Beast

Beast

✍pen friend

episode 09

episode 08


"ඇයි මැඩම්?"




"සර්ගෙ රූම් එක ඇතුලෙන් කෙදිරියක් එනවා. මොකද කියලා බලන්නකො. මට බයයි."

මම ගැහෙමින් කිව්වෙ ඒ වෙනකොටත් රිශීගෙ තුවාලෙ ගැන මම බයෙන් හිටපු නිසා.




"ඉන්න මැඩම් මම බලන්නම්."

ලන්ත්‍රා වේගෙන් රිශීගෙ රූම් එකට දිව්වා.




"මොකද දුව...?"

අම්මා ඇහුවෙ එයාගෙ රූම් එකෙන් එලියට එන ගමන්.




"දන්නෙ නෑ. රිශීට අසනීපයි වගේ."




"හරි ඉන්නකො. කලබල වෙන්න එපා."

අම්මා මගේ අතකින් අල්ලගනිමින් කිව්වා.




ටික වෙලාවකින් ලන්ත්‍රා බැල්කනියට දුවගෙන ආවා.




"මැඩම්..... චුට්ටක් එන්න පුලුවන්ද..?"




මම ඉක්මනින් දිව්වා. මොකද ඒ වෙනකොටත් ලන්ත්‍රාගෙ හැසිරීම කලබල වෙලා තිබුනු නිසා. මම නැවතුනේ රිශීගෙ රූම් එකේ ඩෝර් එක ඉස්සරහ.




රිශී වේදනාවෙන් බිම වැටිලා ගුලි වෙලා හිටියෙ. තුවාලෙන් ලේ ගලමින් තිබුනා. මුලු ශර්ට් එකම ලේවලින් පෙගිලා.




මට ඔක්කොම අමතක උනා. මම කෑගහගෙන රිශී ලගට ගියා. ඒත් එක්කම රූම් එකට ඇතුල් උනේ අම්මා.




"රිශී....... ලන්ත්‍රා... අපි මෙයාව හොස්පිටල් එකට අරන් යමු.. ඉක්මනට"

මම කෑගැහුවා.




"මැඩම්... සර් කැමති නෑ ඩොක්ටර්ස්ලා ලගට යන්න"




"කරන්න දෙයක් නෑ ලන්ත්‍රා.. පේනවනෙ, දැනටම ලේ ගිහින් හොදටම. සිහිය නැති වෙයි මෙයාට තව ටිකකින්."




"මැඩම් කියපු දේ කරන්න ලන්ත්‍රා.."

අම්මා අන්තිමට කෑගැහුවා.



"මේ මොකද මේ....? අනේ රිශී......"

නැන්දාගෙ දුව චාරු දුවගෙන ඇවිත් රිශීගෙ පපුවට අත තියලා කෑගහන්න ගත්තා.




"චුට්ටක් අයින් වෙන්න."

මම චාරුව පැත්තකට කරලා රිශීව කෙලින් කලා.



චාරුත් චාරුගෙ අම්මා, නැන්දාත් මගේ දිහා රවාගෙන බලන් ඉන්න විදිය මට පෙනුනත් මම ඒක ගානකටවත් ගත්තෙ නෑ.




ලන්ත්‍රා පහලට දිව්වා. මම අම්මත් එක්ක එකතු වෙලා රිශීගෙ ශර්ට් එක ගලවලා ඒක ගුලි කරලා තුවාලෙට තියාගෙන අමාරුවෙන් රිශීව නැගිට්ටුවා. වේදනාව වැඩි කමටමද කොහෙද රිශී මගේ උරහිසින් ඔලුව තියාගෙන කෙදිරි ගාන්න ගත්තා.




ටික වෙලාවකින් ලන්ත්‍රා ආයෙ දුවගෙන ඇවිත් රිශීව වත්තම් කරගෙන පහලට ගියා. මම රිශීගෙ කබඩ් එකෙන් ඇදලා ගත්තෙ එයාගෙ කලු පාට ටී ශර්ට් එකක්.




ඒ වෙලාවෙයි මම දැක්කෙ..... රෙදි ඇතුලෙ පිස්ටල්ස්, රිවෝල්වර්ස්, බුලට්ස්....... තොගයක්ම. කලබලය වැඩි නිසා කබඩ් එක වහලා දාලා මම පහලට දිව්වා.




යනකොටත් අම්මයි ලන්ත්‍රයි වාහනයකට රිශීව දාගෙන මම එනකන් බලන් ඉන්නවා. ගෙදර සර්වන්ට්ස්ලාත් හොදටම බය වෙලා. නැන්දා චාරු එක්ක වාහනේට නගින්න ට්‍රයි කරනවා. මම කොහොම හරි ඒ දෙන්නව පැත්තකට කරලා වාහනේට නැග්ගා. කලබලය නිසා කවුරුත් මට මොකුත් කියන්න ආවෙ නෑ.




