Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name...


To 6th blood....

https://telegra.ph/Dangerously-yours-03-18



7th blood...


ප්‍රාති කෛලාශ්ට වඩා ඉක්මන් වුනේ කෛලාශ්ගේ දෙතොල් සිපගනිමින්.

විනාඩි ගණනක්ම දෙන්නා එකිනෙකාව සිපගත්තේ පිස්සුවෙන් වගේ.

අන්තිමට ප්‍රාති නියම සිහියට ඇවිල්ලා කෛලාශ්ගෙන් ඈත්වුනා.

" කෛලාශ්... I think I'm stuck with you... I Love you..."

ප්‍රාතිගේ කන්පෙතිවල තොල්පෙති ගාවමින් කෛලාශ් ඊළඟට කිව්ව දෙයින් ප්‍රාතිගේ ඇඟේ මයිල් කෙලින් වුනේ බයකටද මොකක් නිසාද කියලා ප්‍රාතිට හිතාගන්න බැරිවුනා.

" ප්‍රාති... you are only mine... only mine... ඔයා හිතුවත් මම ඔයාට වෙන කෙනෙක්ගේ වෙන්න දෙන්නේ නෑ... තමුසෙට එකෙක් හරි අතක් තිබ්බත් ඒක ඌගේ අවසාන දවස.... මගේ කියන දේවල්වලට වෙන එකෙක්ගේ හුස්මක්වත් වදින්න මම ඉඩ තියන්නේ නෑ... So... You are mine... "

කවදාවත් අම්මාගෙන් තාත්තාගෙන්වත් හම්බුනේ නැති ප්‍රාතිට හැමදාමත් ඕන වුන ආදරයක් ලැබෙන්න යන බව ප්‍රාතිට තේරුනා.

" Yeah... I'm yours... "

කෛලාශ්ගේ දෙතොල් නැවතත් ප්‍රාතිගේ තොල් එක්ක පැටලුනේ දෙන්නට වෙලාව යනවා කියන එකත් අමතක වෙද්දී.

හදිස්සියේම ප්‍රාතිට ආයෙමත් සිහිකල්පනාව ඇවිල්ලා,

" කෛලාශ් we need to go now... leave me.. "

" I don't want.. please prathi..."

" Kailash we have enough time.. So let me go..."

" but..."

" no but..." කියලා ප්‍රාති කෛලාශ්ගේ දෙතොල් මත දබර ඇඟිල්ල තිබ්බා..

" ඔයා ආයෙමත් meeting room එකට යන්න.. මම washroom ගිහින් makeup එක set කරන් එන්නම්..."

" ඇයියේ... ඔයා makeup නැතුවත් ලස්සනයි බබා..."

" I know... I need to set up my lipstick..." කියපු ප්‍රාති ඉක්මන්ට දිව්වේ තවත් කතා කර කර හිටියොත් කෛලාශ්ගෙන් බේරෙන්න හම්බෙන්නේ නෑ කියලා දන්න නිසා.


ප්‍රාති ආයෙමත් meeting roomඑකට එද්දි කෛලාශ් නෙහාන් එක්ක කතාව.

" එහෙමද... මම ලංකාවට ආපු පළවෙනිපාර... ඇවිදලා බලන්න ආසයි... කොහොමත් මම මමීලා එක්ක මාසෙන් යන්නේ නෑ.. මට කරන්න ගොඩාක් දේවල් තියනවා..." කෛලාශ් ප්‍රාති දිහා බලමින් කිව්ව.

එතකොට තමා නෙහානුත් දැක්කේ ප්‍රාති ඇවිල්ලා කියලා

" ආ.. ප්‍රාතිහාරි ආවද... මේ මේක බලන්නකෝ පොඩ්ඩක් අඩුපාඩු මොනාහරි තියනවද කියලා.. තියනවා නම් mark කරන්න... ඔයා මහන්සි වෙන්න ඕන නෑ මම correct කරන්නම්... ඔයාට අද date එකකුත් තියනවානේ..."

