Back to Us
Newbiee <3
Episode 78
Previous Episode: https://telegra.ph/Back-to-Us-08-08-2
Narrator's POV
අරුණ ගියාගෙන් පස්සේ, bording house එකේ තිබ්බ නිහඬතාවය වෙනදාටත් වැඩියෙන් සිතැසිට දැනෙන්න ගත්තා...
සිතැසි කකුල් දෙක ඇදගෙන ඇවිදන් ගියේ dressing table එක ලඟට. Mirror එක ඉස්සරහා හිටගත්තම දැක්කේ තමන්ව නෙවෙයි. කැඩිච්ච වීදුරුවක කෑලි වගේ විසිරිලා ගියපු කෙල්ලෙක්ව.
කොණ්ඩේ... messy bun එකක් ගහලා තිබ්බට, ඒක වචනෙක පරිසමාප්ත අර්ථයෙන්ම messy. ගැලවිච්ච කෙස් රොදවල් කම්මුල් දිගේ, බෙල්ල දිගේ ඇලිලා. වැස්සට තෙමිලා, දාඩියට ඇලිලා, හරියට අඬපු කඳුලුවලටම ඇලිලා වගේ. Skinny t-shirt එක ඇඟටම ඇලිලා, හුස්ම ගන්නකොට පපුව උඩ පහල යන හැටි පේනවා. මූණ සුදුමැලි වෙලා. තොල් දෙක පාට නැතුව ගිහින්. ඇස් යට? කළු වෙලා, ඉදිමිලා.
සිතැසි වෙව්ලන ඇඟිලි තුඩු වලින් තමන්ගේම collarbone එක හෙමින් අතගෑවා. සම සිනිඳුයි. ඒත් හිස්.
මතක් වුනේ විනාඩි දහයකට කලින්. අරුණ... එයාගේ උණුහුම් හුස්ම මේ collarbone එක උඩ වැදුනා. තොල් ලං කළා... ලං කළා... ඊට පස්සේ කරන්ට් එක වැදුනා වගේ ඈත් වුනා.
'මන් එයාට ලස්සන මදි ඇති...'
හිත ඒක කිව්වේ නෑ. කෑ ගැහුවා. පපුව ඇතුලේ ඉඳන් කෑ ගැහුවා.
එකපාරටම,
Front door එකට තට්ටු කරන සද්දේට සිතැසි ගැස්සුනා.
"සිතැසි... මේ මම අරුණ... මගේ phone එක දාලා ගිහින්..."
ඒ කටහඬ. ගොරෝසු, හුරුපුරුදු...
සිතැසිගේ ඇඟ සීතල වෙලා ගියා. ඉක්මනට මූණේ වැටිලා තිබ්බ කෙස් රොදවල් කනට පිටිපස්සෙන් දාගත්තා. තොල් හපාගෙන, කණ්ණාඩියෙන් පේන කැඩිච්ච කෙල්ලට බලෙන් හිනාවක් ඇන්දා. ප්ලාස්ටික් හිනාවක්. මැරිච්ච හිනාවක්.
අත වෙව්ලනවා. ඒත් දොරේ lock එක ඇරියා. අරුණට ඇතුලට එන්න.
"ආ... මේ තියෙන්නේ..."
පොඩි coffee table එක උඩ black color phone එක. අරුණ ඒක අතට ගත්තා. ඊට පස්සේ සිතැසි දිහා බැලුවා. එක තප්පරයක්. හිනාවක් දාගෙන.
"මම යන්නම් එහෙනම්... පරිස්සමෙන් ඉන්න..."
එච්චරයි. වචන දෙක තුනයි.
පරිස්සමෙන් ඉන්න.
ඊට පස්සේ හැරිලා ගියා. ආපහු හැරිලාවත් බලන්නේ නැතුව.
සිතැසි දොර ලඟම ගල් වෙලා වගේ හිටගෙන බලාගෙන උන්නා. යනකන්ම. අඩි සද්දේ ඈතට යනකන්ම.
'අඩුම නළලටවත්... එක පොඩි හාදුවක්වත් දීලා යන්න තිබ්බ නේද...?'
