Back to Us

Back to Us

Newbiee <3
Years of silence, One unexpected meeting






Episode 77





Previous Episode: https://telegra.ph/Back-to-Us-08-08






Narrator's POV




"සිතූ..."


අරුණගේ කටහඬ ගැඹුරුයි.. ලඟ නිසා. කනටම කියනවා වගේ. 

"බයද?"


"නෑ."

සිතැසි කිව්වා. තොල් වෙව්ලනවා. බොරුවක්. බයයි. වෙව්ලනවා. ආසයි.

හැබැයි පස්සට ගියේ නෑ. ආයෙමත්... ඇස් පියාගත්තා.


අරුණ හරි හෙමීට තව කෙල්ල දිහාවට බර වුනා... දැන් දෙන්නා අතරේ වියතකටවත් වඩා අඩු දුරක් තිබුනේ...

කොල්ලගේ ඇගිලි රස්නෙයි... කෙල්ලට දැනෙනවා... නිකටින් අල්ලන් ඉන්න ඇඟිලි.


සිතැසි ගැස්සුනේ නෑ මේ පාර. ඇස් පියාගත්තා. හෙමින්. 

දවස් ගානක් දැකපු නැති මූණ.... විදපු නැති ඒ උනුහුම...

දැන් අඟල් ගානක් එහායින්. හුස්ම වැටෙනවා නිකටට. තොල් වලට. රස්නෙයි.


"මට සමාව දෙන්න බෑද?"

අරුණ ඇහුවා. හාදුවක් ඉල්ලුවේ නෑ. සමාව ඉල්ලුවා. හුස්ම උඩින්.

ඇඟිලි තුඩු කම්මුල දිගේ උඩට ගියා. හෙමින්. කඳුලක් පිහදානවා වගේ. කඳුලු නෑ. හැබැයි එන්න ලඟයි.


"දන්නෑ..."

සිතැසි මිමිණුවා. වචන නෑ. හිතේ තියෙන දේ කියන්න වචන මදි.

තරහයි තාම. රිදිලා තාම. හැබැයි... මේ මොහොත...


අරුණගේ නළල ආයෙමත් සිතැසිගේ නළලට තිබ්බා. මේ පාර අඳුරේ. ඉටිපන්දම නිවිලා.

ඇස් දෙකම වහලා. හුස්ම ගන්නවා. එකම රිද්මෙට දැන්.... දෙන්නම...


තොල් වලට හුස්ම වැටෙනවා. රස්නෙට. වෙව්ලනවා.


තත්පරයක්. දෙකක්. තුනක්.


ටිකකින් අරුණ සිතැසිගේ දෙතොල් වලට නැබුරුවෙද්දිම...


ට්‍රක්


Current එක ආවා...

light එලියෙන් එකෙන් room එකම පිරෙද්දී...


දෙන්නගෙම ඇස් නිලන්කාර වෙද්දි..

දෙන්නම ගැස්සිලා ඈත් උනා.


හැබැයි සිතැසිගේ කම්මුලේ තියන අරුණගේ අත තවමත් එහෙමයි.

අත ඇරියේ නෑ.


Room එකේ නිහඬතාවය වෙනස් උනා.

දැන් ඒක ලැජ්ජාවයි. බයයි. සහනයි එකට.







අරුණ ගැස්සිලා ඈත් උනත්... අත ඇරියේ නෑ. 

ඒ වෙනුවට සිනිදුවට මාපට ඇඟිල්ලෙන් සිතැසිගේ කම්මුලේ රටා අදින්න පටන් ගත්තා.


එයාගේ ඇඟිලි තුඩු හරි මෘදුවයි.

සීතල වෙලා තිබ්බ කම්මුල උඩ රස්නෙ කවයන් ඇදෙනවා වගේ.

ඉහළට. පහළට. කන ළඟින් වටේට.

ඒ ස්පර්ශෙට කඳුළු නෙවෙයි. සිතැසිගේ හිතේ තිබ්බ බර ටික ටික සැහැල්ලු වෙන්න ගත්තා...


"දැං නේ හරියටම දැක්කේ..."


අරුණ කියන්නේ පොඩි teasing tone එකකින්. 

තොල් වල කොනේ හිනාවක්. ඒත්...


