Dangerously yours...
Pari🖤
To fourth blood...
https://telegra.ph/Dangerously-yours-03-10
06 th blood...
Phone එකට notification එකක් ආවත් වෙනදා මේ වෙලාවෙන් පස්සේ notification check කරන්නේ නැති ප්රාති අද බැලුවේ හිතේ පුංචි බලාපොරොත්තුවක් එක්ක.
ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුනේ msg එක එවලා තිබ්බේ හිතපු කෙනාම හින්දා.
" Good night my love...."
" my love... that sounds great..." phone එක එහෙම්මම පපුව උඩ තියාගත්ත ප්රාති සතුටින් හිනාවුනා. අද දවසේ මොනාද වුනේ කියලා පවා අමතක වුනා. කොටින්ම msg එකට reply කරන්නත් අමතක වුනා.
" Prathi any problem... why don't you reply..." ආයෙමත් msg එකක් ආව sound එකට තමා ප්රාති සිහියට අවේ.
" Oh no... no.. everything fine... Good night.." කියලා ප්රාති msg එක දාන්න යද්දිම කෛලාශ් කෝල් ගත්තා.
" prathi... are you fine..." කෛලාශ් කලබලෙන් ඇහුවා.
" I'm fine kailash... මම ඔයට දැන් reply කරන්න හැදුවේ.."
" ම්ම්ම්... මම බය වුනා... I miss you prathi..."
ප්රාතිට එකපාර මොකක් කියාගන්න ද කියලා හිතාගන්න බැරි වුන හින්දා සද්ද නොකර හිටියා.
" මාව ඇහෙනවද ප්රාති..."
" ආහ්... ඇහෙනවා... good night මම තියන්නම් හෙට උදේ නැගිටින්නත් ඕනේ office යන්න..."
" ok good night.... හෙට හම්බෙමු... ඒ වගේම මට ඔයාගෙන් උත්තරයක් ඕනේ..."
කෝල් එක කට් වුනාට පස්සේ කොට්ටෙකුත් බදාගෙන ප්රාති මාර සතුටකින් නිදාගත්තා.
ඒත් ඉතින් කෛලාශ් නම් එහෙම නෑ.
සිගරට් එකකුත් පත්තු කරගන්න ගමන්කෛලාශ් රූම් එකේ බැල්කනි එකට ආවා.
කෛලාශ් ඊළඟට කෝල් එකක් ගත්තේ එයාගේ යාලුවොන්ට.
" අම්මෝ ඇති යන්තම්.. මං හිතුවේ අපිව අමතක වුනා කියලා... උඹට කෙල්ලක් සෙට් වෙලානේ නේ.."
" මට එහෙම උබලව අමතක වෙනවද බන්..."
" ඔව්... එහෙම අමතක කරන්නත් බෑ.. ඒ වගේම උබ ලංකාවට ආවේ මොකටද කියන එකත් අමතක කරන්නෙපා..."
" ඒක අමතක නෑ බන්... ඒකටත් එක්ක තමා මම ගත්තේ... අද මං ප්රාති එක්ක.."
" ප්රාති කිව්වේ අර කෙල්ල ද..."
" කෙල්ල කෙල්ල ගාන්න එපා යකෝ නෑනා කියපන්..."
" නෑනා.. ඒ කියන්නේ උඹ දවස් දෙකට කෙල්ලව සෙට් කරගත්තත් එක්කද..."
" සෙට් කරගත්තා නැතා ප්රාති මගේ විතරයි... "
" හරි හරි... ප්රාති නෑනා හරිනේ... දැන් කියපන්කෝ..."
" හවස එකෙක් ප්රාතිට බීච් එකේදී අනන් මනන් කියන්න ගිහින් මං සෙට් එකක් එක්ක වලියක් දාගත්තා..
උන්ගෙන් එකෙක් තමා මං හිතන්නේ අපි හොයන එකා... මතකද උබට අපිට අර හම්බුන ෆොටෝ එකේ එකෙක් හිටියා ඇඟිලි හයක් තියන එකෙක්..."
" ඔව්... ඒත් බන් ඇඟිලිවලින් විතරක් කොහොමද කියන්නේ ඒ ෆොටෝ එකේඑච්චරනේ දැක්කෙත්..."
" ඒ ෆොටෝ එක අරන් ආයේ බලපන්.. උගේ ඒ වැඩි ඇඟිල්ලේ කළු ලප දෙකක් තියනවා එක ළඟ... තව සුළැඟිල්ලේ පළවෙනි පුරුක නෑ..."
" අඩේ.. ම්ං එච්චර දෙයක් නෝට් කරේ නෑබන්... අනික ඒක black & white photo එකක්නේ.. උබ කොහොමද ඔච්චර දෙයක් නෝට් කරේ..."
" උබ පොලිස්කාරයෙක් කියන්නත් ලැජ්ජයි බන්... ඔය වගේ පොඩි දේවල් නෝට් කරේනැත්තන් කොහොමද..."
