Dangerously Yours...
Pari🖤
1st Blood.....
" මිස් ප්‍රාතිහාරි... මේ ඩොකියුමන්ට්ස් ටික මම බොස්ට දෙන්නම් එහෙනම්... මේ වීකෙන්ඩ් එකේ ඔන් කෝල් ඉන්න... මොකද මිස්ටර් වයිට්ලා වීකෙන්ඩ් එකේ ලංකාවට එනවා කියලා තියනවා ඒ හින්දා මිස්ට යන්න වෙයි මිස්ටර් වයිට්ව හම්බෙන්න ගොඩක් දුරට..."
" අනේ මිස්ටර් නෙහාන්, මම ජොබ් එකට එද්දිම කිව්වනේ වීකෙන්ඩ් එකේ නම් වැඩ කරන්න බෑ කියලා..."
" මිස් ප්‍රාතිහාරි, බොස් බෝනස් එකක් දෙයි අනිවාර්යයෙන්ම...."
" මට සල්ලිවලින් වැඩක් නෑ... මට ඕනේ නිදහස..."
" හරි එහෙනම් අපි එන විදිහක් බලමුකෝ... Good night මිස් ප්‍රාතිහාරි..."
" Good night මිස්ටර් නෙහාන්..."
නෙහාන් ගියාට පස්සෙ ප්‍රාතිහාරි CEO room එකට රව රව හිටියේ CEOට හිතින් බැන බැන.
" මේක මාර වැඩක් වුනාට over time වැඩ කරනවා මදිවට දැන් weekend එකෙත් එන්නලු... මේ බොසාව මට හම්බුනොත් දෙනවා ෂොට් එකක් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න ඇයි යකෝ..." ප්‍රාතිහාරි බොසාටත් බැන බැන මේසේ අස් කරේ ගෙදර යන්න හිතාගෙන.
ප්‍රාතිහාරි කත්‍රිආරච්චි කියන්නේ Black & White group of company එකේ CEOගේ secretary. අවුරුදු 21 වෙන ප්‍රාතිහාරි ජීවත් වෙන්නේ තනියම.
" ගිහින් එන්නම් අංකල්..." security අංකල්ටත් බායි කියලා ප්‍රාතිහාරි parking එකට ආවේ කාර් එක ගන්න.
" දැන් මොමාද රෑට කන්නේ ප්රාතියෝ... දැනටත නවයයි වෙලාව.. උයන්න බෑ දැන්නම්... ම්ම්ම්.... පීසා... නෝප්... ම්ම්.. වෙන මොනද... සුපර් මාකට් එකට ගිහින් මොනාහරි බලමුකෝ එක්කො..." කියලා හිතාගෙන ප්‍රාති කාර් එක ඩ්‍රයිව් කරන් ගියේ සුපර් මාකට් එකට.
මාකට් එකෙන් කන්න දේවලුත් අරන් තව වීකෙන්ඩ් එකට ඕන කරන බඩුත් අරන් ප්‍රාතිහාරි කාර් එකට ආවා.
කාර් එකට බඩු ටිකත් දාලා යන්න වාහනේ ස්ටාර්ට් කරන්න හදද්දි ටිකක් අමුත්තක් වගේම ලේ සුවඳක් ආපු හින්දා පිටිපස්ස හැරිලා බලන්න හදපු ප්‍රාතිහාරිගේ ඔලුවට එකපාර ගන් එකක් තිබ්බා.
" කෑගහන්න... දඟලන්න ලෑස්ති වෙන්න එපා... තමුසේ සද්ද නොකර යන්න ඉන්න තැනට යනවා නැත්තන් මේකේ තියන බුලට්ස් උබේ ඔලුවේ තියෙයි.."
එකපාර මේ වුන දේත් එක්ක ප්‍රාතිහාරිට කරකියාගන්න දෙයක් හිතාගන්න බැරිවුනා. ඒ කෙනා කිව්ව විදිහටම කාර් එක ඩ්‍රයිව් කරන් යනව මිසක් වෙන විකල්පයක් නෑ කියලා ප්‍රාතිට තේරුනා.
කාර් එක සුපුරුදු විදිහටම ගෙදරටම ඩ්‍රයිව් කරන ගමන් ප්‍රාති mirror එකෙන් පිටිපස්ස බැලුවේ කවුද ඉන්නේ කියලා.