ප්‍රාතිව ලැජ්ජාවෙන් රතුවුනා.

ප්‍රාති පැය කාලක් විතර බලලා අඩුපාඩු හොයලා බලලා හදලාම තමා නෙහාන්ට භාර දුන්නේ.

" මිස්ටර් කෛලාශ් දන්නවද දෙයක්.. මට මෙච්චර කාලෙකට හම්බුන දක්ෂම ගෑනු ළමයෙක් තමා ප්‍රාතිහාරි කියන්නේ.. එයා මේ company එකට ආපු දවසේ ඉඳන් company එකේ වැඩ පට්ට නීට්... අපේ බොස් එන්නෙ නැති හින්දා මං ප්‍රාති එන්න කලින් පට්ට කට්ටක් කෑවේ. දැන් නම් ඇත්තටම මම රෑට සැනසීමේ නිදියනවා.. මිස්ටර් කෛලාශ් ප්‍රාතිහාරි ගැන මට කියන්න වචන නෑ ඒ තරන්perfect..."

නෙහාන් එහෙම කියනකොට ප්‍රාතිහරි දිහා කෛලාශ් බලන් හිටියේ ලොකු ආදරේකින් වගේම ආඩම්බරේකින්.

Office එකේ වැඩ ඉවර කරලා ප්‍රාති එළියට ආවේ කෛලාශ් එක්කමයි.

ප්‍රාති කාර් එකට නැගලා කෛලාශ්ගෙන් ඇහුවේ දැන් මොකද කරන්නේ කියලා.

" ඔයා වෙනදට මොකද කරන්නේ..."

" ම්ම්... වෙනදට මම මාර්කට් එකට ගිහින් උයන්න බඩුත් අරන් ගෙදරගිහින් උයලා කාලා බීලා ම්ම්ම් සමහර වෙලාවට film එකක් බලනවා ම්ම්ම් ඒක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන්වා..."

" හරි... අදත් ඒ ටිකම කරන්න..."

" ඒ කිව්වේ ඔයා මගේ ගෙදර එන්වද..."

" ඇයි එපාද..."

ප්‍රාතිගේ හිතට පොඩි nervous ගතියකුත් ආවා. ඒත් ඒ අතරින් කෛලාශ් ගැන ඇතිවෙලා තිබ්බ හැඟීමත් එළියට ආවා.

ප්‍රාතිගේ නිහඬ බව දැනුන කෛලාශ්ට තේරුනා මොනා වුනත් ප්‍රාතිට තවත් කාලයක් දෙන්න ඕනේ කියලා.

" අයියෝ බබා ඕක ගැන ඔච්චර හිතන්න එපා.. අපි දෙන්නා ඩිනර් එකට කොහෙහරි යන්... ඔයා ද්න්න හොද restaurant එකකට යන්... හැබැයි මට රයිස් කොත්තු නම් එපා.. මට ඕනේ සිංහල කෑම..."

කෛලාශ්ගේ ඒ කතාවට නම් ප්‍රාතිගේ අවුල හරි ගියා.

" ආහ්.. මං දන්නවා තැනක් අපි යන්..."

ප්‍රාති කාර් එක අරන් පොඩි පොඩි පාරවල්වල ගිහින් අන්තිමට නතර වුනේ ලොකු නුග ගහක් යට ලෑලිවලින් හදලා තිබ්බ පොල් අතු සෙවිලි කරලා තිබ්බ කඩේකට. කෛලාශ් පුදුමෙන් හතර වටේම බැලුවේ අර වටේ city එකකින් එකපාර මේ වගේ ලස්සන ථැනකට ආව හින්දා. මේ වෙනකොට ඉර බැහැගෙන යනවා අහස තැඹිලි පාට වෙලා අමුතු ලස්සනක් තිබ්බේ. පොල් අතුවලට ඒ ඉර එළිය වැටිලා තවත් ලස්සනයි.

