Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name...

To 7th blood...


https://telegra.ph/Dangerously-yours-03-21


08th blood....


ගෙදර ගියපු ප්‍රාති සතුටින් වොෂ් එකක් එහෙම දාලා ඇවිල්ලා ඇඳට යන්න හැදුවත් කෝල් එකක් ආවේ තාත්තාගෙන්. කෝල් එක ආන්‍ස්වර් කරනවද නැද්ද කියලා හිත හිත ඉඳලා අන්තිමට කට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කෝල් එක ආන්ස්වර් කරා.

" ප්‍රාති බ්‍රහස්පතින්දාට engagement එක... හෙට නැන්දා එයි හවසට නැන්දා එක්ක ගිහින් ඇඳුම් ගන්න..."

" මම කොයි වෙලේද දැන් මේ මඟුලට කැමති වුනේ... ආ..."

" මට තමුසෙගේ කැමැත්තෙන් අකමැත්තෙන් වැඩක් නෑ.. හෙට ලෑස්ති වෙලා ඉන්නවා එච්චරයි... අනික තමුසෙගේ අම්මණ්ඩිත් තමුසෙට වෙන මඟුලක් කරන්න හදනවා ඒකිට බෑ මාත් එක්ක ඔට්ටු වෙන්න තමුසෙ බඳින්නේ මිස්ටර් සමරසිංහගේ පුතා එච්චරයි..."

" මට බෑ.. මට boyfriend කෙනෙක් ඉන්නවා... "

" හහ්.. ඒකත් එහෙම්ද... මට ඒවගෙන් වැඩක් නෑ... Thursday engagement එක එච්චරයි..."


කෝල් එක කට් වුනේ ප්‍රාතිගේ හිතේ සැනසීම කියන වචනය ගොඩාක් දුරකට අරන් යද්දි.

ප්‍රාති නිදි නැති රැයක් ගත කලේ කෛලාශුත් වැඩත් එක්ක බිසී වෙද්දි.

" මූව ගිහිම් දාපන් සෝමාලියාවට... මූ විදවලා මැරෙන්න ඕනෙ..." කෛලාශ් මෙච්චර වෙලා අරූට වද දීලා පයිනුත් එකක් ගහලා කිව්වා.

කෛලාශ්ගේ ගෝලයෝ සෙට් එක ලේ විලක් වෙලා තිබ්බ එතැන අස් කරා.

සිගරට් එකක් පත්තු කරගෙන කෛලාශ් බලන් හිටියේ world map එක දිහා.

" මේකේ මහ මොලකාරයා මොකාද බන්... අපි දැන් රටවල් කීයක නම් හෙව්වද... මට හිතෙන්නේ නෑ මූ ලංකාවේ ඇති කියලා බන්... මේ වගේ රටක මූ ඉන්න විදිහක් නෑ බන්..." කෙවින්.

" පොඩි රටක් වුනා කියලා උඹ සුළුවෙන් හිතම්නෙපා.. මේක ඇතුළේ මුන් කරන්න පුලුවන් ඔක්කොම කරනවා... keep searching..."



මේ අතරේ...

ආදි ගොඩාක් වෙලාවට ඉන්නේ ත්‍රීශාගේ restaurant එකේ. දෙන්නම හොඳට සල්ලි තියන පවුල්වල වුනාට කිසිම වෙලාවක ඒ බවක් පිටට පෙන්නුවේ නෑ.

ආදි නම් බැලූ බැල්මට මැරයෙක් වගේ. මැරයෙක් වගේ නෙවෙයි මැරයෙක් තමා.

" ත්‍රී... අපි බඳිමුකෝ..."

" මොකෝ මේ එකපාර..."

" නෑ මට හිතුනා... ඒකයි... එතකොට ඔයා මං ගාවනේ හැමදාම... "

" ම්ම්ම්.. අපි තව ටිකක් බලමු ආදි... අපිට තව කල් තියනවා..."

