Back to Us

Back to Us

Newbiee <3
Years of silence, One unexpected meeting





Episode 75






Previous Episode : https://telegra.ph/Back-to-Us-07-31






Sithasi's POV - 12.02 am -Boarding House


අරුණ ඉන්න විදිය දැක්කාහම... ආයෙමත් යන්න කියන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ.


වැස්සට තෙමෙලා. කොණ්ඩෙ බෙල්ලට ඇලිලා.

කළු shirt එක උරහිස ළඟ තෙමෙලා.

ඒත් ඇස්?

ඒ ඇස් වල තිබුනේ CEO කෙනෙක්ගේ, ice king ගේ සීතල නෙවෙයි.


බයයි. මහන්සියයි.


මම දොර සම්පූර්ණයෙන්ම open කලා. ඇතුලට invite කරන ගමන්. වචනයක්වත් නැතුව.


අරුණ උත්තර දුන්නේ නෑ. කතාවක් නැතිවම ඇතුලට ආවා. වැස්සේ සුවඳයි, එයාගේ familiar සුවඳයි එකට ඇතුලට ආවා.


එයා Door එක ලඟ ඉඳන් Room එක දිහා බැලුවා. Laptop එක. ඉටිපන්දම. Presentation papers.


ඊට පස්සේයි මන් දිහාවට හැරුනේ... වචනයක්වත් කතා නොකර ඒ දුඹුරු පාට ඇස් වලින් මන් දිහා බලන් උන්නා.. ඉටිපන්දම් එලියට ඒ ඇස් දිලිසෙනවා....


වචන නෑ.


පාලු දවස් 7ක ප්‍රශ්න 1000ක් ඇස් වල.


අන්තිමට එක දෙයක් විතරයි පිට උනා.


"නිදි නෑ නේ...?"


මන් ඔලුව වැනුවා. නෑ කියලා.


අරුණ එක පියවරක් ලඟට ආවා.


වැස්සේ සීතලයි. ඒත් එයා ලඟ රස්නෙ.


"මන්... සොරි. Call එකක් වත් දෙන්න බැරි උනා."


සොරි?

දවස් 7ක් silence එකට සොරි?

මන් කතාවක් නැතිවම front door එක lock කරලා මගේ room එකට ගියේ එයාට towel එකක් අරන් එන්න.


Cupboard එක open කලේ අත වෙව්ලමින්. සුදු පාට Towel එකක් ගත්තා.


අරුණ එහෙම්මයි. දොර ලඟ. ඒ දුඹුරු ඇස් වලින් මන් දිහා බලන් ඉන්නවා තවම.


Towel එක එයාගේ අතින් තිබ්බේ ඒ ඇස් දිහා බලාගෙනමයි.


"සීතල හැදෙයි... අයියේ... පිහිදගන්නකෝ....."


මන් කිව්වේ නිහඩතාවය බිදින ගමන...


අරුණ මගේ ඇදේ කොනෙන් ඉදගත්තේ towel එකෙන් ඔලුවත් පිහිදගන්න ගමන්.


මන් මගේ table එක ලඟින් හිටගත්තා.

එයා ඇවිත් තාම විනාඩි 5යි. ඒත් room එකේ කලින් තිබුනු පාලු ගතිය නැහැ...


"වැඩ නේද...?"


අරුණ කිව්වේ laptop එකේ screen එක දිහා බලන ගමනුයි. සද්දෙ බාලයි.


මන් හිනා උනා. පොඩි හිනාවක්.


"ඉවරයක් නෑ නේ අයියේ... ඔයා කාලා එහෙමද...?"


මම ඔලුව හරවලා බැලුවා. ඒ ඇස් තාම මන් දිහා.


"ඔව්... එන්න කලින් ශලිඳු එක්ක dinner ගත්තා...."


Dinner. Melbourne. Flight. ශලිඳු.

සාමාන්‍ය වචන.


ඒත් දවස් 7ක්. මට එක message එකක් වත් නෑ.

ඒත් ශලිඳු එක්ක dinner?


"හ්ම්... හොඳයි."


ඒ විතරයි මට කියාගන්න පුලුවන් උනේ.


Room එක ආයෙමත් නිහඬ උනා. එලියේ වැස්සේ සද්දෙ විතරයි..


අරුණ ඇදේ ඉඳන් මගේ laptop එක දිහා බලාන ඉන්නවා... Slides.

ඊට පස්සේ මා දිහා. ඇස් යට කළුයි. මහන්සි.


"නිදි මදි නේද?... Presentation මොකක් ගැනද?"


එයා අහන්නේ වැඩ ගැන. අත දික් කරලා මගේ paper එකක් අතට ගත්තා. මගේ handwriting දිගේ ඇඟිලි යවනවා.


"නිකන් report එකක්... හෙට උදේ 9ට."


එයා ඔලුව වැනුවා. ඊට පස්සේ එක පාරටම නැගිට්ටා.


"මන් උදව් කරන්නම්..."


ටිකක් ලඟට ආවා. මගේ පුටුව ගාවින්.

වැස්සේ සීතලයි. ඒත් එයාගේ ඇගෙන් radiate වෙන රස්නේ මගේ ඇගට තදින් දැනෙනවා...


