනකන් දෙන්නා අතර කතාවක් තිබ්බෙ නෑ. කෛලාශ්ට තේරුනා ප්‍රාති ඉන්නෙ මොකක් හරි අවුලකින් කියලා

ඒත් කෛලාශ් දන්නවා නම් ප්‍රාතිගේ අවුල එයාම කියලා කොල්ලට මොනා හිතෙයිද.

ඔව් ප්‍රාතිට තාමත් රෑ වුන දෙයින් මිදෙන්න බැරිවුනා.ප්‍රාතිට relationship එකක් මේ තරන් දුරක් මෙච්චර ඉක්මනින් අරන් යන්න උවමනාවක් තිබ්බෙ නෑ.

" බේබි අපි ආවා..."

දෙන්නා ගිහින් කෑමත් ඕඩර් කරලා කෛලාශ් කතාවට මුලපුරන්න හදන කොටම ප්‍රාති නැගිට්ටෙ වොෂෲම් යන්න.

ඇත්තටම කිව්වොත් ප්‍රාතිට ඒ වෙලේ කිසිම උවමනාවක් තිබ්බෙ නැතත් ගියා. වොෂෲම් එකේ mirror එක දිහා බලන් ප්‍රාති කාලේ කෑවේ වෙන කරන්න දෙයක් නැතිකමට.

පැය කාලකට විතර පස්සෙ තවත ඉන්න බැරි නිසා ප්‍රාති එළියට ආවා.

කෛලාශ් ඈත තියාම ප්‍රාති දිහා බලන් ඉන්නවා ප්‍රාති දැක්කේ වොෂෲම් එකෙන් එළියට එනකොටමයි. නපුරු බැල්මකින් වටපිට බලන් හිටිය කෛලාශ්ගේ ඇස් මෘදු වුනේ ප්‍රාතිව දැක්ක මොහොතේමයි.

" කෛලාශ් ඔයා ඔය ඇස් දෙකෙන් තමා මාව වශී කරග්ත්තේ... දැන් මටම තේරෙන්නේ නෑ මං මොනාද කරන්නේ කියලා..." ප්‍රාති එයාටම මුමුණ ගත්තා.

කෛලාශ්ගේ කල්පනාවේ ආව ප්‍රාති ඉස්සරහින් එකපාරටම චූටි බබෙක් දිව්වා ඒ බබාගේ අතේ තිබ්බ මිල්ක්ෂේක් එක එතන හැලිලා ප්‍රාති ඒ උඩට කකුල තියලා ලිස්සන්න ගියේ ඇසිපිය ගහන මොහොතක් විතරයි.

ඒත් එක්කම ප්‍රාතිව එතන හිටිය පිරිමි ළමයෙක් අල්කගත්තා ඒ නිසා ප්‍රාති නොවැටී අනූනවයෙන් බේරුනා.

ප්‍රාති කියන්නේ ලස්සන කෙනෙක් පිරිමියෙක් නෙවෙයි ගෑණු කෙනෙක් වුනත් දෙපාරක් හැරිලා බලන ලස්සනක් තියෙන්නේ.

ඉතින් ප්‍රාතිගේ අතින් අල්ලගත්ත ඒ කෙනාට ප්‍රාතිගේ අත අතහරින්න අමතක වුනෙ ප්‍රාතිගේ සුන්දරත්වය අස්සේ අතරමං වුන හින්දා.

ඒත් ඒ කෙනාට වැඩිවෙලා ප්‍රාතිගේ ලස්සන විදින්න වුනේ නම් නෑ.දැඩි අතකින් ප්‍රාතිව අල්ලන් හිටිය අත අල්ලගත්තා.

ඔව් ඒ කෛලාශ්.

ප්‍රාති පුදුම වුනේ මීට මොහොතකට කලින් ටේබල් හිටිය කෙනා එකපාර තමන් ඉස්සරහා හිටන් ඉන්නවා දැකලා.

" ආහ්.. " අර කෙනාගේ මුවින් වේදනා මිශ්‍ර කෙඳිරියක් පිට වුනේ ප්‍රාතිගේ අත අතහැරෙද්දි.

