Back to Us
Newbiee <3
Episode 71
Previoua Episode: https://telegra.ph/Back-to-Us-06-18
Narrator's POV
Dance එක ඉවර වුනා ගමන්ම වගේ සිතැසි ඉක්මනින් Room එකේ කොනේ තිබුන sofa එක ගාවට ගියේ. හුස්ම හිරවෙනවා. පපුව ගැහෙන සද්දෙ කන් දෙකට ඇහෙනවා. කළු frock එකේ පිටිපස්ස දාඩියට ඇලිලා. අරුණ dance floor එකේම තප්පරයක් දෙකක් එතැනමයි. අල්ලේ ඉතුරු උනේ සීතල රස්නයක්... ඉණ උඩ තිබුනු ඇගිකි තුඩුවල හරි සිනිදු මතකයක්.. ඊට පස්සේ අරුණ හැරිලා ආයෙමත් බැල්කනිනෙකට ගියා.
එතකොටම වගේ නදීශා සිතැසි දිහාවට ඇවිදගෙන ආවේ. මූණේ අමුතු හිනාවක් තියාගෙන. නංගිව අල්ලගන්න එන අක්ක කෙනෙක්ගේ, හොර වැඩක් දැනගත්ත යාළුවෙක්ගේ හිනාවක්.
"චූටි මොකක්ද ඒ උනේ..."
නදීශා නලවලා අහනවා. ඇහි බැමක් උස්සලා උස්සලා. හරියට පොඩි ළමයෙක්ගෙන් චොකලට් හංගපු තැන අහනවා වගේ.
"මොකක්ද අක්කී..."
සිතැසි දන්නේ නෑ වගේ ඇහුවට මුළු මූණම රෝස පාට වෙලා. කන් දෙකෙන් දුම් දානවා. ඇඟිලි වලින් ගවුමේ කොන කරකවනවා. නවත්තන්න බෑ.
"මොකක්ද අහන්නේ... දැන් යාලුද..."
නදීශා සිතැසිගේ උරහිසට තට්ටු කරන ගමන් අහන්නේ room එකේ අනිත් කොනේ බැල්කනි එකට වෙලා ශලිඳු එක්ක ඉන්න අරුණ දිහා බල බලා. .
"ආ.. මේ.. එහෙම.. තරහා නෑ අක්කී දැන්..."
යාලුයි කියන්නේ නැහැ...,
සිතැසි ගවුමේ කොනක් කොනහා කොනහා කියනවා. බිම බලාගෙන. උඩ බලන්න පණ නෑ..
"ආ එහෙමද කෙල්ල..."
නදීශාත් හරි ආදරෙන් මේ ලැජ්ජාවෙන් ඇඹරෙන කෙල්ල දිහා බලන් ඉන්නවා. කනේ ඉඳන් රතු වෙලා.
අරුණට ඔක්කොම පේනවා. පැහැදිලිවම.
Sofa එක ගාව warm light එක යට නදීශා සිතැසිට හේත්තු වෙලා. සිතැසිගේ ඔලුව පාත් වෙලා. අත් දෙකෙන් ගවුම මිරිකනවා. තත්පරෙන් තත්පරේට කම්මුල් තවත් රතු වෙනවා.
නදීශා මොනවදෝ අහන හැම පාරකටම සිතැසි ගැස්සෙනවා. උත්තර දෙන්න වචන හොයාගන්න බැරුව. ලැජ්ජාවට. බයට.
අරුණගේ අත් දෙක බැල්කනි එකේ railing එක උඩ තද වුනා. හකු තද වෙලා.
ශලිඳු
"මචන් මොකද බං කියන්නේ..."
කියලා කතා කරනවා. අරුණට ඇහෙන්නේ නෑ. ඇහෙන පේන එකම දේ සිතැසි විතරයි.
බලන් ඉන්න බෑ. එයා එහෙම අමාරුවෙන් ඉන්නකොට බලන් ඉන්න බෑ. ලැජ්ජාවෙන් රතුවෙලා... නදීශාගේ ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව...
ඒ නිසාම ශලිඳු කියන දේවල් ගණන් ගන්නේ නැතුව අරුණ හැරුනා. දිග අඩි තියලා sofa එක පැත්තට යන්න ගත්තා.
ශලිඳුත් පුදුමෙන් "අඩෝ කොහෙද යන්නේ" කිය කියා පස්සෙන් එනවා
අරුණ තමන් දිහාවට එනවා දැක්කම නදීශාත් එකපාරටම freeze වුනා. ඇස් ලොකු කරගෙන සිතැසිගේ අතට පොඩි තට්ටුවක් දාලා, ඇස් දෙකෙන් පෙන්නුවේ අරුණව.
