Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name...


To 4th blood...

https://telegra.ph/Dangerously-yours-03-08-2


5th blood...


" මම කෝල් එක answer කරලා එන්නම්... " කියලා ප්‍රාති එළියට ගියා.

ප්‍රාතිගේ මූණේ වෙනස්වීම හැමෝම දැක්කත් ඒ ගැන අහන්න බැරි හින්දා මුකුත් කිව්වෙ නෑ.

ප්‍රාති එළියට ඇවිත හොඳ හුස්මක් අරන් කෝල් එක ආන්ස්වර් කරා..

" hello... අම්මා..."

" ප්‍රාති.. මොකක්ද ඊයේ රෑ වුනේ... තමුන්ගේ තාත්තා ඒ ගමන බන්දන්න යනවද තමුසෙව..."

" අම්මා... "

" කිසි කතාවක් එපා... ප්‍රාති කිසිම හේතුවක් නිසා ඒ කසාදෙට එකඟවෙන්න බෑ... තමුන්ට මම කසාද බන්ඳන්න ලෑස්ති කරේ දැන් මාස ගානකටත් කලින්.. තමුන්කැමති වුනා නැතා ලෑස්ති වෙනවා කසාද බඳින්න... මම අදම හඳහන් බලනවා..."

අම්මාගේ කතාවත් එක්ක ප්‍රාතිගේ ඇස්වලින් කඳුලු කැට එකිනෙක කඩාවැටෙන්න ගත්තා.

ප්‍රාති නොදැනුවත්වම අම්මාගේ කාතාත් අහන ගමන් බීච් එක පැත්තට ගියා.

" අම්මේ..."

" ප්‍රාති මට කිසිම හෙතූවක් ඒකක් මේකක් ඕන්නෑ... තමුසෙව මාස නවයක් බඩේ තියන් හිටියේ මම.. ලේ කිරි කරලා පෙව්වෙ මම... තමුසේ අහන්න ඕනේ මම කියනදේ.."

" අම්මේ... මාස නවයක් බඩේ තියන් හිටියට ඇද්ද.. කිරි පෙව්වට ඇද්ද... ඔයාලා එතනින් පස්සේ මං ගැනහෙව්වද... ආ... සීයයි ආච්චියි නොහිටින්න මම මැරුනු තැන්වල ගසුත් පැලවෙලා... අනික ඔයාලා කිසිම වෙලාවක මම කෑවද බිව්වද කියලා අහන්නවත් කෝල් කළාද... අවුරුද්දකට පාරක්වත්..."

" අනේ මේ ප්‍රාති මට තමුසෙගේ ඔය බයිලාවෛන් වැඩක් නෑ... තමුසේ ඉන්න ඕනේ මම කියන විදිහට... තමුසේ වෙන මොන මඟුලක් හරි කරන්න හැදුවොත් ඒක තමුන්ගේ අවසානේ.." කියලා ප්‍රාතිගේ අම්මා කෝල් එක කට් කරා.

අම්මා කෙනෙක් විදිහට නෙවෙයි ප්‍රාතිගේ අම්මා ප්‍රාතිට සැලකුවෙ. ඒත් මේ මගේ අම්මානේ කියන දේ හින්දා ප්‍රාති තවමත් සද්ද නොකර ඉන්නව.

කෝල් එක කට් වුනත් ප්‍රාති තවම අඬන්වා.වටේ පිටේ කට්ටිය හිටියත් ප්‍රාතිට කිසිම ගාණක් නෑ.

එකපාරට හයියෙන් කට්ටිය කෑගහන සද්දෙට තමා ප්‍රාති හැරිලා බැලුවෙව්. ඒ වෙනකොට කෛලාශ් කොල්ලො වගේකට බිම පෙරගෙන ගහනවා.

ප්‍රාති restaurant එකෙන් එළියට ගියත් කෛලාශ්ගේ ඇස් තිබ්බේ ප්‍රාතිගේ පස්සෙන්මයි.

ත්‍රීශලා එක්ක කතා කර කර හිටියත් ප්‍රාති දිහා ඇහැ ගහගෙනමයි හිටියේ.

ප්‍රාති ටිකෙන් ටික බීච් එක පැත්තට යනවා දැකලා කෛලාශ් ත්‍රීශාට කියලා ප්‍රාතිගේ පැත්තට හිමින් හිමින් ආවා.