කෛලාශ් photo තුන හතරක්ම ගත්තේ ප්‍රාතිවත් හැම photo එකකටම එන් විදිහටම. ඒත් ප්‍රාති නම් ඒ බවක් දැනන් උන්නේ නෑ.

" අහ්.. මේ අපේ ප්‍රාති දූනේ... ගොඩ දවසකින්..."

අවුරුදු හැටක විතර ගෑනු කෙනෙක් ආවේ රෙද්දයි හැට්ටයි ඇඳගෙන හරිම ප්‍රසන්න විදිහට.

" පහුගිය ටිකේ සෑහෙන්න වැඩ ආච්චි... ඉතින් වැඩට යනවා ගෙදර එනවා ඒක් හැමදාම repeat කලා..."

" මේ කවුද දුවේ... හැමදාම තනියම එනවා මිසක් කාවවත් එක්කන් එන්නේ නෑනේ..."

" අර්.. මේ ඉන්නේ... මගේ..."

" මම ප්‍රාතිගේ boyfriend ආච්චිඅම්මේ..."

" අනේ ඇත්තට.. අනේ ශෝක් මහත්තයෝ... අනේ ඇස්වහක් කටවහක් වදින්න හොඳ නෑ.. " ආච්චිගේ ඇස්වල කඳුලුත් පිරුනා.

" ඕං ඉතින් ආච්චි... මොකෝ.. අඬන්න නම් එපා..."

" අනේ මං අඬන්නෑ දුවේ. මගේ ඇස්වලට මේ සතුටු කඳුලු එන්නේ... මගේ දෝණිට හරියනවා නම් මට වෙන මුකුත් ඔනේ නෑ.. මම පාරට වැටිලා උන්න්නු වෙලේ දුව උදව් කළේ නැත්තන් මම අද මැරුනු තැනක් හොයන්නත් නෑ..."

" අයියෝ ඔය පරණ කතා ඕන නෑ... කෝ අනේ කන්න දෙන්නකෝ බඩගිනියි..."

" අනේ මැණිකේ සමවෙන්න... මොනාද කන්නේ..."

"" මට ඕනේ ඉඳි ආප්පයි ආප්පයි..."

" එතකොට මේ මහත්තයට..."

" ඒ මහත්තයත් ඒවම තමා කන්නේ..."

ආච්චි අම්මේ පැය කාලකට විතර පස්සේ අරන් ආවේ ඉඳි ආප්ප තිහක් විතර තියන පිඟානකුයි පොල් සම්බෝලෙකුයි පරිප්පු හොද්දයි වැව් මාලු මිරිසට හදපු කරි එකයි ආප්ප ප්ලේට් එකයි කට්ට සම්බෝලෙයි.

ප්‍රාතිට නම් කෑම ටික දකිද්දිම කෙළ ගිලුනා.

" කෛලාශ් කාලා බලන්න.. අපේ ආච්චිගේ කෑම තමා මේ ලෝකේ තියන රසම කෑම..." කියලා ප්‍රාති වැඩ ඇල්ලුවා.

ටික වෙලාවක් යනකොට ඉහළට අඳින සෑස් සූස් සද්දයක් එක්ක ප්‍රාති බැලුවේ කෛලාශ් දිහා.

අනේ දෙයියනේ කොල්ලා රතු වෙලා. ප්‍රාතිට එකපාර හිනාවකුත් ගියා කොල්ලව දැකලා. කෛලාශ් අමාරුවෙන් අමාරුවෙන් කන්වා. කෛලාශ්ට සැර කෑම කන්න පුරුද්දක් නෑ. ඒත් ප්‍රාතිට නම් සැර කෑම කියන්නේ දිව්‍යලෝකේ කෑම වගේ..

" ආච්චි.. එළකිරි තියේද..."

" ඔව් දුවේ.. තියනවා.. ඇයි දුවේ අද සැර වැදුනවද..."

" මේ මට සැර.. පිස්සුද ආච්චි... මේ මහත්තයා හොටු පෙර පෙර අඬනවා සැර වැදිලා. .."

