Beast

Beast

✍pen friend

episode 11

episode 10


ගත උනේ තත්පර ගානක් විතරයි. රිශී මගේ රූම් එකට ඇතුල් වෙලා ඩෝර් එක මහ හයියෙන් වහලා දැම්මා. ඔහු මට ලං උනේ ඇස් රතු කරගෙන. අද නම් මට බේරීමක් නැති බව මට නොදැනුනා නෙවෙයි.




"මොකක්ද ඊයෙ රෑ උනේ...?"

මට ලං වෙමින් ඔහු ඇහුවෙ රහසින්.



මම පස්සෙන් පස්සට යන්න ගත්තා. මග් එක බිම වැටෙන තරම් වේගෙන් මාව ගැහෙන බව මටම තේරුනා.



"මොකක්ද යකෝ ඊයෙ රෑ උනේ........!"

නහර ඉලිප්පෙන්න තරම් වේගෙන් ඔහු මොර දුන්නා. මග් එක බිම අතෑරිලා මාව ඇදෙන් ඉන්දවෙන බව මට යන්තමට දැනුනා.




"සො.....ස්...සො..රි."

මම යන්තමින් ගැටගහගත්තෙ වෙවුලන කටහඩකින්.




"මම උබට කිව්වනෙ මගේ රූම් එකට එන්න එපා කියලා.... තව මම කිව්වා... මගේ ප්‍රශ්නවලට අත දාන්න එපා කියලා... එහෙමනෙ..?"

රිශී කිව්වෙ මට තවත් ලං වෙමින්.




මම මොකුත් නොකියා බලාගෙන හිටියා. ඇද උඩින් මගේ දෙපැත්තට අත් දෙක තියලා රිශී මගේ මූනට බර උනා. ඔහුගෙ හුස්මවල රස්නය මගේ මූනට දැනෙන්න තරම් ඔහු මට ලං වෙලා හිටියෙ.




"එහෙම නේද...?"

ඒ වතාවෙ සාමාන්‍ය විදියට අහන්න ගත්තම මට දැනුනෙ ඊට වඩා බයක්. රිශී කියන්නෙ විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි. කටුස්සෙක් වගේ වෙස් වලාගන්න මිනිහෙක්.



මම ඔලුව වැනුවා. ඔහු තවත් තත්පර කීපයක් මගේ ඇස් ඇතුලෙ ගිලිලා හිටියා.




"එහෙනම් ඇයි මිසිස් සොයිසා මගේ ප්‍රශ්නවලට ඇගිලි දාන්න එන්නෙ..ආ....? මම මොනවා කලත් ඒකෙන් ඔයාට වැඩක් නැති වෙන්න ඕනෙ.... එහෙම නේද..?"



මගේ ඇග හිරිවැටිලා යද්දි ඔහු මගේ මූනට වැටිලා අවුල් වෙලා ගිය කොන්ඩෙ පරිස්සමින් හදන්න ගත්තා.




"ඊයෙ රෑ ඇයි මට ඒක එන්ජෝයි කරන්න දුන්නෙ නැත්තෙ..?"

ඔහු තවත් මට ලං උනා.




"රිශී මට බයයි. ඔහොම කරන්න එපා."

මම බැරිම තැන ගැහෙමින් කිව්වා.




"එහෙනම් පාඩුවෙ වැඩක් බලාගෙන හිටපන් ගෑනියේ....!"

රිශී කෑගහන්න ගත්තෙ මගේ කට දෙපැත්තෙන් තද කරලා අල්ලගන්න ගමන්.




"මම ඒ වෙලාවට කරන දේ මමවත් දන්නෙ නෑ. එහෙම එකේ උබ ඒ වෙලාවට මගේ ලගට ඇවිල්ලා විනාස වෙන්න හදන්න එපා."




ඔහු මාව ඇද උඩට තල්ලු කරලා දැම්මා. මම පුලුන් කෑල්ලක් වගේ ඇදේ කොනටම විසි උනා.




"රිශී...."

ඒත් එක්කම රිශීගෙ නම කියාගෙන රූම් එකට ඇතුල් උනේ චාරු. සිද්ධිය දැක්කම චාරුගෙ ඇස් උඩ ගියා.




"කපල් එකක් ඉන්න රූම් එකකට ඔහොම ඇතුල් වෙන්න ලැජ්ජ නැත්ද චාරු..?"

රිශී බෙරිහන් දුන්නා.




මේ මිනිහගෙ උගුර රිදෙන්නෙ නැත්ද මන්දා.... කතා කලොත් කෑගහගෙනමයි. සැනසීමෙන් කතා කරන්නෙම නෑ.