ඒ අතරේ තමා බීච් එකේ හිටිය රස්තියාදුකරයෝ සෙට් එකක් ප්‍රාති දිහාට හැරුනේ.

" අඩෝ... බලපන්කෝ... පට්ට කඳ බන්..."

" සිරාවටම... තනියම වගේ ඉන්නේ... මොකෝ කියන්නේ..."

" ආයේ අහන්නත් දෙයක්ද බන්... මට දැනටමත් මේකිව ඇදුම් නැතුව මැවිලා පේනවා..." එකෙක් තොලකට ලෙවකන ගමන් කිව්වා.

කෛලාශ් හිටියේ මුන් කිට්ටුවම හින්දා මේ දෙවල් එකක් නෑර කෛලාශ්ට ඇහුනා. කෛලාශ් ඇතුළේ ඉන්න මෘගයා එළියට ආවේ ඒ සෙට් එකෙව් කතා ඇහිලාමයි.

කෛලාශ් දෙපාරක් හිතන්නෙ නැතුව පැන්නේ ඒ සෙට් එකට ගහන්න. එකෙක්ව බිම පෙරලන් ගහද්දි අනික් උනුත් පැනලා කෛලාශ්ට ගහන්න ගත්තා. ඒත් ඉතින් කෛලාශ් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. කෛලාශ් boxing champion කෙනෙක්.

කොහොමහරි ඔය වෙලේ තමා ප්‍රාති ඒක දැකලා දුවගෙන ආවෙ.

" කෛලාශ්... කෛලාශ් ඕක නවත්තන්න... please ඕක නවත්තන්න.."

" ප්‍රාති අහකට වෙන්වා.. මං අද මුන්ගේ ඇස් ගලෝන්වා.."

" අනේ කෛලාශ් ප්ලීස්... ප්ලීස් කෛලාශ්..."

ඔය අතරේ තමා restaurant එක පැත්තේ ඉඳන් ආදි දුවගෙන ආවේ.

" ප්‍රාතිහාරි මොකද..."

ප්‍රාති අඬනගමන්ම ඔලුව වැනුවේ දන්නෑ කියන්න.

අන්තිමට කොහොමහරි ආදි මැදිහත් වෙලා රණ්ඩුව නතර කරා. ඒ වෙනක්ට කෛලාශ්ටත් තුවාල වෙලා වගේම රස්තියාදු කාරයෝ සෙට් එකට හොඳටම තුවාල වෙලා. කෛලාශ් අර ප්‍රාතිව නිරුවත් කරලා මවාගත්ත එකාගේ ඇහැක් තුවාල කරලා.

ආදි මැදිහත් වෙලා ඒ කොල්ලො ටුකව සල්ලි දීලා ශේප් කරා. ඒත් කෛලාශ්නම් තාමත්දත්මිටි කකා උන් දිහා බලන් හිටියේ.

" කෛලාශ්.. කෛලාශ්.. මොකක්ද මෙතනවුනේ දැන්..."

" උනේ.. මම උන්ව මරනවා... උන් මගේ කෙල්ලව ඇස් දෙකෙන් කෑවා යකො.. මං උන්ව මරනවා... ප්‍රාතිහාරි මගේ යකෝ... ඒකි අයිති මට විතරයි.. උඹ මට ඉඩ දුන්නෑනේ.. නැත්තන් මං උන්ගේ ඇස් ගලෝනවා..."

ප්‍රාති confuse වෙලා කෛලාශ් දිහා බැලුවා.

" උඹ මාව නැවැත්තුවේ මොකටද... උන්ව මම..." කෛලාශ් අත් මිට මෙලෙව්වෙ හරිම භයානක පෙනුමක් කෛලාශ්ට එද්දි.

" ප්‍රාතිහාරි කෛලාශ්ව හොටෙල් එකට එක්ක යන්න... ඔයත් ඊටපස්සේ ගෙදර යන්න... මේක මෙතනින් අමතක කරන්න..." කියලා ආදි කිව්වා.

ප්‍රාති ආදි කිව්ව විදිහටම එවෙලෙම පිටත් වුනා.

කෛලාශ්ව හොටෙල් එකට එක්කන් ගියත් ප්‍රාති කෛලාශ්ට කාර් එකෙන්බහින්න දුන්නේ නෑ.

