Back to Us
Newbiee <3
Episode 72
Previous Episode : https://telegra.ph/Back-to-Us-06-19
Narrator's POV
Parking lot එකේ තිබුනේ අරුණගේ කළු BMW එක විතරයි.
අහස තද කළු නිල් පාටයි. තද වැස්සකට මුළු කොළඹම සූදානමක.
අරුණ වචනයක්වත් නැතුව passenger door එක open කරලා අල්ලන් හිටියා. "නගින්න" කියලා කියන්න ඕන නෑ. එයාගේ ඉරියව්වෙන්ම තේරෙනවා.
සිතැසි හෙමින් ළඟට ආවා. හුස්ම ගන්නත් අමතක වෙනවා වගේ. අරුණ බලන් ඉන්නේ පාර දිහා. මූණේ කිසිම හැඟීමක් නෑ. හරියට හදපු පිළිමයක් වගේ. ඒත් දොරේ අල්ලගෙන ඉන්න ඇඟිලි ටිකක් විතරක් තද වෙලා.
"Thanks..."
සිතැසි මිමිණුවා. සද්දෙ පොද වැටෙන සද්දෙට අහුවෙලා නැති වුනාද වගේ....
අරුණ උත්තර දුන්නේ නෑ. ඔලුව වැනුවා විතරයි.
සිතැසි seat එකට නැග්ගා. කළු leather එක රෑට සීතල වෙලා. දොර වැහුණු සද්දෙට පපුව ගැස්සුනා වගේ.
අරුණ වටෙන් ඇවිත් driving seat එකට නැග්ගා. දොර වහලා, seat belt එක ගහගත්තා. පුරුදු විදියටම. හරියට මේක හැමදාම කරන දෙයක් වගේ. හැමදාම හවසට සිතැසිව බෝඩිමට ඇරලවන එක අරුණගේ routine එකේ තවත් එක දෙයක්විතරයි වගේ.
අරුණ car එක start කලේ වචනයක් වත් කටා නොකරයි...
Car එක ඇතුලේ AC එකේ සීතලයි, අලුත් leather සුවඳයි. සිතැසි seat belt එක දාගෙන අත් දෙක උකුල උඩ තියාගත්තා. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.
අරුණ car එක main road එකට දැම්මා. හෙමින්. වම් අත steering wheel එකේ. දකුණු අත gear එක උඩ. ඇස් ඉස්සරහට.
Radio නෑ. කතාවක් නෑ. AC එකේ හීන් සද්දෙයි, වින්ඩ්ස්ක්‍රීන් එක උඩට වැටෙන පළවෙනි වැහි බිංදු දෙක තුනේ සද්දෙයි විතරයි.
දෙන්නා අතරේ ලොකු නිහැඩියාවක්...
සිතැසි ඇස් කොනෙන් අරුණ දිහා බැලුවා. Dashboard එකේ ලා නිල් එළිය වැටිලා මූණේ පැත්තක් පේනවා. හක්ක තද කරගෙන. ඇහිබැම මෑත් කරගෙන. හිතන්නේ මොනවාද?
අරුණට දැනෙනවා බලනවා කියලා. ඒත් හැරුනේ නෑ. හැරුනොත් මේ අමාරුවෙන් හදාගත්ත ඉවසීම නැති වෙයි කියලා බය වගේ.
වැස්ස ටික ටික වැඩි වුනා. Wiper එක හෙමින් වැඩ කරන්න ගත්තා.
වීදුරුව දිගේ වතුර පාරවල් බේරෙනවා. පාරේ ලයිට් කණු වල එළිය ඒ වතුරට වැටිලා විසිරිලා යනවා.
" අයියේ..."
අන්තිමට සිතැසි නිහඩතාවය බින්දා...
"ම්ම්"
අරුණ හැරුනේ නෑ. ඇස් තවම පාර දිහාවට...
" im sorry if i made it awkward..."
ටික වෙකාවක් යනකම් අරුණ කිසිම දෙයක් කීව්වේ නැහැ... හරියට සිතැසි ඒ කිව්ව වචන දෙක තුන... එයා තවම process කරනවා වගේ..
Wiper එකේ සද්දෙයි, වැස්සේ සද්දෙයි විතරයි. Car එක ඇතුලේ තිබ්බ නිහැඬියාව එහෙමමයි.
