Beast

Beast

✍pen friend

episode 04

episode 03


මට රෙඩි වෙන්න ගියේ ටික වෙලාවයි. මගේ මූන වේල් එකෙන් වැහුනා. වේල් එක යටින් කාටත් නොපෙනෙන්න මම මගේ ජීවිතේ කාලකණ්ණිකම ගැන දැනුනු දුක කදුලු පිටින් යැව්වා.




"හරි මැඩම්. ශා... මාර ලස්සනයිනෙ. මම හිතුවටත් වඩා හොදට වැඩේ කෙරුනා."

ඩ්‍රෙස් කරපු ගෑනු කෙනා කිව්වෙ හිනා වෙමින්.




මගේ මූනෙ නම් කිසිම සතුටක් තිබුනෙ නෑ. අවුරුදු ගානක් ගවීශ් එක්ක යන්න හිටපු මේ ගමන අද මට නොදන්න මිනීමරුවෙක් එක්ක යන්න වෙලා. ගවීශ් කවදාවත් මට සමාව දෙන එකක් නෑ. දෙන්නත් බෑ. මොකද මම එයාට කලේ ලොකු වරදක්. බලාපොරොත්තු ඒ හිත ඇතුලෙ ගොඩ ගහලා මම යන්නම යනවා.....




"ගුඩ් මෝනින් මැඩම්"

මම පියවි ලෝකෙට ආවෙ පිරිමි කෙනෙක්ගෙ කටහඩක් ඇහිලා.




"අයෑම් ලන්ත්‍රා. යූ ආ ලුකින්ග් සෝ ප්‍රිටී මෑම්"

ඒ මනුස්සයා කිව්වෙ මට අතක් දික් කරන ගමන්.





දැනුයි මතක් උනේ........ දවස් දෙක තුනක්ම ගෙදර ගාර්ඩ් කරපු ගාර්ඩ්ස්ලාගෙ ලීඩර්. දවස් ගානෙම ගේ වටේ කැරකෙනවා මම දැක්කා. මට අත දෙන්න උවමනාවක් තිබුනෙ නෑ. මම හිටියෙ හැමෝම ගැන තරහින්.





"ඕකේ..... අපි යමු මැඩම්. ඔක්කොම රෙඩි."




ලන්ත්‍රා මට ඉස්සර වෙන්න කියලා සන් කලා. මම ලන්ත්‍රාට රවාගෙනම කාර් එකට නැග්ගා.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



"පුතා ලෑස්තිද?"

ප්‍රියා එහෙම අහගෙන ඇතුල් උනේ රිශීගෙ රූම් එකට.




ප්‍රියා..... නැත්නම් මිසිස් සොයිසා. ඇය අලු පාටට හුරු සාරි එකකින් සැරසිලා හිටියා. ඇගේ මූන දීප්තිමත්. නමුත් අමුතු මූසල හැගීමකින් මූන පිරිලා. ඊට වඩා සතුට වැඩි නිසා අද ඇගේ මූනෙ සතුට ඉස්මතු වෙලා.




රූම් එකට ඇතුල් උනු ප්‍රියා දැක්කෙ තමන්ගෙ කඩවසම් පුතා කෝට් කිට් එකෙන් සැරසිලා මිරර් එක ඉස්සරහ හිටගෙන ඉන්න විදිය. ඔව්...... රිශී ඇත්තටම කඩවසම්.




"ලස්සනයි පුතා."

ප්‍රියා, රිශීගෙ ටයි එක හදමින් කිව්වා.




"තෑන්ක්ස්"

කෙටියෙන්ම කියලා රිශී, ප්‍රියා දිහා නොබලාම රූම් එකෙන් එලියට ගියා.




ප්‍රියාගෙ ඇස්වලින් කදුලු එන්න වැඩි වෙලා ගියේ නෑ. අවුරුදු ගානක් රිශී තමන්ට ඒ විදියට සලකන එක ගැන ප්‍රියා හිටියෙ ලොකු කලකිරීමකින්. ඒ නිසා ප්‍රියාට සියදිවි නසාගන්න හිතුනු අවස්ථා නැතුවම නෙවෙයි.




"ලන්ත්‍රා හරිද වැඩේ?"




"හරි රිශී සර්. අපි මේ එන ගමන්."




