Back to Us

Back to Us

Newbiee <3
Years of silence, One unexpected meeting







Episode 70











Previoua Episode : https://telegra.ph/Back-to-Us-06-17














Narrator's POV







Dinner වලින් පස්සෙස් table එක අස් කරනකොටම වෙලාව 8.30 පහු වෙලා. නදීශා හදපු chicken biryani එකයි, chocolate cake එකයි දෙකම ඉවරයි. ශලිඳු අයියගේ බඩ පිරිලා, හිතත් පිරිලා. සමහර විට ටිකක් වැඩියෙන්ම පිරිලා. Whisky එක නිසා වෙන්න ඇති.


කට්ටිය ආයෙත් living room එකට එකතු වුනා. TV එකේ YouTube දාලා karaoke පටන් ගත්තා. ශලිඳුගේ යාලුවෙක් `පෙම් කුරුල්ලෝ` කියන්න ගත්තා. කටහඬ අහන් ඉන්න බෑ. ඒත් හැමෝම විසිල් ගහලා, අත්පුඩි ගහලා encourage කරනවා.


සිතැසි sofa එකේ කොණකින් වාඩි වෙලා, හිනා වෙවී බලන් ඉන්නවා. කළු frock එක දණිස්සෙන් පොඩ්ඩක් උඩට වෙලා. එයාට ඒක තේරෙන්නෙත් නෑ. ඇස් නටනවා හිනාවෙද්දී.


Song දෙකක් විතර ඉවර උනාම ශලිඳු නැගිට්ටා. අතේ හිස් whisky glass එකක්. ඇස් දෙක පොඩ්ඩක් බොඳ වෙලා. ඒත් හිනාව පිරිලා ඉතිරිලා.


"ඉඳපන්... ඉඳපන්... මටත් සින්දුවක් කියන්න දියන්..."


කියලා mic එක අතට ගත්තා. යාලුවෝ "අයියෝ ශලිඳු" ගාලා කෑගැහුවත් එයා අහන්නේ නෑ.


ශලිඳු කෙලින්ම ගියේ සිතැසි එක්කම වාඩිවෙලා උන්නේ නදීශා ඉස්සරහාට. TV එකත් pause කරලා. Karaoke නතර කරලා. කාමරේම නිශ්ශබ්දයි දැන්. හැමෝම ශලිඳු දිහා.


"සුදු නෝනේ..." 


ශලිඳු පටන් ගත්තා. කටහඬ ටිකක් බර වෙලා. බීපු නිසාද, හැඟීම් නිසාද මන්දා.


"මං හරි ආදරෙයි බං උඹට..."


කියද්දී නදීශාගේ ඇස් ලොකු වුනා. සිතැසිගේ අත මිරිකගෙන, උරහිසට ඔලුව ගහගත්තා. "දැන් හරි... දැන් හරි..." කියනවා වගේ. ලැජ්ජාවෙන් රතු වෙලා.


"උඹ දන්නේ නෑ බං... මගේ මුළු ලෝකෙම මේ අඳුරු අගාධයෙන් ගොඩ ආවේ උඹ මට හම්බුනා නිසා රත්තරන්... උඹ නැත්නම් මන් අද මේ..."


ශලිඳුගේ කටහඬ වෙව්ලනවා. ඇස් වල කඳුළු පිරිලා.


සිතැසිත් හිනාව කාගෙන අහන් ඉන්නවා. අනිත් කෙල්ලො වගේම අතින් කට වහගෙන. ඇස් වල කඳුළුත් පුංචියට. මේ ආදරේ දකිද්දී හිත උණු වෙනවා.


"උඹ අද මහන්සි වුනා... මගේ මේ උපන්දිනේට... කෑම හදලා, ගෙදර ලස්සන කරලා... මට වෙන මොනවද බං ඕනේ... උඹ ඉන්නකොට..."


ශලිඳු සිතැසි දිහාත් ඇහැක් ගහලා හිනා වුනා.


තව විනාඩියක් යන්න කලින් ශලිඳුගේ යාලුවෙක්,රවිඳු ආව shape එකේ.


"අඩෝ ඇති ඇති දැන්. අපිටත් chance එකක් දියන්"


කියලා mic එක උදුරගත්තා. හැමෝමටම හිනා...


රවිඳු YouTube එකෙන් search කළා. ඊළඟ සින්දුව play වෙන්න ගත්තේ එතකොටයි.


Intro music එක ඇහුන ගමන් නදීශාගේ ඇස් දිලිසුනා. සිතැසිගේ ඇස් දෙකත් එක්කම.


මේක... මේක දෙන්නම ආසම english song එක. Playlist එකේ උඩම තියෙන එක.