නොලැබෙන බව දැන දැනත්, මෝඩ හිත තාම බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුවටම තමන්ටම සාප කරගනිමින්, කෙල්ලගේ කකුල් දෙකේ පණ නැති වෙලා ගියා.
Living area එක මැද්දටම ඇවිත්, බිම වාඩි වුනේ දණිස් දෙක නවාගෙන. ඔලුව දණිස් උඩ හොවාගෙන.
ඊට පස්සේ...
කම්මුල් දිගේ කඳුළු ගලාගෙන යන්න ගත්තේ... සද්ද නැතුවම. හුස්ම හිර කරගෙන. මොකද කෑ ගහන්න තරම්වත් හයියක් ඉතුරු වෙලා නෑ. ඊටත් වඩා සිතැසිට කදුලු නතර කරගන්න තරම් ශක්තියක් තවත් ඉතුරු වෙලා තිබුනේ නැහැ...
මේ හැමදේම උනේ සිතැසි අරුණ ගිහින් ඉවරයි කියලා හිතාගෙන ඉද්දීයි..
ඒත්...
දොර වහන්න කලින්, තව එක පාරක්. එකම එක පාරක් ඒ චූටි මූණ, ඒ බෝල ඇස් දෙක බලන්න ඕනේ කියලා හිතිච්ච පාර, අරුණ ආයෙත් හැරිලා බැලුවා.
ඒත් අරුණ දකින්න බලාපොරොත්තු වුනේ, බලෙන් හිනාවක් මූණේ අඳින්න හදන, 'මම හොඳින්' කියලා රඟපාන කෙල්ලෙක්ව.
එයා දැක්කේ ඒක නෙවෙයි.
එයා දැක්කේ living area එකේ මැදම, පාලු සුදු tiles පොළොව උඩ, දණිස් බදාගෙන, ඔලුව හංගගෙන, ඉකි ගගහා අඬන පොඩි කෙල්ලෙක්ව. මුළු ලෝකෙම අතෑරලා දාලා වගේ අඬන කෙල්ලෙක්ව.
අරුණගේ ලෝකේ එක තප්පරෙන් කඩාගෙන වැටුනා.
"සි... සිතැසි... මොකද මේ...?"
කටහඬ පැටලිලා ගියා. අරුණ අඩි දෙකෙන්ම දොර ඇරගෙන ඇතුලට දිව්වා. එහෙම්මම සිතැසි ගාව දණ ගහගත්තා. Tiles පොළොව සීතලයි. ඒත් සිතැසිගේ කඳුලු ඊට වඩා සීතලයි.
අරුණගේ කටහඬ ඇහුන ගමන් සිතැසි ගැස්සිලා ඔලුව ඉස්සුවා. ඉක්මනට පිටි අල්ලෙන් කම්මුල් පිහදාගන්න හැදුවා. ඒත් කඳුලු? ඒවා නවත්තන්න කාටවත් බෑ. වැස්ස නවත්තන්න හදනවා වගේ වැඩක්.
"මොකක් හරි ප්‍රශ්නයක්ද...? කියන්න මට... මං ඉන්නවා නේ...?"
අරුණගේ කටහඬේ කලබලේ. බය. වේදනාව. එයාගේ අත සිතැසිගේ උරහිසට යන්න හැදුවා. ඒත් තිබ්බේ නෑ.
"A... am I too ugly for you, Aruna...?"
කෙල්ල ඇහුවේ කොඳුරන ගානට. හුස්මක් එක්ක පිටවුන වචන ටිකක්. ඒත් ඒ වචන ටික අරුණගේ කනට වැදුනේ යකඩ උලක් වගේ.
අරුණගේ පපුව පැලිලා ගියා වගේ. හුස්ම ගන්න බැරි වුනා. ලේ ටික සීතල වෙලා ගියා.
"පිස්සුද ඕයි...?"
අරුණට කෑ ගැහුනා. තරහට නෙවෙයි. වේදනාවට. එයා දෝතින්ම සිතැසිගේ මූණ හෙමින් අල්ලගෙන, එයාගේ මූණ දිහාට හැරෙව්වා.
"දෙයියනේ..."