" හරි බන්... දැන් ඌව කොහොම්ද හොයාගන්නේ... "
" මං උගේ ෆෝන් එකට GPS tracker එකක් හයි කරා... දැන්ම යන් කට්ටිය එක්කන් වරෙන් තව විනාඩි දහයෙන් හොටෙල් එක ඉස්සරහට වරෙන් කට්ටියම යන්..."
" හරි බන් එළ..."
පහුවදා..
" ත්රීශා... ඊයේ ප්රාතිහාරිට අනන් මනන් කියලා කෛලාශ්ගෙන් කපු උන්ට වෙච්ච් කෙරිච්ච දෙයක් නෑ..."
" මොකක්... ඒත් ඒ කොහොමද... උනුත් එහෙම නිකන් සෙට් එකක් නෙවෙයිනේ..."
" ඔව් ඒක තමා මටත් තියන ප්රශ්නේ... මට හිතෙන්නේ මේකට කෛලාශ්ගේ සම්බන්ධයක් තියනවා මොකක්ම හරි..."
" ඒත් ආදි කෛලාශ් කියන්නේ මේ අද ඊයේ ලංකාවට ආව කෙනෙක්නේ..."
" ඒක ඇත්ත වෙන්න පුලුවන්.. ඒත් ත්රීශා මට හිතෙනවා මේ කෛලාශ් කියන්නේ ලේසිපාසු කෙනෙක් නෙවෙයි කියලා..."
" මට බය ප්රාති ගැන... පව් කෙල්ල..."
" ත්රීශා ඇයි ඔයා ඔය කෙල්ල ගැන ඔච්චරටම care කරන්නේ... ඒකත් මේ අද ඊයේ දැනගෙන..."
" ආදි ප්රාති කියන්නේ හරියට දුක් විඳපු කෙනෙක්... ඒ වගේ ජීවිතයක් මට නම් හිතන්නත් අමාරුයි.. ඒ වගේම ප්රාති හරිම ඒක මට කියන්න තේරෙන්නේ නෑ... ඔයා මට වඩා හොඳට ප්රාති ගැන දන්නවනේ මම කියන්න ඕනේ නෑනේ..."
" ඒක නම් ඇත්ත ඉතින් නැත්තන් මම මෙහෙම ඉන්නේ නැනේ..."
ප්රාති office ගිහින් සුපුරුදු විදිහටම වැඩ කර කර හිටියේ. කෙල්ල වෙනදටත් වඩා බිසි. මොකද කෛලාශ්ලාගේ බිස්නස් ඩීල් එක්ක තමා මේ දවස්වල කෙල්ලට වැඩ තියෙන්නෙ...
" Hi baby..."
දවස් දෙකක් දැන අඳුනගෙන උනත් ප්රාතිට ඒ කටහඬ අඳුනගන්න අමාරු වුනේ. ප්රාතිගෙ මූණට ලස්සන හිනාවක් ආවේ නිරායාසයෙන්මයි
" Hi kailash..."
කෛලාශ් තව මොනහරි දෙයක් කිය්න්න ආවත් ඊට කලින් නෙහාන් ආපු හින්දා කටවහගත්තා.
" ප්රාතිහාරි මීටින් රරූම් එක රෙඩිද..."
" ඔව් මිස්ටර් නෙහාන්..."
" එහෙනම් දැන්ම මීටින් එක පටන් ගමු නේද... "
බිස්නස් මීටින් එක පැය දෙක තුනක් එක දිගට ඇඳුනේ ප්රාතිගේ ඔලුවට වගකීම් ගොඩාක් එක් වෙද්දි.
මීටින් එක ඉවර වෙලා කට්ටියම යද්දි කෛලාශුයි නෙහානුයි විතරක් ප්රාති එක්ක මීටින් රූමෙකේ ඉතුරු වුනා.
" ප්රාතිහාරි අපි දෙන්නට අද මේ වැඩ ටික ඉවර කරලාම තමා ගෙදර යන්න වෙන්නේ...අවුලක් නැද්ද.."
" නෑ මිස්ටර් නෙහාන් මම හිත්න්නේ එහෙම කළොත් ලේසියි..."
" මිස්ටර් කෛලාශ් ඔයාව හොටෙල් එකෙන් ඩ්රොප් කරන්න කියන්නද අපේ ඩ්රයිවර් කෙනෙක්ට..."
" නෑ එපා... ඔයාලට කරදරයක් නෙවෙයිනේ මම මෙහෙම්මම ඉන්නම්... මම ඔයාලාගේ වැඩවලට disturb කරන්නේ නෑ..."
" ඒත්..."
" ඇත්තටම කිව්වොත් මට ප්රාති එක්ක අද date එකක් තියනවා.."
නෙහාන් පුදුමෙන් ප්රාති දිහා බැලුවා.