ඒ එක්කම කෛලාශ් ටේබල් එකේ තිබ්බ පිහියකින් ඒ කෙනාගේ අතට ඇන්නා.

ප්‍රාති වුන දේ මොකක්ද කියලා හිතාගන්නවත බැරුව ශොක් වෙලා බලන් හිටියෙ ඉහ්ළට ගත්ත හුස්ම පහළට දාන්නත් අමතක වෙලා.

" she is mine... she is only mine... don't touch her..." කියලා ලේ පෙරෙන පිහිය ඒ කෙනාට නැවතත් දික් කරලා කෛලාශ් ප්‍රාතිගේ අතින් ඇඳ්ද්ගෙන එළියට ගියේ ටේබල් එකක තිබ්බ වයින් බොට්ල් එකකුත් අරගෙන.

ඒ ආපු ගමන් අර කෙනා අල්ලපු ප්‍රාතිගේ අත ඇදලා අරන් මුලු වයින් එකෙන්ම අත හේදුවේ ප්‍රාති තාමත බයෙන් කෛලාශ් දිහා බලන් ඉද්දි.

කිසිම දෙයක් නොකියා ප්‍රාතිව ආපහු එක්කන් ගෙදර ගිය කෛලාශ් ප්‍රාතිව ගේ ලඟින් බස්සලා ගියේ එයා එදා ගිය බංකරේට.

ගියපු ගමන් බංකරේ වයින් බර් එකෙන් විස්කි බෝතලයක් අරන් කටේ තියාගෙනම බීගෙන බීගෙන ගියා.

" මොන මඟුලක්ද යකෝ කරන්නේ.. උබ මොකද ඔහොම බොන්නේ..." කියලා කෙවින් කෛලාශ්ගෙන් බෝතලේ ඇඳලා ගත්තා.

" මට මාව control නෑ බන්.. මට ප්‍රාති ළඟදී මාව control නෑ.. මම කැමති නෑ මම ඇර වෙන එකෙක්ගෙවත් බැල්මක්වත් ඒකිට වැටෙනවට.. "

" මොකක්ද වුනේ.. ඒක කියපන් ඉස්සෙල්ලා..."

කෛලාශ් වුන දේ මුල ඉඳන් කෙවින්ට කියාගෙන ගියා.

" ඕ ශිට්.... උබ මොන මඟුලක්ද කරේ යකෝ... උබ හිතුවේ මේක අපේ රට කියලද.. ඒකත හරි අර කෙල්ල දැන් මොන තරන් බය වෙලා ඇද්ද..."

ඒ වෙලේ තමා කෛලාශ්ට ඒ බව මතක් වුනේ. ආයෙමත් ඉක්මනට කෛලාශ් ගියේ ප්‍රාතිව බලන්න.

ප්‍රාතිගේ ගෙදර ලයිට් එකක්වත් පත්තු නොවෙද්දි ප්‍රාති නිදි ඇති කියලා කෛලාශ්ට හිතුනත නිකමට ගිහින් බලද්දි දැක්කේ දොර හායි ගාලා ඇරලා කියලා. ඒ විතරක් නෙවෙයි ප්‍රාතිගේ බෑග් සෝෆා එක උඩ.

කෛලාශ් ලයිට් දාන ගමන් දොරත වහලා ප්‍රාතිගේ රූම් එකට ගියා. ඒ යනකොට ප්‍රාති ඇඳ උඩ වැටිලා හිටියේ මලමිනියක් වගේ.

" බබා..." කෛලාශ් බයෙන් ඉක්මනට ප්‍රාති ළඟට ගියා.

ඒත් කෛලාශ්ගේ කට හඬ ඇහුන ගමන් ප්‍රාති ඉක්මනට ඇඳේ මුල්ලකට වුනේ බයෙන් ගැහෙමින්.

" එපා... එපා.. මගේ ළඟට එන්න එපා... එපා.." කියලා කෑගහමින් ප්‍රාති තව තවත ඈත් වුනා.

" බබා... I'm sorry... I'm really sorry... please forgive me... "

" එපා... යන්න... අනේ... මට බෑ..." ප්‍රාති හඬා වැටෙන දිහා බලන් ඉන්න බැරුව කෛලාශ්ව ප්‍රාතිව වැළඳ ගත්තා.