" ඇයි ත්‍රී... මං කියලා තියනවනේ..." ආදිගේ කතාවට බාධා කරමින් කෝල් එකක් ආවා.

" Dad..."

" මේ යකා මොන මඟුලකට ගන්නවද මන්ද..."

" ආදි... answer කරන්න... හැමදාම මඟ අරින්න බෑ..."

තරහෙන් ත්‍රීශා දිහා බලපු ආදි phone එකත් අරන් ඈතට ගියේ මොකද ආදිගේ තාත්තා කියන කතාවලින් ත්‍රීශාගේ හිත හොඳටම රිදෙන හින්දා.

" ආදිත්‍ය... තමුසේට කෝල් එකක් ගත්තාම answer කරන්න බෑද... අරකිගේ ගුබ්බෑයමේ රිංගගෙන නේ ඉන්නේ..."

" මම මොන මඟුලේ හිටියත් වැඩක් නෑනේ..."

" හහ්... මට වැඩක් නැ... මම තමුසෙගේ තාත්තා.. හිතන්නෙපා මම සද්ද නොකර ඉන්න හින්දා හොයන්නේ බලන්නේ නෑ කියලා... තමුසේට මම දෙන final warning එක මේක ත්‍රීශා කියන එකීගෙන් ඈත්වෙයන්... නැත්තන් මම ඒකිව අතුරුදහන් කරනවා.. "

" පුලුවන් අතක් තියනවා.. තමුන් මගේ තාත්තා කියන එකත් මම එදාට අමතක කරනවා..."

" ආදිත්‍ය.. තමුසේගේ තාත්තා මම... තමුසේ කරන කියන දේවල් ඔක්කොම මම දන්නවා.. තමුසේ අරූට ගහපු එකත් මම දන්නවා ඌට තව මාසෙකටවත් නැඟිටින්න වෙන්නේ නෑ කොහොමත්... ඒකට මම මුකුත් කියන්නෑ ඌ ඉල්ලන් කෑවේ.. මොකද තමුසේ මොන මඟුල කරත් මගෙන් පස්සේ මගේ මේ හැමදේම භාර ගන්න ඕනේ තමුසේ..."

" අනේ මට නම් තමුන්ගේ මොන මඟුලක්වත් ඕනේ නෑ මට මම හොයාගත්ත ඒවා තියනවා..."

" තමුසේ හොයාගත්ත ඒවා.. හහ්... අර කොල්ලයි කෙල්ලයි මහන්සි වෙලා ඔය හැමදේම ගැට ගැහුවේ නැත්තේ තමුසේ ඔය රස්තියාදු ගහන ගැහිල්ලට තමුසෙට කියලා දෙයක් ඉතුරු වෙන්නෙ නෑ..."

" උන්ට මං පඩියක් ගෙවන්නේ ඒකටනේ.. අනේ මේ... මට බයිලා අහන්න වෙලාවක් නෑ මොන මඟුලකට ද දැන් ගත්තේ..."

" ඔව් අරකිගේ අස්සට රිංගන්න තියනවානේ තමුසෙට වෙලාවක් නෑඑතකොට කොහොමත්... මං කතා කරේ මේ Thursday business meeting එකක් තියනවා ගෙදර එනවා ඒ හින්දා... හවස හය වෙද්දි යන්න ඕනේ ඒ හින්දා පහ වෙද්දිවත් එන්වා... "

" මට බෑ..."

" ආදිත්‍ය මම තමුසෙට options දුන්නෙ නෑ.. තමුසේ එනවා එච්චරයි..."


කෝල් එක කට් වුනාම ආදිත්‍ය තරහෙන් ළඟ තිබ්බ පුටුවකට පයින් ගැහුවේ ඒ ළඟ පාත table එකක කෑම කන ගමන් හිටිය කපල් එකක් බය කරමින්.

"Oh... sorry..."

ත්‍රීශා ළඟට තරහෙන් පුපුරමින් ගිය ආදි වතුර වීදුරුවක් එක හුස්මට බිව්වේ තරහා ටිකක් හරි නිවාගන්න.

