Back to Us
Newbiee <3
Episode 74
Previous Episode: https://telegra.ph/Back-to-Us-07-16
Sithasi's POV
දවස් ගෙවුනේ. හරි ඉක්මනට.
අරුණ Melbourne වලට පිටත් උනේ Business trip එකක් කියලා. දවස් 7ක්.
යන්න කලින් කිව්වේ "මන් එන්නම්" කියලා විතරයි. වෙන මොකුත් නෑ.
Message නෑ. Call නෑ. Photo එකක් වත් නැහැ.
මම හිතුවේම.... මේ දවස් 7ට හිතට සැනසීමක් එයි කියලා.
"එයා නැති එකට පුරුදු වෙමු" කියලා.
ඒත්?
පාලුයි. මහා ලොකු පාලුවක්.
Boarding එකේ නිහඬතාවය දැන් බරයි. Comfortable නෑ.
උදේට Car එක නෑ. "Good morning චූටි මැඩම්" නෑ.
හවසට "Drop කරන්නම්" කියන කතා නෑ.
Office එකේ වැඩ කරන අතරේ පවා හිත යන්නේ Phone එක දිහාට.
Screen එක on කරලා බලනවා. Nothing.
සැනසීම වෙනුවට ආවේ බරක්.
පපුවේ මැදින් මොකක්දො තද කරනවා වගේ.
ඒ රෑ. Car එකේ.
පපුවට ලන් කරන් තදින් තොල් වලට දුන්න හාදුව....
ඒකෙන් පස්සේ?
අරුණ ආයෙමත් ඒ ගැන කතා කලේ නෑ. මතක් කලේවත් නෑ.
මොකුත් නොවුනා වගේ. "New project එක කොහොමද?" විතරයි.
ඒකද වැඩිය රිදෙන්නේ?
"මතක නෑ වගේ ඉන්න එක" ද?
නැත්නම් "මට ඒක මතක් උනාම තාම පපුව ගැහෙන එක" ද?
දවස් 7ක් ඉවරයි.
Melbourne වලින් ආපු flight එක landing වෙයි අද රෑ.
Narrator's POV - 11.30 pm - Airport Terminal
Flight එකට ගොඩ උන වෙලාවේ ඉඳන්ම අරුණගේ හිත තිබුනේ වෙන තැනක.
මේ airport එකේ නෙවෙයි.
Colombo වල පුංචි බෝඩිමක.
ඒ චූටි කෙල්ල ලඟ.
සති 2කට කලින්. Car එකේ.
ඒ හාදුවේ රස තාම තොල් වල. මැකෙන්නේ නෑ.
සිතැසිගේ සුවඳ... ඒ ඇගේ රස්නේ...
තමන්ගේ අත්වලින් තදට තුරුලු කරගත්ත වෙලාවේ දැනුන ඒ සිනිදු බව...
ඒ හැම දෙයක්ම අරුණට තාම මතකයි. හීනයක් වගේ නෙමෙයි... හරි පැහැදිලියි.
Terminal එකෙන් එලියට ආවා.
සීතලයි. අහස වලාකුළු. වැස්ස පටන් ගෙන.
අත් දෙකේ Bage එක විතරයි.
ශලිඳ සද්දෙන් කතාකලා.
"මචං යමන් මන් drop කරන්නම්..."
ශලිඳු. එකම flight එකේ ආවේ.
අරුණ උත්තර දුන්නේ නෑ.
Wristwatch එක දිහා බැලුවා. රෑ 11.30 යි.
හිතේ තිබුනේ එක ප්‍රශ්නයක් විතරයි.
සිතැසි මොනවා කරනවා ඇද්ද?
නිදිද?
නැත්නම් නිදි නැතිව Ceiling එක දිහා බලන් ඉන්න්වාද?
"මට පොඩි වැඩක් තියෙනවා. මන් Pick Me එකක් දාගන්නම්."
සද්දෙ අඩුයි. ඒත් තීරණාත්මකයි.
ශලිඳු ඇස් ලොකු කරලා බැලුවා. Argue කරන්න ආවා.
"මේ වෙලාවේ? වැස්සත් එක්ක?"
ඒත් අරුණගේ මූණේ... ශලිඳු කවදාවත් නොදැකපු expression එකක්.
Ice නෙවෙයි. CEO ගතියත් නෙවෙයි.
අසරණයි. බලාපොරොත්තුවයි. බයයි. ඔක්කොම එකට.
ශලිඳු නතර උනා. මොකුත් කිව්වේ නෑ.
"...හරි මචං. Careful."
එහෙම කියලා ශලිඳු එයාගේ Car එකට ගොඩ උනා. Apartment එකට.
අරුණ Phone එක unlock කලා. වැස්සට තෙමෙමින්ම. Destination එක type කලා.
Vehicle එක එනකම් ටික වෙලාවක් එහෙම්ම හිටියා.වැස්ස බිංදු බෙල්ලට වැටෙනවා. ඒත් දැනුනේ නෑ.
හිතේ තිබුනේ එක දෙයයි.
එයා දැන් පරිස්සමින් ඉන්නවාද කියලා දැනගන්න ඕන. දැන්ම.