එකපාරටම අරුණගේ හකු තවත් තද වුනා. Steering wheel එක උඩ තිබ්බ අතේ නහර ඉලිප්පිලා. ඇස් පාරේ නෙවෙයි, ඇස් කොනෙන් පේන සිතැසිගේ මූණේ. වෙව්ලන තොල් දෙකේ. බය වෙච්ච ඇස් දෙකේ.
බ්‍රේක් එක පෑගුනා. හෙමින්. හරිම පරිස්සමට. Car එක පාරේ අයිනට කරලා නතර කලා.
"අ... අයියේ?"
සිතැසි ගැස්සිලා ඇහුවා. උගුරෙන්ම වගේ.
"ඇයි... ඇයි නතර කළේ?"
අරුණ උත්තර දුන්නේ නෑ.
ඇස් දෙක තාම සිතැසිගේ මූණේ. ඒ ඇස් වල අයිස් නෑ. තිබුනේ ගින්දරක්. මාස 7ක් යට කරගෙන හිටපු, දැන් තවත් හංගන්න බැරි ගින්දරක්. හක්කේ මස් පිඩු සෙලවෙනවා. හුස්ම ගන්නෙත් අමාරුවෙන් වගේ.
ක්ලික්.
Seat belt එක ගලවන සද්දෙ. අරුණ සම්පූර්ණයෙන්ම සිතැසි දිහාවට හැරුනා. මුළු ඇඟම.
දැන් එයාලා අතරේ කිසිම බාධාවක් නෑ. නදීශා, ශලිඳු ඒ අවුරුවත්ම නැහැ... තියෙන්නේ වැස්ස විතරයි.
අරුණ සිතැසිට මොකුත් කියන්න ඉඩක් දුන්නේ නෑ. අහන්න ඉඩක් දුන්නේ නෑ. හිතන්න ඉඩක් දුන්නේ නෑ.
අරුණගේ අත... වෙව්ලන අතක් නෙවෙයි. ස්ථිර අතක්. සිතැසිගේ කම්මුලට ගාවට. සීතල වෙලා තිබ්බ කම්මුල උණුසුම් කරන්න වගේ... මහපට ඇඟිල්ලෙන් කම්මුල මෘදුව පිරිමදිනවා... එකපාරයි.
ඊට පස්සේ අරුණටවත් හිතාගන්න කලින්.. ඉබේටම....
තොල් දෙක සිතැසිගේ තොල් උඩට නතර උනේ... මුළු ලෝකෙම නතර වුනා වගේ. Wiper එකේ සද්දෙ නෑ. වැස්සේ සද්දෙ නෑ.
දෙන්නාගේ උනුහුමයි හුස්මේ සද්දෙයි විතරයි...
මාස 7ක පාලුව, කේන්තිය, තරහ, දුක, ආදරේ, මතක් වීම ඔක්කොම එක හාදුවකට දිය කරලා හලාපු උනුහුම.
සිතැසි freeze වෙලා. ඇස් දෙක ලොකු වෙලා. අත් දෙක උකුල උඩමයි. හෙලවෙන්න බෑ. හුස්ම ගන්න බෑ. හිතන්න බෑ.
අරුණගේ තොල් සෙලවුනේ නෑ. ඉල්ලීමක් නෑ. බල කිරීමක් නෑ. තිබුනේ හාදුවක් විතරයි. "සමාවෙන්න" කියන හාදුවක්. "මට උඹව නැතුව බෑ" කියන හාදුවක්. "තවත් ඉවසන්න බෑ" කියන හාදුවක්.
තප්පරයක්... එකක් දෙකක්... දෙන්නම දන්නේ නැහැ කොයි ටරම්.වෙලාවකෙහෙම ගත උනාද කියන්න...
අරුණ හෙමින් ඈත් වුනා. සම්පූර්ණයෙන් නෙවෙයි. නළල සිතැසිගේ නළලට තිබ්බා. ඇස් දෙක තාම පියාගෙන. හුස්ම ගන්නවා. අමාරුවෙන්. රස්නෙට. සිතැසිගේ හුස්ම එක්ක කැලතිලා.
සිතැසිට තාම හෙලවෙන්න බෑ. ඇස් දෙක තාම ඇරිලා. කඳුළු පිරිලා. ඒත් මේ පාර දුකකට නෙවෙයි.
එළියේ වැස්ස තව තවත් තද වෙනවා. වින්ඩ්ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම බොඳ වෙලා.
