Beast

Beast

✍pen friend

episode 05

episode 04


"පුතා ඕක නවත්තන්න....!"

ප්‍රියාගෙ සද්දෙත් එක්ක රිශී නිහඩ උනා.




ආර්යා දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු රිශී වේගෙන් ඇවිදගෙන ගියේ ලන්ත්‍රා ඉන්න තැනට. ගාර්ඩ්ලා කීප දෙනෙක් කලබල වෙලා හිටියා.




"මොකද ලන්ත්‍රා ප්‍රශ්නෙ?"




"සර් මේ..... සර් දැන් පිටත් වෙන්න ලගයි නේද..? අපි මේ සර්ගෙ කාර් එක එනවද කියලා බැලුවෙ."

ලන්ත්‍රා බොරුවට රගපාන්න ගත්තා.




"ලන්ත්‍රා බොරු කියන්නෙ නැතුව ඇත්ත කියපන්"

රිශීගෙ කටහඩ දරුණුයි.




"සර් මේ.... උන් අපේ එකෙක්ව උස්සලා...!"




"මොන වෙලාවෙද?"

රිශී කලබල වෙලා වටේම ඇස් යවන්න ගත්තා.




"දැන් ටිකකට කලින් සර්. උන් මැසේජ් එකක් එවලා ඒ ගැන කියලා. මැසේජ් එක යටින් කෝඩ් එකක් තියෙනවා."




"මොකක්ද කෝඩ් එක?"

රිශී ඇහුවෙ ලන්ත්‍රාට තවත් ලං වෙමින්.




"99.05.19"




කෝඩ් එක දැක්ක ගමන් රිශී ඔලුව තද කරලා බදාගත්තා. රිශීට දාඩිය දාන්න ගත්තෙ බලන් ඉදිද්දි. ඔහුට එක පාරටම ප්‍රියා දිහා බැලුනා.




"වල් සත්තු...! උන් මාව අවුස්සගන්න හදන්නෙ.."

රිශී යන්නයි හැදුවෙ.




"සර් කොහෙද යන්නෙ?"

ලන්ත්‍රා රිශීගෙ අතකින් අල්ලගත්තා.




"ලන්ත්‍රා... මෙතන වැඩ ටික කාට හරි භාර දීපන්. යමන් මාත් එක්ක. උන්ව ඉවරයක් කරමු."




"සර්.. මේ සර්ගෙ වෙඩින් එක. මැඩම්..."

ලන්ත්‍රා කිව්වෙ ආර්යා දිහා බලාගෙන.



"ඒකිට ඕන මගුලක් නටාගන්න දීලා වරෙන් යන්න."




වෙඩින් හෝල් එකේ හැමෝම කලබල වෙලා බලන් ඉදිද්දි රිශී, ලන්ත්‍රා වගේම තවත් ගාර්ඩ්ස්ලා එක්ක පිට උනා.




📌📌📌📌📌📌📌📌📌📌📌📌📌

 



හවස හයට විතර කාර් එක නතර උනේ සොයිසා පැලස් එක ඉස්සරහ. කාර් එකේ මමයි ඩ්‍රයිවරුයි විතරයි. කදුලු අමාරුවෙන් හංගන් මම කාර් එකෙන් බැස්සා. අද දවසෙ උනු දේවල් එක්ක හිත හදාගෙන ඉන්න පුලුවන් කමක් මට තිබුනෙ නෑ.




ලොකු ගෙයක්. පැලස් එකක් නොකිව්වා නම් තමයි වරද. අපේ ගේ වගේ ගෙවල් පහ හයක් උනත් සොයිසා පැලස් එක ඇතුලෙ හදන්න පුලුවන් කියලා හිතෙන තරමට ලොකුයි. ඇතුල් වෙන තැනම රිශීගෙ අම්මා තව ගැහැනු අය කීප දෙනෙක් එක්ක බලාගෙන හිටියා. මම ෆ්‍රොක් එකත් උස්සන් අමාරුවෙන් රිශීගෙ අම්මා ඉස්සරහ හිටගත්තා.





"ලස්සනයි."

රිශීගෙ අම්මා මගේ මූන පුරා අත් යවමින් කිව්වෙ ඇස් දෙකේ කදුලුත් පුරවගෙන.




