Beast

Beast

✍pen friend

episode 08

episode 07


රිශී හිටියෙ අත් දිග ශර්ට් එකක් ඇදලා. රෑ වෙඩි වැදුනු එක හංගන්න වෙන්න ඇති.




අම්මා මුලින්ම ඩිනර් එක බෙදාගන්න උදව් කලේ ආච්චි අම්මට. එයා ටිකක් නපුරු පාටයි. ඊට පස්සෙ අම්මා තාත්තට බෙදාගන්න උදව් කලා. අම්මගෙත් තාත්තගෙත් වැඩි සම්බන්ධයක් නැති බව ආපු දවසෙ ඉදලම මට තේරුම් ගන්න අමාරු උනේ නෑ. 




ඊළගට අම්මා රිශීට උදව් කරන්නයි හැදුවෙ. හැබැයි රිශී ඒකට අම්මට ඉඩ දුන්නෙ නෑ. අම්මා ආයෙ එයාගෙ තැනින් වාඩි උනේ ලාවට හිනා වෙලා. හැබැයි ඒ හිනාව ඇතුලෙ කිසිම සතුටක් තිබුනෙ නෑ.




නැන්දා අම්මට සමච්චලයට වගේ හිනා වෙලා රිශීට බෙදාගන්න උදව් කලා. අම්මගෙ ඇස්වල කදුලු පිරුනු බව මම දැක්කත් හිටියෙ නොදැක්ක තාලෙට. විනාඩි ගානකට පස්සෙ හැමෝම කන්න පටන් ගත්තා.




"දුව... මොකද මෙහෙ ගැන හිතෙන්නෙ?"

තාත්තා එක පාරටම ඇහුවම මට හිර වෙන්නත් ගියා. මම එහෙම දෙයක් බලාපොරොත්තු උනේම නෑ.




"බලාගෙන පුතේ."

අම්මා මගේ පිටට තට්ටු කරලා වතුර එක දුන්නා. මගේ ඇස්වලට කදුලු ආවෙ මගේ අම්මව මතක් වෙලා. මට අම්මා වගේ කෙනෙක්ව දැනුනු මුල්ම වතාව ඒක.




"හොදයි"

මම කෙටියෙන්ම උත්තර දුන්නෙ රිශී දිහාත් බලලා. මොකුත් නෑහුනු ගානට රිශී කන්න ගත්තා.




"මොනවා හරි අඩුපාඩුවක් උනොත් කාට හරි කියන්න හොදද?"

තාත්තා කිව්වෙ ප්ලේට් එක දිහා බලාගෙන.




"හා."

මම ඇහෙන නෑහෙන ගානට කිව්වා.




"අනික.... මීට පස්සෙ රිශීට බෙදාගන්න උදව් කරන්නෙ දුව."

තාත්තා ඒක කිව්වෙ හැමෝටම ඇහෙන්නත් එක්කමයි. 




නැන්දාගෙත් එයාගෙ දුවගෙත් ඇස් ලොකු උනේ බලන් ඉදිද්දි. රිශී මොකුත් නොවුනු ගානට තමන්ගෙ වැඩේ කලා.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



"සර් පොඩි වැඩක්. එලියට එන්න පුලුවන්ද?"

ලන්ත්‍රා සිය වෙනි වතාවට විතර රිශීගෙන් ඇහුවා.




නයිට් ක්ලබ් එකක ඩ්‍රග්ස් වගේම කෙල්ලො ගොඩකට යට වෙලා හිටපු රිශීට ලන්ත්‍රාගෙ කටහඩවත් ඇහුනෙ නෑ. ලන්ත්‍රා හිටියෙ පුදුම කේන්තියකින්. කොච්චර කිව්වත් රිශී ඩ්‍රග්ස් ගන්න එක නතර කරන්නෙ නැති එක ගැන ලන්ත්‍රා හිටියෙ කලකිරීමකින්.




"සර්..... වැඩක්. උන් ඇවිත්.....!"

