Back to Us

Back to Us

Newbiee <3
Years of silence, One unexpected meeting




Episode 73







Previous Episode : https://telegra.ph/Back-to-Us-06-25










Narrator POV










නළල නළලේ තියාගෙන, හුස්මවල් කැලතිලා, ඇස් පියාගෙන හිටිය අරුණ හෙමින් ඇස් ඇරියා.


සිතැසි තාම freeze වෙලා. කඳුළු පිරුණු ඇස් වලින් බලන් ඉන්නවා. තොල් දෙක වෙව්ලනවා. හුස්ම ගන්නෙත් අමාරුවෙන්.


අරුණගේ කට කොණට හෙමින් හිනාවක් ආවා. ඒ Ice Kingගේ හිනාව නෙවෙයි. CEO අරුණ දේවින්දගේ හිනාව නෙවෙයි.


ඒ හිනාව හරියටම දග වැඩක් කරලා අහුවුණු පොඩි කොල්ලෙක්ගේ හිනාවක් වගේ. දඟයි. ආඩම්බරයි.


තව ඕන කියන හිනාවක්.


"මං කිව්වා නේ..."


අරුණගේ කටහඬ ගොරෝසුයි. බරයි.


"මට සනීප උනහම මන් අහා අහා ඉන්නේ නෑ... ගන්නවා කියලා."


සිතැසිගේ ඇස් තවත් ලොකු වුනා. "අ... අයියේ..." කියන්න හැදුවා. වචනේ ඉවර කරන්න දුන්නේ නෑ.


අරුණ ආයෙමත් නැඹුරු වුනා. මේ පාර කලින් වගේ නෙවෙයි.


කලින් හාදුව සිනිඳුයි. සමාව ඉල්ලන හාදුවක්. මේක එහෙම නෑ.


මේක කෑදරයි. මාස 7ක් බඩගින්නේ හිටපු කෙනෙක්ගේ කෑදරකමක් තිබුනා. තොල් තදයි. උණුසුම් නෙවෙයි, ගිනියම්. හෙමින් නෙවෙයි, ඉක්මන්.


අරුණගේ අත සිතැසිගේ බෙල්ල පිටිපස්සෙන් ගියා. ඇඟිලි කොණ්ඩේ අතර. අනිත් අත ඉනෙන් අල්ලලා එයාව තවත් ලං කරගත්තා. Seat belt එකට හිර වෙලා උන්න සිතැසිව පුළුවන් තරම් එයා ලඟටම ඇදලා ගත්තා.


රිදෙනවා. තොල් වලට නෙවෙයි. පපුවට. මේ තරම් ඕන කරලා තිබ්බද කියලා හිතෙන තරමට රිදෙනවා. අරුණගේ හක්කේ තද ගතිය, හුස්ම ගන්න වේගය, අල්ලගෙන ඉන්න අත් දෙකේ තද බව ඔක්කොම එකතු වෙලා සිතැසිව දිය කරලා අරිනවා වගේ.


සිතැසිගේ freeze වෙලා තිබ්බ අත් දෙක ඉබේටම උඩට ආවා. එක අතක් අරුණගේ shirt එකේ කරෙන් අල්ලගත්තා. ඇගිලි පුරුක් සුදුමැලි වෙනකම්ම කරගෙන. අනිත් අත අරුණගේ පපුව උඩ. ගැහෙන හදවත අල්ලට දැනුනා. වේගෙන්. එයාගේ වගේම වේගෙන්.


හාදුව දිගයි. හුස්ම හිර වෙනකම් දිගයි.. මාස 7ක පාලුව එකපාරටම පුරවන්න හදනවා වගේ කෑදරයි.


වින්ඩ්ස්ක්‍රීන් එක උඩ වැස්ස තවත් තද වුනා. මුළු ලෝකෙම බොඳ වෙලා, මීදුමෙන් වැහිලා වගේ.


අන්තිමට අරුණ හෙමින් ඈත් වුනා. නළල ආයෙත් සිතැසිගේ නළලේ තියාගත්තා. දෙන්නගෙම හුස්ම හිර වෙලා. දෙන්නගෙම තොල් වෙව්ලනවා. දෙන්නගෙම ඇස් වල එකම ගින්දර.