ඒ මූණ දැනටමත් කඳුලුවලින් නෑවිලා. ඇස් පිහාටු තෙතට බර වෙලා, එකට ඇලිලා. නහය රතු වෙලා. තොල් වෙව්ලනවා.
"You are too perfect for me, Sithasi."
අරුණට තවත් ඉවසන්න බැරි වුනා. එහෙම්මම සිතැසිව ඇදලා අරන්, තදින් තුරුල් කරගත්තා. පපුවට හිර කරගත්තා. එයාගේ අත් දෙක සිතැසිගේ පිට හරහා යවලා, හරියට කවුරු හරි ඇවිත් උදුරගනියි කියලා බයට වගේ, තද කරලා අල්ලගත්තා.
දෙන්නා අතරේ හුස්මකටවත් ඉඩක් තිබ්බේ නෑ. අරුණගේ සුවඳ, අරුණගේ රස්නෙ, අරුණගේ ගැහෙන හදවත... ඔක්කොම සිතැසිට දැනුනා.
ඒත් සිතැසිගේ අත් දෙක? ඒවා දෙපැත්තෙන් පණ නැතුව එල්ලිලා. හරියට බිඳිච්ච බෝනික්කෙක්ගෙ අත් දෙකක් වගේ. තුරුල් කරගන්න හයියක් නෑ.
"ඇයි එහෙම කියන්නේ... උඹ හැමදාමත් perfect... මට... මට විතරක් නෙවෙයි, මුළු ලෝකෙටම..."
අරුණ කවදාවත් සිතැසිව මෙහෙම දැකලා නෑ. ආත්ම විශ්වාසයෙන් පිරිලා උන්නු, කාටවත් නමන්නේ නැති කෙල්ල අද කෑලි වලට කැඩිලා.
"ම... මං ලස්සන නෑ... නේ..."
කෙල්ල ආයෙමත් කොඳුරුවා. එයාගේම අත් දෙක දිහා බලන ගමන්. හරියට ඒ අත්වල අවලස්සනක් තියෙනවා වගේ.
"මගේ අත්... මගේ ඇස්... මගේ... මම..."
"කවුද උඹට මේ විකාර කිව්වේ...?"
අරුණගේ කටහඬ එකපාරටම ගොරෝසු වුනා. යකඩ වගේ. ඇස් දෙකේ දිලිසෙනවා තරහින්. 'කවුරු හරි මගේ කෙල්ලගේ හිත රිද්දලා නම්, ඌව මරනවා' කියන තරහක්
"ක... කවුරුත් නෑ..."
සිතැසිගේ කටහඬ තවත් හීන් වුනා.
"මට... මට හිතුනා..."
"හේතුව...?"
අරුණ ඇහුවා. තාමත් දෙන්නා බිම දණ ගහගෙන. දැන් සිතැසි අරුණගේ කකුල් දෙක උඩ, එයාගේ ඔඩොක්කුවේ වගේ. අරුණගේ අත් තාමත් එයාව වට කරන්.
"ඔ... ඔයා... ඇයි... kiss එකක් දෙන්න ඇවිත් ඈත් වුනේ...?"
කෙල්ලගේ කඳුලු ආයෙමත් කඩාගෙන වැටුනා. ඒ කඳුලු අරුණගේ කලු shirt එක තෙත් කරනවා. පපුව ලඟින්ම.
"අනේ... රත්තරනේ... මං... මං උඹට කිව්වා නේද...?"
අරුණගේ කටහඬ එකපාරටම මෘදු වුනා. වේදනාවෙන් පිරුනා. එයා සිතැසිගේ නළලට එයාගේ නිකට තද කළා.
"මං කිව්වේ... උඹ කැමැත්තෙන්, උඹේ හිතින්ම මගේ ලඟට එන දවසක දෙන්නම් කියලා... උඹේ අකමැත්තෙන්, උඹව බලෙන් අල්ලන්න මට බෑ කියලා... මම පොරොන්දු වුනා නේද...?"
