Beast

Beast

✍pen friend

episode 10

episode 09


"මෙන්න මේක හොදට මතක තියාගනින්. හෙට වෙනකොට මූ කවුද කියලා හොයා නොගත්තොත් ගෙදර යන්න බලාගෙන ආයෙ මගේ ලගට වරෙන්."

රිශී කිව්වෙ ඇගිල්ල දික් කරමින්.




තරහටම මූන රතු වෙලා තිබුනා. රිශීගෙ ඇස් ගිනි බෝල දෙකක් වගේ. ඒ වෙනකොටත් ලන්ත්‍රාගෙ හදගැස්ම වැඩි වෙලා තිබුනෙ.




"ඕකේ සර්."

ලන්ත්‍රා බිම බලාගෙනම රූම් එකෙන් පිටත් වෙන්න ලෑස්ති උනා.




"ලන්ත්‍රා."

ඔහු ඉද්ද ගැහුවා වගේ නතර උනේ රිශීගෙ දෙදරන කටහඩත් එක්කමයි.




"අද ක්ලබ් යන්න වෙන්නෙ නෑ. වෙනදා ඕඩර් එකම දාපන්. මගේ රූම් එකටම අද ගෙනැත් දීපන්. රෑ හත වෙනකොට රූම් එකේ ඕඩර් එක තියෙන්න ඕනෙ."




"ඕකේ සර්."

ලන්ත්‍රා රූම් එකෙන් පිට උනා.




ලන්ත්‍රාට වඩා අවුරුදු ගානක් ලාබාල උනත් රිශී ලන්ත්‍රාට කිසි ගරිසරුවක් නැතිව කතා කිරීම ගැන ඔහු හිටියෙ කලකිරීමකින්. නමුත් රිශීගෙ ජීවිතේ දිහා හැරිලා බලනකොට රිශී ගැන අහිතක් හිතන්න ලන්ත්‍රාට හිතුනෙම නෑ.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



රෑ හත පහු වෙලා විනාඩි පහළවක් වගේ.




කරන්න දෙයක් නැති නිසා ෆෝන් එකේ මූන ඔබාගෙන හිටපු මම ගැස්සිලා ගියේ රිශීගෙ රූම් එක පැත්තෙන් ආපු සද්දෙ නිසා. හරියට මහ හයියෙන් හිනා වෙනවා වගේ. ෆෝන් එක පැත්තකට විසි කරලා මම රූම් එකෙන් එලියට ආවා.




සද්දෙ එන්න එන්නම වැඩියි. මොනවදෝ කියව කියව රිශී හිනා වෙනවා. මම හෙමින් හෙමින් රූම් එක ලගට කිට්ටු උනා. රිශීගෙ තුවාලෙත් එක්ක මම හිටියෙ බයෙන්. තුවාලෙ කලින් වගේ පෑරෙයි කියලා මම බයෙන් හිටියෙ.




රූම් එකට එන එක මට තහනම් කල නිසා රූම් එක ඇතුලට නොයන්න මම වගබලාගත්තා. රූම් එකේ ඩෝර් එක බාගෙට ඕපන් වෙලා. මම යන්තම් ඇස් කරකවලා ඩෝර් එක අස්සෙන් ඇතුලට එබුනා.




නෑ.........! විශ්වාස කරන්නත් බෑ. රිශී හිටියෙ ඩ්‍රග්ස් ගන්න ගමන්. මහ හයියෙන් හිනා වෙවී මොනවදෝ කුඩු වර්ගයක් නහයෙන් ඇතුල් කරනවා. 




මම කට අතින් තද කරගෙන බිත්තියට හේත්තු උනා. මොන තරම් විනාස උනු මිහිහෙක්වද මම මැරි කරලා ඉන්නෙ......?




ඩ්‍රග්ස් ගන්න කෙනෙක් ලගට යන එක භයානක බව මම අහලා තිබුනා. ඒ නිසා එක පාරටම රිශී ලගට යන්න මට හිතුනෙ නෑ. මම කලේ ලන්ත්‍රාට කෝල් කරපු එක.




"ලන්ත්‍රා..."

මට කතා කරගන්න බැරි තරමට කටහඩ වෙවුලන්න අරගෙන.




"මැඩම්... මොකක් හරි ප්‍රශ්නයක්ද..?"



"ලන්ත්‍රා පොඩ්ඩක් උඩට එන්නකො."




"හරි මැඩම් මම එන්නම්."

කෝල් එක කට් වෙලා විනාඩි දෙකක් යන්නත් කලින් ලන්ත්‍රා මගේ ලගට ආවා.




"ලන්ත්‍රා එයා මොනවා හරි ඩ්‍රග්ස් වගයක් ගන්නවා."

මම කිව්වෙ වෙවුලන ගමන්.




