Dangerously yours...
Pari🖤
To 2nd Blood...
https://telegra.ph/Dangerously-Yours-01-14
3rd Blood...
ප්‍රාති තාත්තගේ ගෙදරට කාර් එක දාද්දිම දැක්කේ එළියේ තව වාහනයක් නවත්තලා තියනවා.
මොකක් හරිම හෙණයක් කඩන් පාත් වෙන්න යන්නේ කියලා තේරුනත් කරන්න දෙයක් නැති හින්දා ප්‍රාති ඇතුළට ගියා.
ප්‍රාතිගේ තාත්තට දෙවැනි විවාහයෙන් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ප්‍රාතිට ඒ දෙන්නා සැලකුවේ හතුරෙක්ට වගේ. ප්‍රාතිගේ කුඩම්මත් එහෙම තමා.
" ආ මේ එන්නේ දුව.... මේ තමා මගේ ලොකු දුව මිස්ටර් සමරසිංහ... ප්‍රාතිහාරි...."
ප්‍රාතිගේ තාත්තා සරත් සාලේ තවත් කීප දෙනෙක් එක්ක කතා කර කර හිටියා. ඒ අයට තමා ප්‍රාතිව අඳුන්වලා දුන්නේ...
බැලූ බැල්මට ප්‍රාතිට තේරුනා මේ ඉන්නේ එකම පවුලක හතර දෙනෙක් කියලා. අම්මයි තාත්තයි දුවයි පුතයි. අහංකාර පෙනුමක් තියන අම්මා, ඒකට ගැළපෙන දුව, පැණි හලාගෙන බලන් ඉන්න පුතා, ප්‍රාතිව විනිවිද බලන් යන්න බලන් ඉන්න තාත්තා.
ප්‍රාති එයාලා දිහා හැඟීම් විරහිතව බලන් හිටියා මිසක් කතා කරන්න තියා හිනා වෙන්නවත් ගියේ.
" ප්‍රාති මේ ඉන්නේ මිස්ට සමරසිංහ. එයාලා අද ඇවිල්ලා ඉන්නේ එයාලාගේ පුතාට ඔයාව කතා කරන්න. දෙන්න තනියම කතා කරලා බලන්නකෝ.." ප්‍රාතිගේ කුඩම්මා මානෙල් කිව්වා.
" මොකක්... මම දන්නෙවත් නැතුව ඔයාලා කොහොමද "
" ප්‍රාති... එනවා මාත් එක්ක..." කියලා සරත් උඩ තට්ටුවට ගියා.
කුඩම්මාගේ දුව විහාරා ප්‍රාතිට හිනාවුනේ සමච්චලේට වගේ.
ප්‍රාතිත් උඩට ගියේ මෙතන වෙන්නේ මොකක්ද කියලා දැනගන්න.
" ප්‍රාති මේක අහගන්නවා. තමුසේ මිස්ටර් සමරසිංහගේ පුතාට කැමතිවෙන්න ඕනේ. ඒ කොල්ලා තමුසෙට හොඳ වැඬී. අනික බලනවා මම තමුසෙට නරකක් කරන්න නෙවෙයිනේ හදන්නේ ඒ වගේ කොල්ලෙක් බඳින්න තමුසේ පිං කරන්න ඕනේ..."
" හහ්.. ඒ වගේ පැණියෙක් බඳින්න මම ආස ඇති... "
" ප්‍රාති කට...".
" මම කට වහන්න ... ඇයි ඇයි මම එහෙම කරන්න ඕනේ... ඔයාලා මොන අයිතියකටද මගේ ජීවිතේ තීරණය කරන්නේ... "
" අයිතිය... අමතක කරන්න එපා තමුසෙගේ ඇඟේ දුවන්නෙත් මගේ ලේ කියලා..."
" හහ්... ලේ... මට පුලුවන්නම් ඒ ලේ නැති කරන්න මම දෙපාරක් හිතන්නෙ නැතුව ඒ දේ කරනවා.. මම මේ මඟුලට කැමතිවෙයි කියලා නම් හිතන්නෙපා..."
" එහෙනම් මේකත් අහගන්නවා... අර තමුසේ හැමතිස්සෙම යන ළමා මඩම ආං ඒක බිමට සමතලා වෙයි තමුසේ මේකට අකමැති වුනොත්..."
ප්‍රාතිගේ දුර්වලම තැනකට සරත් පහර දුන්නේ නැත්තන් ප්‍රාති කවදාවත්ම මේකට කැමති වෙන්නෙ නෑ කියලා දන්න නිසා.
" එනවා පල්ලැහැට... තමුසේ එක වචනයක් හරි වරද්දගත්තොත් අරුන්ගේ ජීවිත එක එක නැතිවෙයි... තමුසේ දන්නවනේ මම කවුද කියලා..."
ප්‍රාතිට කරන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ ඉතින් ප්‍රාති පහළට ඇවිල්ලා අර පැණියා එක්ක කතා කරන්න එළියට ගියා.
" Hey beautiful.... ඔයා මාර Hot නේ..." කියලා මේක හිමින් සැරේ ප්‍රාතිගේ අතන් ඇල්ලුවා.
ප්‍රාති ඉක්මනට අත අයින් කරගත්තා.
" Oh... It's okay... ඔයා කොහොමත් මගෙනේ... ඉතින් ඔයා මාව marry කරාම නම් වැඩට යන්න ඕනේ නෑ.. ගෙදරට වෙලා මගේ වැඩ ටික කරලා මට කන්න උයලා දීලා ළමයි බලන් හිටියාම ඇති... මොකද කැමතිනේ..."
