Back to Us
Newbiee <3
Episode 69
Previous Episode: https://telegra.ph/Back-to-Us-06-16
Narrator's POV - week later, Saturday ,5.30 pm, Sithasi's boarding house
ශලිඳු අයියාගේ Party එක පටන් ගන්නේ හවස 7ට. නදීශා අක්කි location එක එවලා තිබුනා උදේම. Nugegoda පැත්තේ apartment complex එකක්. 15th floor. ශලිඳු අයියයි අක්කියි දැන් මාස දෙක තුනක ඉඳන් එහෙ තමයි ඉන්නේ.
සිතැසි dressing table එක ඉස්සරහ වාඩි වෙලා. ඉස්සරහ ඇඳ උඩ ඇඳුම් තුනක් දිග ඇරලා.
1. කළු පාට simple frock එක. දණිස්ස ගාවට දිග. අත් නැති.
2. ලා නිල් පාට saree එක. නදීශා අක්කි අලුත් අවුරුද්දට තෑගි දීපු එක. තාම අඳින්න බැරි වුන එක.
3. සුදු පාටයි රෝස මල් තියෙන skinny top එකයි, blue jeans එකයි. Casual.
දකුණු අතේ මාපට ඇඟිල්ලේ නියපොත්ත කටේ. හප හප කල්පනා කරනවා. මොකක්ද අඳින්නේ?
Saree එක අඳින්න බෑ. ඕක ගොඩක් formal. අනික... අනික අරුණ ඉස්සරහ saree ඇඳන් යන්න... දෙයියනේ. පපුව රත් වෙනවා නිකන් හිතද්දීත්. කකුල් දෙක පටලවගෙන වැටෙයි මිනිස්සු මැද්දේ.
Jeans and top එක? නෑ. ශලිඳු අයියගේ birthday එක. පොඩ්ඩක් හරි ලස්සනට, පිළිවෙලට ඉන්න ඕනේ. අනික අක්කි බලන් ඇති. "මගේ චූටි" කියලා.
අත ඉබේම ගියේ කළු frock එකට. Simple. Elegant. බෙල්ල ගාව පොඩි V cut එකක්. පිටිපස්සෙන් සිපර් එක. හයියෙන් හුස්මක් අරන් ඒක ඇඟට දාගත්තා. සිපර් එක උඩට අදිනකොට අත් පොඩ්ඩක් වෙව්ලුවා.
කණ්ණාඩියෙන් බැලුවා.
හරි. මේක හොඳයි. ඕනවට වඩා show off නෙවෙයි. අඩුවෙන් නෙවෙයි. හරියටම හරි. කළු පාටට ඇඟේ පාටටත් හොදට කැපෙනවා...
කොණ්ඩේ නිදහසේ පිට දිගේ වැටෙන්න ඇරියා. ඉස්සරහින් යටි curls විතරක් පොඩ්ඩ රැලි කරගත්තා. Lip balm එකක් දාගෙන. පොඩි රෝස පාටක් තියෙන එකක්. Powder පාරක් නිකටටයි කම්මුල් දෙකටයි. එච්චරයි. ඕනවට වඩා makeup දැම්මොත්... අරුණ මොනවා හිතයිද දන්නේ නෑ. "ඇයි මේ ලොකුවට හැඩ වෙලා" කියලා හිතයිද? ඕන නෑ.
අන්තිමට perfume එක. නදීශා අක්කි දුන්නු එකමයි. Jasmine සුවඳක්. හෙමින් කරටයි, මැණික් කටුව දෙකටයි ගෑවා. සුවඳ නහයට යනකොට පපුව තව පොඩ්ඩක් ගැස්සුනා.
Phone එක අතට ගත්තා. 6.15යි. PickMe එකක් දාන්න ඕනේ.