නදීශා එකපාරටම නැගිට්ටා. සිතැසිගේ අතින් ඇදලා,


"නගිටපන් යකෝ! අපේ සින්දුව!"


කියලා කියාගෙනම.


සිතැසි "අනේ අක්කි" කියන්නත් කලින් living room එක මැදට ඇදගෙන ආවා. කට්ටිය වට වෙලා dance කරන තැනට. Fairy lights වල එළිය වැටිලා බිම දිලිසෙනවා.


Oh, don't you dare look back
Just keep your eyes on me
I said, "You're holding back"  
She said, "Shut up and dance with me!"


Music beat එකත් එක්ක සිතැසිව ඉබේම නැටවෙනවා. නදීශා සිතැසිගේ අත් දෙකෙන් අල්ලගෙන කරකවන්න ගත්තා. සිතැසිත් ලැජ්ජාව, බය.... ඔක්කොම ඒ මොහොතට අමතක කළා.


This woman is my destiny
She said, "Ooh-ooh
Shut up and dance with me"


සිතැසි නදීශාගේ අත තදින් අල්ලගෙන, ඔලුව උඩට උස්සලා, ඇස් පියාගෙන dance කරන්න ගත්තා. කොණ්ඩේ කරකැවිලා මූණ වටේට වැටෙනවා. කළු frock එක දණිස්ස ගාවින් උඩ යනවා කරකැවෙනකොට. ලාරෝස පාට චූටි කකුල් දෙකත්... හරි හරියට නැලවෙනවා...


හිනාව. කට කොණේ ඉඳන් ඇස් දෙකටම ගියපු හිනාවක්. මාස ගානකට පස්සේ හිත නිදහස් කරගත්ත හිනාවක්. ශලිඳු, නදීශා, කෑම, සින්දු... මේ හැමදේම එයාගේ පවුල. මේ මොහොත එයාගේ.


ඒත්...


බැල්කනියේ railing එකට හේත්තු වෙලා, අතේ තාම අඩු වෙලා නැති whisky glass එකත් එක්ක, අරුණ හිටගෙන හිටියා.


එයා dance කළේ නෑ. කතා කළේ නෑ. හිනා වුනෙත් නෑ. 


කලේ බලන් හිටපු එක විතරයි. 


ඇස් දෙක සිතැසිගෙන් අහකට ගත්තේ නෑ. තත්පරේකටවත්. 


සිතැසි කරකැවෙන හැම වාරෙකම, කළු frock එක උඩ යන හැම සැරේකම, කොණ්ඩේ මූණෙන් අහකට වෙන හැම මොහොතකම, හිනා වෙලා ඔලුව කඩාගෙන දාන හැම පාරකම... අරුණගේ ඇස් වල තිබුනේ දෙයක්.


Ice එක දිය වෙලා යනවා වගේ දෙයක්. Whisky එකටත් වඩා රස්නෙයි. 

තද දුඹුරු පාට ඇස් දෙක ඇතුලේ, හැමදේටම වඩා ලස්සන කෙල්ලෙක් නටනවා දැක්ක මනුස්සයෙක් හිටියා. 


Glass එකේ ඇඟිලි තද වෙනවා. හකු ටිකක් තද වෙනවා. හුස්මක් නෑ. 


ශලිඳු ඈත ඉඳන් "අඩෝ අරුණ, වරෙන් බං නටන්න" කියලා කෑගහනවා. 


අරුණට ඇහුනේ නෑ. 


ඇහුනේ This woman is my destiny කියන lyric එකයි, සිතැසිගේ හිනා සද්දෙයි විතරයි. 


ලෝකේම නටද්දී, අරුණ දේවින්ද හිටියේ නිශ්චල වෙලා. 







Shut up and dance with me song එක ඉවර වෙලා කට්ටිය හති දානවා, හිනා වෙනවා. සිතැසිත් නදීශාගේ උරහිසට හේත්තු වෙලා හිනා වෙවී හුස්ම ගන්නවා. මූණ දාඩිය දාලා. කළු frock එකේ පිටිපස්ස ටිකක් ඇලිලා. 


ඒත් එක්කම TV එකේ playlist එකෙන් ඊළඟ සින්දුව play වුනා. Slow එකක්. John Legend ගේ All of Me. Piano intro එක.


කාමරේ lights ටික තව dim වුනා. Fairy lights වල එළිය විතරයි. හැමෝම couples පිටින් සෙට් වෙන්න ගත්තා. ශලිඳු නදීශාව ඇදලා ගත්තා. "වරෙන් සුදු නෝනේ" කියලා.


සිතැසි හෙමින් sofa එක පැත්තට යන්න හැරුනා. නටන්න කවුරුත් නෑනේ. අනික අරුණ ඉස්සරහ... බෑ.


