Dangerously Yours...
Pari🖤
To 1st blood...
https://telegra.ph/Dangerously-Yours-01-12
2nd Blood...
" බොස්... කවුද බොස්ට පිහියෙන් අයින්න තරන් නිර්භීත එකා...."
" ආදි බේබි... ඔයා injured වෙලා කියලා ආරංචි වුන ගමන් මම ආවේ.. " කියන ගමන් ආදි... එහෙමත් නැත්තන් Underworld එකේ Devil... ළඟට ආවේ එයාගේ girlfriend ත්රීශා.
" ආ... එහෙම ලොකු අවුලක් නෑ බබා.." ආදි.
" අවුලක් නැත්තේ කොහෙද ආදි... ඔයා ඔයා නම්.... කවුද මේක කරේ..." ත්රීශා.
" forget it baby..."
" noway... tell me... who did this..."
" වෙන කවුද ඉතින් අරූම තමා... "
" බොසා මේක කරන්න බෑ ඌ දැන් කී පාරක් නම් ඇටෑක් කරාද..."
" ඌ ආයේ සෑහෙන කාලෙකට ඇටෑක් කරන්නැති වෙයි... ආයේ මාසෙකට නැගිටගන්න බැරිවෙන්න මම ඌට ගේම දීලා ආවේ... මේ ඒක නෙවෙයි මට උදව් කරේ ප්රාතිහාරි..."
" ප්රාතිහාරි..."
" ඔව් black & whites එකේ..."
" ඕහ්... ප්රාතිහාරි කත්රිආරච්චි... මම දන්නවා එයාව.. මාර talented girl කෙනෙක් ආ... පොඩි වයසට සෑහෙන වැඩක් කරනවානේ... මට හම්බෙලා තියනවා මීටින්වලදී... " ත්රීශා.
" ඒක නම් ඇත්ත බොස්... එතකොට බොස් හිටියේ ප්රාතිහාරිගේ ගේ ළඟද..."
" හ්ම්ම්... "
පසුදින උදෑසන...
ප්රාතිහාරිට තියන ලොකු ලෙඩක් තමා මොකක් හරි දෙයක් කරන්න තියනවා නම් කලින්ම නැඟිටලා ලෑස්තිවෙලා කලින්ම ඒ තැනට යන එක.
ඉතින් අදත් ප්රාතිහාරි උදේ 8.45 වෙද්දි hotel එකට ගියා. ඒ යද්දි නෙහාන්ගේ යාලුවෙක් වුන අනිරු ඇවිත් හිටියා. කොහොමත් වැඩවලදි හම්බෙන හින්දා ප්රාති කලින් ඉඳන්ම අනිරුව දැනන් හිටියා.
" ආ මිස් ප්රාතිහාරි කලින්ම ඇවිල්ලනේ... good morning.."
" Good morning... කෝ මිස්ටර් වයිට්ලා ආවද..."
" එනගමන්... නෙහානයා airport එකෙන් පිටත් වුනා කියලා දැන් පැය භාගෙකට කලින් කතා කරලා කිව්වා..."
" එහෙමද..."
" එයාලා එනකන් මොනා හරි බොමුද... coffee.. breakfast අරන්ද ඉන්නෙ..."
" ආ ඔව් මං breakfast ගත්තා... Coffee එකක් බොමු එහෙනම්.."
පැය භාගෙකට විතර පස්සේ මිස්ටර් වයිට්ලා ආවා. ප්රාති ගිහින් ඒ අයව පිළිගත්තා.
" Hi mr.white... I'm Prathihari Kathriarachchi. Secretary of Black and whites..."
" Hi miss kathriarachchi... I love your.. It's so beautiful..."
" Thank you mr.white"
" Anyway this is my wife..."
" අයියෝ විලියම්... ලංකාවට ආවමවත් සිංහලෙන් කතා කරමුකෝ අප්පා...." ඒ මිස්ටර් වයිට්ගේ වයිෆ්.
" ඔයාලා සිංහල දන්නවද එතකොට...." නෙහාන් පුදුමෙන් ඇහුවා.
" ඔව්.. මගේ මමී සිංහල කෙනෙක්. ඒ වගේම මගේ වයිෆ් සිංහල කෙනෙක්. කෙටියෙන් කිව්වොත් මම half sri lankan... අපිට හොඳට සිංහල පුලුවන්.. ම්ම්... එතකොට මේ ඉන්නේ මගේ පුතා කෛලාශ්... " විලියම්.