ඒත් ඒ එක්කම ප්‍රාති ආපහු පාර දිහාම බලාගත්තේ ඒ කෙනාත් ප්‍රාති දිහා බලන් හිටිය හින්දා.
" වාව්... මොනා වුනත් හැන්ඩ්සම් වගේ... ඒ ඇස් දෙක... මොනාද ප්‍රාති මේ හිතන්නේ..."
ආයෙමත් සැරයක් ශේප් එකේ බලද්දි ඒ කෙනා ශීට් එකේ ඔලුව තියන් ඇස් පියාගෙන හිටියේ ඒ හින්දා ප්‍රාති පිටිපස්ස හැරිලාම බැලුවා.
අවුරුදු 25ක විතර තලෙලු පාට මාරම හැන්ඩ්සම් ලුක් එකක් තියන කොල්ලෙක් තමා හිටියේ. සුදු ෂර්ට් එකට කළු කලිසම ඇඳලා ෂර්ට් එකේ අත් වැලමිට ළඟට නවලා ඒ කෙනාට ඕනම ගෑනු ළමයෙක් වශී වෙනවා.
ප්‍රාති පිටිපස්ස බලන් ගිහින් තව පොඩ්ඩෙන් වාහනේක හැප්පෙන්නේ ඒ කෙනාට වෙලා තිබ්බ දේ දැකලා බයවෙලා.
සුදු ෂර්ට් එක රතු වෙමින් තිබ්බේ බඩට ඇනිලා තිබ්බ පිහිපාරක් නිසා. පිහිය තවමත් එහෙම්මම බඩේ ඇනිලාමයි තිබ්බේ.
" ඔයා injured වෙලා නේද ඉන්නේ... මම හොස්පිටල් එකට ගිහින් දාන්නද...."
" තමුසෙට ඒ පණ්ඩිතකම්වලින් වැඩක් නෑ තමුසේ යන දිහා යනවකෝ..."
" දැන් එතකොට මට ගෙදර එක්කන් යන්න කියලා ද කියන්නේ..."
" තමුසේ යනවකෝ කට වහගෙන මම.."
කතාවට බාධා වුනේ ප්‍රාතිට ආපු කෝල් එක හින්දා. කාර් එකට connect කරලා තිබ්බ හින්දා ප්‍රාති එහෙම්මම කෝල් එක ආන්ස්වර් කරා.
" මිස් ප්‍රාතිහාරි..."
" ඔව් කියන්න මිස්ටර් නෙහාන්.."
" හෙට පොඩ්ඩක් නවයට විතර බත්තරමුල්ලෙ අපේ හොටෙල් එකට එනවද... හෙට විතරයි... මිස්ටර් වයිට්ලාව welcome කරන්න විතරයි තියෙන්නේ. "
" මිස්ටර් නෙහාන්... මම කිව්වනේ කලින්ම..."
" මිස් ප්‍රාතිහාරි ඇත්තටම කිව්වොත් මේක ඔයාගේ ඩියුටි එකක්... මිස්ටර් වයිට් කියන්නේ අපේ importantම client කෙනෙක්... එහෙනම් හෙට නවයට හම්බෙමු..."
" මේ මිස්ටර්... ඕ ෂිට්... මේ මිනිහා කට් කරානේ.. මම මොකා කියලද දන්නෑ හිතාගෙන ඉන්නේ.. අදත් over time...මේ CEO කාරයාව හම්බුනොත් මම කරනවා හොඳ වැඩක්...."
" එතකොට තමුසේ ප්‍රාතිහාරි ද..."
ප්‍රාතිව එකපාර ගැස්සුනේ පිටිපස්සෙ තව කෙනෙක් හිටියා කියන එක කෝල් එකෙන් අමතක වුන හින්දා.
" ආ.. ඔව් ඔව්...ඇයි..."
" නෑ.. එතකොට වැඩකරන්නේ black & whites එකේද..."
" ඔව්.. ඒකේ... ඕ නෝ... ඉස්සරහින් පොලිසිය.. මොකද කරන්නේ... " කියන ගමන් ප්‍රාති කාර් එක Slow කරා.
" ඉස්සරහින් පේන පාරට හරවන්න..."
" ඒත්..."
" කියන දේ කරනවා..."
" යකෝ මේක උගේ කාර් එකද මගේ කාර් එකද..." ප්‍රාතිට තරහත් ගියා. ඇයි නොදන්න එකෙක් කාර් එකට බලෙන්ම නැඟලා ආපු වෙලේ ඉඳන්ම ප්‍රාතිට උපදෙස් දෙන හින්දා.