අන්තිම පාරට කියනවා කියලා හිතාගෙන ලන්ත්‍රා, රිශීගෙ කනට කරලා සද්දෙන් කිව්වා.




"වට්....!"

රිශී හිටපු තැනින් නැගිට්ටෙ වටේ හිටපු ක්ලබ් කෙල්ලො විසි වෙලා යන්න තරම් වේගෙන්.




රිශීට කියන්න ඕනෙ දේ කිව්වත් තේරුම් ගන්න පුලුවන් මට්ටමක නෑ කියලා ලන්ත්‍රාට තේරුනා. මොකද රිශී හිටියෙ හොදටම මත් වෙලා. අසිහියෙන් නැගිටින අතරෙයි රිශී දැක්කෙ වෙනදා වගේම ක්ලබ් එකේ ඩාන්ස් කරමින් ඈතින් හිටගෙන ඉන්න කුශීව.




"ඒයි කෙල්ල..."

වැනි වැනී කුශී ලගට යන්න ට්‍රයි කරමින් රිශී බෙරිහන් දුන්නා.




"සර්.... සර් මැරි කලා නේද... ඇයි මෙහෙම හැසිරෙන්නෙ? මම කියන්න ආපු දේ මුලින් අහලා ඉන්නකො."

ලන්ත්‍රා කිව්වෙ රිශීව නවත්තන්න උත්සහ කරමින්.




"අයින් වෙයන් ලන්ත්‍රා....! මම මැරි කලා නෙවෙයි යකෝ. මැරි කෙරෙව්වා උබලා ඔක්කොම එකතු වෙලා. පලයන්..."

ලන්ත්‍රාවත් පැත්තකට විසි කරගෙන රිශී ගියේ කුශි ලගට.




තමන්ගෙ අක්කා මැරි කරපු කෙනා කියලවත් හිතන්නෙ නැතිව රිශී එක්ක හැසිරෙන කුශි දිහා ලන්ත්‍රා බලාගෙන හිටියෙ පිළිකුලෙන්. රිශීව ගොඩගන්න පුලුවන් එකම ක්‍රමය ආර්යා බව ලන්ත්‍රා දැනගෙන හිටියා. ආර්යා, කුශී වගේ කෙල්ලෙක් නොවෙන බවත් ලන්ත්‍රා දැනගෙන හිටපු නිසා ආර්යා ගැන ලන්ත්‍රාට ඇති වෙලා තිබුනෙ ගෞරවයක්.




මොකුත් නොකර බැරි නිසාම පැත්තකට වෙලා රිශීගෙ සෙල්ලම් බලාගෙන හිටපු ලන්ත්‍රා, අසිහියෙන් හිටපු රිශීවත් අරගෙන ක්ලබ් එකෙන් පිට උනේ උදේ දෙකත් පහු වෙලා. ගෙදරට ගිහින් ලන්ත්‍රා, රිශීව වත්තම් කරගෙන කෙලින්ම ගියේ ආර්යාගෙ රූම් එකට. ඒ වෙනකොටත් ආර්යා නිදාගෙන නෑ.




"ලන්ත්‍රා.... මොකද මේ?"

ආර්යා ඇහුවෙ ලන්ත්‍රාට වත්තම් වෙලා හිටපු රිශීගෙ කම්මුලට අතක් තියමින්.




"දන්නැද්ද මැඩම්.... අපේ සර් හැමදාම මෙහෙම තමයි. ක්ලබ් ගිහින් තවම මේ එන ගමන්."

ලන්ත්‍රා කිව්වෙ හිනාවක් එක්ක.




"මැඩම්... සර්ව කොහෙන්ද තියන්නෙ? චුට්ටක් අයින් වෙනවා නම් මම ඇදෙන්ම තියන්නම්."



රිශීගෙ රූම් එකෙන් තියන්න කිව්වොත් දෙන්නා අතරෙ ලොකු ප්‍රශ්නයක් බව ලන්ත්‍රා දැනගන්නවා නොඅනුමානයි. ඒ නිසාම ප්‍රශ්නයක් නැති විදියට හැසිරෙන්න ආර්යා තීරණය කලා,




"කෝ දෙන්න. මම එයාව ඇදෙන් තියන්නම්"

ආර්යා පරිස්සමින් රිශීව වත්තම් කරගත්තා.