තත්පර කීපයක් යනකම් Car එක ඇතුලේ තිබුන නිහැඬියාවක්. කලින් තිබුන uncomfortable silent එක නෙමෙයි... මේ වෙනස්ම විදියක නිහැඬියාවක්...


ඊට පස්සේ අරුණ හරියට මොකුත් වෙලා නෑ වගේ ආයෙත් seat එකේ කෙලින් උනා.


ක්ලික්.


Seatbelt belt එක දාගෙන ආයෙමත් ,Gear එක Drive එකට දැම්මා...


CEO mode on.


ඒත් මූණ?


Ice නෑ. Serious නෑ.


තොල් කොණේ පොඩි හිනාවක්. හරිම දඟ. හරියට මොකක් හරි හොර වැඩක් කරලා වගේ.


වටින් වටේ ඇස් කොනින් සිතැසි දිහා බලනවා. අහු උනාම ඉස්සරහ බලනවා.


සිතැසි?

Brain එක hang වෙලා.

Cabin එකේ වෙච්ච දේ තාම process කරන්න බෑ. ඔක්කොම.


ඇඟිලි ටිකක් වෙව්ලනවා. හෙමින් උස්සලා තොල් උඩ තියාගත්තා. අරුණගේ තොල් වල රස්නේ තවම දැනෙනවා වගේ. තවම ගැහෙනවා.


හුස්ම හිර වෙනවා වගේ.


"අයියේ..."


සිතැසිට හීනියට කියැඋනා...


අරුණ හැරුනේ නැහැ. කෙලින්ම road එක දිහා බලාගෙන drive කරනවා...


ඒත් හිනාව තව ලොකු උනා.


"Hmm?"


That's it. Explain නෑ. Sorry නෑ. මොකුත් නෑ.


Car එක ඇතුලේ නිහඬයි.

ඒත් ඒ නිහඬියාවේ Cabin එකේ ඉතුරු උන weight එක තියෙනවා.


සිතැසිට තවත් ඉන්න බෑ. පපුව ඇතුලේ ප්‍රශ්න ගොඩයි.


"Why did you do that...?"


කටහඬ පොඩි. වෙව්ලනවා. ඇස් තාම බිම.


අරුණ?


අරුණ උත්තර දුන්නේ නෑ. ඇස් ඉස්සරහ පාරේ. අත Steering එකේ.


ඒත් මූණේ තිබුන smirk එක නම් එහෙම්මයි. තොල් කොණේ ඒ දඟ හිනාව. හරියට "I know what you’re asking" කියනවා වගේ.


තත්පර 2ක් ගියා.


"New office එක කොහොමද?"


Casual. හරිම casual. හරියට weather ගැන අහනවා වගේ.


"Co-workers ලා එහෙම okay ද?"


සිතැසි එකපාරටම උඩ බැලුවා.


මොකක්ද මේ? විනාඩි දෙක තුනකට කලින් උන දේවල් කිසිම දෙයක් නොදන්නවා වගේ, දැන් අහන්නේ "New office එක" ගැනද?


පොඩි තරහක් ආවා.


"...අවුලක් නෑ."


එච්චරයි.


වැඩි විස්තරයක් නෑ. Explain කරේ නෑ. "හොඳයි" "නරකයි" කිව්වේ නෑ.


Just "අවුලක් නෑ."


අරුණ ඔලුව ටිකක් වැනුවා. "Hmm." කියලා ආයෙත් ඉස්සරහ බැලුවා.


Car එක ඇතුලේ ආයෙත් නිහඬයි.


ඒත් මේ පාර නිහඬතාවයේ බර වෙනස්. සිතැසිගේ "අවුලක් නෑ" එකේ ඇතුලේ තිබුන ඔක්කොම අරුණට ඇහුනා වගේ.



Car එක සිතැසිගේ බෝඩිමේ Gate එක ඉස්සරහට ආවා.


ඒ විනාඩි 15ටම දෙන්න අතර ලොකු කතාවක් උනේ නෑ.

Radio off. මොකුත් නෑ.


ඒත් මේ නිහඬතාවය දැන් වෙනස්.

කලින් වගේ හුස්ම හිර වෙන එක නෙවෙයි.

පොඩි Comfort එකක් තියෙනවා. හරියට අවුරුදු ගානක් පුරුදු නිහඬතාවයක් වගේ.


ඒත් සිතැසිගේ හිතේ?

පොඩි තරහක් තාම තියෙනවා. "ඇයි මොකුත් කතා නොකලේ?" කියන තරහ.