කොල්ලගේ කතාවත් එක්ක සිතැසිගේ ඉකි ගැහිල්ල පොඩ්ඩක් අඩු වුනා. හුස්ම හිරවෙන එක ටිකක් අඩු වුනා. දෙපැත්තෙන් එල්ලිලා තිබ්බ අත් දෙක හෙමින් හෙමින් උඩට ආවා. අරුණගේ පිට වටේ යන්තම් තියාගත්තා. තද කළේ නෑ. හරියට විශ්වාස කරන්න බය වගේ. තාමත් රිදෙයි කියලා බය වගේ.
"ඒත්..."
කෙල්ල තාමත් ඉකි ගගහා, වචන හොයාගන්න බැරුව.
"ඉන්නවකෝ..."
අරුණ එකපාරටම කිව්වේ තීරණාත්මකව.. එයා කෙල්ලගේ ඉනෙන් සහ දණිස්සෙන් අත දාලා, එහෙම්මම වඩාගෙන නැගිට්ටා. Princess carry එකකට.
සිතැසිට බය වෙලා කෑ ගැස්සුනා. වැටෙයි කියන බයටම, දෝතින්ම අරුණගේ බෙල්ල බදාගත්තා. මූණ එයාගේ බෙල්ලට හේත්තු කළා. අරුණගේ හුස්ම රස්නෙට බෙල්ලට වැදුනා.
"මං උඹට පෙන්නන්නම්... මගේ ලෝකේ ඉන්න ලස්සනම, වටිනාම කෙල්ල කවුද කියලා..."
අරුණ කෙල්ලව හරහට වඩාගෙන, හෙමින් හෙමින් bedroom එක පැත්තට ඇවිදගෙන ගියා. හැම අඩියක් තියනකොටම, සිතැසිගේ හදවත තව තවත් වේගෙන් ගැහුනා.
බයට නෙවෙයි.
අවසානයේ ආරක්ෂාවක් දැනුන නිසා.
“කොහෙද යන්නේ...?”
සිතැසි ඇහුවේ ඉකි ගැහිල්ලක් මැද්දෙන්. කටහඬ හිරවෙලා. තාමත් අරුණගේ බෙල්ලේ එල්ලිලා. බයයි වැටෙයි කියලා. බයයි මේ හීනය බිඳෙයි කියලා.
“මගේ ලෝකේ පෙන්නන්න...”
අරුණගේ කටහඬ කනටම කොඳුරනවා. ගැඹුරුයි. ස්ථිරයි. රස්නෙයි. එක වචනයක් නෑ වැරදෙන්න.
එයා සිතැසිව වඩාගෙන හෙමින් හෙමින් ඇවිදන් ගියේ dressing table එක ගාවට.
අරුණ සිතැසිව හෙමින් බිමින් තිබ්බා. කකුල් දෙක පොළොව ස්පර්ශ කළේ පිහාටුවක් වගේ හෙමින්.
විනාඩි පහකට කලින් මේ frame එකේ හිටියේ සිතැසි විතරයි.
තනියම. කැඩිලා. කෙට්ටු චූටි කෙල්ලෙක්. ඇස් යට කළු වෙලා, තොල් සුදුමැලි වෙලා, කොණ්ඩේ ජීවිතේ වගේම අවුල් වෙලා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘messy’.
ඒත් දැන්... දැන් ඒ frame එක වෙනස්.
දැන් අරුණත් ඉන්නවා. එයාගේ පිටිපස්සෙන්. උසයි. එයාගෙම හයියට වගේ. කළු shirt එක තෙතට, සිතැසිගේ කඳුලුවලට.
සිතැසි හෙමින් ඔලුව ඉස්සුවා. Reflection එක දිහා බැලුවා.
අරුණ කණ්ණාඩියෙන් පේන සිතැසිගේ ඇස් දෙක දිහාම බලන්, හෙමින් නැමිලා සිතැසිගේ උරහිස ගාවට එයාගේ නිකට තියාගත්තා.
ඊට පස්සේ අත් දෙක හෙමින් සිතැසිගේ ඉන වටේ යවලා, පිටිපස්සෙන් හිර කරගත්තා. තදට. ආරක්ෂාවට. හරියට මේ ලෝකේ කිසිම කුණාටුවකට එයාව අරන් යන්න දෙන්නේ නෑ කියන්න වගේ.
