Back to Us

Back to Us

Newbiee <3
Years of silence, One unexpected meeting




Episode 76





Previous Episode: https://telegra.ph/Back-to-Us-07-31-2




Sithasi's POV - 1.10 am - Boarding House Room


විනාඩි 45 කට විතර පස්සේ මන් presentation එකත් හදලා ඉවර කරලා පුටු ඇන්දට හේත්තු උනේ ලොකු හුස්මක් එක්කයි...


පපුවේ තිබ්බ ලොකු බරක් බිමින් තිබ්බා වගේ. ඒත් ඇස් දෙක තාම පිච්චෙනවා.


" ඉවරද...? "


අරුණ ඇහුවේ මහන්සිය පිරුණ කටහඬකින්..


මන් හැරුනා.


එයා ඇදේ. ඇද විට්ටමට හේත්තු වෙලා.

ඇස් යට dark circles. මූණේ මහන්සිය කියවෙනවා.

ඒත් ඒ ඇස් තවම මා දිහා විතරයි.


" ඕ..."


මන් කිව්වේ පුන්චි හිනාවකුත් එයාට දෙන ගමනුයි...

දවස් 7කට පස්සේ දීපු පලවෙනි ඇත්ත හිනාව.


එයා කිසිම දෙයක් කිව්වේ නෑ. ඒ වෙනුවට ඇදේ එයා ලගින් mattress එකට තට්ටු කලේ මට එයා ලගට එන්න කියලා සන් කරන ගමනුයි..


" එන්න... "


මම laptop එක shutdown කරලා ඇදේ අයිනෙන් වාඩි උනේ අරුණ ලගින් එයාට මුහුනලයි.

අඟල් 2ක් විතර. ලඟ වැඩියි. ඒත් ඈත් වැඩියිත් වගේ...


අරුණ ටිකක් ඉස්සරහට නැවුනේ මගේ මූණ පැහැදිලිව බලාගන්න වගේ.

දවස් 7කට පස්සේ...

ඒත් තරහද? බයද? මොකක්ද ඒ ඇස් වල තියෙන්නේ කියලා අඳුනගන්න බෑ.


" අයියේ...? "


මගේ කටහඩ මටත් හිතා ගන්න බැරි තරමට බාල වෙලා...

උගුරේ මොකක්ද හිර උනා වගේ...


අරුණ උත්තර දුන්නේ නෑ.

එයා හෙමින් මගේ පිටිඅල්ල දිගේ අත යවලා මගේ අතින් අල්ල ගත්තා.


රස්නෙයි.

ඒ අතේ රස්නෙටම මගේ මුලු පපුවම හෙල උනා වගේ...


" වැඩ ඔක්කොම ඉවරද චූටි මැඩම්..."


සද්දෙ හීන්. ආඩම්බරේයි. මහන්සියයි. මොකක්දෝ රිද්දන ගතියකුයි එකට.


මන් ඔලුව උස්සලා බැලුවා.

එයා තාම මා දිහා. ඇසිපිය නොහෙල.


'ඇයි කතා නොකලේ' අහන්න හිතුනට කටින් වචනයක් ආවේ නෑ.


ඒ වෙනුවට මන් කරේ...

එයා අල්ලන් උන්නු අත තව තදට අල්ලගත්ත එක..


"ඉවරයි... අයියේ"


" මහන්සි පාටයි..."


එයා කිව්වේ හරි බාල සද්දෙකින්.

ඒ එක්කම එයාගේ නිදහස් අත උස්සලා...

මගේ මූනට වැඩුනු නිදහස් කෙස් රොදක් කන පිටිපස්සෙන් රැදෙව්වා.


එයාගේ රස්නේ ඇඟිලි තුඩු මගේ සීතල කම්මුලේ ගැටුන ගමන්...


පපුවේ ඇතුලේ මොකක්දෝ කැඩුනා වගේ.


දවස් 7ක්.

ඒ දවස් 7ටම මන් හිත හයියෙන් තියාගෙන හිටියේ...

'තරහයි', 'අමතකයි', 'ඕන නෑ' කිය කිය.


ඒත් දැන්...

එයාගේ එක ඇඟිලි ස්පර්ශෙකින් ඔක්කොම කඩා වැටුනා.


මට හුස්ම ගන්න බැරි තරමටම ඒ ඇගිලි තුඩුවල බර දැනුනේ.. මන් ඇස් පියාගත්තෙම කදුලු වැටෙයි කියන බයටමයි...