" මම.. පිස්සුද මට සැර.. කන්න.. පුලුවන්..." ඒත් ඇත්තම කතව නම් කෛලාශේ ඇස්වලත් කඳුලු පිරිලා.

" අනේ පව් මහත්තයා.. මේක් බොන්නකෝ මම මහත්තයට සැර අඩු හොද්දක් දෙන්නම්.. මම දුවගේ විදිහටනේ දුන්නේ එයාට සැර නැත්තන් බෑනේ..." කියලා ආච්චි කෛලාශ්ට එළකිරි වීදුරුවක් දුන්නා.

එළකිරි වීදුරුව බිව්ව කෛලාශ් ප්‍රාති දිහා බලලා,

" අද දවස නම් මට කවදාවත් අමතක වෙන්නෙ නැතිවෙයි බබා.. දෙයියනේ.. මේ කෑම.. වාව්..."

දෙන්නත් එක්ක පැය දෙකක් විතර ආච්චි එක්ක කයිය ගගහා කෑවා. අන්තිමට කලුවරත් වැටුනට පස්සේ තමා දෙන්න පිටත් වුනේ. කෛලාශ් එන්න කලින් බලෙන්ම ආච්චිගේ අතට පන්දාහේ කොළ දෙකක් දුන්නේ ඒ වගේ මනුස්සයෝ හැමතැනම නැති හින්දා.

" බබා.. මාව හොටෙල් එකටම එක්ක යන්න ඕනේ නෑ... ඔය මඟින් බස්සන්න මම යන්නම්..."

" එහෙම බෑ මම ඔයාව හොටෙල් එකටම ගිහින් දානවා..."

ප්‍රාති කෛලාශ්ව හොටෙල් එකෙන් බැස්සුවම දෙන්නා දෙන්නා වෙනුවෙන්ම කාලේ ගත කරලා වෙන් වෙන්න අමතක කළේ නෑ.

ප්‍රාතිගේ කාර් එක ගේට් එකෙන් එළියට යනවත් එක්කම කෛලාශ් ගාවින් ඇවිත් තවත් කාර් එකක් නතර කරා. වෙන කවුරුත් නෙවෙයි කෛලාශ්ගේ යාලුවෝමා තමා.

" අම්මෝ කොල්ලාගේ හිනාව... කවද්ද දැන් අපිව නෑනාට මුණ ගස්සන්නේ..." කෙවින්. කෙවින් තමා කෛලාශ්ගේ සැපට දුකට සනී.

" ඉඳපන් තව ටිකක් කල්.. අදනේ settle වුනේ..."

කට්ටිය ආවේ ගරා වැටුනු ගෙයක් ළඟට. දෙන්නා ගෙදර පිටිපස්සට ගිහින් ගියේ ළිඳක් ළඟට. ළිඳ ළඟ තිබ්බ මඬුවක් ළඟට ගිහින් කෛලාශ් ඒකේ ගඩොලක් උඩට අත තිබ්බම එකපාර දොරක් ඇරුනේ උමඟකට. කලින් අත තිබ්බේ ගඩොලක් වගේ තිබ්බsmart gadget එකකට. ඒ උමංග ඇතුළට දෙන්නා ගියේ ඒකෙ ලයිට්ස් එකින් එක ඔන් වෙද්දි.

විනාඩි දෙකක ගමනකට පස්සේ දෙන්නා ආවේ වෙනම ලෝකයක් වගේ තැනකට. එතන අවි ආයුධ විතරක් නෙවෙයි smart gadgets ගොඩාක් තිබ්බා.

" මොකෝ අරුන් මුකුත් කිව්වෙ නෑ..."