" ආදි මොකක්ද අද ප්‍රශ්නේ..."

" thursday business meeting එකක්ලු ඒකට එන්නලු..."

" අහ්.. මටත් ඇහුනා ඩඩා එහෙම එකක් ගැන කියනවා... මොකද කරන්නේ යනවද..."

" මං දන්නෑ ත්‍රීශා... මට නම් දැන් තිත්ත වෙලා තියෙන්නේ... shit... " කියපු ආදි කවුන්ටරේ උඩ තිබ්බ බයික් එකේ යතුර අරන් ගියේ ත්‍රීශා ආදි දිහා දුකෙන් බලාගෙන ඉද්දි.


මහ රෑ ඉබාගාතේ බයික් එක පදින ගමන් හිටිය ආදි හුරුපුරුදු පාරකට් වැටුන හින්දා නිකමට ගියේ ඒ හුරුපුරුදු ගෙදර පැත්තට. වෙන කවුරුත් නෙවෙයි ප්‍රාති තමා ඉතින්.

එදා රෑ ප්‍රාතිටත් නිදි නොයන රැයක් කියලා අපි දන්නවනේ. ප්‍රාතිත් හිටියේ සීතලේම බැල්කනියට වෙලා එළිය බලාගෙන.

ඒත් ප්‍රාති කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටිය නිසා ආදිව දැක්කෙ නෑ.

ආදි පහළට වෙලා ප්‍රාති දිහා බලන් ඉද්දි මතක් වුනේ ත්‍රීශා ප්‍රාති ගැන කියපු විස්තරේ.

මේ වගේ පුංචි කෙල්ලක්ම ජීවිතේ මෙච්චර දුක් විඳලත් හිත හයියෙන් ඉද්දි දැන් ටිකකට කලින් මොන තරන් පිස්සෙක් වගෙද හැසිරුනේ කියලා ආදිට හිතුනා.

ප්‍රාතිට මේ වෙලේ කෝල් එකක් ආවේ කෛලාශ්ගෙන්.

ඒත් එක්කම ප්‍රාතිගේ මූණට හිනාවක් ආවා. පහළ බලන් හිටිය ආදිත් මේ හිනාව වගේම ප්‍රාති ෆෝන් එක කනේ තියාගන්නවා දැක්කා.

" කෛලාශ් කෙල්ලව දැලේ දාගෙන වගෙ එහෙනම්..." කියල හිතපු ආදි ගෙදර යන්න පිටත් වුනා.


" බබා... මොකෝ තාම නිදි නැද්ද..."

" ම්හ්... නින්ද යන්නෙ නෑ..."

" ඇඬුවද බබා..."

" අහ්.. මම... නෑ නෑ.. එළියට වෙලා හිටියානේ ටිකක් නහය බර වෙලා..."

ප්‍රාති හරිම සංවේදි කෙනෙක්. වෙලාවකට හිත කොයි තරන් හයිය කරන් හිටියත් එයාට සමීප කෙනෙක් ළඟදී ප්‍රාතිගේ දුක එළියට එන්නේ ඉබේමයි.

මේ වෙලාවෙත් ප්‍රාතිට ඉබේම ඇඬෙන්න ආවා. ඉක්මනට කඳුලු පාලනය කරගත්ත ප්‍රාති,

" මං තියන්නම් කෛලාශ්... උදේට office යන්නත් ඕනා.. good nnight..."

" Good night බබා.."

ප්‍රාති මුකුත් නොකිව්වත් කෛලාශ්ටතේරුනා මොකක් හරි අවුලක් තියනවා කියලා.

" මේ උබලා ඕක තව ටිකක් බලපන්... මම ගමනක් තියනවා ගිහින් එන්න්ම්... කෙවියා key එක..."

කෙවින්ගෙන් car එකේ key එකත් ඉල්ලගෙන කෛලාශ් පිටත් වුනේ ප්‍රාතිගේ ගෙදර. ප්‍රාති ගැන හැමදේම මේ වෙනකොට හොයලා කටපාඩම් කරගෙන හිටිය කෛලාශ්ට ප්‍රාතිගේ ගෙදර තියන තැන එච්චර දෙයක් නෙවෙයි.