" කෛලාශ්..." ප්රාති මිමිණුවේ කෛලාශ් දිහා බලාගෙන.
අර්ධ ශ්රී ලාංකකිකයෙක් වෙච්ච කෛලාශ්ට තිබ්බෙත් මාරම යුනික් පෙනුමක්. ඕනේ කෙල්ලෙක්ගේ හිත එකපාර ඇදලා ගන්න පුලුවන්. තලෙලු හම දුඹුරු කැරලි ගැහුනු කොණ්ඩේ ජිම් ගිහින් ගාණට හදපු ඇඟ ඕනේ කෙනෙක්ව පිස්සු වට්ටන නිල් ඇස්.
" hi prathihari... nice to meet you."
කෙලාශ් ප්රාතිට අතට අත දුන්නා. කෛලාශ්ටත් ප්රාතිව දැක්ක ගමන් හිතට අල්ලලා තිබ්බේ.
දෙන්නට දෙන්නා අතට අත දුන්නත් අත් අතහරින්න අමතක වෙලා තිබ්බේ දෙන්නා ඇස් අස්සෙ අතරමන් වෙලා හිටිය හින්දා.
මිස්ටර් වයිට් වගේම එයාගේ වයිෆ් මේ දිහා බලන් හිටියේ පුදුමෙන්. මොකද මේ වෙනකන් කෛලාශ් කෙල්ලෙක් දිහා හැරිලාවත් බලපු කෙනෙක් නෙවෙයි.
දෙන්නගේ දැහැන බිඳුනේ ප්රාතිට ආව කෝල් එකෙන්.
" හෙලෝ ප්රාති ඔයා එනවද දුවේ අද..." ඒ ප්රාති හැම weekend එකේම යන ළමා නිවාසේ මැඩම්.
" ඔව් නැන්දෙ මම එනවා... ම්ම්ම්... මට තව පැය භාගයක් දෙන්න... වැඩකට ඇවිල්ලා ඉන්නේ..."
" නෑ නෑ දුවේ.. ඔයා පරක්කු හින්දා බැලුවේ වැඩ ටික නිවාඩුව ඉවර කරගන්න... හරි මම තියන්නම් එහෙනම් පරිස්සමින් එන්න..."
" හරි නැන්දේ..."
ප්රාති කෝල් එක කට් කරලා නෙහාන් දිහාට හැරුනේ තවත් නම් වෙලා ඉන්න බෑ කියන්න.
" මිස්ටර් නෙහාන්.. මට යන්න වෙනවා දැන්නම්... "
" අනේ මිස් ප්රාතිහාරි යනවද... මම හිතුවේ ඔයා අපිත් එක්ක ඉඳී කියලානේ දවසම..." මිසිස් වයිට්
" අනේ මිසිස් වයිට්.. මම හැම weekend එකේම ළමා නිවාසෙට යනවා මම දවසම ඉන්නේ ඒ ළමයි එක්ක. දැන් මේ මම අද පරක්කු හින්දා තමා කෝල් කළේ එතන ඉන්නේ පොඩි සෙට් එක ඉන්නේ මම එන්නේ කොයි වෙලේද කියලා බලාගෙන..."
" අනේ ශෝක් නේ... මාත් ආසයි ඒ වගේ වැඩවලට නම් අපි කොහොමත් මාසයක් විතර ඉන්නවනේ... මමත් එනවා ප්රාතිහාරි එක්ක යන්න එහෙ... " මිසිස් වයිට්
" මිස් ප්රාතිහාරි මට අද එන්න බැරිවෙයිද ඔයා එක්ක... " කෛලාශ්.
" ආ...ඒත්..."
" Don't worry... මම ඔයාට කරදර කරන්නෙ නෑ ඔයාට කැමති නම් විතරක්... මමත් ආසයි මමී වගේ ඒ තැන්වලට යන්න... "
" අර් ... මේ..."
" ආ.. මිස් ප්රාතිහාරි පුතාව එක්කන් යන්න අකමැත්තක් නැත්තන් එක්කන් යන්න.. දෙන්නට එතකොට යමින් එමින් project එක් ගැනත් කතා කරගන්න පුලුවන්නේ... " මිස්ටර් වයිට්.