ප්රාති නම් මේ වෙනකොටත් ලැජ්ජාවෙන් රතුවෙලා. බිම බලාගෙන ෆයිල් එහට මෙහාට පෙරල පෙරල හිටියේ කතාව මඟ අරින්න ඕන හින්දා.
කිව්ව විදිහටම නෙහාන් ප්රාති එක්ක වැඩ කරද්දි කෛලාශ් ෆෝන් එක බල බල සද්ද නොකර හිටියා. හැබැයි තත්පර දෙකෙන් දෙකට ප්රාති දිහත් බැලුවා
නෙහාන්ගේ අත වැරදීමකින් ප්රාතිගේ අතේ වැදුන එක දැක්ක කෛලාශ් තරහ ගිහින් එකපාර නැගිට්ටේ ප්රාතිවත් බය කරගෙන. ප්රාතිගේ බය වුන මුවෙක්ගේ වගේ ඇස් දෙක දැක්කම කෛලාශ් ඉක්මනට සන්සුන් වෙලා ඉඳගත්තා. නෙහාන් නම් මොකක්ද වුනේ කියලාවත් දන්නේ නැතුව confused වෙලා හිටියේ. මොකද ප්රාතිගේ අතේ තමන්ගේ අත වැදුනා කියන එකවත් නෙහාන්ට ගාණක් නෑ.
ප්රාති පැය ගාණක් එක දිගට වැඩ කරපු හින්දා වොෂ් රූම් යන්න එළියට ගියා. ඒ අතරේ කෛලාශුත් එළියට ගියේ නෙහාන්ගේ අතේ වැදීගෙන. ඒක් නිකන් වැදීමක් නම් නෙවෙයි ඒ වැදුන පාරට නෙහාන්ගේ අත රතුවුනේ ටික වෙලාවකින් නිල් වෙන්න ගනිද්දී.
ප්රාති වොෂ් රූම් එකේ ඉඳන් ආයෙමත් එද්දි එකපාරටම එයාව කවුරුහරි ඇදලා අරන් බිත්තියකට හිර කරගත්තා. ප්රාති කෑගහන්න ගියත් ප්රාතිගේ කට වැහුනේ ඒ විශාල අතින්.
" baby... ඔයා මට තාම උත්තරයක් වුන්නේ නෑනේ...So... tell me... Do you love me..." කලාශ් එයාගේ ඕන කෙනෙක් පිස්සු වට්ටන්න පුලුවන් සරාගී කටහඬින් අහද්දි ප්රාති පිස්සුවෙන් වගේ බලන් හිටියේ කෛලාශ්ගේ ඇස් දිහා.
" ප්රාතී..." කෛලාශ් ප්රාතිගේ මූණට වැටිලා තිබුන කෙස් රොදක් කන පිටිපස්සේ රදවන ගමන් කනට කරලා මිමිනුවේ ප්රාතිගේ ඇඟ හිරිවට්ටන ගමන්.
ප්රාති එකපාර දිග හුස්මක් ගත්තේ එයාට එයාවම පාලනය කරගන්න බෑ කියලා දැනෙද්දී. හදවත ඕනෑවටත් වඩා වේගෙන් ගැහුනේ දැන් එළියට පනි වගේ.
ප්රාතිගේ විතරක් නෙවෙයි කෛලාශෙත් හදවත වේගෙන් ගැහුනා. ප්රාතිට මේ තරන් ළඟින් ඉන්න එක කෛලාශ්ට එයාව පාලනය කරගන්න අමාරු දෙයක් වුනා. කෛලාශ් ප්රාතිව කිස් කරන්නේ නැතුව පුදුම අමාරුවෙන් ඉවසන් හිටියේ.
ඒත් කෛලාශ්ට තවත් නම් ඉවසගන්න බැරුව කෛලාශ් ප්රාතිගේ දෙතොල් ළඟට ළං වෙන්න ගත්තේ දඩයමක් හොයන් යන සිංහයෙක් වගේ.
ඒත් ප්රාති කෛලාශ්ට වඩා ඉක්මන් වුනේ කෛලාශ්ගේ දෙතොල් සිපගනිමින්.
විනාඩි ගණනක්ම දෙන්නා එකිනෙකාව සිපගත්තේ පිස්සුවෙන් වගේ.
අන්තිමට ප්රාති නියම සිහියට ඇවිල්ලා කෛලාශ්ගෙන් ඈත්වුනා.
" කෛලාශ්... I think I'm stuck with you... I Love you..."
_____________________________________
ළමයි... ඉතින් කොහොමද...
ඔයාලත් කැමතිද කෛලාශ් වගේ ආදරවන්තයෙක්ට... ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන...
Comment එකක් දාන්න්කෝ ඔයාලගේ අදහස් එහෙනම්...
Reaction දාන්න... comment කරන්න...
ආදරෙයි හැමෝටම...