ප්‍රාතිගේ ගෙදර ගේට් එක ගාවට ගිය කෛලාශ් ප්‍රාතිට කෝල් එකක් ගත්තා.

" baby.. open the gate..."

තවම්ත් නින්ද නැතිව ඇඳේ ඒ මෙ අත දඟල දඟල හිටිය ප්‍රාති කෛලාශ්ගේ මේ කෝල් එකෙන් පුදුම වුනා.

දුවගෙන ඇවිල්ලා බැල්කනි එකෙන් පහල බැලුවම කාර් එකක් නවත්තලා තියනවා දැකලා තවත් පුදුම වුනා.

" බබා මම ඉන්නේ.. "

ප්‍රාති ඉක්මනින් ගිහින් ගේට් එක ඕපන් කළාම කෛලාශ් කාර් එක ඇතුළට දැම්මා.

කාර් එකෙන් බහින කෛලාශ් දිහා ප්‍රාති බලන් හිටියේ පුදුමෙන්.

" කට වහගන්න බබා.. නැත්තන් කටට මදුරුවෙක් රිංගයි..."

" අනේ මේ..." කියලා ප්‍රාති කෛලාශ්ගේ පපුවට අතින් ගැහුවා.

ප්‍රාතිගේ අතින් එහෙම්ම අල්ලගත්ත කෛලාශ් ප්‍රාතිගේ අත කෛලාශ්ගේ පපුව උඩින් තියාගත්තේ කෛලාශ්ගේ පපුව ගැහෙන රිදම් එක ප්‍රාතිගේ අතට දැනෙද්දි.

ඒ වගේම කෛලාශ්ගේ පපුව මස්පිඩුවල තද බව දැනෙද්දි ප්‍රාතිව රතුවුනා.

" මොකො බබා රතුවෙලා..." කෛලාශ් ප්‍රාතිගේ කන ළඟට කරලා අහද්දි ප්‍රාතිගේ පපුව ගැහෙන වේගෙත් වැඩිවුනා.

" කෛලාශ්..." ප්‍රාති මිමිණුවා.

කෛලාශ් ප්‍රාතිගේ තොල්වලට බර වුනේ ප්‍රාතිගේ අත් කෛලාශේ බෙල්ල ව්ටේ එතෙද්දි. ප්‍රාතිගේ කකුල් දෙකෙන් උස්සලා ප්‍රාතිව වඩාගත්ත කෛලාශ් ප්‍රාතිව ගේ ඇතුළට අරන් ගියේ ප්‍රාතිගේ ගෙදරට යන හුරුපුරුදුකාරයෙක් වගේ.

එහෙම්මම ප්‍රාතිව වඩාගෙනම කෛලාශ් සෝෆා එකේ වාඩිවුනා. තුනී රෑ ඇඳුමෙන් ප්‍රාතිගේ ඇඟේ උණුසුම කෛලාශ්ට හොඳින්ම දැනුනා.

කෛලාශ්ට ප්‍රාති ළඟදී කොහොමත්ම ඉවසීම නැතිවෙනවා මෙහෙම වෙද්දි තවත් ඉවසන්න කොහොමත් බෑ.

ප්‍රාතිගේ බෙල්ල සිපගත්ත කෛලාශ් ප්‍රාතිගේ රෑ ඇඳුම යටින් ප්‍රාතිගේ පිට පුරා අත යැව්වේ ප්‍රාතිගේ මුවින් සියුම් කෙඳිරිලි නැගෙද්දි.

එදා රැය කෛලාශ්ට වගේම ප්‍රාතිට අමතක නොවන රැයක් වුනේ දෙන්නා දෙන්නාගෙම වුනු නිසා.