සිතැසි Seat belt එක ගැලෙව්වා.

Door එක open කරන්න අත තිබ්බා.


ඒ වෙලාවෙම...


අරුණ,


"Sithasi."


සද්දෙ බරයි. අඩුයි.


සිතැසි හැරුනේ නෑ. Door එක අල්ලන් එහෙම්ම හිටියා.


"උදේ හත වෙද්දී මන් එන්නම්."


තත්පරයක් pause.


"Bus වල රස්තියාදු වෙන්න ඕන නෑ."


එච්චරයි. Explain නෑ. අහන්නේ නෑ.

Just කියනවා. CEO order එකක් වගේ. ඒත් ඇතුලේ Care එකක් තියෙනවා.


සිතැසි මොකුත් කිව්වේ නෑ.

ඔලුව ටිකක් විතරක් වැනුවා.


හ්ම්.


Door එක වහලා ඇතුලට ගියා.

ආපහු හැරිලා බැලුවේ නෑ.


අරුණ Car එක ඇතුලේ තාම.

සිතැසි දොරෙන් ඇතුලට යනකම් බලන් හිටියා.


ඊට පස්සේ විතරයි Car එක ආපහු පාරට දැම්මේ.








Sithasi's POV - 12.30 am - Sithasi's boarding house




Room එක නිහඬයි. Fan එක කැරකෙන සද්දේ විතරයි.


Light එකත් off. අඳුරේ Ceiling එක දිහා බලන් කල්පනා කලේ මේ අද හවස ඒ පොඩි වෙලාවට උන දේවල් ගැන...


නින්දක් නෑ අහලකවත්.


ඇස් පියාගත්ත ගමන් අරුණවම මැවෙනවා.


"Why did you do that...?" කියලා ඇහුව එක. 

එයා උත්තර දුන්නේ නැති එක. 

ඒ smirk එක. 

ඒ 'උදේ හතට එන්නම්' කියපු සද්දෙ.


පොඩි තරහක් තියෙනවා. තාමත්.


'ඒ හැමදේම වෙලා දැන් මොකුත් නොවුනා වගේ Drive කරන්නේ කොහොමද?'

'Bus වල රස්තියාදු වෙන්න එපා කිව්වේ... ඒක Care ද? නැත්නම් Control ද?'


තොල් උඩට ඇඟිලි තිබ්බා. තාම ගැහෙනවා වගේ. තවම රස්නෙයි... අරුණගේ රස්නේ.


පපුව ඇතුලේ මොකක්ද. බරයි. ඒත් එක්කම සැහැල්ලුයි.


මාස 7ක්. මාස 7ක්ම එයා නැතුව පුරුදු උනා. 

'එයා නැතුව මට අවුලක් නෑ' කියලා හිතාගෙන ජීවත් උනා.


අද එකපාරටම? 

එයා ආවා. තුරුලු කරගත්තා. හාදු දුන්නා. ඊට පස්සේ "New office එක කොහොමද?" කියලා අහනවා.


මොකක්ද මේ Game එක?


Phone එක Side table එක උඩ. Screen එක on කරලා බැලුවා. 

Message එකක් නෑ. Call එකක් නෑ. 

Just "උදේ හතට එන්නම්" කියපු එක විතරයි.


හත. දැන් තව පැය 6ක් විතර.


ඇයි හිත ගැහෙන්නේ? 

බයයි. ආයෙත් පුරුදු උනාම අයෙත් නැති උනොත්? 

සතුටුයි. අවුරුදු ගානකට පස්සේ "මන් එන්නම්" කියලා කෙනෙක් ඉන්න එකට.


ඇස් දෙකෙන් පුන්චි කදුලු බින්දුවක් කම්මුල දිගේ පාර හොයාගෙන පල්ලම් බහිනවා.


"අයියේ..."


හීනියට කියැඋනා ආයෙනත්. කාටවත් ඇහෙන්න නෙවෙයි.


හතට එයිද? 

ඇවිත් මොකද කියන්නේ?

ආයෙත් මොකුත් නොවුනා වගේ Smirk එකෙන් හිනා වෙයිද?


හිතට තේරෙන්නේ නෑ. 












අදහස් කියාගෙන යන්න... 😌❤️











Channel link: https://t.me/Back_to_Us






Newbieee <3

Report Page