11.55pm - Sithasi's Boarding House
Vehicle එක සිතැසිගේ boarding house එක ගාවට එනකොට වෙලාව රෑ 12ටත් ලගයි.
වැස්ස තවම නැවතිලා නැහැ... පොඩි පොදක්....
අරුණ බැස්සේ නෑ.
Car එකේ ඇතුලේ ටික වෙලාවක් එහෙම්ම හිටියා. ඇස් තිබුනේ සිතැසිගේ room එකේ window එක ගාව.
Light off.
නිදිද?
හිතට ආවේ එක දෙයයි.
මැදිරෑ 12ට ගිහින් දොරට තට්ටු කරන එක.
එයා බය වෙයි. "මොකද?" කියලා අහයි. "ඇයි ආවේ?" කියලා අහයි.
අරුණට ඒක ඕන නෑ.
Phone එක අතට ගත්තා. අත ටිකක් වෙව්ලනවා. බයට නෙමෙයි... excitement එකට.
Screen එකේ නම.
Sithasi.
Ring... Ring...
පපුව ගැහෙනවා. Melbourne meeting වලදිවත් මෙහෙම ගැහැණේ නෑ.
3rd ring එකේදි සිතැසි answer කලා.
"...හෙලෝ?"
සද්දෙ. අඩුයි. මහන්සියි. ඒත් නිදිනැහැ....
සිතැසිගේ කටහඩ ඇහෙද්දිම අරුණට හුස්ම හිර උනා වගේ.
Gate එක ගාව වැස්සට තෙමෙමින් ඉන්න අරුණ phone එක ඇගිලි සිදුමැලිවෙන තරමට තදින් අල්ල ගත්තා.
"මන්... ආවා."
තප්පර කීපයක නිහංඩතාවයකට පස්සේ අරුණ කිව්වා...
Sithasi's POV - 11.55 pm Boarding House Room
රෑ අට වෙද්දිම කරන්ට් එක ගියේ මුලු විදුලිබල මණ්ඩලේටම මන් හිතින් දොස් තියද්දී...
Room එකේ තියෙන්නේ Laptop එකේ නිල් පාට එලිය විතරයි.
Presentation එකේ slides බාගෙට. ඇස් දෙකත් නිකන්ම පිය වෙනවා... අමාරුවෙන් හොයාගත්තු ඉටිපන්දමේ එලියෙන් ආයෙමත් වැඩ ටික කරන්න පටන් ගත්තා...
රෑ 12ට ලන් වෙද්දීම Phone එක vibrate වෙන්න ගත්තේ මන් ගැස්සිලා යද්දී... ඒත් phone screen එකේ නම දැක්කම හදවත ඊට වඩා ගැස්සුනා..
Aruna
Answer කරන්න phone එක අතට ගත්තේ අත දිගේ පොඩි වෙවුලුමක් පපුවට දුවද්දීයි...
"හෙලෝ... "
අනික් පැත්තේ නිහඬයි.
ඊට පස්සේ හුරුපුරුදු, ටිකක් ගොරෝසු ඒ කටහඩ.
"මන් ආවා."
එච්චරයි.
ඒ වචන 2ට ඇඟේ පුරාම කරන්ට් එකක් දිව්වා වගේ.
සතියක්. දවස් 7ක්. පැය 168 ක්.
බලන් හිටියේ මේ කටහඩ අහන්න නේද.
ඒත් ඇහුනාම ඇඬෙන්න හිතුනා.
"අයියෙ...?"
කටහඬ පිට උනේ ඉබේට. බිඳි බිඳී.
"නිදිද?"
"නැහැ. කරන්ට් නෑ. හෙට presentation එකක් තියෙනවා... ඒක බලනවා."
අඩක් ඇත්ත. බොරුවකුත් නෙමෙයි....
නිදි නැත්තේ slides නිසා විතරක්ම නෙවෙයි.
එයා නැති නිහඬතාවය නිසා.
"හ්ම්... මන් gate එක ළඟ."
තත්පරයක් දෙකක් ගියේ මට කතා කරගන්න බැරුව යද්දීයි...
"Gate එක ළඟ...?"
මොලේ process වෙන්න කලින්ම මන් ඉදගෙන උන්නූ තැනින් නැගිටලා දොරගාවට දිව්වේ ඇයි කියන්න මටම හිතා ගන්න බෑ...
Phone එක මේසෙ උඩ. Blanket එක බිම.
අඩුම slippers දෙකක් දාගන්නවත් මතකයක් තිබුනේ නැහැ...
Door එක unlock කලේ දෙපාරක් නොහිතාමයි....
හිතත් එක්කම unlock උනා වගේ.
බයයි. සතුටුයි. තරහයි. මොකද කියන්නද කියලා තේරුමක් නෑ.
එලියේ පොද වැස්ස.
Gate එක ගාව Street Light එක යට.
කළු shirt එක. අත් දෙක trouser pocket එකේ.
වැස්සට තෙමිලා... තවම තෙමෙනවා... ඒත් තවමත් ඉන්නේ ඇතුලට එන්න එපාද කියලා මගෙන් වචනක් එනකම් වගේ...
🥹❤️ අදහස් කියාගෙන යන්නෝ....
Channel link: https://t.me/Back_to_Us
Newbieee <3