Beast

Beast

✍pen friend

episode 07 (Bonas)

episode 06


"ගවී.... මම අපේ ගෙදර නෙවෙයි දැන් ඉන්නෙ. මම ඊයෙ මැරි කලා."

පපුව රිදෙන්න ගත්තත් කොහොම හරි ඒක කියලා දැම්මා.




"මම දන්නවා ආර්යා. මම ඉන්නෙ සොයිසා පැලස් එක තියෙන ලේන් එකේ. ගාර්ඩ් එක වැඩි නිසා මට එන්න විදියක් නෑ. ඒ නිසා ඔයා පහලට එන්න."




"ගවී ප්ලීස් අහන්න. අයෑම් සොරි. මම ඔයාට කලේ සමාව දෙන්න පුලුවන් වැරැද්දක් නෙවෙයි. මම ඒක හොදටම දන්නවා ගවී. අනේ පුලුවන් නම් මට සමාව දෙන්න ඔයාගෙ හීන ඔක්කොම බිදලා දැම්මට."




" ඔයා වගේම මමත් ගොඩක් බලාපොරොත්තු තියන් හිටියෙ ගවී. ඒක ඔයා දන්නවා. මොකක් හරි කරුමෙකට මගේ දෛවෙ ලියවුනු විදිය..... නෑ ඒක ඕනෙ නෑ. අනේ ප්ලීස්. මගේ පව් ඔයා ගන්න ඕනෙ නෑ. ඒ නිසා මම ම තනියෙන් කොහොම හරි මේවා දරාගන්නම්. ඔයා ආයෙ මගේ පස්සෙන් ඇවිත් කරදරේ වැටෙන්න එපා ගවී. ප්ලීස්.... මම ඔයාගෙන් වැදලා ඉල්ලන්නම්."

සද්දෙ වැඩිය පිට නොවෙන්න මම කිව්වෙ අඩ අඩමයි.




ගවී මට සලකපු විදිය, මාව පරිස්සම් කරපු විදිය, මගේ ගැන හොයලා බලපු විදිය මතක් වෙනකොට මට මං ගැනම තරහක් ආවා. මම දන්නවා මටත් වඩා ගවීට මේක දරාගන්න බෑ.




"ආර්යා මම කියන දේ...."




"ඇයි දෙයියනේ තේරුම් ගන්න බැරි..? මම කැමති නෑ ඔයාට කෙස් ගහක වැරැද්දක් වෙනවට. මේ ගාර්ඩ්ස්ලාට අහු උනොත් මම විතරක් නෙවෙයි ඔයාටත් හොද නෑ."




"අනික මට ආයෙ කෝල් කරන්න එපා ගවී...."

කියලා ඉවර වෙනවත් එක්කම මට හයියෙන් ඇඩුනා. ගවීට කවදාවත් ඒ වගේ දෙයක් කියන්න මම හිත හදාගෙන හිටියෙවත් නෑ.




රිශීට ඇහැරෙයි කියන බයටම මම කට වහගත්තෙ සැරින් සැරේ රිශී දිහාවට ඇස් යවමින්.




"මම ඔයාට මගේ ලගට එන්න කියලා කියන්නෙ නෑ ආර්යා. ඔයා රිශීව මැරි කරලා ඉන්න ගමන් මා එක්කත් එෆෙයා එක තියාගෙනම ඉන්න. ප්ලීස්..... මම ඔයාට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ."

ගවී අඩන බව මට තේරුනා. 




"මම මීට පස්සෙත් ඔයත් එක්ක තියෙන එෆෙයා එකත් කරගෙන ගියොත් ඒකෙන් අපි කාටවත් හොදක් වෙන්නෙ නෑ නේද ගවී. අඩුම තරමෙ ඔයාටවත්....... අනේ ඒ නිසා අපි මේක නවත්තලා...." 

මම කෝල් එක කට් කලා.




හිත කෑගහලා අඩද්දි, පපුව හිර වෙනවා වගේ දැනෙද්දි මම ගවීගෙ නම්බර් එක බ්ලොක් කරලා ඩිලිට් කරලම දැම්මා. ගවීට වැරැද්දක් වෙනවට මම කොහොමටවත් කැමති උනේ නෑ.




කදුලු පිහගෙන මම වොශ් රූම් එකට ගිහින් දවසකටත් වැඩිය ඇදගෙන හිටපු කාලකණ්ණි වෙඩින් ඩ්‍රෙස් ව්ක ගලවලා දාලා වොශ් එකක් දාගෙන ස්ලීව්ලස් දිග ෆ්‍රොක් එකක් ඇදගත්තා.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



"අනේ මැඩම් ඕනෙ නෑ. මැඩම් ඉන්නකො. අපි තමයි ඒ වැඩ කරන්න ඉන්නෙ."

ෆොරීන් තුන් වෙනි වතාවටත් ආර්යාට කිව්වා. ගෙදර වැඩවලට සර්වන්ට්ස්ලාට උදව් කරන්නයි ආර්යාගෙ ලෑස්තිය. 




"ඕකේ."