රිශී සීට් එකේ එහාම කොනේ ශටල් එකට ඔලුව තියාගෙන හිටියෙ. තුවාලෙ එයාම ශර්ට් එකෙන් වහගෙන. අම්මා අනික් කොනේ. මම අම්මා දිහා අමුතුවට බලලා දෙන්නා මැද්දෙන් වාඩි උනා. මොන අම්මටද බලන් ඉන්න පුලුවන් පුතෙක් වේදනාවෙන් කෙදිරිගානකොට. අඩුම තරමෙ ඔලුවටවත් අතක් තියන්නෙ නෑනෙ අම්මා.




ශටල් එකට තියන් තිබුනු ඔලුව අරගෙන මම මගේ උරහිසින් තියාගෙන ඩොක්ට ලගට යනකන්ම ඔලුව අතගෑවා. මම දන්නවා.... රිශී එහෙම ඉන්නෙ වේදනාවෙන් ඉන්න නිසා විතරයි කියලා. නැත්නම් මාව ගහලම මරයි.

 



හොස්පිටල් එකට ඇතුල් උනු ගමන් රිශීව අරගෙන ගියේ හදිසි තුවාලවලට බෙහෙත් කරන යුනිට් එකට. කාටවත් ඇතුල් වෙන්න නොදුන්නු නිසා අපි එලියෙන් නැවතුනා. එතකොටයි මම දැනගත්තෙ ලොකු ගාර්ඩ් එකක් අපිත් එක්කම ඇවිත් කියලා. මුලු හොස්පිටල් එකම කලු ඇදගත්තු ගාර්ඩ්ස්ලාගෙන් පිරිලා.




ටික වෙලාවකින් ඩොක්ට එලියට ආවා. එතකොටයි මම දැක්කෙ... අපේ ඔෆිස් එකේ හිටපු මැඩම් කෙනෙක්ගෙ හස්බන්ඩ්.




"මිස් ආර්යා... ඔයා කොහෙද මෙහෙ?"

ඩොකට පුදුමෙන් වගේ ඇහුවා.




ඒත් එක්කම නර්ස් කෙනෙක් එක්ක එලියට ආවෙ රිශී. තුවාලෙ ප්ලාස්ටර් කරලා තිබුනා.




"ඩොක්ටර් මේ...... හස්බන්ඩ්"

රිශී දිහා කෙලින් නොබලා රිශී දිහාවට අත දික් කරමින් මම කිව්වා.




"වට්...! නෑ..... මම දන්නෙවත් නෑ මැරි කලා කියලා."

ඩොක්ට කිව්වෙ පුදුමෙන්.




"ඔව්.... හදිසියෙ මැරි කලේ."

මම කිව්වෙ හරිම අපහසුතාවයෙන්.




"ඒ කියන්නෙ ආයෙ ජොබ් එක කරන්නෙ නැත්ද?"




මට එක පාරටම රිශී දිහාත් අම්මා දිහාත් බැලුනා. රිශී අමුතු විදියට මගේ දිහා බලාගෙන හිටියා. මට ආයෙ ජොබ් එක කරන්න ඕනෙ කියන එක හිතට තදින් වැදිලා තිබුනෙ. මට ඕනෙ උනේ ඒකට අවසරයක් ගන්න. මේක තමයි හොදම වෙලාව.




"බලන්න ඕනෙ ඩොක්ට"




මම මැරි කලා කිව්වම ඩොක්ටගෙ මූනෙ ඇදුනෙ හිනාවක් නෙවෙයි. රිශී කවුද කියන්න ඩොක්ට නොදැන ඉන්න විදියක් නෑ. මම මැරි කලේ රිශීව කියලා දැනගත්තම එයාට දුක හිතෙන්න ඇති.




"ඕකේ.... ගුඩ් ලක්."

ඩොක්ට මගේ මූනවත් නොබලා යන්න ගියා.




අම්මා සිද්ධිය දිහා බලාගෙන හිටියෙ පුදුමෙන්. ඒක මග හරින්නද කොහෙදෝ අම්මා නර්ස් එක්ක කතාවට වැටුනා.




"නර්ස්.... දරුවට කොහොමද..?"




"මේක වෙඩි වැදිලා උනු එකක් නේද... ඇයි මේ වගේ අවධානම් වැඩ කරන්නෙ. පරිස්සම් කරගන්න."

නර්ස් තවත් මොකුත් නොකියම යන්න ගියා.




රිශී නර්ස් දිහා බලාගෙන හිටියෙ ගිලින්න වගේ. තුවාලෙ තිබුනා කියලා දැන් ගානක්වත් නෑ. මම රිශීගෙ අතකින් අල්ලන් උදව් කරන්න හැදුවෙ එලියට යන්න. ඒත් මෘගයා මාව විසි කරලා දැම්මා. 




ඒ පාර නම් මම පස්සට ගියේ නෑ. මම රවාගෙන එක එල්ලේ රිශී දිහා බලාගෙන හිටියා. රිශී මගේ දිහා බලාගෙන හිටියෙ පුදුමෙන්. මගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නැතුව ඇති. ආයෙ වතාවක් රිශී දිහාත් අම්මා දිහාත් මාරුවෙන් මාරුවට බලලා ගස්සගෙන මම එලියට ගියේ ඕනෙ දෙයක් අම්මටයි පුතාටයි කරගන්න ඇරලා.