"මට පිස්සු නෑ අනුන්ගෙ ගුහාවල් ඇතුලෙ රිංගන්න. මම ආවෙ බ්‍රෙක්ෆස්ට් ගන්න එන්න කියන්න."

චාරු ගස්සගෙන යන්න ගියා.




"වරෙන් යන්න"




පොඩි එකෙක් ඇදලා ගන්නවා වගේ මාව ඇදලා ගත්තු රිශී මාව ඇදගෙනම පහලට ගියා. ටේබල් එක ලගට එනකොට මොකුත් නොදන්න කෙනෙක් වගේ මාව හෙමින් අල්ලගෙන විනීත විදියට වාඩි උනා.




තා... සෑම් මට අතින් ඉගි කලේ රිශීට බෙදාගන්න උදව් කරන්න කියලා. ඒ නිසාම අකමැත්තෙන් උනත් මම රිශීගෙ ප්ලේට් එකට කෑම බෙදන්න ගත්තා. ඒ අතරෙයි මම දැක්කෙ රිශී දිහා පිස්සුවෙන් වගේ එක දිගට බලාගෙන ඉන්න චාරුගෙ ඇස් දෙක.




රිශී එයාගෙ ප්ලේට් එක දිහා බලාගෙන හිටියා. නමුත් චාරුගෙ ඇස් රිශී ලගමයි. චාරු රිශී දිහා බලන් ඉන්න බව නැන්දාත් අම්මත් ආච්චි අම්මත් දැක්ක බව මට තේරුනා.




මැරි කල මනුස්සයෙක් දිහා බලාගෙන ඉන්න මේ ගෑනිට ලැජ්ජ නැත්ද.... අනික අනික් එවුන් ඒක හදන්නෙ නැතුව ඒකි දිහා හිනා වෙවී බලන් ඉන්න විදිය...




මම බොරු ආදරයක් මවාගෙන රිශීට බෙදන්න ගත්තා. ඒ අතරෙ සැරින් සැරේ රිශීගෙ අතින් අල්ලන්න, මග් එක ගන්න ඇදෙන මුවාවෙන් රිශීට ලං වෙන්න මම උත්සහ කලා. මට ඕනෙ උනේ කාව හරි අවුස්සගන්න. ඒ වෙලාවෙ චාරුගෙ මූන වෙනස් වෙන විදිය මම ඇස් කොනින් බලන් හිටියෙ.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



ලන්ත්‍රා ගෙට ඇතුල් උනේ පණිවිඩය ඉක්මනින්ම රිශීට දන්වන්න හිතාගෙන. ඒත් හැමෝම බ්‍රෙක්ෆස්ට් ගන්න බව දැකපු නිසා රිශීට විතරක් පෙනෙන තැනකට මුවා වෙලා ඔහු රිශීට එන්න කියලා සන් කලා.




"එක්ස්කියුස් මී.... අයෑම් ඩන්."

රිශී ටේබල් එකෙන් නැගිටලා ගියේ හැමෝම පුදුම වෙලා බලන් ඉදිද්දි.




"සර්..."




"මොකක්ද ප්‍රශ්නෙ?"




"අදත් මැසේජ් එකක් සර්. කෝල් එකකුත්. අපි ඒක රෙකෝර්ඩ් කලා. සර් ෆෝන් එකේ ඉන්නවා කියලා හිතාගෙන ඌ සර්ට කියන්න ඕනෙ ඔක්කොම කියලා දැම්මා."




"කෝ...? පෙන්නපන් මට"




"යමු සර්.."

ලන්ත්‍රා රිශී එක්ක ඇතුල් උනේ පොඩියට, ඒත් සුඛෝපබෝගී විදියට නිම වෙලා තිබුනු පොඩි රූම් එකකට. එතැන තමයි රිශීගෙ වැඩ ඔක්කොම ප්ලෑන් කලේ.




"කොල්ලො, සර්ට අර උදේ ගත්තු රෙකෝඩ්ස් ටික පෙන්නපන්."

ලන්ත්‍රා කිව්වෙ පී.සී එකක් ලග වාඩි වෙලා වැඩක් කරමින් හිටපු කොල්ලෙක්ට.




එක පාර ගේම්ස් තුන හතර ප්ලේ කරන්න එපා මිනිහො. අලුතෙන් එක්කන් ආපු කෑල්ලට දුක හිතෙයි. මට හිතෙනවා අවුරුදු ගානකට කලින් උනු කතාවක අලුත් වර්ශන් එකක් ලියන්න. හැබැයි ඒකට කලින් එකේ වගේ දුශ්ටයා උබේ තාත්තා නෙවෙයි. මගේ දුශ්ටයා වෙන්නෙ උබ...!




