Dangerously yours...
Pari🖤
To 3rd Blood...
https://telegra.ph/Dangerously-yours-01-15
4th Blood....
බීච් එකේ වෙන කවුරුත් හිටියෙත් නැති හින්දා ප්රාති හයියෙන් හැමෝටම බැන්නා. එයාගේ හිතේ තිබ්බ වේදනාව කෑ ගහලා පිට කරා.
ඒත් එකපාර කවුරුහරි එයාගේ පිටට අත තිබ්බ එකෙන් ප්රාති සෑහෙන්න බය වුනා...
ප්රාති පිටිපස්ස හැරිලා බලනකොට හිටියේ ත්රීශා. මීට කලින් company එකේ meeting, biddingවලට එහෙම ගිහින් සෑහෙන පාරක් ත්රීශාව දැකලා තියන හින්දා ප්රාතිට ත්රීශාව එකපාරින්ම අඳුනගන්න පුලුවන් වුනා.
" මොකෝ බය වුනාද..." කියලා අහන ගමන් ත්රීශා ප්රාති ගාවින් ඉඳගත්තා.
ප්රාති මුකුත් නොකියා හිනා වුනා.
" මාව අඳුනනවා නේද ප්රාතිහාරි..." ත්රීශා.
" ආ... ඔව් මිස් දිසානායක...."
" අයියෝ මිස් දිසානායක ගාන්න ඕනේ නෑ අනේ... ත්රීශා... ත්රීශා කියලා කතා කරන්න..."
" ඒත් ඔයා මට වැඩිමල්නේ..."
" එහෙනම් අක්කා කියන්න... මටත් නංගි කෙනෙක් නෑ..."
" හ්ම්ම්...."
" නංගි... මම ඔයාව හම්බෙන්නමයි හිටියේ.. ඔයාට ස්තූති කරන්න... ඔයා ඊයේ මගේ පණ බේරගෙන තිබ්බා. ."
" අක්කේ මට ඔයා කිව්ව දේ තේරුනේ නෑ..."
" ඔයා ඊයේ රෑ මගේ boyfriendව බේරගෙන තිබ්බානේ..."
" අක්කගේ boyfriend... ආ... හරි හරි... ඒත් ඒ අක්කගේ boyfriend ද... "
" ඔව් නංගි.. "
" ඒත් එයාට තුවාල වෙලානේ හිටියේ දැන් කොහොමද අක්කේ..."
" දැන් නම් ඔය ඉන්නේ... අදත් කොහෙහරි ගියා.. එයාට කොච්චර තුවාල කරගත්තත් කිසිම ගාණක් නෑ මගේ ලේටික පුච්චනවා විතරයි..."
" හොඳින් ඉන්නවා නම් කමක් නෑ අක්කේ..."
" ඒක නෙවෙයි නංගි ඔයා මොකද මේ රෑ වෙලා මෙතන කරන්නේ... මම ටික වෙලාවක් මෙතනට ඇවිල්ලා... ඔයා කෑගගහා හිටිය හින්දා මම disturb කරන්න ආවේ නෑ... මොකක් හරි ප්රශ්නයක්ද..."
" අක්කා මමකෑගහන එකත් අහගෙනද හිටියේ..." ප්රාති ලැජ්ජාවෙන් අත් දෙකෙන් මූණ වහගත්තා.
" ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි නංගි... තියන stress එක පිට කරන්න මම ඔයිටත් වඩා දේවල් කරනවා.. සමහර වෙලාවට ආදිටත් බැනලා තරහත වෙලා ඉන්නවා..."
" ආදි..."
" boyfriend තමා..."
" ආ..."
" ඔයා කැමති නම් ඔයාගේ හිතේ තියන දේ මට කියන්න නංගි... මම දන්නෙ නෑ මට ඔයාට තියන ප්රශ්නවලට උත්තර දෙන්න පුලුවන් වෙයිද කියලා.. ඒත් මට පුලුවන් අහගෙන ඉන්න... "
" අක්කේ... මට තියන ප්රශ්නේ.. ඇත්තටම කිව්වොත් ඒක ප්රශ්නයක්මද කියලා මට තේරෙන්නේ නෑ..."
" කමක් නෑ නංගී ඔයා මට කියන්නකෝ..."
ප්රාති අද වෙච්ච දේවල් එතකොට එයාගේ ජීවිතේ මෙච්චර කල් වුන දේවල් සේරම වගේ කෙටියෙන් ත්රීශාට කිව්වා. ත්රීශාත් ඒ හැම්දේම අහගෙන හිටියා.