සිතැසිත් ඔලුව උස්සලා බැලුවා. අරුණ.. ඇස් දෙකත් ලොකු කරන්, හුස්ම ගන්නත් අමතක වෙලා බලන් ඉන්නවා.
"සිතැසි..."
අරුණ කතා කළා. හෙමින්. පහත් කටහඬකින්.
මුළු living room එකම සින්දු වලින්, කතාවෙන් පිරිලා තිබුණත් සිතැසිට නම් දැනුනේ ඒ නම කියනකොට මුළු room එකම නිශ්ශබ්ද වුනා වගේ. ලෝකේම නතර වුනා වගේ. ඇහෙන්නේ එයාගේ කටහඬ විතරයි.
"අ... අයියේ..."
සිතැසි ඉබේටම sofa එකෙන් නැගිට්ටා. කකුල් වෙව්ලනවා. හදවත උගුර ගාව.
'අයියේ...?' ශලිඳුයි නදීශායි දෙන්නම පුදුමෙන් අරුණගෙයි සිතැසිගෙයි මූණ දිහා මාරුවෙන් මාරුවට බලනවා..
අරුණ ඒ දෙන්නව ගණන් ගත්තේ නෑ. ඇස් තිබ්බේ සිතැසිගේ මූණේ විතරයි. රතු වෙච්ච කම්මුල් වල. බය වෙච්ච ඇස් වල.
"රෑ වෙලා නේද... දැන් යන්නේ කොහොමද...?"
අරුණ ඇහුවේ සිතැසිගෙන්. ඒත් වචන වලට වඩා පරිස්සමක් තිබුනා කටහඬේ.
"අ... අම්... මන්... PickMe එකක් දාන්..."
සිතැසි වචන පටලගත්තා. අත් දෙක එකට මිරිකගත්තා.
"දන් වෙලාව 10ටත් ළඟයි... යන් මන් drop කරන්නම්..."
අරුණගේ කටහඬ තීරණයක්. අහන්නේ නෑ. කියනවා. ඇස් අහකට ගන්නේ නෑ. සිතැසිගේ රතු වෙච්ච කම්මුල් දෙකෙන්, වෙව්ලන තොල් දෙකෙන් අයින් වෙන්නේ නෑ.
කාමරේ ඇතුලේ සින්දුව තාම යනවා. ඒත් ඒ හතර දෙනා වටේට හුළඟ නතර වුනා වගේ.
ශලිඳුගේ අතේ තිබ්බ glaas එක බිමට වැටෙන්න ඔන්න මෙන්න. "අඩෝ..." කියලා විතරයි කියවුනේ. නදීශාගේ කට ඇරුණු ගමන්. 'අයියේ' කෑල්ලයි, 'drop කරන්නම්' කෑල්ලයි දෙකම දිරවගන්න බැරුව.
සිතැසිට හුස්ම ගන්න අමාරුයි. පපුව ඇතුලේ මොකක්දෝ පුපුරනවා වගේ. "අයියේ" කියලා කතා කළාට පස්සේ මොලේ වැඩ නෑ. කකුල් දෙක බිමට ඇලිලා.
"අ... අනේ ඕන නෑ අයියේ... මන්... මන් යන්නම්..."
සිතැසි මිමිණුවා. කටහඬ ඇහෙන්නෙත් නෑ. අත් දෙකෙන් ගවුම තවත් තද කරලා මිරිකගත්තා. ලැජ්ජාවට. බයට. අරුණගේ ඇස් දෙකේ තියෙන ඒ නොකියන දෙයක් දරාගන්න බැරිකමට.
අරුණ එක අඩියක් ලං වුනා. දැන් දෙන්නා අතරේ අඩියක විතර දුරයි. අරුණගේ සුවඳ. පිරිසිදු, මිල අධික, එයාටම ආවේණික සුවඳ. ඒ සුවඳ සිතැසිගේ මුලු පපුවම පිරිලා..
"ඇයි බයද?"
අරුණ ඇහුවේ හෙමින්. කටහඬ හරිම පහත්. කාටවත් ඇහෙන්නේ නෑ. සිතැසිට විතරයි. වචන වලට වඩා පරිස්සමක්, මොකක්දෝ ඉල්ලීමක් තිබුනා ඒකේ.
සිතැසි අරුණ දිහා බැලුවා. එක තත්පරයකට. අරුණගේ ඇස් දෙක ඇතුලේ Ice දිය වෙලා, යට තිබ්බ රස්නෙ එළියට එනවා දැක්කා.