"මැඩම්ට පුලුවන්ද?"




"පුලුවන්"

ආර්යා කිව්වෙ අමාරුවෙන්. තමන් වගේ දෙගුනයක් විතර ලොකු මනුස්සයෙක් තමන්ගෙ ඇගට වාරු වෙලා ඉන්නකොට කාටද සැහැල්ලුවක් දැනෙන්නෙ.....?




ලන්ත්‍රා පඩි බැහැගෙන යනකන් ඉදලා ආර්යා පරිස්සමින් රිශීව වාරු කරගෙන රිශීගෙ රූම් එකට ගියා. කලින් දවසෙ රිශී රූම් එකට නොඑන්න ආර්යාට දාපු රූල්ස් මතක් උනත් වෙන දෙයක් වෙන්න කියලා රිශීව ඇදෙන් තියලා ශූස් ගලවලා ශර්ට් එකත් ලූස් කරලා සද්ද නැතිව ආර්යා එයාගෙ රූම් එකට රිංගගත්තා.




ආර්යා හිතුවෙ කිසිම දෙයක් කවුරුත් දැක්කෙ නෑ කියලයි. ඒත් ඔක්කොම සිද්ධිය රිශීගෙ නැන්දාත් දුවත් බලන් හිටපු බව ආර්යා දැනගෙන හිටියෙ නෑ.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



"සර් මම ඇතුලට එන්නද?"

ලන්ත්‍රා , රිශීගෙ රූම් එකේ ඩෝර් එක ලග ඉදගෙන කතා කලා.




"එනවා..."

රිශී කතා කල විදියෙන්ම ප්‍රශ්නයක් බව ලන්ත්‍රාට තේරුනා. ලන්ත්‍රා හෙමින් හෙමින් රිශීට ලං උනා.




රිශී හිටියෙ ලන්ත්‍රාට පිටුපාලා රූම් එකේ ජනේලයෙන් මිදුල දිහා බලාගෙන කෝපි එකක් බොන ගමන්. වෙනදා වගේම ආර්යාට කම්මුල හරහා පාරක් දීලා අතට ගත්තු මග් එකෙන්....




රිශී හිටියෙ තවම රෑ ඇදලා හිටපු ට්‍රවුසර් එකෙන් බව ලන්ත්‍රාට පෙනුනා. රිශී ව්‍යායාම කරන කාලය අපතේ නොගිය බව ලන්ත්‍රාට තේරුනේ රිශීගෙ නිරුවත් උඩ කොටස දැක්කට පස්සේයි.




"සර්..."



"උබ මොක්ද යකෝ ඊයෙ රෑ සිද්ධිය මට නොකිව්වෙ..?"

රිශී, ලන්ත්‍රාගෙ පැත්ත හැරුනෙ යක්ශාවේශ වෙලා වගේ.




"සර්... මම කිව්වා සර්ට. ඉතින් සර් හිටියෙ ක්ලබ් එකේ. ඩ්‍රග්ස් අරගෙන හිටියෙ. ඊයෙ සර් ගත්තු දේ මම කලින් දැකලම තිබුනෙ නෑ. සර්ට ඇහුනෙ නෑ මම මොනවද කිව්වෙ කියලවත්.."  

ලන්ත්‍රා කියාගෙන කියාගෙන ගියා.




"ශික්..!"

රිශී අතේ තිබුනු මග් එක පොලවෙ ගැහුවා.




"මොකද වෙලා තියෙන්නෙ?"




"ඊයෙ අපේ මැඩම්ගෙ මහ ගෙදරට උන් ඇවිල්ලා ලොකු කලබලයක් කරලා සර්. මැඩම්ගෙ ඔෆිස් එකටත් ගිහින්."



"මැඩම් කිව්වෙ..?"



"අපේ මැඩම්... ආර්යා මැඩම්.."