ඒත් මේ වෙලාවේ පොලිසියට අහුවුනොත් මේ රෑ පොලිසියට යන්න වෙන හින්දා ප්‍රාති කාර් එක ඒ පාරට දාලා ආයේ කිසි දෙයක් කිය කිය ඉන්නෙ නැතිව කාර් එක හරවන් වෙන පාරකින් ගෙදරට ආවා.
" මිස්ටර් මම දැන් මගේ ගෙදර ආවා.. මට තමුන්ව මගේ ගෙදරත් එක්කන් යන්න බෑ.. ඒ හින්දා කාර් එකෙන් බහින්න.. " ගෙදර ගේට් එක ඉස්සරහා කාර් එක නවත්තලා ප්‍රාති කිව්වා.
" Thank you.. තමුසෙට මොකක් හරි උදව්වක් ඕනේ වුනොත් මට කතා කරනවා..." කියලා ඒ කෙනා පැසෙන්ජර් ශීට් එකට කාඩ් එකක් දාලා කාර් එකෙන් බැස්සා.
ප්‍රාති කාර් එකත් පාර්ක් කරලා ගේ ඇතුළට ගියත් කල්පනා කරේ අර කෙනා ගියාද දන්නෑ කියලා. මොනා වුනත ප්‍රාති ඉක්මනට හිත උණුවෙන කෙනෙක් හින්දා ඒ කෙනා අපරාධකාරයෙක්ද නැත්තන් වෙන කෙනෙක් කියලාවත් ප්‍රාති හිතුවේ නෑ.
උඩ තට්ටුවට ගිහින් රූම් එකේ බැල්කනි එකට ගිහින් බැලුවේ ඒ කෙනා තාම ඉන්නවද කියලා.
තාමත් ගේට් එක ගාව ඉන්නවා. ඒ එක්කම සුපිරි කාර් එකක් ඇවිල්ලා ගේට් එක ඉස්සරහා නැවැත්තුවා. ඒ එක්කම අර කෙනා ප්‍රාති දිහා බැලුවේ ප්‍රාති එතන ඉන්නවා කියන එක දන්නවා වගේ.
ප්‍රාතිට ඇහැක් ගහලා කාර් එකට නැඟලා යන්න ගියා.
" What the hell...."
කෑම රුචියත් නැතිවෙලා තිබ්බ හින්දා ගෙනාපු කෑම ෆ්‍රිජ් එකට දාලා sprite can එකක් බොන ගමන් film එකක් බලන්න කියලා රූම් එකට ගියා.
Film එකක් තෝර තෝර ඉද්දි ප්‍රාතිට කෝල් එකක් ආවා.
' තාත්තා'
ගොඩක් අය ආස කෝල් එකක් වුනත් ප්‍රාතිට ඒ කෝල් එක දැක්කමත් බය හිතෙනවා.
" හෙලෝ තාත්තේ..."
" හෙට ඩිනර් එකට ගෙදර එන්න... හොඳට ඇඳගෙන එන්න..." කිව්ව ප්‍රාතිගේ තාත්තා කෝල් එක කට් කරා.
" මොන මරාලයක්ද දන්නෑ ඒ ගමන... " කියලා කල්පනා කරන ගමන් ප්‍රාති film එකත් බලන එක නතර කරලා නිදාගත්තේ උදේට black & whites එකට යන්න ඕනේ හින්දා.
" බොස්... කවුද බොස්ට පිහියෙන් අයින්න තරන් නිර්භීත එකා...."
" ආදි බේබි... ඔයා injured වෙලා කියලා ආරංචි වුන ගමන් මම ආවේ.. " කියන ගමන් ආදි... එහෙමත් නැත්තන් Underworld එකේ Devil... ළඟට ආවේ එයාගේ girlfriend ත්‍රීශා.
" ආ... එහෙම ලොකු අවුලක් නෑ බබා.." ආදි.
_________________________________________
කොහොමද පළවෙනි කොටස..
කාලෙකින් ලිව්වේ....
බෝරින් වගේ ද දන්නෑ හැබැයි දිගටම ඉන්න.
reaction දාන්න... comment කරන්න....
ආදරෙයි හැමෝටම
ඔයාලාගේ pari🖤