" ටිකක් ඉන්න කෛලාශ්..." කියලා ප්‍රාති කාර් එකෙන් බැහැලා ආයෙමත් ටිකකින් ආවා.

ප්‍රාතිගේ අතේ first aid kit එකක් තිබ්බා. ප්‍රාති හිමීට පරිස්සමින් කෛලාශ්ගේ තුවාලවලට බෙහෙත් දැම්මා.

" කෛලාශ් මම හින්දා කවුරුත් තුවාල කරගන්නවට මම කැමති නෑ.. So please don't get hurt because of me... I'm not worthy for it..."

කෛලාශ් ප්‍රාතිගේ තොල් මත ඇඟිල්ල තිබ්බේ ප්‍රාතිගේ හදවත වේගෙන් ගැහෙන්න ආරම්භයක් දෙමින්.

" No.. No.. Prathi... You are mine... So..." කෛලාශ් එකපාරටම ප්‍රාතිගේ තොල්වලට බර වුනා.

ප්‍රාතිව ගල් ගැහුනේ එකපාර ඒ වගේ දෙයක් කොහොමත්ම බලාපොරොත්තු නොවුන හින්දා.

" ප්‍රාති.. මම ඔයාට ආදරෙයි... මම ඔයාට ආදරේ කරන්න ගත්තේ ඔයාව දැක්ක වෙලේ ඉඳන්.. ඔයාට රිද්දන්න මමකාටවත් ඉඩ දෙන්නේ නෑ.. ඔයා අයිති මට විතරයි..." කිව්ව කෛලාශ් කාර් එකෙන් බැහැලා හොටෙල් එක ඇතුළට ගියා.

කෛලාශ් ගියත් ප්‍රාති තාම ශොක් වෙලා හිටියේ.

පහුගිය විනාඩියට දෙකට වෙච්ච දේවල් හීනයක් වගේ. එයාටකෙනෙක් ආදරේ ප්‍රකාශ කරා. ඒකත් දවස් දෙකක් විතරක් දැන අඳුනගත්ත කෙනෙක්.



මෙ අතරේ...

" ආදි.. ඔයාට කෛලාශ්ගේ මොකක් හරි අමුත්තක් දැනෙන්නේ නැද්ද..."

" මට තේරුනා ත්‍රීශා... කෛලාශ් ප්‍රාතිහාරිට කැමතියි... ඒත් එතන පොඩි අමුත්තක් තියනවා..."

" ඒක ඇත්ත... කෛලාශ් ප්‍රාතිට පණටත් වඩා ආදරෙයි... He is obsessed with her..."

" That's right he is obsessed with her..."

" ඒකෙන් ප්‍රාතිට මොකක් හරි කරදරයක් වෙයිද ආදි..."

" කරදරයක් වුනත් අපිට කරන්න දෙයක් නෑ ත්‍රී.. ඒ ඒ කෙල්ලගේ ජීවිතේ..."




ප්‍රාති ගෙදර ආවට පස්සේ තමා මතක් වුනේ අද වුන දේවල් අස්සේ කෑවෙත් නෑ නේද කියලා.

සුළුවට දෙයක් හදාගත්ත ප්‍රාති ඒකත් කාලා හෙට ඔෆිස් යන්න ඕන දේවලුත් ලෑස්ති කරා.

රෑ නිදාගන්න ගියාට පස්සේ ප්‍රාති එයාගේ සිවිලිමේ පේන තරු දිහා බලන් හිටියෙ ඒක එයාට doctor කෙනෙක් recommend කරපු therapy එකක් හින්දා.

Phone එකට notification එකක් ආවත් වෙනදා මේ වෙලාවෙන් පස්සේ notification check කරන්නේ නැති ප්‍රාති අද බැලුවේ හිතේ පුංචි බලාපොරොත්තුවක් එක්ක.

ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුනේ msg එක එවලා තිබ්බේ හිතපු කෙනාම හින්දා.

" Good night my love...."


___________________________________

ළමයි කතාව පරක්කු වෙන්වා නේද.. මං කිව්වානේ මම රට ආවා කියලා.. So very busy...


Reaction දාන්න්... comment කරන්න..

ආදරෙයි හැමෝටම

Report Page