"නෑ..."
සිතැසි ඔලුව වැනුවා.
"බය නෑ..."
කිව්වට ඇඟිලි තුඩු තාම වෙව්ලනවා. බොරුවක්.
ශලිඳුට ඉන්න බැරිම තැන මැද්දට පැන්නා.
"අඩෝ අරුණ උඹ... උඹ මොකද බං මේ... චූටිට PickMe එකක් දාගන්න පුළුවන් නේ..."
අරුණ ශලිඳු දිහා එකපාරක් බැලුවා. එක බැල්මයි. ඒ බැල්මෙන් ශලිඳුගේ කට වැහුනා. බීලා හිටියත්. මේ අරුණ දේවින්ද. එයාගේ යාලුවා. ඒත් අද වෙනස්.
"ශලිඳු..."
නදීශා ශලිඳුගේ අතින් ඇද්දා. එයාට තේරෙනවා. ගෑනු ළමයෙක්ට තේරෙනවා.
"ඉන්නකෝ..."
අරුණ ආයෙත් සිතැසි දිහා හැරුනා. අනිත් කාටවත් ඉන්නවා කියලා මතකත් නෑ වගේ.
"එහෙනම් යන්."
අරුණ කිව්වා. අත දික් කළේ නෑ. බල කළේ නෑ. හුස්මක් ගත්තා.
"පාරවල් පාලුයි. මේ වෙලාවේ තනියම යවන්න බෑ."
වචන වලට එහා දෙයක් තිබුනා. තවදුරටත් තනියම යන්න දෙන්නේ නෑ වගේ දෙයක්..
සිතැසි වටපිට බැලුවා. නදීශාගේ ඇස් වල "පලයන් කෙල්ලේ" කියන බැල්ම. ශලිඳුගේ මූණේ "මොකක්ද යකෝ මේ වෙන්නේ" කියන ප්‍රශ්නාර්ථය.
ඊට පස්සේ අරුණ දිහා බැලුවා. එයාගේ ඇස් වල. එතන තිබුනේ කේන්තිය නෙවෙයි. ලොකුකම නෙවෙයි. තිබුනේ... බයක්ද? එයාව නැති වෙයි කියන බයක්ද?
හුස්මක් උඩට අරන්, සිතැසි හෙමින් ඔලුව වැනුවා. "හ්ම්..."
එක වචනයයි. ඒත් ඒක ඇති.
අරුණගේ මූනේ තිබ්බ තද ගතිය පොඩ්ඩක් අඩු වුනා. පපුවෙන් බරක් අයින් වුනා වගේ. කියන්න බැරි තරම් ලොකු හුස්මක් පිට වුනා.
"Bag එක..."
අරුණ කිව්වා.
සිතැසි ඉබේටම හැරිලා sofa එක උඩ තිබ්බ පොඩි handbag එක අතට ගත්තා. අත වෙව්ලනවා තාම.
"අක්කි... අයියේ.. මන් ගිහින් එන්නම්.. දෙන්නටම thank you invite කලාට... hapoy birth day අයියේ...."
සිතැසි ඉක්ම්නට ශලිඳුටයි නදීශාටයි කතාකරගෙන අරුණ පස්සෙන් දිව්වා...
ශලිඳුගේ කට ආයෙත් ඇරුනා. නදීශා අතින් කට වහගත්තා. "දෙයියනේ..."
අරුණ ඒ දෙන්නා දිහා බැලුවේවත් නෑ. සිතැසිගේ ඇස් දෙක දිහා එකපාරක් බලලා, ඉස්සරහට හැරුනා.
"යන්."
දෙන්නා එලියට යනකන්ම මුළු room එකම නිශ්ශබ්දයි. යනකන්ම අරුණගේ අත සිතැසිගේ පිටිපස්සෙන්, වැටෙන්න නොදී පරිස්සම් කරනවා වගේ, නොගෑවී තිබුනා.
දොර වැහුනට පස්සේ ශලිඳු නදීශා දිහා බැලුවා.
"කෙල්ලේ... අපිට මොකක් හරි මගෑරිලා නේද...?"
නදීශා හිනා වුනා. ඇස් වල කඳුළු පුරවගෙන.
"ඒ වගේ... ඒත්... දෙන්නා ලෑස්ති දවසක... හරි දවසක කියාවි..."
🥲❤️ කතාව ඉක්ම්නට ඉවර කරන්නම් guys. හිතුවට වඩා සෑහෙන්න දිගට ඇදුනා.. 😒 දෙවනි ඉනිම වගේ... 😪
Channel Link: https://t.me/Back_to_Us