ගත උනේ ටික වෙලාවයි. සුරංගනාවියක් වගේ සැරසුනු ආර්යා, ආනන්ද්ගෙ අතේ පැටලිලා වෙඩින් හෝල් එකට ඇතුල් උනා. වේල් එකට මූන වැහිලා තිබුනත් වේල් එකට යටින් ඉන්නෙ ලස්සන මනාලියෙක් කියලා අදුරගන්න ලොකු වෙලාවක් යන්නෙ නෑ.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



කවදාවත් නැති තරම් සතුටක් රිශීගෙ මූනෙ ඇදුනෙ මනාලි ඔහු දිහාවට එනවා දැක්කට පස්සෙ. එදා ක්ලබ් එකේදි දැක්කට පස්සෙ රිශී ඇයව දැකලා තිබුනෙම නෑ.




රිශී ක්ලබ් එකේදි දැකලා තිබුනෙ කුශීව. කෑගහමින් කොල්ලන්ගෙ අත්වල පැටලිලා දරාගන්න බැරි තරම් මත් වෙන්න බොන ගමන් හිටපු කුශීව දැක්ක ගමන් රිශීට මැරි කරන්න හිතුනා. කෙල්ලො ගොඩක් ආශ්‍රය කරලා තිබ්බත් මැරි කරන්න හිතුනෙ නැති රිශීට පළවෙනි වතාවට මැරි කරන්න හිතුනෙ කුශීව දැක්කම.





රිශී කවදාවත් තාත්තා උනු සෑම් ගෙන් මොකුත් ඉල්ලලා තිබුනෙ නෑ. හැබැයි කුශීව දැක්ක ගමන් රිශී ඒ ගැන සෑම්ට කියනවත් එක්කම සෑම් ක්‍රියාත්මක වෙලා කුශීගෙ ගෙදරට පණිවිඩ යවන්න ගත්තා.




ප්‍රියා ඒ තීරණේට අකමැති උනේ රිශී කෙල්ලව ක්ලබ් එකේදි දැක්කා කිව්ව නිසයි. ප්‍රියාට ඕනෙ උනේ තව ටික දවසක් ගියාට පස්සෙ අහිංසක කෙල්ලෙක්ව රිශීට ගළපන්න. රිශීගෙ තත්වෙත් එක්ක ඒ විසදුම හොද බව ප්‍රියාට තේරුම් යන්න ඇති.




රිශී කියන්නෙ මනුස්ස පෙනුමින් ඉන්න අමනුස්සයෙක් කියලා හැමෝම දැනගෙන හිටියා. එහෙම කෙනෙක් එක්ක කෙල්ලෙක් ඉන්දනවා කියන්නෙ භයානක දෙයක් කියලා දැන දැනත් ප්‍රියා ඇරෙන්න හැමෝම වැඩේට උදව් කලා.




කුශීව බිල්ලට දෙන්න ආනන්ද් කැමති උනේ නෑ. ඩීල් එකට අනුව ආනන්ද්ටත් කෝටියක් ලැබෙන්න තියෙන නිසා වැඩේ මග හැර නොගෙන කලින් කසාදයේ දරුවා, ඒ කියන්නෙ ආර්යා බිල්ලට දෙන්න ආනන්ද් තීරණය කලා.




රෙජිස්ටරේශන් එකට පස්සෙම චාරිත්‍ර කරන්න සිද්ධ උනා. වේල් එක ගැලෙව්වමයි රිශී දැක්කෙ මනාලිව.




"වට්...! මොන මගුලක්ද..."

වේල් එක ඇදලා විසි කරන ගමන් රිශී තැනවත් නොබලා බෙරිහන් දුන්නා.




"රිශී සර්..."

ලන්ත්‍රා කතා කරන්න ට්‍රයි කලත් රිශීගෙන් ඉඩ ලැබුනෙ නෑ.




"කවුද තමුසෙ...? ආ.... කතා කරනවා..!"

රිශී ආර්යාගෙ උරහිස් වලින් සොලවමින් කෑගැහුවා.




ආර්යාගෙ ඇස්වලින් කදුලු ගලන්න ගත්තා. ඇය හිටියෙ පුදුම ඉවසීමකින්. හැමෝගෙම ඇස් ලොකු වෙලා ඒ දිහාවට යොමු වෙලා තිබුනා.




වින්ද්‍යාත් කුශීත් ආර්යා දිහා බලාගෙන සමච්චලයට හිනා වෙන දිහා දැක්කම ආර්යාට දැනුනෙ කියාගන්න බැරි තරමෙ දුකක්. ඇය කොහොමත් ඒ වගේ අවස්ථාවකට ලෑස්ති පිටයි ආවෙ.