“පේනවද...?”
අරුණගේ හුස්ම සිතැසිගේ කන ලඟ. උණුහුමට කනේ පොටත් රතු වුනා.
“ම්ම්...”
සිතැසිට වචන නෑ. උගුරේ හිරවෙනවා වගේ. ඇස් ආයෙමත් බොඳ වෙනවා.
“මගේ ලෝකේ...”
අරුණගේ කටහඬ දෝංකාර දුන්නා.
“මගේ ලෝකේ... මේ චූටි කෙල්ල... සිතැසි දිතාරා ජයසුන්දර...”
නම. එයාගේ නම. අරුණගේ කටින්. තරහෙන් නෙවෙයි. වේදනාවෙන් නෙවෙයි. ආදරෙන්. අයිති කරගැනීමකින්.
“අ... අයියේහ්...”
සිතැසිගේ කටහඬ බිඳිලා ගියා. ඒ එක වචනයක් ඇති. අවුරුදු 9ක බලාගෙන හිටපු සැනසීම දෙන්න.
“කෝ ඉතින්... ඔය කඳුළු පිහිද ගමු...”
අරුණ එයාගේම shirt එකේ අතින්, හෙමින් හෙමින් සිතැසිගේ කම්මුල් දෙකම පිහදැම්මා. මාපට ඇඟිල්ලෙන්, පරිස්සමට, හරියට වටිනාම පෝසිලේන් බෝනික්කෙක් අල්ලනවා වගේ. රළු අතේ මෘදුම ස්පර්ශය.
“ඔයාට... හැමදාම... මට වඩා ලස්සන කෙල්ලෝ හම්බෙනවා නේ...”
සිතැසි කොඳුරුවා. තාමත් අවිශ්වාසයෙන්. අවුරුදු ගානක් හිතේ හිර කරන් හිටපු බය.
අරුණ හිනා වුනා. හැබැයි කටින් නෙවෙයි. පපුවෙන්. ඒ හිනාව සිතැසිගේ පිටට දැනුනා.
“මල් වත්තක් තිබ්බත් වැඩක් තියෙනවද... මට ඕන, මන් ආස මල නැත්තන්...?"
“අයියේ... මන්... ඉතින්...”
සිතැසිට වචන පටලැවෙනවා. හදවත කෑ ගහනවා, ඒත් කටට එන්නේ නෑ.
“ඉන්න...”
අරුණ එක අතකින් සිතැසිව තාමත් තුරුල් කරන්, අනිත් අතින් සිතැසිගේ messy bun එක හෙමින් ගැලෙව්වා. කළු, දිග කොණ්ඩේ දිය ඇල්ලක් වගේ පිට දිගේ කඩාගෙන හැලුනා. සුවඳයි. Shampoo එකේ සුවඳ විතරක් නෙවෙයි. සිතැසිගේම සුවදත් එක්කම...
අරුණ එයාගේ ඇඟිලි ඒ කොණ්ඩේ අස්සෙන් යවලා, හෙමින් පීරුවා. හැඩ කළා.
“දැන් තව ලස්සනයි...”
එයා කොඳුරුවා. කණ්ණාඩියෙන් බලන්.
සිතැසිගේ ඇස් දැන් ටිකක් දිලිසෙනවා. කඳුළු වලට නෙවෙයි. අලුත් එළියකට. බලාපොරොත්තුවකට.
“හැබැයි...”
අරුණගේ කටහඬ එකපාරටම වෙනස් වුනා. යටි හිතේ හිනාවක්. කෝටි ගානක වටිනා රහසක් දන්නවා වගේ හිනාවක්.
“ම්ම්ම්...?”
සිතැසි ඇස් උස්සලා කණ්ණාඩියෙන් අරුණගේ මූණ බැලුවා.
“තව ලස්සන කරන්න පුලුවන්...”
කෙල්ලට පේනවා කොල්ලගේ මූණේ අමුතු හිනාවක්. තමන්ගේම දෙයක් රැකගන්න, ආදරෙන් මත් කරන්න හදන මිනිහෙක්ගේ හිනාවක්.