බැරිම තැන ආර්යා කිචන් එකෙන් එලියට ආවෙ මූනත් ඇඹුල් කරගෙන.




ගවී නිසා වගේම තමන් ගැනම දැනුනු දරාගන්න බැරි දුකෙන් එලියට එන්න ආර්යා ලොකු උත්සහයක නිරත උනා. හැමදේම අමතක කරලා මිනීමරු ෆැමිලි එකට හුරු වෙන්නයි ඇයට ඕනෙ උනේ. මොකද වෙන කරන්න දෙයක් ඒ වෙනකොටත් ඉතුරු වෙලා නොතිබුනු නිසා.




කිචන් එකෙන් එලියට එනකොටම ආර්යා දැක්කෙ රූම් එක ඉස්සරහ බැල්කනි එකට වෙලා තමන් දිහා බලාගෙන ඉන්න මෘගයව. රිශී..........




ආර්යා එක පාරටම ගැස්සුනා. රිශී මොන වගේ කෙනෙක්ද කියන්න ආර්යා හොදටම දැනගෙන හිටියා. රිශීව දකින දකින වාරයක් පාසා කලර් ලයිට් එක ලග බොඩි එක මතක් උනා.




ටික වෙලාවක් බය වෙලා වගේ රිශී දිහා බලන් හිටපු ආර්යා කිචන් එකට දිව්වෙ කලබලෙන්.




"ෆොරීන්... මම තේ එකක් හදන්නම්ද?"




"ඇයි මැඩම්. ඉන්න මම මැඩම්ට හදලා දෙන්නම්."




"මට නෙවෙයි."




"එහෙනම්?"



"රිශීට"




ෆොරීන්ගෙ මූනෙ හිනාවක් ඇදුනා. කලින් දවසෙ ඉදලම ෆොරීන්ට ආර්යාව අල්ලලා ගිහින් තිබුනෙ.




"ආහ්... අනේ මැඩම්. සර් බොන්නෙ කොෆී විතරයි. ඉන්නකො මම හදලා දෙන්න."

ෆොරීන් හිනා වෙමින් කොෆී එක හදලා මග් එක ආර්යා අතේ තිබ්බා.




ආර්යා හරි පරිස්සමින් මග් එක අත් දෙකෙන්ම අල්ලගෙන පඩිපෙල නැගලා රිශී ලගට ගියා. රිශී ආර්යා දිහා බලාගෙන හිටියෙ තරහින්. ඒ මූනෙ කිසිම හිනාවක් තිබුනෙ නෑ.




"උබට මම...."

එක පාරටම ආර්යාව ඇදලා ගත්තු රිශී ආර්යාගෙ කොන්ඩෙන් ඇදගෙන රූම් එකට ගිහින් ඩෝර් එක වහගත්තෙ කොෆී එක බැල්කනිය පුරා විසිරිලා යද්දි.




"ආව්...."

ආර්යා වේදනාවෙන් බෙරිහන් දුන්නා.




"උබ කවුද යකෝ...?"

කොන්ඩෙන් තද කරලා අල්ලගෙන ආර්යාගෙ මූනට එබෙමින් රිශී ඇහුවෙ යකෙක් වගේ.




"කියපන් ගෑනියෙ උබ කවුද...?"

රූම් එක පුරා මෘගයාගෙ කටහඩ රැව් දෙන්න ගත්තා.




"ම..න්..... දන්න්නෑ..."

ආර්යා කිව්වෙ කොන්ඩෙන් අල්ලගන්න උත්සහ කරමින්. රිශී කිසිම හිතක් පපුවක් නැති ගානට කොන්ඩෙ තද කරගෙන තිබුනා.




"දන්නෑ....! උබ මාව කෑවා යකෝ..."




"කුශී එක්ක මට කොච්චර හොදට ඉන්න තිබුනද... උබ වගේ ගොඩේ ගෑනියෙක් නෙවෙයි ඒකි."




රිශී ආර්යාව විසි  කරලා දැම්මා. ඇය නොවැටී බේරුනේ අමාරුවෙන්.   



"කුශී...?"

ආර්යා ඔලුව අල්ලගෙන ඇහුවෙ පුදුමෙන්.




"ඔව් යකෝ කුශී....!"



"මන්....මං එයාගෙ අක්කා..!"

ඇය යන්තම් කියාගත්තා.




"මොකක්...! පුහ්... උබ කුශීගෙ අක්කා..? එහෙම පේන්නෙවත් නෑනෙ."

රිශී කිව්වෙ සමච්චලයට වගේ. ආර්යාගෙ ඇස් කදුලු වලින් වැහෙන්න ගත උනේ ටික වෙලාවයි.


  


ඊළග ක්ශණයෙ රිශී, ආර්යාගෙ කට දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තා. රිශීගෙ ඇස් ගිනියම් වෙලා වගේ.




"මොකෙක් උනත් කමක් නෑ. මෙන්න මේක හොදට මතක තියාගනින්. මෙහෙ ඉන්නවා නම් ඒ විදියට ඉන්න ඕනෙ. තේරුනාද..?"