පහුවදා උදේ සුපුරුදු විදිහට නැගිට්ට ප්‍රාති එයාව තුරුලු කරන් නිදන් ඉන්න කෛලාශ්ව දැක්කම හිතුවේ,

" ප්‍රාති ඔයා කොහොමද එහෙම දවසක් දෙකක් දැකපු කෙනෙක් එක්ක යාලු වුනේ... ඒ විතරක් නෙවෙයි ඔයා එයාට ඔයාගේ වටිනාම දේත් දුන්නා.. ප්‍රාති ඔයා මොනද මේ කළේ..."

ප්‍රාතිගේ ඇස්වලින් කඳුලු කැට දෙක තුන වැටුනේ නොදැනීමයි.

" බබා...ඇයි අඬන්නේ... මම ඔයාට ගොඩාක් රිද්දුවද.." කෛලාශ් නැඟිටලා ප්‍රාතිගේ ඇස්වල කඳුලු පිස දමමින් ඇහුවා.

" නෑ කෛලාශ්... මට අවුලක් නෑ..." එහෙම කියලා ප්‍රාති නැඟිටින්න හැදුවත් කෛලාශ් ප්‍රාතිව ආයෙමත් ඇඳලා අ‍රන් තුරුලු කරගත්තා.

" සොරි බබා.. මට ඔයාව දකිද්දි මට මාවවත් control කරගන්න බෑ... "

" නෑ කෛලාශ් මේක මමත් කැමැත්තෙන් වුන දෙයක්..."

" I love you..." kකියලා කෛලාශ් ප්‍රාතිගේ නළල සිප ගත්තා.

ප්‍රාති ඇඳෙන් නැඟිටිද්දි තමා තේරුනේ ගෙවුන රාත්‍රීයේ බරපතලකම. ඒත් ඒ බව කෛලාශ්ට පෙන්නන්න බැරි නිස අමාරුවෙන් වුනත් නැඟිටලා බාතෘම් එකට ගියා.

ප්‍රාති ඇඳුම් අයින් කරපුවාම තමා දැක්කේ ඇඟපුරා තියන පාරවල්.

ඇත්තටම කෛලාශ්ගේ ආදරේ පිස්සුවක් කියලා ඒ වෙලාවේ ප්‍රාතිට හිතුවා.

නාගෙන ටවල් එකත් ඇඳගෙන ප්‍රාති යද්දි කෛලාශ් ඇඳට වෙලා ෆෝන් එක ඔබනවා.

" බබා... ඔයා දැන් office යනවද..."

" ඔව් යන්න ඕනා කෛලාශ්... "

" අනේ අදට ඉන්නකෝ..."

" බෑ කෛලාශ්... important වැඩ ගොඩාක් තියනවා.. මාත් කැමති නතර වෙන්න නම්..."

ප්ප්‍රාති ළඟට ආව කෛලාශ් ප්‍රාතිගේ ඉණ වටේ අත් යවලා ප්‍රාතිව වැළඳගෙන උරහිසින් ඔලුව තියාගත්තා.

" බබා.. thank you..."

" mm... ඒ ඇයි..."

" look..." කියලා කෛලාශ් පෙන්නුවේ බෙඩ්ශීට් එකේ තිබ්බ රතු සලකුණ.

ඒත් ප්‍රාතිට ඒක දැක්කට කිසිම සතුටක් දැනුනේ නෑ. එයා තාම හිටියේ දෙගිඩියාවෙන්.

ප්‍රාති කෙනෙක්ව විශ්වාස කරන්න දහපාරක් හිතනවා. එහෙම හිතන්නෙ නැතුව ප්‍රාති ජීවිතේට ළං කරගත්ත එකම එක්කෙනා තමයි කෛලාශ් කියන්නේ.. ප්‍රාතිට එයා ගැනම දැනුනේ මොන වගේ හැඟීමක්ද කියලා හිතාගන්න බැරි වුනා.