" මිස් ප්රාතිහාරි ඔන්න ඔහේ මිස්ටර් කෛලාශ්වත් එක්කන් යන්න... " නෙහාන් ඉක්මනට පැනලා කිව්වා.
" ප්ලීස් මිස් ප්රාතිහාරි..." කෛලාශ්.
" Okay... ඒත් දවසම එතන තමා ඉස්ටර් කෛලාශ්. ඔයා රෙස්ට් කරන්න ඕනේ නැද්ද..."
" ආහ්.. ඒ ගැන කලබල වෙන්න එපා... මට කිසිම මහන්සියක් නෑ..."
" ම්ම්.. එහෙනම් යමු... මිස්ටර් වයිට් මිසිස් වයිට් අපි ගිහින් එන්නම්... මිස්ටර් නෙහාන් අනිරු... see you later..."
" Okay bye..."
ප්රාති කෛලාශ් එක්ක ළමා නිවාසෙට යන්න ගියා.
එයාලට බුක් කරපු හොටෙල් රූම් එකට යන ගමන් වයිට්ලා කතා වුනේ කවදා ඉඳන් කෛලාශ් ළමා නිවාසවලට යන්න පුරුදු වුනේ කියලා.
ප්රාති එක්ක ළමා නිවාසෙට ගියපු කෛලාශ්ට දැනුනේ එතන තිබ්බේ වෙනම ලෝකයක් කියලා.
ලෙඩවුන ළමයි තමා එතන ගොඩාක්ම හිටියේ. උපතින්ම ආපු ආබාධ හින්දා දෙමව්පියෝ අතහැරලා දාපු ළමයි ගොඩාක් හිටියා.
මීට කලින් කවදාවත්ම මෙහෙම තැනකට ඇවිල්ලා නැති කෛලාශ්ට හිතුනේ ලෝකේ හිතනවට වඩා සංකීර්ණයි කියලා.
" අනේ අලුත් එක්කෙනෙක්..." ප්රාති එකපාර කෑගහන සද්දෙට තමා කෛලාශ් ප්රාති දිහා බැලුවේ.
නිවාසේ මැඩම් අතේ හිටිය අලුත ඉපදුනු ළමයෙක් ප්රාති අතට ගන්න ගමන් හිටියේ. කෛලාශුත් ඒ ළඟට ගියා.
" නැන්දා මෙයා ආවේ කවද්ද..."
" දැන් දවස් දෙක තුනක් දුවේ.. අනේ මේ අසරණ දරුවට කතා කරන්න බෑ... ඊයේ මම ඉස්පිරිතාලෙට ගෙනිච්චා... වෙන කිසිම ආබාධයක් නෑ ඒත් කතා කරන්න බෑ ගොලුයි... අනේ බලන්න කොච්චර ලස්සන කෙලි පොඩ්ඩක්ද කියලා..."
" ඒකනේ නැන්දි මට මෙයාව ගෙදර එක්කන් යන්න හිතෙනවා.. අනේ නැන්දෙ හොඳ කරන්න බැරිලුද..."
" බැහැල්ලු දුවේ... "
කෛලාශ් ප්රාතිගේ අතේ හිටිය දරුවගේ අත අල්ලගත්තේ හරිම පරිස්සමින්.
" ඔයාට මෙයාව වඩා ගන්න දෙන්නද..."
" හා... ඒත් මම කවදාවත් මීට කලින් ළමයෙක්ව වඩාගෙන නෑනේ..."
" ඉන්න මම කියලා දෙන්නම්..."
ප්රාති ඒ බබාව වඩා ගන්න විදිහ කෛලාශ්ට කියලා දුන්නම කෛලාශ් පරිස්සමින් බබාව වඩා ගත්තා
" අනේ ප්රාතිහාරි photo එකක් ගන්නකෝ... මමීට පෙන්නන්න ඕනේ..."
ප්රාති කෛලාශ්ගේ photos ටිකක් ගත්තා.
" දුව කිව්වෙ නෑනේ මට මේ කවුද කියලා..."
" ආ.. මේ මිස්ටර් කෛලාශ් වයිට්... ලන්ඩන් ඉඳන් ආවේ.. අපේ company එකේ projects වගයක් කතා කරන්නයි travel කරන්නයි..."
" ආ.. එහෙමද..."
හවස් වෙනකන්ම දරුවෝ එක්ක ඉඳලා ප්රාතියි කෛලාශුයි එන්න පිටත් වුනා.