"කෝ මම ඉල්ලපු කෙල්ල ලන්ත්‍රා....! මොකක්ද උබ මේ කලේ........?"

රිශී ලන්ත්‍රාගෙ බෙල්ලෙන් අල්ල ගත්තා.




"පුතා... ලිස්න් ටු මී"

සෑම් මැද්දට පැන්නා.




"වට් ඉස් දිස් ඩැඩී?......... හූ ඉස් දිස්?"




"පුතා කූල් ඩවුන්"

සෑම්, රිශීගෙ අත් දෙකෙන් අල්ලලා සන්සුන් කලා.




"සොරි පුතා. ඒ කෙල්ල නෙවෙයි මේ. මම ඔයාගෙන් කවදාවත් මොකුත් ඉල්ලලා නෑ. මේ කෙල්ලව මැරි කරන්න ප්ලීස්. දැන් ඔක්කොම හරි. මේ වැඩේ ලස්සනට කරගන්න ඉඩ දෙන්න පුතා."

සෑම්, රිශීගෙ කනට කරලා රහසින් කිව්වා.




"නෑ ඩැඩී. මට බෑ"




"හරි.... අපි මාස තුනකින් කෙල්ලව ඩිවෝස් කරලා දාමු. හරිනෙ?"




"නෝ..."

රිශීගෙ ඇස් තරහටම රතු වෙලා.




"ප්ලීස් පුතා"




"ඕකේ"



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



"සර් පරිස්සම් වෙලා ඉන්න වෙනවා. උන් ඇවිත්. ගාර්ඩ් එක දාලා තියෙන්නෙ. ඒත් පරිස්සම් වෙලා ඉන්න එක කෝකටත් හොදයිනෙ."

ලන්ත්‍රා කිව්වෙ ආර්යා දිහා කේන්තියෙන් බලන් හිටපු රිශීගෙ කනට කරලා.




"මොකක්..! උන් කොහොමද.."

රිශී කලබල උනා.




"ඔව් සර්..... පොලීසියෙ මොකෙක් හරි එකෙක් ඉන්නවා අපිට නොදැනි උන්ට සපෝට් කරන. නැත්නම් පොලිස් ස්ටේශන් ඔක්කොම අපේ අතේනෙ. උන්ව ලේසියෙන් රිලීස් කරන්නෙ නෑ කියලා එදා අර ඔෆිසර් කිව්වා."




"ගාර්ඩ් එක ස්ට්‍රෝන්ග් කරන්න. අපි බලාගමු."

රිශී කිව්වෙ කිසි කලබලයක් නැතිව. රිශීගෙ ඇස් කුශී ලග නැවතිලා තිබුනා.




ඒ අතරෙ රිශී දැක්කෙ අපහසුවෙන් පැත්තකට වෙලා වාඩි වෙලා හිටපු ආර්යා ව. ආර්යා බ්‍රයිඩ් උනත් කවුරුත් ගනන් ගත්තෙ නෑ. වෙඩින් එකට ආපු කෙනෙක් වගේ ආර්යා පැත්තටකට වෙලා හිටියා. ඒ ලගම රිශීගෙ අම්මත් වාඩි වෙලා හිටියෙ එයාටත් කතා කරන්නවත් කෙනෙක් හිටියෙ නැති නිසා.




රිශී යකෙක් වගේ ආර්යා දිහාවට ඇවිදගෙන ගියා. ඇගේ බාහුවෙන් තදින් අල්ලගෙන ඇය ලගින් වාඩි උනා.




"ආව්..."

ආර්යා කෑගැහුවෙ බලාපොරොත්තු නොවුනු දෙයක් නිසා.




"උබ කොහොමද බ්‍රයිඩ් උනේ?"

රිශීගෙ ඇස් රතු වෙලා.




"මම දන්නෙ නෑ.."

ආර්යා අඩන්න ගත්තා.




"අඩන්නෙ නැතුව මට ඇත්ත කියපන්. උබ කවුද?"




"පුතා ඕක නවත්තන්න....!"

ප්‍රියාගෙ සද්දෙත් එක්ක රිශී නිහඩ උනා.




ආර්යා දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු රිශී වේගෙන් ඇවිදගෙන ගියේ ලන්ත්‍රා ඉන්න තැනට. ගාර්ඩ්ලා කීප දෙනෙක් කලබල වෙලා හිටියා.




-see you in the next episode-

කමෙන්ට් ඕනේ......


ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend






Report Page