" නංගි.. ඔයාට ගොඩාක් ප්රශ්න ඇවිල්ලා තියනවා.. ඒ වගේම ඔයා ඒ දේවල්වලට ලස්සනට මූණ දීලා තියනවා.. ඉතින් මේ ආපු ප්රශ්නෙත් ඔයාට ලොකු දෙයක් නෙවෙයි... ඔයාට පුලුවන් ඒකට ලස්සනට මූණ දෙන්න. මට ඔයාට කියන්න තියන දේ නම් ඔයාගේ අම්මටවත් තාත්තටවත ඔයාගේ ජීවිතේ පාලනය කරන්න දෙන්න එපා.. මොකද ඔයා තමා ඔයාගේ ජීවිතේ ගොඩ නඟාගෙන තියෙන්නේ සල්ලිවලට හැමදේම කරන්න බෑ.. ඔයාට ඕනම කාලේ නැති එයාලා දැන් වැඩක් නෑ.. ඔයා එස් මැරේජ් එකට අකමැති වෙන්න.. නිවාසෙට මොකක් හරි ප්රශ්නයක් එනවා නම් මට කියන්න මායි ආදියි බලාගන්නම්.. ඔයාට ඕන වෙලාවක මම ඉන්නවා... හරිද.. කිසිම වෙලාවක තනියි කියලා හිතන්න එපා..." ත්රීශා ප්රාතිට තව තවත දේවල් කියමින් හිත හැදුවා.
ඇත්තටම ත්රීශාට ඒ හැම්දේම කිව්ව් එකෙන් ප්රාතිගේ හිත සෑහෙන්න හැදුනා.
" දැන් එහෙනම් පරිස්සමට ගෙදර යන්න... මගේ නම්බර් එක සේව් දාගත්තනේ ඕන වෙලාවක කතා කරන්න... තව එකක් අර තියන restaurant එක මගේ.. ඔයාට ඕන වෙලාවක එන්න.. පැය 24ම අපි open.. ඔයා beach එකේ මේ වගේ තනියම ඉන්න එප ඒකගෑනු ළමයෙක්ට safe මදි.. ඒ හින්දා restaurant එක ළඟට එන්න එතන ඔයාට safe... "
" Thank you අක්කේ... "
" නංගි දැන් ඔයා මගේම නංගි තමා ඒ හින්දා Thank you කියන්න ඕනේ නෑ.. දැන් රෑ 11ත් පහුවෙලා පරිස්සමට යන්න ගිහින් ගියා කියලා msg එකක් දාන්න.. හරිද..."
" හරි අක්කේ..."
ප්රාති ගෙදර ගිහින් කල්පනා කරේ මේ අවුරුදු ගාණට එයාගෙ ජීවිතේට වුන දේවල්.
" අම්මා... තාත්තා.. ඇයි ඔයාලා මට මෙහෙම කරේ... මම මොකක්ද කරපු වැරැද්ද..."
ප්රාති ඇදන් හිටිය ඇඳුම පිටින්ම ඇඳේ වැතිරුනේ එහෙම්මම නින්ද යද්දි.
පහුවදා සුපුරුදු විදිහටම ප්රාතිව උදේම ඇහැරුනා.
Phone එක අරන් බලද්දි තමා දැක්කේ කෛලාශ් උදෙන්ම දාලා තිබ්බ msg එක.
" Good morning Prathi... Can we meet today..? "
ප්රාතිට මූණට ලස්සන හිනාවක් ආවේ නොදැනුවත්වමයි. අවුරුදු විසිගාණක් වෙලත ප්රාතිට මෙච්චර කාලෙකට පිරිමි යාලුවෙක්වත ඉඳලා නෑ.
" Good morning mr.khailash... we can meet... I'll come.."
" Ok... I am waiting..."
ප්රාති මැසේජ් එක ගිහින් තත්පර ගාණයි ගියේ කෛලාශ් reply කරා. ඇත්තටම කිව්වොත් කෛලාශ් බලන් හිටියේ ප්රාති කොයිවෙලේද reply කරන්නේ කියලා.
ප්රාති ඉක්මනටම වොෂ් එකක් දාගෙන ගියේ ඇඳුමක් තෝරන්න. වෙනදට අතට අහුවෙන එකක් ඇඳන් යන ප්රාති අද නම් ගොඩාක් වෙලා ඇඳුම් තේරුවා. අන්තිමට maroon color frock එකක් ඇඳලා කොණ්ඩෙත් කඩාදාලා simple makeup එකක් දාගත්තා.
" වාව්... perfect ප්රාති..."
ප්රාති ඉක්මනින් ම හොටෙල් එකට යන්න පිටත වුනා. හැබැයි වැඩි දුරක් යන්න හම්බුනේ නෑ කෛලාශ් කෝල් කළා.
" ප්රාති ඔයා එන්නේ කීයටද..."
" මම මේ මඟ ඉන්නෙ... තව විනාඩි දහයක් යයි ඕන්නං..."