එන්න කලින් කෛලාශ් නිවාසේ මැඩම් අතේ කාර්ඩ් එකක් තිබ්බා.
" මේ මොකක්ද මහත්තයෝ..."
" නැන්දේ මේකේ දැනට මිලියනයක් තියනවා.. මේ බබාලට ඕනේ කරන බඩු කෑම ජාති එහෙම ගන්න... ලබන සතියේ මම මමී එක්ක එනවා එතකොට අනිවාර්යෙන්ම අපි මේ ළමා නිවාසේ තව ටිකක් දියුණු කරන්න මොනාහරි කරන්නම්..."
" අනේ මහත්තයෝ මෙච්චර සල්ලි ගොඩක්..."
" අයියෝ නැන්දෙ සල්ලි ගාණ ගැන හිතන්න එපා එහෙනම් අපි ගිහින් එන්නම්කෝ..."
ප්රාතිහාරිට පුදුම හිතුනා කෛලාශ් ඒ කරපු වැඩේ දැකලා. ඇත්තටම සාමාන්යයෙන් කොල්ලෙක් කන්න බොන්න වියදම්කරනවා මිසක් ඔය වගේ දෙයක් කරන්නේ නෑනේ.. ඒකත් කෛලාශ් වගේ කෙනෙක්.
" මොනාද ප්රාතිහාරි කල්පනා කරන්නේ..."
" අහ්... නෑ මුකුත් නෑ..."
" මේ ප්රාතිහාරි මට අර photos ටික එවනවද... ඔයාගේ number එක දෙන්නකෝ මම msg එකක් දාන්නම්..."
" ආහ්... මම email කරන්නන්..."
" ඇයි ප්රාතිහාරි මට number එක දෙන්න කැමති නැද්ද..."
" නෑ එහෙම දෙයක් නෑ මිස්ටර් කෛලාශ්... "
" එහෙනම් දෙන්නකෝ..."
අන්තිමට කෛලාශ් කොහොමහරි ප්රාතිහාරිගේ number එකත් ගත්තා.
කෙලාශ්ව hotel එක ළඟින් බස්සලා ප්රාති ගෙදර ගිහින් ඉක්මනට change කරගෙන simple makeup එකක් එහෙම දාගත්තේ තාත්තාගේ ගෙදර යන්න.
ප්රාතිගේ අම්මයි තාත්තයි ඩිවෝස් වුනේ ප්රාතිට අවුරුදු තුනෙන්. දෙන්නගෙන් එක්කෙනෙක්වත් පුංචි ප්රාතිගේ අයිතිය භාර ගන්න අකමැතිවුනේ ඒ වෙනකොටත් ඒ දෙන්නම තමන්ට අලුත් සහකාරයින් හොයාගෙන හිටිය හින්දා. අන්තිමට ප්රාතිගේ තාත්තගේ අම්මයි තාත්තයි දෙන්නා තමා ප්රාතිගේ භාරකාරිත්වය ගත්තේ. ඒ දෙන්නා තමා පුංචි ප්රාතිගේ ලෝකේ වුනේ. ඒත් ඒ දෙන්නත් මේ වෙනකොට ප්රාතිව තනිකරලා මේ ලොකෙන් සමුගෙන තිබ්බා.
ප්රාති තාත්තගේ ගෙදරට කාර් එක දාද්දිම දැක්කේ එළියේ තව වාහනයක් නවත්තලා තියනවා.
මොකක් හරිම හෙණයක් කඩන් පාත් වෙන්න යන්නේ කියලා තේරුනත් කරන්න දෙයක් නැති හින්දා ප්රාති ඇතුළට ගියා.
ප්රාතිගේ තාත්තට දෙවැනි විවාහයෙන් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ප්රාතිට ඒ දෙන්නා සැලකුවේ හතුරෙක්ට වගේ. ප්රාතිගේ කුඩම්මත් එහෙම තමා.
" ආ මේ එන්නේ දුව.... මේ තමා මගේ ලොකු දුව මිස්ටර් සමරසිංහ... ප්රාතිහාරි...."
__________________________________________
වාව් ලස්සන හෙණයක් වගේ නේ....
මොකෝ කියන්නේ ප්රාතිට කෛලාශ්ව සෙට් කරමුත....
reaction දාන්න... comment කරන්න...
ආදරෙයි හැමෝටම🖤