"ආහ්....! බය වෙන්න දෙයක් නෑ මැඩම්. සර් එහෙම තමයි. හැමදාම එහෙමයි."

ලන්ත්‍රා කිව්වෙ කට කොනට හිනාවක් එක්ක.




පහල තට්ටුවෙ ඉදගෙන අම්මා සිද්ධිය දිහා බලාගෙන හිටියෙ කදුලු පිහින ගමන්. අම්මා, රිශීව නවත්තන්න උත්සහ නොකරන එක ගැන මට තිබුනෙ කුතුහලයක්. අඩුම තරමෙ තාත්තාවත් එයාව නවත්තන්න උත්සහ කලේ නෑ.




"ලන්ත්‍රා අපි ඒක නවත්තන්න ඕනෙ."



"අපි කොහොමද මැඩම් ඩ්‍රග්ස්වලට ඇඩික්ට් උනු කෙනෙක්ව නවත්තන්නෙ?"




"ඒක කරන්න පුලුවන්. බැරි උනත් කොහොම හරි කරන්න ඕනෙ."

මම කිව්වෙ තදින්.




"දැන් නම් සිහිය ඇත්තෙම නෑ වගේ"

ලන්ත්‍රා කිව්වෙ රූම් එකට එබෙමින්.




"එයාට කවුද මේවා ගෙනල්ල දෙන්නෙ?"



"සර් ඔර්ඩර් කලාම ගෙදරටම එනවා. වෙනදා නම් සර් ක්ලබ් යනවනෙ. අද තුවාලෙ එක්ක යන්න බැරි නිසා ගෙදරට ගෙනාවෙ."




"ආයෙ ඒ ඔර්ඩර්ස් මේ ගේ ඇතුලට ගේන්න එපා."

මම තදින් කිව්වා.




"ඕකේ මැඩම්"




මම ආයෙ රූම් එකට එබුනා. රිශීට සිහිය නෑ වගේ. සෝෆා එකේ වැතිරිලා මොනවදෝ කියවනවා.




"ගිහින් ඒ ඔක්කොම අයින් කරලා ක්ලීන් කරන්න. සර්වන්ට්ස්ලාට ඒ වැඩ කරන්න බෑ. එයා කෑගැහුවත් ඒවා ගනන් ගන්න එපා."




"මැඩම්.., උදේට මැඩම්ට තමයි බැනුම් අහන්න වෙන්නෙ."




"ඒකට කමක් නෑ."




ලන්ත්‍රා හෙමින් හෙමින් රූම් එකට ඇතුල් වෙලා රිශී ලග ස්ටූල් එකේ තිබුනු ඔක්කොම අයින් කරලා දැම්මා. ඒත් එක්කම අඩවන් වෙලා තිබුනු රිශීගෙ ඇස් ඇරුනෙ එක පාරටමයි. ලන්ත්‍රා අතේ තිබුනු ඩ්‍රග්ස් පාර්සල් ඔක්කොම අරගෙන එලියට පැන්නා.




"දීපන් යකෝ.... දීපන් ඕක. මගෙන් මැරුම් කන්නෙ නැතුව දීලා පලයන්....."

ලන්ත්‍රා වහලා දාපු ඩෝර් එකට මහ හයියෙන් තට්ටු කරමින් රිශී වියරුවෙන් කෑගහන්න ගත්තා. ලන්ත්‍රා එලියට ආපු පයින්ම මම ඩෝර් එක වහලා දැම්ම නිසා දෙන්නම බේරුනා කිව්වොත් වැරදි නෑ. ඔහු හිටියෙ හොද සිහියකින් නෙවෙයි.




‍රිශීගෙ සද්දෙට අම්මා හොදටම කලබල උනා. කොහෙදෝ හිටපු තාත්තා, සෑම් දුවගෙන ආවෙ ඊටත් වඩා කලබලෙන්. ඒ දැකපු ලන්ත්‍රා අතේ තිබුන් පාර්සල් ටික හංගගත්තා.




"ඇයි... මොකද මේ?"




"සර් මේ...."

ලන්ත්‍රා ගොතගහන්න ගත්තා.




"තාත්.... මිස්ට සෑම්, ඔයාගෙ පුතා ඩ්‍රග්ස්වලට ඇඩික්ට් වෙලා ඉන්නෙ. ඔයා බලෙන්ම මට එයා ගැන අයිතියක් දුන්නනෙ. මෙච්චර කල් එයාව ඒකෙන් ගලවගන්න ඔයාටවත් බැරි උනු නිසා, මට එයා ගැන අයිතියකුත් තියෙන නිසා මම හිතුවා එයාව ඩ්‍රග්ස් වලින් ඈත් කරන්න ඕනෙ කියලා."