එතකොටම ශලිඳුගේ batch mate, කසුන්, බීලා කරටි කැඩිලා වගේ ඇවිත් අරුණගේ උරහිසට තට්ටුවක් දැම්මා.


"අඩෝ අරුණ... තෝ මොකෝ බං මේ කණුවක් ගහගත්තා වගේ තනියම ඉන්නේ? ගෑණු ළමයෙක් එක්ක නටපන්කෝ..."


කසුන් කියනකොටම ශලිඳුයි නදීශායි දෙන්නම ගැස්සිලා බැලුවා. එයාලා දන්නේ මාස 7කට කලින් දෙන්නා කියවගත්තා කියලා විතරයි. "No contact" වලින් පස්සේ දෙන්නා කතා කරනවත් දැකලා නෑ. ඒත් ශලිඳු දැනන් උන්නා සිතැසිව අරුණට ගෙදරින් prapos කරා කියලා.. හැබැයි ඉන් එහාට කිසිම දෙයක් දන්නේ නෑ.. ඒත් නදීශා කිසිම අංශුමාත්‍රයක්වත් දන්නේ නෑ...


කසුන් ඒවා දන්නේ නෑ. ඌ දිගටම කියවනවා.

"අර ඉන්නේ... ශලිඳුගේ නංගි... සිතැසි නේද? පලයං බං. පොඩ්ඩක් නටපන්. ශලිඳු, උඹේ නංගිට නටන්න කියපන්කෝ."


ශලිඳුගේ කට ඇරුනා.


"අ... අඩෝ කසුන්..."


කියන්න හැදුවා. නදීශා ශලිඳුගේ අතින් හයියෙන් මිරිකුවා. දෙන්නගෙම ඇස් වල "දැන් මොකද වෙන්නේ" බය.


කාමරේම නිශ්ශබ්දයි වගේ. සින්දුව විතරයි ඇහෙන්නේත්..


Cause all of me
Loves all of you...


Piano එකේ මුල් note දෙක ඇහුන ගමන් අරුණගේ ඇඟිලි whisky glass එක වටේ තද වුනා. 


කසුන් කෑගහනවා. "නටපන්කෝ බං..." 


අරුණට ඇහුනේ නැහැ වගේ. ඇහුනේ සිතැසිගේ හුස්ම ගන්න සද්දේ විතරයි. ඈත sofa එක ගාවට යන්න හදනකොට, කළු frock එක ඇඳන්, කොණ්ඩේ පිට දිගේ වැටිලා, ලෝකෙන්ම හැංගිලා ඉන්න හදන කෙල්ල.


අරුණ කසුන් දිහා එකපාරක් බැලුවා. මුකුත් කිව්වේ නෑ. හෙමින් whisky glass එක ලග තියෙන table එකෙන් තිබ්බා. ඊට පස්සේ shirt එකේ අත් ටිකක් උඩට ඇදලා, සිතැසි හිටගෙන හිටපු පැත්තට හැරුනා.


හෙමින් ඇවිදන් ගියේ තුනී ice උඩින් යනවා වගේ. හැම අඩියක් ගානේම හදවත කියනවා "එපා... යන්න එපා... ගියොත් ආයෙත් ගැලවෙන්න බෑ" කියලා. මොලේ කියනවා "මේක තමයි chance එක" කියලා.


සිතැසි ඉස්සරහ නතර වුනා. අඩි දෙකක් තියලා. අත දික් කළේ නෑ. අහන්න තරම් පණ නෑ. ඇහුවොත් කටහඬ වෙව්ලයි. CEO අරුණ දේවින්දගේ කටහඬ.


ඇස් වලින් විතරක් ඇහුවා. "පුළුවන්ද?" කියලා.


සිතැසි බිම බලාගෙන. කම්මුල් රතු වෙලා. ඒත් තොල් පොඩ්ඩක් වෙව්ලනවා. බයට නෙවෙයි. මේකටමයි. එයාටත් ඕන නිසා.


ඊට පස්සේ...



සිතැස් සීරුවට අත ඉස්සුවා. 


වෙව්ලන ඇඟිලි තුඩු. Ice එකක් වගේ සීතලයි. අරුණගේ අල්ලට වැටුන ගමන් කරන්ට් එකක් වැදුනා වගේ දැනුනා. ගිනියම් වුනා. මාස ගානක පාලුව, තනිකම, කේන්තිය ඔක්කොම එක තත්පරේකට දිය වෙලා ගියා.


හෙමින් අල්ලගත්තා. තද කරලා අල්ලන්න බයයි. කැඩෙයි කියලා. වීදුරු බෝනික්කෙක් වගේ. එයාගේ little chef.