ප්‍රාති කොයි තරන් දැඟලුවත් කෛලාශ්ගෙන් මිදෙන්න ඒක කොහොමටවත පුලුවන් දෙයක් වුනෙ නෑ.

" මාව අතහරින්න..." ප්‍රාති කෛලාශ්ගේ පපුවට ගහන ගමන් ඈත් වෙන්න හැදුව්ත් කෛලාශ්ගේ ප්‍රාතිගේ තොල්වලින් අල්ලගත්තේ අන්තිම තුරුම්පුව විදිහට.

ප්‍රාති කෛලාශ්ගෙන් මිදෙන්න කොච්චර හැදුවත අන්තිමට කිසිම හැඟීමක් දැනීමක් නැති කෙනෙක් වගේ හිටියේ ප්‍රාතිගේ අන්තිම සීමාවත පැන්න නිසා

ප්‍රාති දඟලන එක නතර කරාම කෛලාශ් ප්‍රාතිගේ තොල් මුදවලා නළලට කිස් එකක් දීලා ප්‍රාතිගේ නළලට තමන්ගේ නළල තියාගත්තා.

" ප්‍රාති.... please understand me.. I'm addicted to you.. මට මාව ඔයා ළඟදී control කරගන්න බෑ.. වෙන කෙනෙක් ඔයාගේ අතින් අල්ලන එක නෙවෙයි ඔයා දිහා බලන එකවත මට දරා ගන්න බෑ... ඔයා මගේ විතරයි ප්‍රාති... මගේ විතරයි... මම ඔයාට මගේ පණටත් වඩා ආදරේ කරනවා.. please මාව ඈත් කරන්නෙපා.. ඊට වඩා හොඳයි මම මැරෙන එක..."

කෛලාශ් එහෙම කියනකොට ප්‍රාතිගේ කෛලාශ්ගේ දෙතොල් මතින් අත තිබ්බේ තවත් මුකුත් කියන්නෙපා කියලා අඟවන්න.

ඒත් කෛලාශ් ප්‍රාතිගේ අත අරන් සිප ගෙන,

" මට සමාව දෙනවද මැණික..." කෛලාශ් ප්‍රාතිගේ ඇස් දිහාම බලාගෙන අහද්දි ප්‍රාති කොහොමද සමාව නොදී ඉන්නේ...

ප්‍රාති ඔලුව වැනුවේ සමාව දෙන බව පෙන්නලා..

කෛලාශ් ප්‍රාතිගේ දෙතොල්වලට බර වුනේ තවත් ලස්සන රැයක් ගත කරන්න.

පහුවදා ප්‍රාති නැගිට්ටේ එලාම් එකේ සද්දෙට වුනත ඇඳෙන් නැගිටගන්න තරන් පණක් තිබ්බේ නෑ. මුළු ඇඟෙන් ම දැනුනු වේදනාව ඊටත් වඩා ඔලුවෙන් දැනුනු වේදනාව ප්‍රාතිට දරාගන්න අමාරු වුනා.

තමන්ගේ එහා පැත්තේ නිදන් ඉන්න කෛලාශ් දිහා බැලුව ප්‍රාති අමාරුවෙන් හරි ඇඳෙන් නැඟිට්ටේ ඔෆිස් යන්න ඕන නිසා.

ඒත් කෙල්ලට එක අඩියක් තියාගන්න බැරිවුනේ ආයෙමත් ඇඳට වැටෙද්දි.

ප්‍රාතිට දරාගන්න බැරිම තැන ඇස්වලින් කඳුලු වැටුනේ කෛලාශුත් නැඟිටිද්දි.

" Good morning බබා..." කියලා ප්‍රාතිව පිටිපස්සෙන් කෛලාශ් වැළඳ ගත්තා.

" බබා.. ඔයාට උණ... ඔයගේ ඇඟ හොඳටම රස්නෙයි දෙයියනේ..." කියලා කෛලාශ් කලබලෙන් ප්‍රාතිගේ නළල බෙල්ල අත ගෑවා.