මම කෙලින්ම තාත්තාගෙ ඇස් දෙක දිහා බලාගෙන කිව්වෙ අත් දෙකත් බැදගන්න ගමන්.




ලන්ත්‍රාගෙ වගේම අම්මගෙ ඇසුත් ලොකු වෙන්න ගත්තෙ බලන් ඉදිද්දිමයි. ඊටත් වඩා තාත්තා කලබල උනා. එක එල්ලේ තිබුනු ඇස් වටේම දුවන්න ගත්තා. මීට කලින් එයාට කවුරුත් එහෙම කතා කරලා නැතුව ඇති. ඒ අතරෙ රිශී පිස්සුවෙන් වගේ ඩෝර් එක කැඩෙන්න තරම් වේගෙන් ඩෝර් එකට තඩිබානවා.




"ඒක හොදයි"

සෑම් කිව්වෙ බිම බලාගෙන.




සෑ.... තාත්තාගෙන් අඩුම තරමෙ කම්මුල් පාරක්වත් බලාපොරොත්තු උනත් කිසිම දෙයක් ලැබුනෙ නෑ. ඒ වෙනුවට මාවත් පුදුම කරවමින් කෙටියෙන් උත්තර දීලා තාත්තා යන්න ගියා.




නැන්දාත් චාරුත් ඇස් උගුල්ලගෙන වගේ මගේ දිහා බලාගෙන හිටියා. ටික වෙලාවකින් චාරු ඉස්සරහට අඩිය තිබ්බෙ මගෙන් මොකුත් අහන්න හිතාගෙන වගේ. දැනමුතුකමක් දෙන්න වගේ.




"ඇයි?"

මම ඇස් ලොකු කරලා ඇහුවෙ තදින්. චාරු ඉස්සරහට ගත්තු අඩිය ආයෙ පස්සට ගත්තා.




"මැඩ....ම්"

ලන්ත්‍රා කට ඇරගෙන මගේ දිහා බලන් ඉන්නවා.




මම මොකුත් නොකියම රිශීගෙ ඩෝර් එක දිහා ටික වෙලාවක් බලන් ඉදලා මගේ රූම් එකට ගිහින් ඩෝර් එක වහගත්තා.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



උදේ පාන්දරම නැගිටලා මම පහලට ගියේ රිශීගෙ කොෆී එක අරගන්න කියලා හිතාගෙන. මම කිචන් එකට ආපු නිසා ෆොරීන් ඉක්මනින් කොෆී මග් එක මගේ අත උඩින් තිබ්බා. මම රිශීගෙ ඩෝර් එකට තට්ටු කලේ බයෙන්. ඊයෙ රෑ උනු සිද්ධිය එක්ක මගේ හිත කලබල වෙලයි තිබුනෙ.




"කවුද...?"




"මම"




"එනවා ඇතුලට."




මම ඩෝර් එක ඕපන් කරගෙන ඇතුලට ගියා. රිශී ඇදේ වාඩි වෙලා හිටියෙ මගේ දිහා තරහින් බලාගෙන. අවුල් වෙලා මූනට වැටිලා තිබුනු කෙස් එයාම පිටිපස්සට කරගෙන නැගිටලා හෙමින් මගේ ලගට ආවා. මට කරන්න තිබුනෙ බිම බලාගන්න එක විතරයි.




"මම තමුසෙට කියලා තියෙනවා නේද මගේ රූම් එකට එන්න එපා කියලා....!"

මුලු ගෙදරම දෙදරන්න තරම් වේගෙන් රිශී කෑගැහුවෙ මගේ අතින් මග් එකත් වැටෙන්න යද්දි.




"ඔයානෙ කි...ව්වෙ.."

මම කිව්වෙ ඇහෙන නෑහෙන ගානට.




"මම නෙවෙයි මොකා කිව්වත් උබට ආයෙ මගේ රූම් එකට එන්න බෑ. පලයන්....!"




මම ගියා නෙවෙයි විසි උනා. මම මග් එකත් අරගෙන පුපුරමින් මගේ රූම් එකට ගියා. රිශී මම හිතනවට වඩා ගොඩක් නපුරු කෙනෙක්. මේ හොලමන් ගුහාවෙ මට ඉන්නෙ මම විතරයි නිසා පරිස්සමින් ඉන්න මම වගබලාගත්තා.




ගත උනේ තත්පර ගානක් විතරයි. රිශී මගේ රූම් එකට ඇතුල් වෙලා ඩෝර් එක මහ හයියෙන් වහලා දැම්මා. ඔහු මට ලං උනේ ඇස් රතු කරගෙන. අද නම් මට බේරීමක් නැති බව මට නොදැනුනා නෙවෙයි.



-see you in the next episode-


කමෙන්ට් ඕනේ.......


ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend





Report Page