"ඒ කියන්නෙ කුශීගෙ ගෙදරටත් උන් ගිහින්ද..?"

රිශීගෙ ඇස් ලොකු වෙලා.




"හ්ම්ම්..."

ලන්ත්‍රා කිව්වෙ ඕනෑවට එපාවට වගේ.




"කුශීට අවුලක් නෑනෙ?"

රිශී, ලන්ත්‍රාගෙ උරහිස සොලවමින් ඇහුවා.




"නෑ සර්... ඊයෙ රෑ කුශී එක්ක කතා කලා නේද?"




"එහෙමද.... උබ මොකද යකෝ ඒකිට මැඩම් කියලා කුශීට නම කියලා කතා කරන්නෙ..?"

රිශී, ලන්ත්‍රාගෙ ඇගට කඩාගෙන පැන්නා.




"සර් මොනවා කිව්වත් ඒ ඉන්නෙ සර්ගෙ මැරි කරපු කෙනා. මට අයිතිය තියෙන්නෙ එයාට මැඩම් කියලා කියන්න විතරයි. කවුරු කිව්වත් රෙස්පෙක්ට් කරන්න ඕනෙ කෙනාට විතරයි මම රෙස්පෙක්ට් කරන්නෙ.."

එහෙම කියලා ලන්ත්‍රා රූම් එකෙන් පිට වෙලා ගියේ මෘගයාගෙන් පාටක් කන්න වෙයි කියන බයටත් එක්කමයි.




"ලන්ත්‍රා.....!"

රිශී රූම් එකේ ඉදන් කෑගැහුවා.   



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



රිශීගෙ එදා තුවාලෙට මොනවා උනාද දන්නෙ නෑ. හොයන්නත් බැරි උනා. මම පහළට ගියේ රූම් එක ඇතුලෙ ඉදලම කම්මැලි හිතුනු නිසා.




මම ආසාවෙන් කරපු එකම දේ........ ජොබ් එක කරන එක. ඒකත් මේ කාලකණ්ණි මැරේජ් එක නිසා නැවතුනු බව මතක් වෙනකොට මට තාත්තා ගැන ආවෙ කියාගන්න බැරි තරමෙ කේන්තියක්.




හෙමින් හෙමින් රිශීගෙ රූම් එක පහු කරනකොටයි ඒක ඇතුලෙන් කෙදිරියක් ඇහෙන්න ගත්තෙ. මගේ කුතුහලය තවත් වැඩි උනා. මට රූම් එක ඇතුලට යන්න ඕනෙ උනා. ඒත් එක්කම මට මතක් උනේ රිශී දාපු රූල්ස්. කරන්න දෙයක් නැති නිසාම මම ලන්ත්‍රාට කතා කරන්න හිතාගත්තා.




කෙදිරිය එන්න එන්නම වැඩි උනු නිසා පඩි පේලිය තත්පර දෙකකින් වගේ බැහැගෙන මම එලියට ගියා. යනකොටත් ලන්ත්‍රා ගාර්ඩන් එක එහා කෙලවරේ කෝල් එකක.




"ලන්ත්‍රා.... ලන්ත්‍රා....."

මම කෑගැහුවා.




ලන්ත්‍රා බය වෙලා මගේ දිහාවට දුවගෙන ආවා.




"ඇයි මැඩම්?"




"සර්ගෙ රූම් එක ඇතුලෙන් කෙදිරියක් එනවා. මොකද කියලා බලන්නකො. මට බයයි."

මම ගැහෙමින් කිව්වෙ ඒ වෙනකොටත් රිශීගෙ තුවාලෙ ගැන මම බයෙන් හිටපු නිසා.



-see you in the next episode-


අඩුපාඩු ඇත්නම් කියන්න. කමෙන්ට් ඕනේ...... හරියටම 19 වෙනිදා රෑ 8.25යි දැන් වෙලාව. පරක්කු උනා ක්ලාස් ගිය නිසා. මොන වෙලේ දෙයිද දන්නෙ නෑ ඉතින්. සොරි.



ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend






Report Page