ප්‍රාතිට ඒත් එක්කම සිහිය නැති වුනා

කෛලාශ් ඉක්මනට කෙවින්ට කෝල් එකක් ගත්තේ එයාලාගේ ටීම් එකේ ඩොක්ටර් කෙනෙක් ඉන්න හින්දා.

" කෙවින්... ඇලිස්ව එක්කන් ඉක්මනට වරෙන් මං එවන location එකට..."


විනාඩි විස්සක් යද්දි කෙවින් ඇලිස්ව එක්කන් ආවා.

ප්‍රාතිව ඇලිස් එක්ක රූම් එකේ තනි කරලා කෛලාශ් කෙවින් එක්ක එළියට ආවේ ප්‍රාති ඊයේ රෑත් මුකුත් කාලා නැති හින්දා මොනාහරි order කරන්න.

ටිකකින් ඇලිස් මේ දෙන්නා ළඟට ආවා.

" ඇලිස් ප්‍රාතිට කොහොමද..."

"උණ අඩුවෙන්න මම injection එකක් දුන්නා..එයාට ඒකට නින්ද යයි ඇහැරුනාම කන්න මොනාහරි දෙන්න... සර්... මේ... අර්..."

" ඇයි ඇලිස් ප්‍රාතිට මොකක් හරි..."

" අහ්.. නෑ... එහෙම නෙවෙයි සර්... මේ..."

" මේ මේ ගාන්නේ නැතුව කියන දෙයක් කියනවා ඇඟේ ලේ රත් කරන්නේ නැතුව ..."

" සර්.. sexual activityවලදි පොඩ්ඩක් සැලකිලිමත් වුදුනොත් හොඳයි මොකද උණ ගැණෙන්න ඒකත් එක හේතුවක්..." ඇලිස් එක හුස්මට කියාගෙන ගියා.

ඒක ඇහුන කෙවින්ට හිනාගියේ නිකන්මයි. කෛලාශ් කෙවින් දිහා රවලා බැලුවේ දූවිලි වෙලා යන බැල්මකින්.

ප්‍රාතිගේ උණ ගතිය අඩු වෙලා යනකන්ම ප්‍රාති ළඟට වෙලා හිටිය කෛලාශ් ප්‍රාතිට කවලා පොවලා හවස් වෙලාම තමා ආපහු හොටෙල් එකට ගියේ.

ඩයනා මේ දෙන්නාගේ සම්බන්ධය ගැන දැනන් හිටිය හින්දා ඒක ප්‍රශ්නයක් වුනේ නෑ.

කෛලාශ් ගියාට පස්සෙ ප්‍රාති ඇඳෙන් නැඟිටලා ෆෝන් එක හෙව්වෙ කලින් දවසේ රෑ ෆෝන් එක දැම්ම තැනක්වත් මතක නැති හින්දා.

ෆෝන් එක අරන් බලද්දි තමා දැක්කේ නෙහාන්ගෙන් ඇවිල්ලා තියන කෝල් පෝලිම.

ප්‍රාති නෙහාන්ට කෝල් එකක් ගත්තා.

" අම්මෝ ප්‍රාතිහාරි කොහෙද දෙයියනේ හිටියේ.. "

" අහ් සොරි මිස්ටර් නෙහාන්... මට කලින් inform කරන්න බැරිවුනා... මට ටිකක් අසනීප වුනා ඒකයි අද ආවේ නැත්තේ.. මට හෙටත් නිවාඩුවක් ඕනේ..."

" අහ්... මොකක්ද වුනේ ප්‍රාතිහාරි ඊයෙ හොඳට හිටියනේ..."

" උණ හැදුනා මිස්ටර් නෙහාන්... නැඟිටගන්නත ටිකක් අමාරුයි..."

" අහ් හරි ප්‍රාතිහාරි ඉස්සෙල්ලම ලෙඩ හොඳ කරගෙන ඉන්නකෝ..."

" හරි මිස්ටර් නෙහාන් මම අදයි හෙටයි වෙනුවට weekend එකේ වැඩ කරන්නම් බය වෙන්නෙපා කිසිම දෙයක් මිස් වෙන්න දෙන්නෙ නෑ..."