ඊළඟ තත්පරේ, අරුණ කණ්ණාඩියෙන් පේන සිතැසිගේ ඇස් දෙක දිහාම එක එල්ලේ බලන්, හෙමින් එයාගේ බෙල්ලට මුහුණ තියාගත්තා.
හාදුවක්...
තෙතයි. උණුහුමයි. හෙමින්.
හරියටම ස්පන්දනය ගැහෙන තැන. අරුණගේ නම කිය කිය ගැහෙන තැන.
සිතැසිගේ ඇස් ඉබේටම පියවුනා. හුස්ම එකපාරටම හිර වුනා. ඉන වටේ තිබ්බ අරුණගේ අත් තවත් තද වුනා. එයා අරුණගේ අත් දෙක එයාගේ අත් දෙකෙන් අල්ලගත්තා. නියපොතු එයාගේ සමට තද වුනා. රිදෙන්න නෙවෙයි. වැටෙන්න යන හිත අල්ලගන්න.
අරුණ නවත්තන්නේ නෑ. දිගටම. හෙමින්. එක හාදුවක්. තව එකක්. තව එකක්. බෙල්ල දිගේ උඩට. කන යටට. හකු යටට.
කෙල්ල ඇඹරෙනවා. අරුණගේ අත් වල හිර වෙලා. රැවුල් කොට කිචි කවනවා. ඒ කිචි කැවෙන සනීපෙට, වෙව්ලනවා. කෙඳිරි ගානවා.
“ම්... අරුණ..."
නම මිමිණුවේ ඉබේටම.
අරුණ නතර වුනා. සිතැසිගේ කන ලඟටම එයාගේ තොල් තියාගෙන කොඳුරුවා. කටහඬ බරයි. ආදරෙන් මත් වෙලා.
“ම්... දැන් බලන්න... ලස්සනයි... මේ චූටි කම්මුල් රෝස පාට වෙලා මගේ කෙල්ලගේ...”
‘මගේ කෙල්ල’.
ඒ වචන දෙක ඇහුන ගමන් සිතැසිගේ හදවත පපුව කඩාගෙන එලියට පනින්න දඟලන්න ගත්තා..
එයා හෙමින් ඇස් ඇරියා. කණ්ණාඩියෙන් දැක්කේ වෙනමම කෙල්ලෙක්ව.
ඇස් යට කළු නෑ. තියෙන්නේ දිලිසීමක්. කම්මුල් සුදුමැලි නෑ. තියෙන්නේ අරුණගේ හාදු වලින් පෙවිච්ච රෝස පාටක්. තොල් වෙව්ලනවා. ඒත් දුකට නෙවෙයි. දරාගන්න බැරි තරම් සතුටකට.
ඒ එයා. අරුණගේ ලෝකේ. අරුණගේ කෙල්ල.
“There’s my perfect little pearl.”
අරුණගේ කටහඬ වැස්සත් එක්ක මිශ්‍ර වෙලා කෙල්ලගේ පපුව ඇතුලටම කිඳා බැස්සා
සිතැසිට හිතාගන්න බෑ. කනට වැටුන වචන ඇත්තද කියලා විශ්වාස නෑ.
මේ හැමෝම බය, හැමෝම ගරු කරන, ‘Ice King’ කියලා හොරෙන් කතා කරන අරුණ දේවින්දගේ... ‘perfect little pearl’ එයාද?
කෙල්ල හෙමින් ඔලුව හරවලා mirror එකේ ඉන්න අරුණ දිහා බැලුවා. ඇස් උස්සලා.
ඒ ඇස් වල... මහන්සියක්. ලොකු මහන්සියක්. වැස්සට තෙමිලා, හිතේ ගින්දරට පිච්චිලා, නිදි මරාගෙන ඉන්න මහන්සියක්. කොණ්ඩේ තෙතට නළලට, කම්මුල් වලට ඇලිලා. කලු shirt එක තාම තෙතට ඇඟටම ඇලිලා, හුස්ම ගන්නකොට පපුව උඩ පහල යනවා.
හිටගෙන ඉන්න පණ නැතුව ඇති. වැටෙයි වගේ. ඒත්...
