Beast

Beast

✍pen friend

episode 06

episode 05


ඩෝර් එක ඉස්සරහ හිටගෙන හිටියෙ රිශී...! ඇස් අඩවන් වෙලා. කෙලින් හිටගන්නවත් පනක් තිබුනෙ නෑ. යන්තමින් හිටගෙන හිටියෙ බිත්තියට අත් දෙක තියාගෙන. මගේ දිහාම එක එල්ලේ බලාගෙන හිටියා.




දවසෙම ඇදන් හිටපු රිශීගෙ කෝට් කිට් එක අවුල් වෙලා. කොන්ඩෙත් අවුල් වෙලා තිබුනා. බ්ලෙසර් එක ඇදලා හිටියත් යටින් තිබුනු සුදු ශර්ට් එක උඩට ඇවිත්. පිස්සෙක් වගේ.




"මො..මොකද මේ?"

මම යන්තමින් කියාගත්තා.



ගතවුනේ තත්පර කීපයක් විතරයි. කෙසෙල් කදක් වගේ රිශී මගේ ඇග උඩට කඩාගෙන වැටුනා. මම අතේ තිබුනු හීල් එකත් විසි කරලා රිශීව වැටෙන්න නොදී අල්ලගත්තා.



"රිශී..."




"ම්ම්ම්ම්......"

රිශී කෙදිරි ගාන්න ගත්තා.




රිශීව වත්තම් කරගෙනම මම ඩෝර් එක වහලා දැම්මා. හීන් කෙදිරියක් ඇරෙන්න කිසිම සද්දයක් නෑ. මම රිශීගෙ අත් දෙකෙන් අල්ලලා කෙලින් කරන්නයි හැදුවෙ. ඒත් රිශීගෙ වම් අතේ උඩ කොටසට අත තියනවත් එක්කම තෙත දෙයක් මගේ අතේ ගෑවෙනවා වගේ දැනුනා.




"රිශී..."




ඒත් එක්කම රිශී මගෙන් ඈත් වෙලා කබඩ් එකට අමාරුවෙන් හේත්තු උනා. වම් අතේ උඩ කොටස දකුනු අතින් තද කරගෙන වේදනාවෙන් ඇඹරුනා.




"මේක ග...ල..වන්න"

රිශී කිව්වෙ බ්ලෙසර් එක ගලවන්න කියලා අත් දෙක දිග ඇරලා මට සන් කරමින්.




මම කලබලෙන් රිශීට ලං වෙලා බ්ලෙසර් එක ගලවන්න උදව් කලා. බ්ලෙසර් එක ගලවලා මගේ අතට අරගෙන රිශී දිහා බැලුවමයි මම දැක්කෙ. වම් අතේ උඩ කොටසට වෙඩි වැදිලා....!




සුදු ශර්ට් එකේ අත ලේ වලින් පෙගිලා රතු පාට වෙලා. බුලට් එක අතේ ඇතුලටම බැහැලා.




මට කෑගැහුනා. මම කට අතින් වහගෙන සද්දෙ පිට නොවෙන්න වග බලාගත්තා. තුවාල උනේ මට නොවුනත් ඒක දැක්කම මගේ ඇස්වලින් කදුලු එන්න ගත්තා.




"අනේ...."

මම රිශීට ලං උනා.




"ෆස්ටේඩ්..."

රිශී කිව්වෙ මගේ කනට කරලා.




"කෝ....? අනේ මම මොකුත් දන්නෙ නෑ. කොහෙද ඒක....?"

මම පිස්සෙක් වගේ රූම් එක පුරා දුවමින් ෆස්ටේඩ් බොක්ස් එක හොයන්න ගත්තා.




"එහා රූම් එකට එ...හා රූම් එකේ.... කබඩ් එකේ..... ආව්..... දකුණු පැත්තෙ.... ය..ට කොටසෙ..."

රිශී කියාගත්තෙ අමාරුවෙන්. අනික් අයට ඇහැරෙයි කියලා බයටද කොහෙද රිශී හයියෙන් කෑගැහුවෙ නෑ.




කියපු රූම් එකට රිංගලා කබඩ් එක ඕපන් කරලා බොක්ස් එක අරගෙන මම රිශී ලගට ගියා. රිශීගෙ අතින් අල්ලගෙන ඇදෙන් වාඩි කෙරෙව්වා. ශර්ට් එකේ බට්න් පන්නන්න ගත්තා. පස්සෙ රිශීම ශර්ට් එක ගැලෙව්වා.