Dance කරන අය මැදට එක්කන් යනකොට කකුල් දෙක අමාරුවෙන් එහාට මෙහාට වුනා. අත් දෙකෙන් විතරයි අල්ලගෙන. අඟල් 10ක්. මේ දුර ඇති. මීට වඩා ලං කළොත් පපුව පැලෙයි.


සිතැසි බිම බලාගෙන. අරුණ එයාගේ ඔලුව මුදුන බලාගෙන. Shampoo සුවඳ. ඊටත් වඩා සිතැසිගේම සුවදක්... පපුව හිර වෙනවා වගේ... දෙන්නාගෙම


Love your curves and all your edges
All your perfect imperfections...


John Legend කියන හැම වචනෙකටම පපුව ඇතුලේ මොකක්දෝ කැඩෙනවා.


Give me all of you. 


අරුණට ඉවසන් ඉන්න බැරිම තැන අත හෙමින් ඉනට ගත්තා. පිටිපස්සෙන්. කළු frock එක උඩින්. ඇඟිලි තුඩු වලට දැනුනේ ඇගේ රස්නෙ. හීනි ඉණ. පරිස්සමට. හරියට පුංචිම පුංචි කුරුළු පැටියෙක් අල්ලගත්තා වගේ.


තියපු ගමන් සිතැසි ගැස්සුනා. අයිස් කැටයක් උණු වතුරට වැටුනා වගේ. ඒ ගැස්සිල්ල අරුණගේ ඇඟ දිගේ ගියා. හදවතේ ඉඳන් කකුල් දෙකටම.


දැන් දුර අඟල් 3යි. සිතැසිගේ නළල අරුණගේ පපුව ගාව වදිනවා නොවදිනවා. කොණ්ඩේ සුවඳ. හුස්ම වැටෙන රිද්මය. සිතැසිගේ හුස්ම එයාගේ shirt එක හරහා පපුවටම වදිනවා. රස්නෙයි. 


අරුණට ඕන වුනේ අත් දෙකෙන්ම තද කරලා බදාගන්න. 'Miss your cooking නෙවෙයි... Miss you' කියලා කෑගහන්න. 


ඒත් බෑ. ශලිඳු බලන් ඉන්නවා. නදීශා බලන් ඉන්නවා. ලෝකෙම බලන් ඉන්නවා. Ice Kingට බෑ වැටෙන්න.

ශලිඳුගේ කට ඇරිලා තවම... නදීශාත් අතින් කටවහාගෙන ඒ විදියටම අරුණයි, සිතැසියි දිහා බලන් ඉන්නවා...


" ශලිඳු උන්..."



"මට පේනවා බං... මට පේනවා..."


ශලිඳුත් මුමුනනවා... වෙරිත් හිදිලා...



අරුණගේ අතේ තද කරපු පාරෙන් විතරක් හැමදේම කියනවා... 

"මට සමාවෙන්න" කියලා. 

"තව යන්න එපා" කියලා. 

"මගේ ළඟින් ඉන්න" කියලා. 


සිතැසිගේ වෙව්ලන ඇඟිලි තුඩු වලින් උත්තරේ ආවා. "මටත් බෑ තනියම" කියලා.


වචන නෑ. ඕනෙත් නෑ. අවුරුදු ගාන business deals කතා කරපු කටට, මේ මොහොත විස්තර කරන්න වචන නෑ.


සින්දුව ඉවර වුනා.


දෙන්නම ගැස්සිලා අයින් වුනා. අරුණ කහිනවා වගේ මූණ අහකට හරවගත්තා. නැත්තම් ඇස් වල තිබ්බ දේවල් හැමෝම දකියි. දුර්වලකම. ආදරේ. බය.


සිතැසිත් ඉක්ම්නට අයිනකට උනා...


අල්ලේ තාම එයාගේ සීතල රස්නෙ තියෙනවා. ඉන උඩ තිබ්බ ඇඟිලි තුඩු හිරිවැටිලා. 


ශලිඳු


"කසුන්... තෝ මොකක්ද කලේ..."


කියනවා ඇහුනා.


අරුණට කියන්න තිබුනා 'ඌ තමයි අද රෑට කරපු හොඳම දේ කළේ' කියලා. 


ඒත් කිව්වේ නෑ. ආයෙත් whisky glass එක අතට ගත්තා. ඒත් බිව්වේ නෑ. 


මොකද අද දැනිච්ච රස්නෙ, whisky වලට වඩා සැරයි.











😪 පුදුම wingman ලා ගොඩක් මේ දෙන්නාට ඉන්නේ....











Channel Link: https://t.me/Back_to_Us











Newbieee <3

Report Page