Screen එක on කළා. Notification එකක්වත් නෑ. අරුණ online ද කියලවත් බැලුවේ නෑ. බලන්න ඕනෙත් නෑ. මේක ශලිඳු අයියගේ birthday එක. අක්කි එන්න කිව්වා. එච්චරයි. අරුණ ඉන්නවා කියලා දන්නවා. ඒ ඇති. එයාට message දාන ඕනෙකමක් නෑ. මන් යනවා කියලා එයා දන්නවා ඇති. ශලිඳු අයියා කියන්න ඇතිනේ.
PickMe එක book කළා. Confirmation එක ආව ගමන් පොඩි handbag එකත් අරන්, blaxk color පොඩි heel එකක් තියෙන slippers දෙකත් දාගෙන හෙමින් එලියට බැස්සා. දුවන්න ගියොත් හති වැටෙයි. අද හති වැටෙන්න හොඳ නෑ.
Boarding එකෙන් එළියට බහිනකොට හවස 6.30යි. අහස තැඹිලි පාටයි, තැනින් තැන රෝස පාටයි. ඉර බහින වෙලාව. පොඩි සුළඟක් ඇවිත් කළු frock එකේ කොණ උස්සලා ආයෙත් පාත් කළා. කකුල් දෙකට සීතලයි ටිකක්...
Car එක ඇවිත් horn කළා. සිතැසි ඉක්මනට පිටිපස්සේ දොර ඇරගෙන නැග්ගා. දොර වහගෙන seat වාඩි උනා වුනා.
වීදුරුවෙන් එළිය බලාගෙන හිටියා. හිත එක තැනක නෑ.
අද රෑ.
මාස හතකට පස්සේ.
සෙනඟ මැද්දේ.
අරුණ දේවින්දගේ ඉස්සරහට.
කොහොම ඉඳීද දන්නේ නෑ. Shirt එක මොන පාට එකක් ඇඳන් ඉඳීද? මගේ දිහා බලයිද? කතා කරයිද? නැත්නම් Ice King මූණ දාගෙන දුරින් ඉඳීද?
ප්‍රශ්න ගොඩයි. උත්තර නෑ.
සිතැසි අත් දෙක උකුලේ තියාගෙන හුස්මක් ගත්තා. අත තාම පොඩ්ඩක් වෙව්ලනවා. Frock එකේ රැලි හදාගත්තා.
"දෙයියනේ... බය වෙන්න එපා සිතැසි... normal ඉන්න... ශලිඳු අයියගේ birthday එක විතරයි... අරුණව ගණන් ගන්න එපා..."
තමන්ටම කියාගත්තා. හිතට හයිය දුන්නා. ඒත් පපුව ඇතුලේ ගැහෙන සද්දේ car එකේ සද්දෙට වඩා හයියෙන් ඇහෙනවා.
Car එක Nugegoda පැත්තට හැරුනා. Traffic lights වල නතර වෙනකොට phone එකේ වෙලාව බැලුවා. 6.48යි.
තව විනාඩි 10යි.
15th floor.
අරුණ ඉන්න තැන.
මේ ගමන ඉවර වෙන්නේ කොහෙන්ද දන්නේ නෑ.
සිතැසි lift එකෙන් බහිනකොටම හරියටම 7යි. 15th floor.
කොරිඩෝ එක දිගේ යනකොට පපුව ගැහෙන සද්දේ සපත්තු සද්දෙට වඩා හයියෙන් ඇහෙනවා.
1502. මේක තමයි. දොර ගාව නතර වෙලා හුස්මක් ගත්තා. අත උස්සලා හෙමින් දොරට තට්ටු කළා.
තත්පරයක් ගියේ නෑ. දොර ඇරුනා.
"චූටියෝ!!!"
නදීශා අක්කි. ලා දම් පාට sleeveless frock එකක් ඇඳලා. කොණ්ඩේ කරකවලා කොන්ඩ කටුවකින් ගහලා. ලොකු hooks earings. හැමදාම වගේ ලස්සනයි.
සිතැසිට හිනා වෙන්නත් කලින් නදීශා ඇවිත් තද කරලා බදාගත්තා. ඇඟේ සුවඳ, පපුවේ උණුසුම... ගෙදර ආවා වගේ....