විනාඩි 15කට කලින් living area එකේ බිම ඉඳගෙන, කෑලි කෑලි වලට කැඩිලා අඬපු කෙල්ල ලඟට දුවගෙන ආවේ මේ මනුස්සයා. වඩාගෙන, නලවලා, හුරතල් කරලා, 'රත්තරනේ' කියලා..
සිතැසිට පුදුමයි. මුළු company එකක්ම, මුළු industry එකක්ම බය මේ මනුස්සයට... මෙහෙම ආදරේ කරන්න පුලුවන්ද කියලා. මේ තරම් මෘදු වෙන්න පුලුවන්ද කියලා. ගල් හිතක් උණු වෙලා දිය වෙලා ගලාගෙන යනවා වගේ.
“අයියේ...”
සිතැසිගේ කටහඬ හෙමින්. බයට වගේ.
“ම්ම්...”
කොල්ලා ඇස් පියන් කෙල්ලගේ උරහිසෙන් ඔලුව තියාගෙන. හුස්ම උණුහුම බෙල්ලට වදිනවා. අත් දෙක තාමත් ඉන වටේ. අතෑරලා නෑ. අතාරින්න බය වගේ.
“ඔයා යන්න දැන්... රෑ වෙලා...”
කෙල්ල කණ්ණාඩියෙන් එයාගේ මූණ දිහා බලන්නෙම නැතුව කිව්වා. මොකද බැලුවොත් ආයෙමත් කැඩෙයි.
“බෑ...”
එක වචනයයි. තදයි. ස්ථිරයි. කතා දෙකක් නෑ.
“ඒ ඇයි...?”
“මං ගියාම උඹ ආයෙ ඇඬුවොත්...?”
අරුණ ඔලුව ඉස්සුවේ නෑ. නිකට උරහිසටම තද කරන්.
“එක්කෝ උඹ මන් එක්ක යන්න ඕනේ. නැත්තන් මං ඉන්නවා. තෝරගනින්.”
සිතැසිගේ ඇස් ලොකු වුනා.
“මහන්සියිනේ...”
කෙල්ල කොඳුරුවා. අරුණගේ ඇස් යට කළු වෙලා තියෙන හැටි, හුස්ම ගන්න අමාරුවෙන් වගේ ඉන්න හැටි දැකලා.
“නෑ...”
“බොරු...”
සිතැසි දන්නවා. එයාට පේනවා.
“ටිකක්...”
අරුණ අන්තිමට පිළිගත්තා. කටහඬ හෙමිහිට.
“ඒකනේ... නිදාගන්න... ගෙදර යන්න අයියේ...”
“ඉන්න දීපන් ටිකක්...”
අරුණගේ කටහඬ එකපාරටම සැර වුනා. උරහිසෙන් ඔලුව අයින් කරලා, කණ්ණාඩියෙන් සිතැසිගේ ඇස් දිහා කෙලින් බැලුවා. අයිස් නෙවෙයි. ගින්දර.
“මට ඕනේ මෙහෙ ඉන්න. උඹ ලඟ.”
“අයියේ...”
සිතැසිගේ කටහඬ වෙව්ලුවා.
“රෑ ඉන්න එපා... හරි නෑ ඔයාට... මිනිස්සු..."
“මොනාද හරි නැත්තේ...?”
අරුණගේ ඇහි බැම ඇද වුනා.
“මං මගේ කෙල්ල ලඟ ඉන්න එකද?”
‘මගේ කෙල්ල’. ආයෙමත්. පපුව පිච්චිලා යනවා.
“ඉන්න එක... අම්මලා...”
සිතැසි වචන හොයනවා..
“Company එක... කතා හැදෙයි...”
“මං අම්මාට කිව්වා.”
අරුණගේ කටහඬ බිමටම වැටුනා. නිශ්චලයි. අවසාන තීන්දුව වගේ.
“If it’s her or no one. කියලා.”
සිතැසිගේ ලෝකේ එක තත්පරෙන් නතර වුනා. හුස්ම ගන්න අමතක වුනා.
“අයියේහ්...”