ප්‍රාති මේ වෙනකන් කාටවත් ආදරේ කරලා තිබ්බෙත් නෑ. ප්‍රාතිගේ පළවෙනි ආදරේ වුනෙත් කෛලාශ්. ප්‍රාති කෛලාශ්ට ආදරේ කළා වුනත් මේ වුන දේ ගැන ප්‍රාතිට තේරුනේ හදිස්සි වුනා වැඩි කියලා. දවල් ආදරේ ප්‍රකාශ කරලා රෑ වෙද්දි මේ තරන් දුරක් ආව එක ගැන ප්‍රාතිට හිතාගන්න බැරිවුනා.

" මොනද බබා කල්පනා කරන්නේ..."

" අහ්.. මුකුත් නෑ කෛලාශ්..."

ප්‍රාති ඔෆිස් ගියේ කෛලාශ් හොටෙල් එකට යද්දි

ඔෆිස් ගියත් ප්‍රාති හිටියේ කලින් වුන දේ සිහියෙන්. ඒ නිසා තව ටිකෙන් important business වගයක් මිස් වෙනවත් එක්ක

හවස් වෙද්දි ප්‍රාතිට කෝල් එකක් ආවේ අම්මගෙන්.

"" ප්‍රාති මොකක්ද මේ වෙන්නේ ආ... අර මිනිහා thursday engagement එක දාලා තියෙන්නේ.. කටක් ඇරලා කියන්න බෑද තමුසෙ කැමති නෑ කියලා ඕකට..."

" අම්මේ please මට මගේ පාඩුවේ ඉන්න දෙන්න..." කියපු ප්‍රාති කෝල් එක කට් කරා.

හවස ගෙදර යද්දි වුනත් ප්‍රාති හිටියේ හරි සිහියෙන් නෙවෙයි.

ප්‍රාති ගෙදර යද්දි තවත් කලකිරුනේ ගේ ඉස්සරහා හිටිය අය දැකලා.

" ප්‍රාතිහාරි ඔහොම්මම යන් engagement එකට ඇඳුම් ගන්න..." කියලා ප්‍රාතිගේ කුඩම්මා කිව්වා.

ප්‍රාති එවෙලේ හිටිය මානසිකත්වය එක්ක එයාලා එක්ක argue කරන්න බැරිවුනා. ඒ නිසා ප්‍රාති එයාලා එක්ක සද්ද නොකර ගියා.

එයාලා අරන් දුන්න dress එකයි jewelries ටිකයි සද්ද නොකර අරගෙන ගෙදර එද්දි ප්‍රාති ඈතින්ම දැක්කේ ගේ ළඟ වාහනයක් නවත්තලා තියනවා..

ඒ කෛලාශ් කියලා දන්න හින්දා ප්‍රාති,

" මාව මෙතනින් දාන්න මම යන්නම්..." කියලා කාර් එකෙන් බැස්සා.

" මොකද අම්මා ඒකිට වෙලා තියෙන්නෙ අද.. පුදුමයි මුකුත් කිව්වෙත් නෑ.. "

" මටත් තියන ප්‍රශ්නේ ඒක තමා... මොන මගඩියකට ද දන්නෙ නෑ..." ප්‍රාතිගේ කුඩම්මා.


ප්‍රාති බෑග් ටිකත් අරන් එද්දි කෛලාශ් කාර් එකෙන් බැහැලා ප්‍රාතිගේ අතින් බෑග් ටික ගත්ත.

"" කොහෙද ගියේ බබා.. ඔයා කෝල් ආන්ස්වර් කරෙත් නෑනේ..."

" අහ්.. කුඩම්මා ආවා ඇඳුම් වගයක් ගන්න යන්න.."

කෛලාශ් ඇඳුම් බෑග් එකට එබ්ලා බලලා,

" පාර්ටි එකක්වත්ද..."

" මගේ engagement එක..."

____________________________________

ප්‍රාතිට පිස්සුවෙන් ආදරේ කරන කෛලාශ් මේක අහලා මොන පිස්සුවක් නටයිද ළමයි...

Reaction දාන්න.. comment කරන්න...

ආදරෙයි හැමෝටම...

Report Page