"අනේ මගේ කෙල්ල ආවා..."
කියලා සිතැසිගේ කම්මුලක් මිරිකලා, අනිත් කම්මුලේ පොඩි හාදුවකුත් තිබ්බා. චුට් සද්දෙට.
සිතැසි ලැජ්ජාවෙන් හිනා වෙද්දී, නදීශාගේ උරහිස උඩින් ඇස් ඉබේම living room එකට ගියා.
ඒත් එක්කම හුස්ම හිර වුනා.
Sofa එකේ කොණක, glass wall එකට පිටුපාලා, එක කකුලක් උඩින් දාගෙන වාඩි වෙලා ඉන්නවා. අතේ whisky glass එකක්. ඇඟිලි දෙකක් අතරේ හිර කරගෙන. Dark blue linen shirt එකක්. උඩ බොත්තම් දෙකක් ඇරලා. අත් රෝල් කරලා. Clean shave කරලා. කොණ්ඩේ හැමදාම වගේ පිටිපස්සට පීරලා.
අරුණ දේවින්ද.
මාරම ලස්සනයි. TV එකේ, magazine එකේ ඉන්නවා වගේ නෙවෙයි. ඇත්තටම ලස්සනයි. Ice King නෙවෙයි දැන්. පොඩි පාටියක chill එකේ ඉන්න මනුස්සයෙක්. ඒත් ඒ ඇස්... ඒ ඇස් දොර ගාව ඉන්න සිතැසිගෙන් අහකට ගත්තේ නෑ. තත්පරේකටවත්. තද දුඹුරු පාට ඇස් දෙක සිතැසිව විනිවිදිනවා. කළු frock එකේ ඉඳන්, දිග ඇරපු කොණ්ඩේ දිගේ, ලිප් බාම් ගාපු තොල් දෙක දිහාට. ආයෙත් ඇස් දෙකට.
සිතැසිගේ කකුල් දෙක පණ නැති වුනා. නදීශාගේ hug එක ඇතුලේ හිර වෙලා, හුස්ම ගන්නත් අමතක වෙලා. අරුණගේ තොල් කොණකට හරිම පොඩි දෙයක් ආවා. හිනාවක්ද? නෑ. ඒක හිනාවක් නෙවෙයි. වෙන මොකක්දෝ එකක්.
"ආ... චූටි ආවද? මෙන්න මගේ පොඩි එකී!"
ශලිඳුගේ කටහඬට දෙන්නගෙම eye contact එක බිඳුනා. සිතැසි ගැස්සිලා නදීශාගෙන් මිදුනා.
ශලිඳු අයියා දුවගෙන ආවා. සුදු t-shirt එකකුයි, black cargo pant එකයි. අවුරුදු 30ක කොල්ලෙක් වගේ.
"Happy birthday අයියේ!"
සිතැසි පොඩි hug එකක් දුන්නා. ශලිඳු ආපහු තද කරලා බදාගෙන ඔලුව අතගෑවා.
"තෑන්ක්ස් කෙල්ලේ. උඹ ආපු එකම ඇති මට."
සිතැසි bag එකෙන් පොඩි gift box එකක් අරන් දුන්නා. රතු කොලයකින් ඔතපු එකක්.
"මේ... පොඩි දෙයක් අයියේ. අක්කි කිව්වා ඔයාට පරණ vinyl records collect කරනවා කියලා. ඉතින් මන් හොයලා..."
ශලිඳුගේ ඇස් දිලිසුනා.
"අඩෝ සිරාවට? උඹ කොහෙන්ද මේවා හොයාගත්තේ?"
කියලා කෑගහලා ආයෙත් hug කළා.
Apartment එක ඇතුලේ සින්දුවක් දාලා තිබුනා. හෙමින් යන, jazz වගේ එකක්. ලයිට් ටික dim කරලා. බැල්කනි එකේ fairy lights පත්තු කරලා. ලස්සනයි. ඒත් වැඩිය කට්ටිය නෑ. ශලිඳුගේයි නදීශාගෙයි හොඳම යාළුවෝ ටික විතරයි. ඔක්කොම දහයක් විතර ඇති. කොල්ලො කෙල්ලො සෝෆා වල, බැල්කනි එකේ, කතා කර කර හිනා වෙනවා.