ඒ ඇස් වල නම් තිබ්බේ වෙන දෙයක්.

සිතැසි ගැන ලොකු උනුහුමක්. 

අවුරුදු ගානක් හංගන් හිටපු ආදරයක්. 

'මන් ආයෙමත් ඔයාව නැති කරගන්න බෑ' කියන බයකුයි.


සිතැසි වචනයක්වත් කතා කලේ නෑ.

ඒ වෙනුවට තාම තමන්ගේ අතින් අල්ලන් ඉන්න අරුණගේ අනිත් අත දිහා බැලුවේ.

ඒ අත තදයි. රස්නෙයි. දවස් 7ක් තනිකමට පස්සේ ලැබුනු උනුහුමක් වගේ.


" සිතූ.. මෙහේ බලන්න.. "


අරුණ කතා කරා. හීන් සද්දෙට.


සිතැසි හරි හිමීට ඇස් උස්සලා අරුණ දිහා බැලුවේ.

ඒ දුඹුරු ඇස්. මහන්සියට කළු වෙලා තිබ්බත්... 

ඒ ඇස් වල දැන් තිබ්බේ සීතලක් නෙවෙයි. උනුහුමක්...


අරුණ හරි ආදරෙන් ඒ බෝල ඇස් දිහා බැලුවේ.

ඇසිපිය ගැහුවේ නෑ.


ඊට පස්සේ... හරි රහසින් වගේ කිව්වේ.


" ආය... බලෙන් ගන්නේ නෑ මන්...  ඔයාට ඕන දවසක්... එනකම්... මන් මෙහෙමම ඉන්නම්..."


අරුණ එහෙම හරි සැහැල්ලුවෙන් කිව්වත්...

සිතැසිගේ පපුවේ මොකක්දෝ කැඩුනා වගේ උනා.


ඒ වචන වල උනුහුම තිබුනා. 

ඒත් ඒ එක්කම එදා Villa එකේදී වගේම තනිකමක සීතලකුත් තිබුනා.


අරුණ ආයෙමත් ඈත් වෙනවා ද?

ආයෙමත් 'මන් ඉන්නම් ' කියලා ආයමත් තනියම දාලා යනවා ද?


සිතැසි මොකුත් නොකියා බලාගෙන හිටියේ... 

ආයෙමත් තමන්ගෙන් ඈත් වෙන අරුණ දිහා.


දවස් 7කට පස්සේ ලැබුනු අතේ රස්නෙත්... 

ඒ කම්මුලේ ඇඳුනු රටාවල උනුහුමත්... 

හැමදේම ආයමත් දැන් නැති වෙනවා ද?


"රෑ උනා සිතැසි. ඔයාට උදේ presentation එකකුත් තියෙනවා නේ... මන් යන්නම්... rest එකක් ගන්න... "


අරුණ කිව්වේ නැගිටින ගමන්.


ඒත් කම්මුලේ තිබ්බ අත තාම අයින් කරේ නෑ.

අන්තිම වතාවට වගේ මාපට ඇඟිල්ලෙන් එක රටාවක් තව ඇන්දා.

සිනිදු. මෘදු. සමුගැනීමක් වගේ.


අරුණ නැගිටලා දොර දිහාට හැරුනා.

පියවරක්. දෙකක්.


සිතැසි තාම ඇදේ. 

අත හිස්. කම්මුල හිස්. 

හිතට දැනුනේ Villa එකේදී ඈත් වෙනකොට දැනුනු ඒ බරමයි.


ලෝකේ ආයෙමත් නිහඬයි.

Light එක තිබුනත් room එක අඳුරුයි.


අරුණ දොරේ handle එකට අත තියද්දි...

පස්සට හැරුනේ නෑ.


"Good night චූටි මැඩම්"


එච්චරයි. ඒකත් හීන් සද්දෙට.


දොර ඇරුනා. සීතල සුළඟක් ඇතුලට ආවා.


සිතැසි ඇස් පියාගත්තා.

ආයෙමත් තනිකම පටන් ගන්න.







🫣❤️ අදහස් කියාගෙන යන්නෝ...






Channe Link: https://t.me/Back_to_Us








Newbieee <3

Report Page