නම විතරයි කියවුනේ. කඳුලු ආයෙමත් උනනවා.
“ඇයි මාව යවන්නම දඟලන්නේ...?”
අරුණගේ කටහඬේ දැන් තියෙන්නේ රිදීමක්. පොඩි ළමයෙක් වගේ.
“එහෙම නෑ..."
"නැත්තේ කොහෙද...?”
සිතැසි ඔලුව වනනවා.
“නෑ නෑ... මම... මම ඔයාට මහන්සියි කියලා...”
“අයියේ...”
සිතැසි ආයෙමත් කතා කළා. මේ පාර කටහඬ හරිම පොඩියි. කැඩිලා.
“කියන්න...”
අරුණ හෙමින් කෙල්ලගේ කොණ්ඩේ අතගානවා.
“මොකක්ද?”
සිතැසි තත්පර ගානක් ගත්තා. හුස්මක් ගත්තා. පපුව පුරවලා. ඊට පස්සේ ඇස් පියාගෙන, වෙව්ලන තොල් වලින් පිට කළා අවුරුදු ගානක් හිර කරන් හිටපු වචන ටික.
“මං... මං කොහොමද කියන්නේ... මං කැමතියි කියලා...”
අරුණගේ ඇඟ එකපාරටම ගල් වුනා. අත් දෙක සිතැසිගේ ඉන වටේ හිර වුනා. ඇස් ලොකුවට ඇරුනා ඒ ප්‍රශ්නේ නිසා. හුස්මත් නතර වුනා.
“මොනාටද...?”
අරුණගේ කටහඬ බොහොම හෙමින්. විශ්වාස කරන්න බැරුව. හීනයක්ද කියලා බලන්න වගේ.
සිතැසි ඇස් ඇරියා. කණ්ණාඩියෙන් අරුණගේ ඇස් දිහාම බැලුවා. කඳුලු පිරුනු, ඒත් තීරණේකින් පිරුනු ඇස්.
“මට ඕනේ... ඔයාගේ... වෙන්න...”
වචන එක එක පිටවුනා. හුස්මවල් අතරින්.
“මං... මං ඔයාට... ආදරෙයි අයියේ... ගොඩක්... ඉස්සර ඉඳන්ම...”
අරුණගේ ලෝකේ ඒ තත්පරේ පිපිරුනා. කඩාගෙන වැටුනා. ආයෙමත් හැදුනා.
අවුරුදු 6ක බලාගෙන හිටපු වචන. අවුරුදු 6ක හීන. අවුරුදු 6ක වේදනාව.
එයා හෙමින් සිතැසිව එයා දිහාට හරෙව්වා. දෝතින්ම ඒ පොඩි මූණ අල්ලගත්තා. මාපට ඇඟිල්ලෙන් කඳුලු පිහදැම්මා.
“එහෙනම් අහගනින් චූටි මැඩම්...”
අරුණගේ කටහඬ වෙව්ලනවා. ඒත් ස්ථිරයි.
“උඹ මගේ. ඊයේ ඉඳන් නෙවෙයි. අද ඉඳන් නෙවෙයි. මට උඹව මුලින්ම දැක්ක දවසේ ඉඳන් උඹ මගේ. තේරුනාද?”
සිතැසිට උත්තර දෙන්න බැරි වුනා. එයා ඇඬුවා. ඒත් මේ පාර දුකට නෙවෙයි.
අරුණ හෙමින් නැමිලා, ඒ තෙත් වෙච්ච, වෙව්ලන තොල් දෙකට එයාගේ තොල් තිබ්බා.
සනසන හාදුවක් නෙවෙයි මේ. අයිති කරගන්න හාදුවක්. අවුරුදු ගානක පොරොන්දු, බලාපොරොත්තු, වේදනා ඔක්කොම එකට එකතු කරපු හාදුවක්.
සිතැසිගේ අත් දෙක ඉබේටම අරුණගේ shirt එකෙන් අල්ලගත්තා. තද කරලා. අතාරින්නේ නෑ කියන්න වගේ.
‘Perfect little pearl’.
🙈❤️ හම්මේ.....
Channel Link: https://t.me/Back_to_Us