"ආව්...."

ආර්යා බෙරිහන් දෙන්න ගත්තෙ වේදනාවෙන්.




"මේන් ගේට් එකෙන් එලියට යන්න තියා හිතන්නවත් එපා. ඕනෙ මගුලක් තියෙනවා නම් සර්වන්ට් කෙනෙකුට කියපන්. මගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න එපා. අනික තමයි....... බැදගත්තා නම් බෙරේ ගහන්න ඕනෙ. කිසිම විදියකින් මේ ගෙයින් පැනලා යන්න බෑ..."

"තේරුනාද...?"




"ඔව්.."

ඇය කියනවත් එක්කම රිශී ඇයව නිදහස් කලා.




"අද ඉදලා මේ රූම් එක උබේ. මේකෙ ඩෝර් එක මම එන වෙලාවට ඕපන් වෙලා තියෙන්න ඕනෙ. මොකද මට උබ ලගට ඕන වෙලාවක එන්න පුලුවන් වෙන විදියට."

ඇගිල්ල දික් කරලා කියලා රිශී හැරුනෙ යන්න. ඒත් ආයෙ රිශී, ආර්යා දිහාවට හැරුනා.




"අනික.... මගේ රූම් එකට එන්න තියා හිතන්නවත් එපා. අඩියක් හරි වැරදිලාවත් තියලා තිබුනොත් උබේ කෑලි යවන්නෙ ගෙදරට."




රූම් එකේ ඩෝර් එක මහ හයියෙන් වහගෙන රිශී ගියේ ඊට රූම්ස් දෙකක් එහාට වෙන්න තිබුනු ඔහුගෙම රූම් එකට. ආර්යා අඩන්න ගත්තා. ඔව්..... ඇයට ඉතුරු වෙලා තිබුනෙ එච්චරයි. ඇද ලග වාඩි වෙලා මහ හයියෙන් ඇඩුවා. වෙනදා වගේම ඇගේ තනි මකන්න හිටියෙ කදුලු විතරයි.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



පැලස් එකේ රූල්ස්වලට අනුව රෑ අට වෙද්දි ඩිනර් ටේබල් එකේ ඉන්න ඕනෙ. ඒ නිසාම කදුලුත් පිහගෙන දිග ෆ්‍රොක් එකක් ඇදගෙන කොන්ඩෙත් හදාගන්න ගමන් මම පහලට ගියා. යනකොටත් හැමෝම ටේබල් එකට ඇවිත් රිශී ඇරෙන්න...... රිශීගෙ අම්මා, තාත්තා, ආච්චි අම්මා, නැන්දා, නැන්දගෙ දුව........




"වාඩි වෙන්න දුව."

රිශීගෙ අම්මා මට පුටුවක් පෙන්වමින් කිව්වා.




හැමෝටම ලාවට හිනාවක් දීලා මම පුටුවෙන් වාඩි උනේ ඒ වෙනකොටත් හැමෝම ඩිනර් ටේබල් එකට වාඩි වෙලා හිටපු නිසා. හැමෝම එක්ක මම හිනා වෙන්න ට්‍රයි කලත් මගෙත් එක්ක හිනා උනේ අම්මා විතරයි. ආච්චි අම්මා, නැන්දා, එයාගෙ දුව... හරිම මොඩර්න්. මේකප් දාපු මූනු..... හොදට ඩ්‍රෙස් කරගෙන තමයි ගෙදරටත් ඉන්නෙ.




"කෝ පුතා..?"

තාත්තා ඇහුවෙ ලන්ත්‍රාගෙන්. ලන්ත්‍රා ටිකක් එහාට වෙන්න හිටගෙන හිටියා.




"දැන් ටිකකට කලින් සර් ආවෙ. දැන් එයි වොශ් එකක් දාගෙන."




විනාඩි දෙක තුනකට පස්සෙ රිශී, තාත්තා ලගින් වාඩි උනා. තාත්තා, ඒ කියන්නෙ සෑම් හිටියෙ මුලසුනේ. එයාගෙ දකුණු පැත්තෙ ආච්චි අම්මා. වම් පැත්තෙ රිශී. රිශී ලග නැන්දාගෙ දුව. ආච්චි අම්මා ලග තමයි අම්මා හිටියෙ. අම්මා ලග මම. මට මුහුණලා එයාගෙ දුව ලග නැන්දා. හැමෝම ඩිනර් එක ගන්න රෙඩි උනා.




රිශී හිටියෙ අත් දිග ශර්ට් එකක් ඇදලා. රෑ වෙඩි වැදුනු එක හංගන්න වෙන්න ඇති.




-see you in the next episode-


කමෙන්ට් මදීනෙ. වීව්ස් 3k වගේ දැන්. කමෙන්ට් 70 ගානයි. එහෙම අරගෙන බෝනස් දෙනවා කියන්නෙ තනිකරම බොරු වැඩක්. එපා වෙනවා අප්පා.😒


කමෙන්ට් කරගෙන යන්න හොදේ............


ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend


Report Page