" අයුයෝ ඒ ගැන හිතන්න එපා ප්‍රාතිහාරි ඔයා rest කරන්නකෝ ඉස්සෙල්ලා... see you soon..."

" see you..."


ප්‍රාතිට කන්නවත් පිරියක් තිබ්බෙ නෑ. කෝෆි එකක් හදාගෙන බැල්කනි එකේ පුටුවක ඉඳන් ඉර බහින හැටි බලන් හිටියේ හරිම හිස් බැල්මකින්.

ප්‍රාතිට තිබ්බේ එයා ගැනම කලකිරීමක්.

ආයෙමත් සාලෙට එනකොට සාලේ සෝෆා එක උඩ තිබ්බ බෑග් එකෙන් ප්‍රාති ගත්තේ ඊයේ කුඩම්මා අරන් දුන්න ඇඳුම.

ඇත්තටම ප්‍රාති හෙට නිවාඩු ගත්තේ engagement එක හින්දා.

ප්‍රාතිට මේ engagement එකට යනවද නැද්ද කියන එකවත තාම හිතාගන්න බැරුව හිටියේ.

එතකොට තමා ප්‍රාතිගේ අම්මගෙන් කෝල් එකක් ආවේ.

" හෙලෝ..."

" ප්‍රාතිහාරි හෙට තමුන්ගේ engagement එකද..."

" හ්ම්ම්..."

" තමුසෙට කටක් ඇරලා කියන්න බෑද ඕකට කැමති නෑ කියලා..."

" මම කියන දේ කවද්ද ඔයාලා ඇහුවේ..."

" තමුසේ කියන දේ අහලම නෑ... හෙට ඔය මොන මඟුල වුනත තමුසේ බඳින්න ඕන මම කියන කෙනාව එච්ච්‍රරයි..." කිව්ව ප්‍රතිගේ අම්මා කෝල් එක කට් කරා .


ප්‍රාතිගේ හිතේ තුවාලේ තවත පෑරුනා. මේ වෙනකොට ප්‍රාතිගේ හිත සියදිවි නසාගන්න තැනටම ඇවිල්ලා තිබ්බේ.

ප්‍රාති කෛලාශ්ට ආදරේ කරත ඒ ආදරේට බයක් මිශ්‍ර වුනේ ඊයේ වුන දෙයින්.

කාර් එකේ යතුර ගත්ත ප්‍රාති ගෙවල් දොරවල් ව්හලා ගියේ එයාගේ දුක නිවන තැනට.

හැබැයි අද එයා ආවේ දුක නිවාගන්න නම් නෙවෙයි එයාවම නැති කරගන්න.

බීච් එකේ සුපුරුදු තැනින්ම ප්‍රාති කාර් එක නවත්තලා ගියේ ඉමක් කොණක් නොපෙනෙන මුහුද දිහාට.

මේ වෙනකොට රෑ වෙලා හින්දා බීච් එකේ කවුරුත හිටියෙත් නෑ.

ඉතින් ප්‍රාතිව නවත්තන්න කෙනෙක් හිටියෙත් නෑ.

ප්‍රාති දිගින් දිගටම මුහුද දිහාට ගියේ ඉණ දක්වා මුහුදු වතුරෙන් යට වෙද්දි. ලොකු මුහුදු රැල්ලක් ප්‍රාති දිහාට ආවේ ප්‍රාතිගෙ තීරණයට මුහුදත අවසර දුන්නා වගේ.

ඒත් එක්කම ආව කෙනෙක් ප්‍රාතිගේ අතින් ඇදලා අරන් ප්‍රාතිගේ කම්මුලට පාරක් ගැහුවේ ප්‍රාතිව පියවි සිහියට එද්දි.


________________________________________

ඔයාලා බනිනවත් ඇතිනේද ඕතරීට... දැන් තමා ඔන්න නිදහස් වුනේ .

අද ඉඳන් හැමදාම කතාව දෙනවා ඔන්න...

එහෙනම්.. reaction දාන්න.. comment කරන්න..

ආදරෙයි හැමෝටම

Report Page