"ඔයා ආවා විතරනේ අයියේ... ඉදගෙන ඉන්න..."


මම කිව්වේ හඬ බාල කරනගමන්


අරුණ හිනා උනා. පොඩියට.


"පොඩි jet lag එකක් විතරයි තියෙන්නේ..."


අරුණ කිව්වේ සැහැල්ලුවට.

ඒත් ඒ මූණ? ඇස් යට කළුයි. මහන්සිය පේනවා...

Melbourne වල meetings වල මහන්සියයි, Flight එකේ මහන්සියයි, හැමදේම එකට.


"අයියේ...."


මන් ටිකක් තදින් කිව්වා.


එතකොටයි ඒ මහන්සිය පිරිලා තිබුන ඇස් වල... දවස් ගාණකට කලින් තිබුන... ඒ හුරුපුරුදු දගකාර spark එක ආයෙමත් මතු උනා.


තප්පරයක්.


"හරි හරි චූටි මැඩම්... ඔයා වැඩේ කරගෙන යන්න.. මන් ඉන්නම් ඉදගෙන..."


ඇස් නටවන ගමන් කිව්වේ.


ඊට පස්සේ එයා මගේ ඇදේ කොනෙන් වාඩි උනා. ඇදවිට්ටමට හේත්තු වෙලා. ඒත් ඇස්? ඇස් මා දිහා විතරයි.


Towel එක තාම අතේ. ඔලුව පිහිද පිහිද මන් දිහා බලනවා.


CEO නෑ. Ice King නෑ.

ඉන්නේ මහන්සි වෙලා ආපු කොල්ලෙක්. 'උඹව දැක්කම ඇති' කියන කොල්ලෙක්.


"Slide මොකක්ද දැන්? පෙන්නන්න."


මන් laptop එක පැත්තට හැරෙව්වා...


ඉටිපන්දමේ එලිය අඩු වෙනවා. ඒත් එලියේ වැස්ස තවම නතර වෙලා නැහැ.


Room එකේ තියෙන්නේ... එයාගේ හුස්ම සද්දෙ විතරයි.


ඒකත් මහන්සියෙන්.











Arun's POV - 12.22 am


මන් ඇදේ කොනෙන්, ඇදවිට්ටමට හේත්තු වෙලා උන්නේ සිතැසි වැඩ කරන දිහා බලාගෙනයි.


White skinny t-shirt එකක්.

සරලයි. ගෙදර ඉන්න විදිහට.

මේසෙට නැමිද්දි පිට පැත්තේ රේඛාව පේනවා. මේ ටික දවසට තවත් කෙට්ටු වෙලාද කියලත් හිතෙනවා...


කලවා මැද හරියට වගේ තියෙන black color short එකක්. School යන පොඩි කෙල්ලෙක් වගේ කියලයි හිත කියන්නෙම... කකුල් දෙකම දණහිසෙන් නමලා පුටුව උඩට අරන්... යටි තොලත් හපාගෙනම වැඩ...


කොණ්ඩේ,


Messy bun එකක්.

පැන්සලකින් ගහලා. අතට අහුවුනු විදිහට වගේ.

වැඩ කරද්දි කෙස් රොදවල් කීපයක්ම බෙල්ලට වැටෙනවා. බෙල්ල ළඟ දාඩිය නිසා ටිකක් තෙමෙලා.


ඉටිපන්දමේ එලිය එයාගේ සම උඩට වැටෙනවා.

නිදි මදි. ඇස් යට කළුයි.

Laptop එකේ එලියට නළල රැලි වෙලා. Slide එකක් හදනවා.


මේකද මන් දවස් 7ක් මග හැරියේ?


Melbourne වල board room. Suit. Tie.

මන් CEO වෙන්න ඇති.

ඒත් මෙහෙ ඉන්නේ...


රෑ 12ට. වැස්සට පස්සේ.

නිදි නැතුව. කෑවද නැද්දවත් දන්නේ නැතුව.

වැඩ කරන මගේ චූටි මැඩම්.


පපුව පැත්තේ මොකක්දෝ බරක් දැනුනා වගේ

Jet lag නෙවෙයි. මහන්සියත් නෙවෙයි.

'උඹව නැතුව දවස් 7ක් කොහොමද හිටියේ?' කියන රිද්දන ප්‍රශ්නෙ.


එයා හැරුනේ නෑ.

ඒත් මන් දන්නවා. එයා දන්නවා මන් බලන් ඉන්නවා කියලා.


"තව ඉවර නැද්ද.... ගොඩක් රෑ වෙලා..."


කියන්න සෑහෙන දේවල් තිබුනත් මට කිය උනේ ice king ගේ ඒ අහංකාර වචන ටිකක්.


එයා හැරිලා බලලා ආයෙමත් laptop එක දිහා බැලුවා.



පොඩි හිනාවක්.


ඒ හිනාව දවස් 7කට වඩා වටිනවා...









😌❤️ අදහස් කියාගෙන යන්නො....










Channel link: https://t.me/Back_to_Us









Newbieee <3

Report Page