" ok... I'm waiting...."
උදේ ඉඳන් ෆෝන් එක දිහා බල බල එහා මෙහා දුවන කෛලාශ් දිහා ඩයනා බලන් හිටියේ හරිම සතුටින්.
" හනී... අපේ පුතා ගැන දැන් තමා මගේ හිතේ තිබ්බ බය ඇරුනේ..."
" ඇයි විලියම්..."
" මං බයේ හිටියේ කොල්ලා gay කෙනෙක් ද දන්නෑ කියලා..."
ඩයනාට හයියෙන් හිනා ගියේ කෛලාශුත් හැරිලා බලද්දී.
" ඇයි මමී..."
" පුතා ඩැඩී කියනවා ඔයා..." විලියම් ඉක්මනට ඩයනාගේ කට අතින් වැහුවා.
" නෑ නෑ පුතා මුකුත් නෑ... You continue.."
" මං යනවා... එයා මඟ එනවා..." කියලා කෛලාශ් පාර්කින් එකට දිව්වා.
එකපාරක් දැකලා තිබ්බා වුනත කෛලාශ්ට ප්රාතිගේ කාර් එක හොඳට මතකයි. ප්රාති එද්දිම කෛලාශ් ප්රාති ළඟට ගිහින් කාර් එකේ දොර ඇරියා.
" Hi beauty..."
"ah... මේ.... මේ... Hi...."
" දැන් කාලා එහෙමද...."
" අප්පටසිරි කන්න අමතක වුනානේ..." ප්රාති ඔලුවට තියාගත්තේ තිබ්බ හදිස්සියට ඔක්කොම අමතක වුණ හින්දා.
කෛලාශ් ප්රාති දිහා බලන් හිටියේ වශී වෙලා වගේ.
ඊටපස්සේ ප්රාතිගේ අතින් අල්ලන් ඇතුළට ගියා. ප්රාතිව නම් සීතල වෙලා තිබ්බේ කෛලාශ්ටත ඒක දැනුනා. ප්රාතිට වගේම කෛලාශ්ටත මේ දේ අලුත් අත්දැකීමක්.
දෙන්නත් එක්කම breakfast එක අරගෙන ප්රාති කෛලාශ්ව එක්කන් බීච් ගියා. බීච් එකේ කඩචෝරු කකා දෙන්නා ගියේ ත්රීශාගේ restaurant එකට.
ඒ යද්දි ත්රීශා වගේම ආදිත් හිටියා.
" ආ නංගා... welcome..."
" Hi අක්කී... "
" කවුද මේ boyfriend ද..." ත්රීශා. කෛලාශ්ට නම් මනමාල හිනාවක් ආවා ඒක අහලා.
" අහ්.... නෑ... නෑ... මේ කෛලාශ්... මේ... මේ... black & whites එකේ business partner කෙනෙක්..."
" ඒත් ඉතින් ළඟදීම මම මෙයාගේ boyfriend තමා..." කෛලාශ් ඇහැක් ගහලා කිව්වා.
ප්රාති ඇස් දෙකත ලොකු කරන් බැලුවේ මොන මඟුලක්ද ඒ කිව්වෙ කියලා...
" ආව්... ආව්.. එහෙනම් කෙල්ලට මල්සරා විදින්න යන්නෙ.." ත්රීශා
ආදි නම් කිසිම දෙයක් කියන්නෙ නැ phone එක කොට කොට ඉන්නවා..
ප්රාතිට කෝල් එකක් ආවා. phone එකේ screen එක දිහා බලපු ප්රාතිගේ මූණ අඳුරු වලාවකින් වැහුනා.
" මම කෝල් එක answer කරලා එන්නම්... " කියලා ප්රාති එළියට ගියා.
ප්රාතිගේ මූණේ වෙනස්වීම හැමෝම දැක්කත් ඒ ගැන අහන්න බැරි හින්දා මුකුත් කිව්වෙ නෑ.
ප්රාති එළියට ඇවිත හොඳ හුස්මක් අරන් කෝල් එක ආන්ස්වර් කරා..
___________________________________________
ඉතින් ළමයි කලකට පස්සේ....
මොනා කරන්නද display එක දැම්මත් phone එක පිස්සු නටනවනේ...
අපි යමුකෝ කතාවට... ඔන්න දැම්මා කිව්වා ප්රාතිට ඉක්මනටම මල්සරා විදිනවා හොඳේ... හැබැයි මෙහෙමයි ඒ ආදර කතාව අනික් ආදර කතාවලට වඩා වෙනස් වෙයි... (any guessing )
එහෙනම් හැමදාමත් වගේ හැමෝටම ආදරෙයි... අමතක වුනානේ... reaction දාන්න comment කරන්න...
ආයෙමත් ආදරෙයි හැමෝටම 🖤