"වල් සතා...! ඌ කොහොමද එහෙම දෙයක් කියන්නෙ... ඕකගෙ මම..."

රිශී ලග තිබුනු ටේබල් එකකට ගහමින් බෙරිහන් දුන්නා. ලන්ත්‍රා වෙනම කල්පනාවක.




"ඉදපන් ටිකක්... ඕක ඩැඩීගෙ වොයිස් එකනෙ"




"ඒක තමයි සර් මමත් බැලුවෙ."

ලන්ත්‍රා මැද්දෙන් පැන්නා.




"සර් මේ ඔරිජිනල් වොයිස් එකක් නෙවෙයි. ඒක වෙනස් කරලා තියෙන්නෙ. වොයිස් ට්‍රාන්ස්ලේට් කරන ඇප් එකකින්."




"ඔරිජිනල් එක හොයාගන්න බැරිද..?"




"අමාරු වෙයි සර්"

කොල්ලා කිව්වෙ කටත් ඇද කරගෙන.




"තිරිසන් සතා....! ඕකව මම කොහොම හරි හොයාගන්නවා යකෝ... ඕකා මැරෙන්නෙ මගේ අතින්. කලින් එකා වගේම."

රිශී ලග තිබුනු ඩස්බින් එකකට පයින් ගහලා වියරුවෙන් වගේ කෑගැහුවා.




"මැසේජ් එක මොකක්ද බලපන්"




"මැසේජ් එකක් කිව්වට ඒක ෆොටෝ එකක් සර්. තවම ලෝඩ් වෙන ගමන්."




ලන්ත්‍රා ෆෝන් එක දික් කලා. ඒක රිශී, කුශී එක්ක ක්ලබ් එකක ඩාන්ස් කරපු වෙලාවක ගත්තු එකක්. යටින් වචන පේලියක් කොටලා තිබුනා.




අලුත් මනාලිට පෙන්නුවොත්....




"මකබෑවියන් තිරිසනා...!"

රිශී ලග තිබුනු පුටුවක් දමලා ගැහුවා.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



බ්‍රෙක්ෆස්ට් අරගෙන මම රූම් එකට යන ගමන් හිටියෙ. බැල්කනි එකට හේත්තු වෙලා හිටපු චාරු මාව නවත්තගත්තා.




"හෙලෝ මැඩම්. අපිත් මේ ගෙදර ඉන්නවා. අපි එක්කත් කතා කරන්න."

ඇය කිව්වෙ රස්තියාදු කාරයෙක් වගේ.




"හා... කතා කරමු."

මමත් දෙවෙනි නොවී අත් දෙක බැදගෙන ඇයට ලං උනා.




"වැඩිය උඩ යන්න එපා මැඩම්. තව මාස තුනයි හරියටම. අනික මට ඔයිට වඩා රෙස්පෙක්ට් කරන්න ඕනෙ හරි නම්.."




"මොකක්ද මාස තුනේ කතාව?"

මම ඇහුවෙ නළල රැලි කරලා.




"ඇයි දන්නෙ නැත්ද... රිශී ඔයාව වයිෆ් විදියට තියන් ඉන්නෙ මාස තුනයි කියලා.."

චාරු කිව්වෙ සමච්චල් හිනාවක් එක්ක.




මගේ මූනෙ හිනාවක් ඇදුනු බව මටම තේරුනා.




"අනික.... ඇයි මම ඔයාට රෙස්පෙක්ට් කරන්නෙ?"





"ඔය අයිති වෙලා තියෙන ඔක්කොම මට අයිති වෙන්න තිබුනු ඒවා මැඩම්"

චාරු මගේ කනට කරලා කිව්වා.




"මොනවද?"




"රිශීගෙ ඉදලා හැමදෙයක්ම."



"ඒ කියන්නෙ?"




"ඒකියන්නෙ මම තමයි කලින් රිශීව මැරි කරන්න හිටියෙ."




"ඔයා එයාගෙ කසින් සිස්ටනෙ"

මම ඇහුවෙ පුදුමෙන්.




"ඔව්... ඇයි ඒක වැරදිද?"




"දැන් ඔයා මට මොකක්ද කියන්නෙ?"

මම ඇහුවම චාරුගෙ මූනෙ ඇදුනෙ ලෝකයක් දිනුවා වගේ හිනාවක්.




-see you in the next episode-


කමෙන්ට් දාන් යන් ඔක්කොම.....


ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend



Report Page