නළල නළලේ තියාගෙන, හුස්මවල් කැලතිලා, ඇස් පියාගෙන හිටිය අරුණ හෙමින් ඇස් ඇරියා.
සිතැසි තාම freeze වෙලා. කඳුළු පිරුණු ඇස් වලින් බලන් ඉන්නවා. තොල් දෙක වෙව්ලනවා. හුස්ම ගන්නෙත් අමාරුවෙන්.
අරුණගේ කට කොණට හෙමින් හිනාවක් ආවා. ඒ Ice Kingගේ හිනාව නෙවෙයි. CEO අරුණ දේවින්දගේ හිනාව නෙවෙයි.
ඒ හිනාව හරියටම හොර වැඩක් කරලා අහුවුණු පොඩි කොල්ලෙක්ගේ හිනාවක් වගේ. දඟයි. ආඩම්බරයි. තව ඕන කියන හිනාවක්.
"මං කිව්වා නේ..."
අරුණගේ කටහඬ ගොරෝසුයි. බරයි.
"මට සනීප උනහම මන් අහා අහා ඉන්නේ නෑ... ගන්නවා කියලා."
සිතැසිගේ ඇස් තවත් ලොකු වුනා.
"අ... අයියේ..."
කියන්න හැදුවා. වචනේ ඉවර කරන්න දුන්නේ නෑ.
අරුණ ආයෙමත් නැඹුරු වුනා. මේ පාර කලින් වගේ නෙවෙයි.
කලින් හාදුව සිනිඳුයි. සමාව ඉල්ලන හාදුවක්. මේක එහෙම නෑ.
මේක කෑදරයි. මාස 7ක් බඩගින්නේ හිටපු කෙනෙක්ගේ කෑදරකමක් තිබුනා. තොල් තදයි. උණුසුම් නෙවෙයි, ගිනියම්. හෙමින් නෙවෙයි, ඉක්මන්.
අරුණගේ අත සිතැසිගේ බෙල්ල පිටිපස්සෙන් ගියා. ඇඟිලි කොණ්ඩේ අතරට යැව්වා. අනිත් අත ඉනෙන් අල්ලලා එයාව තවත් ලං කරගත්තා. Seat belt එකට හිර වෙලා ඉන්න සිතැසිව පුළුවන් තරම් එයා ලඟටම ඇදලා ගත්තා.
රිදෙනවා. තොල් වලට නෙවෙයි. පපුවට. මේ තරම් ඕන කරලා තිබ්බද කියලා හිතෙන තරමට රිදෙනවා. අරුණගේ හක්කේ තද ගතිය, හුස්ම ගන්න වේගය, අල්ලගෙන ඉන්න අත් දෙකේ තද බව ඔක්කොම එකතු වෙලා සිතැසිව දිය කරලා අරිනවා වගේ.
සිතැසිගේ freeze වෙලා තිබ්බ අත් දෙක ඉබේටම උඩට ආවා. එක අතක් අරුණගේ shirt එකේ කරෙන් අල්ලගත්තා. රැලි කරගත්තා. අනිත් අත අරුණගේ පපුව උඩ තිබ්බා. ගැහෙන හදවත අල්ලට දැනුනා. වේගෙන්. එයාගේ වගේම වේගෙන්.
හාදුව දිගයි. හුස්ම හිර වෙනකම් දිගයි. ඕනකම ඉවර වෙනකම් දිගයි. මාස 7ක පාලුව එකපාරටම පුරවන්න හදනවා වගේ කෑදරයි.
වින්ඩ්ස්ක්‍රීන් එක උඩ වැස්ස තවත් තද වුනා. මුළු ලෝකෙම බොඳ වෙලා, මීදුමෙන් වැහිලා වගේ.
ඇතුලේ තියෙන්නේ දෙන්නයි. හුස්මවල් ටිකයි. හාදුවක රස්නෙයි.
අන්තිමට අරුණ හෙමින් ඈත් වුනා. නළල ආයෙත් සිතැසිගේ නළලේ තියාගත්තා. දෙන්නගෙම හුස්ම හිර වෙලා. දෙන්නගෙම තොල් වෙව්ලනවා. දෙන්නගෙම ඇස් වල එකම ගින්දර.
"මට... පොරොන්දු අමතක නැහැ...."
🫣❤️ හෙහේ... සමාවෙන්න ළමයි දැන් ටික දවසක් කතාව දෙන්න බැරිඋනාට..
Channel link: https://t.me/Back_to_Us
Newbieee <3