රිශීව අරන් ආපු කාර් එකට පිටිපස්සෙ කාර් එකෙන් මම නැග්ගෙ ආයෙ ඒ යකාගෙ වාහනේ යන්න ඕනෙ නැති නිසා. ටික වෙලාවකින් මට රවාගෙන ආපු රිශී අම්මා එක්කම ඉස්සරහ කාර් එකට නැග්ගා.




කාර් එක ස්ටාර්ට් කරද්දිමයි මම දැක්කෙ..... ගවී.... මැරි කරලා දවස් ගානක් ගියත් මට තවම අමතක කරලා දාන්න බැරි උනු රූපෙ. ඔව්... ගවී මගේ දිහාම බලාගෙන හිටියා. ගවී ලගින් සහාත් හිටගෙන මගේ දිහා බලාගෙන හිටියෙ කලකිරුනු මූනක් තියාගෙන.




මට ආයෙ බැහැලා ඒ දෙන්නා ගාවට යන්න ඕනෙ උනත් එහෙම කරන්න පුලුවන් තත්වෙක හිටියෙ නෑ මම. ශටල් එකට අත් දෙක තියාගෙන ඒ දෙන්නා දිහා බලාගෙනම මම හයියෙන් අඩන්න ගත්තා. මගේ දුක පිටකරන්න පුලුවන් උනේ කදුලු වලින් විතරයි.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



"එක්ස්කියුස් මී සර්"

ලන්ත්‍රා රිශීගෙ රූම් එකට එබුනා.




රිශී හිටියෙ රූම් එකේ කොනේම ජනේලය ලග ගාර්ඩන් එකට ඇස් යොමාගෙන. ඔහු තවම හොස්පිටල් ගියපු ඇදුමෙන්මයි. ගලවපු ශර්ට් එක පැත්තකට විසි කරලා තිබුනා.




"එන්න ලන්ත්‍රා."

ඔහු කිව්වෙ ලන්ත්‍රා දිහාවට නොහැරිමයි.




ලන්ත්‍රා ලගට එනවත් එක්කම ඔහු දිහාවට හැරුනු රිශී දික් කලේ ෆෝන් ගැලරියෙ තිබුනු ෆොටෝ එකක්. ෆොටෝ එක දැක්ක ගමන්ම ලන්ත්‍රා බය වෙන්න ගත්තා. ඔහු අතකින් කට වහගත්තා. ලන්ත්‍රා හොදටම කලබල වෙලා.




ෆොටෝ එක තිබුනෙ ආර්යා හොස්පිටල් එකෙන් එලියට එන වෙලාවෙ ගත්තු එකක්. ඇගේ පිටිපස්සෙන් රිශීත් ප්‍රියාත් යන්තමට සටහන් වෙලා තිබුනා. ඊටත් වඩා ලන්ත්‍රාට බය හිතුනු කාරණේ උනේ ෆොටෝ එක යටින් සදහන් වෙලා තිබුනු කෝඩ් එක. .........99.05.19......!




"මේකද යකෝ උබලගෙ මහලොකු සේෆ්ටි එක....! කතාව කොහොමද තොපිගෙ. ලෝකෙම හොල්ලන්න කතාව. මම හොස්පිටල් එක ඇතුලට ගිහින් එනකන් වටපිටාව බලාගන්න බැරි උනා උබලට. මම කොහොමද කියපන් තොපි වගේ එවුන් විශ්වාස කරන්නෙ...?"

රිශී මහ හයියෙන් බෙරිහන් දෙන්න ගත්තෙ ෆෝන් එකත් පොලවෙ ගහලා.




ලන්ත්‍රා වෙනදා වගේ රිශීව නවත්තන්න ගියේ නැත්තෙ ඒක ඔහුගෙ වරදක් බව දන්න නිසා. රිශීව නවත්තනවා වෙනුවට ඔහු බිම බලාගෙන හිටියා.




"මේක මගේ ෆෝන් එක යකෝ.....! උන් මගේ නම්බර් එක හොයාගෙන....! කන ලගින් රිංගලා තියෙන්නෙ..."




"මෙන්න මේක හොදට මතක තියාගනින්. හෙට වෙනකොට මූ කවුද කියලා හොයා නොගත්තොත් ගෙදර යන්න බලාගෙන ආයෙ මගේ ලගට වරෙන්."

රිශී කිව්වෙ ඇගිල්ල දික් කරමින්.




තරහටම මූන රතු වෙලා තිබුනා. රිශීගෙ ඇස් ගිනි බෝල දෙකක් වගේ. ඒ වෙනකොටත් ලන්ත්‍රාගෙ හදගැස්ම වැඩි වෙලා තිබුනෙ.




-see you in the next episode-


කමෙන්ට් දාගෙන යමු.


ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend


Report Page