එයා නම් හොද පාටයි. ඒත් කොහොමද විශ්වාස කරන්නෙ මේ වගේ අපායක හොද කෙනෙක් ඉන්නවා කියලා. මැරෙන තුරු සොයිසා පැලස් එකේ ඉන්න එක්කෙනෙක්වත් විශ්වාස නොකරන්න ඒ වෙනකොටත් මම මගේ හිතටම පොරොන්දු දීලයි තිබුනෙ.




"ෆොරීන්... මැඩම්ට රූම් එක පෙන්නන්නකො"




ඒත් එක්කම අපේ ඉස්සරහට ආවෙ අවුරුදු පනහකට ලං උනු වින්ද්‍යාගෙ වයසෙ වගේ ගැහැනු කෙනෙක්. ප්‍රියමනාප මූනක් තිබුනා. ෆොරීන් ඇදලා හිටපු යුනිෆෝම් එකක් වගේ ඇදුමින් එයා ගෙදර සර්වන්ට් කෙනෙක් කියලා තේරුනා. 





"එන්න මැඩම්"





මම ෆොරීන්ගෙ පස්සෙන් ඇතුලට ගියා. ලිවින් රූම් එක හෝල් එකක් වගේ. සෝෆාම විතරක් තුනකට වැඩියි. ලිවින් රූම් එක මැදින් ලොකු පඩි පේලියක්. දෙවෙනි තට්ටුවට යන්නෙ එතැනින්. මම ෆොරීන්ගෙ පස්සෙන් දෙවෙනි තට්ටුවට නැග්ගා. ඒ තට්ටුවෙ කොනේම තුන්වෙනි තට්ටුවට නගින තැන රූම් එකේ ඩෝර් එක ඕපන් කරගෙන ෆොරීන් ඇතුලට ගියා.





"මෙන්න මැඩම් රූම් එක."

ෆොරීන් මට රූම් එක පෙන්නලා යන්න ගියා.





රූම් එක කලින් ගෙදර ලිවින් රූම් එකටත් වඩා ලොකුයි. රූම් එකේ ඩෝර් එකට මුහුණලා තිබුනු බිත්තියට හේත්තු වෙලා ලොකු ඇදක් තිබුනා. ඇද මල් පෙති වලින් සරසලා. රූම් එකේ දකුණු පැත්තට වෙන්න ලොකු කබඩ් එකක්. දකුනු පැත්තෙ වගේම වම් පැත්තෙත් සෝෆා දෙකක්. වොශ් රූම් එක වම් පැත්තෙ කොනේම.





ඒ කිසිම දේකින් මට වැඩක් තිබුනෙ නෑ. මම වේගෙන් ඩෝර් එක වැහුවා. හීල් දෙක ගලවලා විසි කරලා දැම්මා. වේල් එක ඇදලා ගලවලා දාලා ඒක උඩින්ම වොශ් රූම් එකට ගියා.




මම ඇඩුවා. ඉස්සරහට මැරෙන තුරාවට දුක් විදින්න වෙනවා කියලා දැනෙන කොට කෑගහලා ඇඩුනා. කවදාවත් මම බලාපොරොත්තු උනු විදියෙ ලස්සන ජීවිතයක් ලැබෙන්නෙ නෑ කියලා දැනෙනකොට තවත් ඇඩුවා.





විනාඩි පහළවක් විතර අඩලා මම අමාරුවෙන් ඇඩිල්ල නතර කරගත්තෙ ඇගට පනක් නොතිබුනු නිසා.





වෙඩින් එකට හොදම යාලුවා උනු සහාරාටවත් කතා කරන්න ඉඩ දුන්නෙ නැති එකට මට තවම තරහයි... දුකයි. මගේ හැම දේකට ලගින් හිටපු සහා වගේම එයාගෙ අම්මට, තාත්තට වෙඩින් එකට එන්න බැරි උනු එක ගැන මම මටම දොස් තියාගත්තා.





අඩුම තරමෙ මාව මේ ගෙදරට එක්කන් එන්න තාත්තාවත් ආවෙ නෑ. එයාට සල්ලි ලැබුනම, බිල්ලට දෙන්නවත් කෙල්ලෙක් හිටියා නේද කියලා මතක් උනේ නැතුව ඇති.