"ඈ...!"

මට කෑගැහුනෙ තුවාලෙ හරියටම දැක්කට පස්සෙ. ලේ කැටි තුවාලෙ වටේටම ගිහින්.




"දෙන්න ඕක"




රිශී මගේ අතින් බොක්ස් එක අරගෙන ඒකෙන් එලියට ගත්තෙ ලොකු පුලුන් කෑල්ලක්. ඒකෙන් තුවාලෙ වටේ පිහිදාලා ඊළගට ගත්තෙ කතුරක් වගේ ටූල් එකක්. ඒකෙන් ඇතුලෙ තිබුනු බුලට් එක එලියට ගන්න හදනවා.




"එපා....!"

මම කෑගැහුවෙ අත් දෙකෙන් මූනම වහගෙන. පේන් කිලර්වත් නැතුව මේ මිනිහා මේවා කොහොම කරනවද මන්දා....




"අපි ඩොක්ටර් කෙනෙක් ලගට යමු... ප්ලීස්.... ඕවා ඔහොම කරන්න හොද නෑ. ජර්ම්ස් යන්න පුලුවන්."

මම අත් දෙක එකතු කරලා වදිමින් කිව්වා.




ඒත් රිශී ඒක කනකටවත් ගත්තෙ නෑ. සැරින් සැරේ වේදනාවෙන් කෑගහමින්, ඇස් අඩවන් කරලා මගේ දිහා බලමින් විනාඩි ගානක් යන්නත් කලින් බුලට් එක එලියට ගත්තා. ඊට පස්සෙ ඔහු හුස්ම වේගෙන් ඉහළ පහළ දැම්මෙ සැනසීමක් ලැබුනු නිසා වෙන්න ඇති.




ඊළගට උනේ මම බලාපොරොත්තු නොවුනුම දෙයක්. රිශී ඉස්සරහ හිටගෙන හිටපු මගේ අතින් ඇදලා මාව ලගට අරගෙන රිශී එයාගෙ ඔලුව මගේ බඩට හේත්තු කරගත්තා. මගේ ඇග හිරි වැටෙන්න ගත්තා.




ඒ අතරෙ තුවාලෙන් ලේ ගලනවා හොදටම. මම පුලුන් කෑල්ලක් අරගෙන තුවාලෙට තියලා තදකරගත්තා.




ඔව්... මෙයාට බීස්ට් කියන එකේ වරදක් නෑ. මෘගයෙක්ම තමයි. මනුස්සයෙකුට පුලුවන්ද එච්චර වේදනාවක් දරාගන්න.




තවත් විනාඩි ගානකින් බෙහෙත් දාලා තුවාලෙ එයාම බැන්ඩේජ් කරගත්තා. ලේ ගෑවුනු ටූල්ස් ඔක්කොම සෝදන්න උනේ මට. ලේ දකින්න මට තිබුනෙ පුදුම බයක්. ෆේන්ට් වෙන්න ආවත් මම අමාරුවෙන් ඔලුව උස්සගෙන හිටියා.




මම හෙමින් සැරේ බොක්ස් එකට ඔක්කොම දේවල් දාලා බොක්ස් එක අරන් තියලා එනකොට රිශී හොදටම නිදි. වේදනාවටත් එක්ක නින්ද යන්න ඇති.ඒත්...... එච්චර වේදනාවක් එක්ක මනුස්සයෙකුට ඔහොම නින්ද යන්වද....




රිශීගෙ ශූස්, සොක්ස් ඔක්කොම ගලවලා, ලේ ගෑවුනු රෙදි වොශ් රූම් එක ලග තිබුනු වොශින් මැශින් එකට දාලා මම ම ටික වෙලාවකට කලින් අවුල් කල රූම් එකත් ක්ලීන් කරලා ඇද ලග වාඩි වෙලා ඇදටම ඔලුව හේත්තු කරගෙන නිදා ගත්තා.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



"ලන්ත්‍රා... මේ වැඩේට රිශී සම්බන්ධ උනේ නෑනෙ?"

සෑම් ඇහුවෙ ලන්ත්‍රාගෙ කනට කරලා.




"න්...නෑ සර්."

ලන්ත්‍රා කිව්වෙ දෙගිඩියාවෙන්.