අරුණ මොකුත් කිව්වේ නෑ.

ඒ අත එහෙම්ම මගේ කම්මුල උඩ.

එයාගේ අතේ රස්නෙ දැනෙද්දි මගේ උගුරේ මොකක්ද හිර උනා.


"...අයියේ"


ඒ විතරයි පිට උනේ.


උත්තරේට අරුණ මගේ කම්මුලට පොඩ්ඩක් තෙරපුවා.

'මන් ඉන්නවා' කියනවා වගේ.


මන් ඇස් ඇරියේ නෑ. මේ මොහොත නැති වෙයි කියලා බයයි.


Room එක නිහඬයි.

ඒ නිහඬතාවේ මැද්දේ අපි දෙන්නගේ හුස්ම විතරයි.




Narrator POV - Boarding House Room


අරුණ බලන් උන්නේ... තමන් ඉස්සරහා ඉන්න... අවුරුදු ගානක් තමන් තනියම ආදරේ කරපු ඒ චූටි කෙල්ල දිහා...


ඇස් පියන් අරුණගේ අතේ උනුහුම විදින කෙල්ල දැක්කම කොල්ලට පපුවේ මොකක්දෝ උනා..


රිදුනා. ඒ එක්කම නිවුනා.


Room එකම නිහඬයි... එලියේ වැස්සේ සද්දේ විතරයි...

ඉටිපන්දමත් දැවි දැවී ඉවර වෙන්න ලගයි...


තිරයත් වෙව්ලන්න ගත්තේ දෙන්නාගේ සෙවනැලිත් සුදුපාට බිත්තියේ ලොකුවට සටහන් වෙද්දී..


අරුණගේ ඇස් වල තියෙන්නේ මහන්සියක් නිදිමතක් නෙමෙයි...


සාගින්නක්...


නිදිමතට නෙවෙයි.

වෙන කිසිම දෙයකට නෙවෙයි.


මාස ගානක් බලන් ඉඳලා. මාස ගානක් රණ්ඩු වෙලා. මාස ගානක් තනියම නිදාගෙන. දැන් අගල් දෙක තුනක් දුරින්. ඉටිපන්දම් එලියෙන්.

අතේ තියෙන්නේ එයාගේ අත. කම්මුලේ තියෙන්නේ එයාගේ රස්නෙ.


තව මොනාද ඕන?


"සිතූ..."


අරුණ මිමිණුවා. හුළඟට වගේ. හැබැයි ඇහුනා පැහැදිලිවම....


ඒ නම කියනකොට එයාගේම කටහඬ වෙව්ලුනා.


සිතැසි ගැස්සුනා. ඇස් පියාගෙන හිටපු කෙල්ලට ඒ නම ඇහුනා.


හෙමින් ඇස් ඇරපු සිතැසිගේ ඇස් නතර උනේ...

අවුරුදු ගානකට කලින් ඉදන්ම චූටි හිත පිස්සු වට්ටවපු ඒ දුඹුරු පාට ඇස් දෙක ලග...


ඒ ඇස් වල තරහ නෑ.

ඒ ඇස් වල ප්‍රශ්න නෑ.

ඒ ඇස් වල තිබුනේ... 'මන් ආවා' කියන එක විතරයි.


සිතූ.


සිතැසිගේ මූණ රත් වෙලා. ඉටිපන්දම් එලියටත් වඩා රත් වෙලා. බෙල්ල දිගේ රස්නේ යනවා. සිතැසි බිම බලාගත්තා. උත්තර නෑ. වචන නෑ. ලැජ්ජයි. බයයි. ආසයි.

අරුණ හෙමින් කෙල්ලගේ නිකටින් මූන තමන් දිහාවට ඉස්සුවා.. හෙමීට.. හරියට රිදෙයි වගේ... කෙල්ලගේ ඇස් දෙක දිහා බලාගෙන. ඉටිපන්දමේ තැඹිලි පාට එලියට කෙල්ලගේ ඇස් දිලිසෙනවා... කඳුලුද? බයද? ආදරේද?


ඔක්කොම වෙන්න ඇති.








🙈🌝 අදහස් කියාගෙන යන්නෝ..... ❤️








Channe link: https://t.me/Back_to_Us





Newbiee <3

Report Page