ප්‍රාති හොඳවගෙන් දෙකක් කියන්න හැරුණත් දැක්කේ ජනේලේ ළඟට වෙලා ප්‍රාති දිහා බලන් ඉන්න සරත්ව. ඒ හින්දා ප්‍රාති අමාරුවෙන් තරහා පාලනය කරගෙන හිනාවුනා.
ඒකා කියන හැමදේටම ඔලුව වන වන හිටියා මිසක් ප්‍රාති එක වචනයක්වත් ඒ සෙට් එක යනකන්ම කතා කරේ නෑ.
ඒ කට්ටිය ගේටුවෙන් එළියට වාහනේ දානවත් එක්කම ප්‍රාතිත් වාහනේට නැග්ගේ පුලුවන් තරන් ඉකමනට ඒ ගෙදරින් චුත වෙන්න.
ගෙදරින් එළියට වාහනේ දැම්මත් ප්‍රාතිට ගෙදර යන්න හිතක් තිබ්බේ නෑ ඒ හින්දා ප්‍රාති බීච් ගියා. රෑ දහයත් පහුවෙලා තිබ්බත් වෙනදත ඇවිල්ලා පුරුද්ද තියන හින්දා ප්‍රාතිට බයක් තිබ්බේ නෑ.
බීච් එකේ වෙන කවුරුත් හිටියෙත් නැති හින්දා ප්‍රාති හයියෙන් හැමෝටම බැන්නා. එයාගේ හිතේ තිබ්බ වේදනාව කෑ ගහලා පිට කරා.
ඒත් එකපාර කවුරුහරි එයාගේ පිටට අත තිබ්බ එකෙන් ප්‍රාති සෑහෙන්න බය වුනා...
ප්‍රාති වාහනේ යන එක එක දැකලා සරත්ගේ පුතා මතීෂ් නවත්තන්න හැදුවත් සරත් එපා කිව්වා.
" මේ කෙල්ල කැමති වෙයිද සරත්..." මානෙල්.
" මොකද කැමති වෙන්නෙ නැත්තේ.. මම ඒකිගේ දුර්වලකම දන්නකොට..." සරත් කට කොණින් හිනාවෙමින් කිව්වා.
" මොකක්ද තාත්තී ඒක..." විහාරා.
" වෙන මොනාද ඒකි අර යන ළමා නිවාසේ.. ඒක මතක් කරා විතරයි සැලෙන්ඩර් වුනා..." සරත්.
" හොඳ වැඩේ... ඒකිට සුපිරි මඟුලක් සෙට් වෙන්න යන්නේ.. එහෙනම් තාත්තේ සමරසිංහ අංකල් පොරොන්දු වුන විදිහටම කෝටි දහයක් දෙයි නේද..." මතීෂ්.
" ආයෙත් අහලා... " සරත්.
ප්‍රාති නොදැනුවත්ම වුනත් ප්‍රාතිගේ තාත්තා ප්‍රාතිව කෝටි දහයකට විකුණලා ඉවරයි.
මේ අතරේ හොටෙල් එකේ හිටිය වයිට් ෆැමිලි එක ලොකු කතාවක.
" මමී... කොහොමද ලස්සනයි නේද ඒ බබාලා..." කෛලාශ් අද ළමා නිවාසේ ඉඳලා ගත්ත ෆොටෝස් මිසිස් වයිට් එහෙමත් නැත්තන් ඩයනාට පෙන්වමින් කිව්වා.
" පුතා මට ඒ ළමයි විතරක් නෙවෙයි... මේ හැම ෆොටෝ එකකම ප්රතිහාරිවත් පේනවා..."
" මමී..."
" පුතා මට බොරු කරන්න බෑ ඔයාට... අනික ඔයා ප්‍රාතිට කැමති වුනේ දැක්ක ගමන්මයි නේද... මම දැක්කා.."
" මමී... Yeah... I fell in love with first sight.. she is a goddess mom.. wow... මමී මට දැනුනේ මමී පොඩිකාලේ කියලා දුන්න fairytalesවල හිටිය fairy කෙනෙක් මං ළඟට ආවා වගේ.. මමී එයා හුඟක් වෙනස් කෙනෙක්... පිටින් තද කෙනෙක් වගේ කෙනෙක් පෙනුනට she is a soft girl mom... I'm in love with her..." කෛලාශ් කියාගෙන කියාගෙන ගියේ ෆෝන් එකේ තිබ්බ ප්‍රාතිගේ ෆොටෝ එක දිහා බලන්.
" පුතා try කරන්න.. මටත් ප්‍රාතිහාරිව දැක්කගමන් හිතට ඇල්ලුවා.... she is perfect..." ඩයනා.
" ඇත්තටම ප්‍රාතිහාරි කියන්නේ perfect girl කෙනෙක්.. මං හිතන්නේ තාම අවුරුදු 25ක්වත් නෑ.. ඒත් black & whites එක ලස්සනට control කරනවා... ප්‍රාතිහාරි මගේ ලේලි වෙනවා නම් මමත් කැමතියි..." විලියම්.
" මම ප්‍රාතිහාරිව කොහොමහරි කැමති කරගන්නවා... she is mine...." කෛලාශ්.
_________________________________________
ප්‍රාතිගේ උරහිඩට අත තිබ්බේ කවුද... ඔට්ටුයි කාටවත් guess කරන්න බෑ.. හැබැයි guess කරොත ඔයා මගේ realම fan කෙනෙක්...
reaction දාන්න... comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