උන් පස්සෙ රිශී පන්නගෙන නොගිය බවත්, ඊට පස්සෙ උනු දේවල් ගැනවත්, රිශීට වෙඩි වැදුනු බවවත් සෑම්ට නොකියන්න ටිකකට කලින් ලන්ත්‍රා, රිශීට පොරොන්දු වෙලයි තිබුනෙ.




"කෝ දැන් රිශී?"




"සර්.... රිශී සර් රූම් එකේ ඇත්තෙ."




"දැන් මම මේ දැකපු දේවල් රිශීටවත් ප්‍රියාටවත් දැනගන්න ඉඩ තියන්න එපා. ස්පෙශලි රිශීට."

සෑම් කිව්වෙ තදින්.




'රිශී සර්ට හංගන්න දෙයක් නෑනෙ. එයානෙ ඔක්කොම කලේ'

ලන්ත්‍රාට හිතුනා.




"සර් තව දෙයක්"

ලන්ත්‍රා කිව්වෙ යන්න හදන සෑම්ව නතර කරන ගමන්.



"සර්... අර මැඩම්ගෙ තාත්තා.... ආනන්ද්."




"ඉතින්?"




"මිනිහා තව ලක්ශ අටක් ඉල්ලනවා."




"මොකක්....!"

සෑම්ගෙ ඇස් උඩ ගිහින්.




"ඔව් සර්."




"ඌට පණිවිඩයක් යවපන් ආයෙ සල්ලි ඉල්ලන්න ආවොත් පවුල පිටින් බාවනවා කියලා. කපටි හැත්ත..!"

සෑම් වේගෙන් ගේ ඇතුලට ඇවිදගෙන ගියා.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



උදේ මගේ ෆෝන් එක රින්ග් වෙන හඩත් එක්ක මම ඇහැරුනා. ඇස් ඇරගත්තෙ බොහොම අමාරුවෙන්. මේකප් එකත් එක්ක ඇස් පිහාටු ඇලවිලා. ඇගට හොදටම මහන්සියි.




ගවීශ්.... ගවීශ් කෝල් කරන්නෙ. මට ඔක්කොම අමතක උනා. මම කොහොමද ගවීශ් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ... මම ෆෝන් එක සයිලන්ස් කරලා ඒකත් අරගෙන නැගිට්ටා.




රිශී තවම නිදි හොදටම. මම නැගිටලා රිශීට ලං වෙලා තුවාලෙ බැලුවා. මොකුත් වෙලා නෑ. රිශී ඇත්තටම නිදිද කියලා බලන්නත් අමතක කලේ නෑ.



රිශී නිදි නිසා මම ෆෝන් එක අරගෙන රූම් එකේ පැත්තකට ගිහින් කෝල් එක ආන්සර් කලා.



"හෙලෝ ආර්යා.... අම්මෝ ඇති යන්තම් කෝල් එක ආන්සර් කලා..."

ගවීශ්ගෙ කටහඩ සතුටින් පිරිලා.




"ඇයි මගේ කෝල් ආන්සර් කරන්නෙ නැත්තෙ ආර්යා..? ආ.... කියන්න"



"ගවීශ් ම..ම..."

මට ඇඩෙන්න වගේ.




"හරි හරි... මට ඔක්කොම කිව්වා සහාරා. ඇයි ආර්යා අපිටම මෙහෙම වෙන්නෙ?"




"අයෑම් සොරි ගවී. අනේ...... මට බැරි උනා..."

මට ඇඩුනා. රිශී ඇහැරෙයි කියන බයටම මම කට වහගත්තා.




"අඩන්න එපා. එන්න පහළට. මම ඔයාලගෙ ගේට් එක ලග ඉන්නෙ."




"ගවී.... මම අපේ ගෙදර නෙවෙයි දැන් ඉන්නෙ. මම ඊයෙ මැරි කලා."

පපුව රිදෙන්න ගත්තත් කොහොම හරි ඒක කියලා දැම්මා.




"මම දන්නවා ආර්යා. මම ඉන්නෙ සොයිසා පැලස් එක තියෙන ලේන් එකේ. ගාර්ඩ් එක වැඩි නිසා මට එන්න විදියක් නෑ. ඒ නිසා ඔයා පහලට එන්න."


-see you in the next episode-


කමෙන්ට් ඕනේ.... කතාවෙ නුහුරු දෙයක් තියේ නම්, අඩුපාඩු තියේ නම් කියන්න හොදද..? අද පුලුවන් උනොත් බෝනස් දෙන්නම්.


ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend











Report Page