ඊටත් වඩා මට දුක ගවීශ් ගැන. ගෙදරින් ආදරයක් නොලැබුනු තැන මම ආදරේ ඉල්ලගත්තෙ ගවීශ්ගෙන්. ලෝබ නැතිව හැම දෙයක්ම මට දුන්නු ගවීශ්ට පිටුපාන්න උනු එක ගැන මට ආවෙ මම ගැනම කියාගන්න බැරි තරහක්. ගවීශ්ව මතක් වෙනකොට කියාගන්න බැරි වේදනාවක් පපුවට දැනුනා.





මම පිස්සුවෙන් වගේ කොන්ඩෙ තිබුනු කටු ගලවලා විසි කලේ කොන්ඩෙත් ගැලවිලා විසි වෙන තරම් වේගෙන්. බෙල්ලෙ තිබුනු මාලෙ ගලවලා විසි කලා. ෆ්‍රොක් එකේ පිටිපස්සෙ තිබුනු බට්න් ගලවගන්න ට්‍රයි කලා. ඒත් මගේ අත දිග මදී. මට තවත් කේන්තියි. මම අඩ අඩම මගේ අත්, ඔලුව බිත්තියට ගහගත්තා.





ආයෙ රූම් එකට දුවලා ගිහින් ඇදේ තිබුනු මල් පෙති ටික බිමට දැම්මා පිස්සියෙක් වගේ. බැරිම තැන බෙඩ්ශීට් එක ගලවලා විසි කරලා දැම්මා. රූම් එක පිස්සන් කොටුවක් වගේ. මට මේ කිසිම දේකින් වැඩක් නෑ.





පවුකාරයො.... මගේ මුලු ජීවිතේම විනාස කරලා දාපු එවුන්..!





මම ඇදට වැටුනා. ඇදේ දිගා වෙලා මිරර් එකෙන් මගේ දිහාම බලාගෙන හිටියා. මේකප් මුලු මූනෙම යකෙක්ගෙ වගේ.





අඩුම තරමෙ මගෙත් එක්ක වෙඩින් එක ඉවර වෙලා ආපු නැති මනුස්සයා ගැන තවත් මොන විශ්වාසයක්ද..... වෙඩින් එකට පස්සෙ වෙඩින් හෝල් එකෙන් තනියෙම එලියට ආපු පළවෙනි කෙල්ල මම වෙන්න ඇති. ගවීශ් එක්ක ලස්සන වෙඩින් එකක් ගන්න මම හීන මවපු විදිය මතක් වෙන්න ගත්තම මම තවත් ඇඩුවා.




📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



මට එක පාරටම ඇහැරුනේ ඩෝර් එකට වේගෙන් තට්ටු කරන හඩකුත් එක්කමයි. අඩලාම මට නින්ද ගිහින්. වෙලාව රෑ එක පහුයි.




රූම් එකට තට්ටු කරන හඩ නොනැවතී ඇහෙන්න ගත්තා. වේගෙන්..... හිතට දැනුනෙ පුදුම බයක්. මගේ කියලා කියන්න කවුරුත් නැති නිසා මට දැනුනු බය වැඩියි.මට දාඩිය දාන්න ගත්තෙ බලන් ඉදිද්දි. මගේ තොල් වෙවුලන්න ගත්තා.




මම හෙමින් හෙමින් ඇදෙන් නැගිට්ටා. මම ඇදලා දාපු නිසා ඇදුමෙ තැනින් තැන ඉරිලා. ඇවිදිනකොට පෑගෙන්න ගන්නවා. අමාරුවෙන් ඇවිදගෙන ගිහින් මම ඩෝර් එක ලග හිටගත්තා.




ගලවලා විසි කරපු හීල් දෙක ඩෝර් එක ලගම. මම හෙමින් නැවිලා හීල් එකක් අතට අරගෙන තද කරගෙන අමෝර ගත්තා.




හෙමින් ඩෝර් එක ඕපන් කලා.




ඩෝර් එක ඉස්සරහ හිටගෙන හිටියෙ රිශී...! ඇස් අඩවන් වෙලා. කෙලින් හිටගන්නවත් පනක් තිබුනෙ නෑ. යන්තමින් හිටගෙන හිටියෙ බිත්තියට අත් දෙක තියාගෙන. මගේ දිහාම එක එල්ලේ බලාගෙන හිටියා.




-see you in the next episode-


අඩුපාඩු ඇත්නම් කියන්න. කතාව බෝරින් වගේ නම් කියම් යමු.


ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend







Report Page