" කිව්වා... උන් වැඩ කරන්නෙත් ලොක්කෙක් යටතේලු.. ඌ කවුද කියලා මුං දන්නෙ නෑ..එදා සීන් එකටත් අරූ ඇවිල්ලා තියෙන්නේ ඌට ආපු order එකක් හින්දා.. මුන්ගේ phone බැලුවා ඒවාගේනුත් ලොකුවට ගන්න දෙයක් නෑ අපිට.. ලංකාවේ පොලිසියට ඕනේ ඒවා නම් තිබ්බා.. මං ඒවා වෙනම ෆයිල් එකකට දැම්මා මොකද කරන්නේ යවන්නද.. "

" හ්ම්ම්... යවන්න... අනිත් උන් ටික පොලිසියට ගිහින් දාපන්.. මට අරූව ඉතුරු කරලා... නෑ ඔහොම ඉඳපන්... "

කෛලාශ් අවි ආයුධ අතර තිබ්බ කිනිස්සක් ගත්තා.

ඊටපස්සේ ගියේ කලින් දවසේ පැහැරගත්ත උන් ටික ළඟට. ඊයේ ප්‍රාතිට අනන් මනන් කියපු ඔක්කොම එතන හිටියා.

කෛලාශ් උන්ට හිතන්නවත් වෙලාවක් නොතියා හැම එකා ළඟටම ගිහින් උන්ගේ දිවවල් කපලා දැම්මේ උන් ටික මර බියෙන් කෑගහද්දි.

කෛලාශ් අන්තිමට ආවේ ඊයේ කෛලාශ් ඇස් දෙකට වැඩේ දෙන්න ගිය එකා ළඟට.

" අනේ බුදු සර්... මම ආයේ වැරදි කරන්නේ සර්.. මාව අතහරින්න සර්... අපි පොලිසියට භාර වෙන්නම් සර්..."

කට කොණින් හිනාවුන කෛලාශ්,

" පොලිසියට භාර වෙන්න... හහ්... අපිත් පොලිසියේ තමා යකෝ..." කියලා උගෙත් දිව කැපුවා.

ඌ මර බයෙන් තවත් කෑහද්දි කෛලාශ් ඊළඟට උගේ ඇහැට පිහියෙන් ඇන්නා. නෑ නෑ ඇන්නේ නෑ ඇහැට මිලිමීටරයක් විතර තියෙද්දි නතර කරා.

" මොකද උඹබය වුනාද... උබ ඔහොම බය වුනා වගේ තමා කෙල්ලොත් උබලා දකිද්දී බය වෙන්නේ.. උබලා කෙල්ලෝ කීයක් නම් අසරණ කරාද කියලා මතකද.. ආ... ඒත් උබ ලොකු වැරැද්දක් කරා.. උබ මගේ කෙල්ලට අත තියන්න හැදුවා... උබ මගේ කෙල්ලට අත තිබ්බා නම් මම උබව මරනවා මට දැනුත් උබව මරන්න තමා ඕනේ ඒත් මම උබව මරන්නෙ නෑ... මම උබට ඊට වඩා දඩුවමක් දෙනවා... "

එඑහෙම කියපු කෛලාශ් උගේ ඇහැට ඇන්නා.. එක ඇහැකින් ලේ වැක්කෙරෙද්දි ඒක ගණන් ගන්නේ නැතුව අනිත් එකටත් ඇන්නා...


ගෙදර ගියපු ප්‍රාති සතුටින් වොෂ් එකක් එහෙම දාලා ඇවිල්ලා ඇඳට යන්න හැදුවත් කෝල් එකක් ආවේ තාත්තාගෙන්. කෝල් එක ආන්‍ස්වර් කරනවද නැද්ද කියලා හිත හිත ඉඳලා අන්තිමට කට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කෝල් එක ආන්ස්වර් කරා.

" ප්‍රාති බ්‍රහස්පතින්දාට engagement එක... හෙට නැන්දා එයි හවසට නැන්දා එක්ක ගිහින් ඇඳුම් ගන්න..."


____________________________________

ප්‍රාති engage වෙන්න යන්නේ ඔන්න...

එහෙනම් reaction දාන්න... comment කරන්න...

ආදරෙයි හැමෝටම

Report Page