නදීශා සිතැසිගේ අතින් අල්ලගෙන ඇතුලට එක්කන් ගියා.
"වරෙන් වරෙන්... මැණික ඉඳගනින්. මොනවද බොන්නේ? Wine? Juice?"
"අනේ අක්කි juice ඇති..."
සිතැසි කිව්වා. කටහඬ පොඩ්ඩක් වෙව්ලනවා.
ඒත් ඇස්... ඇස් ඉබේම ආයෙත් ගියේ අරුණ ඉන්න පැත්තට.
අරුණ තාම එතනමයි. Glass එක තොල ගාවට ලං කරගෙන, එක උගුරක් බීලා, සිතැසි දිහාම බලන් ඉන්නවා. දැන් නම් පැහැදිලි හිනාවක් නෑ. මූණේ කිසි emotion එකක් නෑ. Ice King mask එක ආයෙත් ඇවිත්. ඒත් ඇස්... ඇස් කියනවා කතා දාහක්.
Miss your cooking little chef.
ඒ message එක මතක් වෙද්දී සිතැසිට බිම බලාගත්තා. කම්මුල් දෙක රත් වෙලා. දෙයියනේ, මේ මනුස්සයා ඉස්සරහ කොහොම සාමාන්‍ය විදිහට ඉන්නද?
ශලිඳු සිතැසිගෙන් gift එකත් උදුරගෙන කඩන්න ගත්තා. නදීශා "අනේ මේකා" කියලා හිනා වෙනවා...
සෙනඟ මැද්දේ, සින්දු මැද්දේ, හිනා මැද්දේ...
අරුණගේයි සිතැසිගෙයි අතර මීටර් පහක විතර දුරක්.
ඒත් දෙන්නට දෙන්න දැනුනේ, මුළු ලෝකෙම නිශ්ශබ්ද වෙලා, දෙන්නා විතරක් ඉතුරු වෙලා වගේ.
නදීශා සිතැසිගේ කොණ්ඩෙන් ඇඟිලි තුඩක් යවලා හදන ගමන්,
"ඉඳගනින්කෝ මැණික. මන් juice එකක් අරන් එන්නම්. ලැජ්ජා වෙන්න එපා හරිද? මේ ඉන්න ඔක්කොම අපේම කට්ටිය"
කියලා කම්මුලට තට්ටුවක් දැම්මා.
"හරි අක්කි"
සිතැසි හෙමින් හිනා වුනා.
"ආ... අනික අර ශලිඳුගෙන් පරිස්සම් වෙයන්. ඌ බීලා ඉන්නේ. තව ටිකකින් 'මගේ නංගි' ගාලා අඬන්න ගනී"
නදීශා ඇහැක් ගහලා හිනා වෙවී අනිත් guest ලා ඉන්න පැත්තට ගියා. Plate වල කෑම අරන් serve කරන්න.
සිතැසි තනි වුනා. Sofa එකේ කොණකින් වාඩි වුනා. දණිස් දෙක එකට තියාගෙන, අත් දෙක උකුල උඩ. ඇස් උස්සලා බලන්නත් බයයි. ඒත් බැලුවා.
අරුණ තාම එතනමයි. දැන් glass එක පහත් කරලා, කකුලක් අනිත් කකුල උඩින් දාගෙන. සම්පූර්ණ අවධානය සිතැසි ගාව. වෙන කවුරුවත් පේන්නේ නැති ගානට.
සිතැසි හයියෙන් හුස්මක් අරන්, තොල් දෙකට බලෙන් පොඩි හිනාවක් නංවා ගත්තා. Polite smile එකක්. හරියට office එකේ client කෙනෙක්ට දානවා වගේ.
"දැන් හොඳයි නේද අයියේ...?"
සිතැසි ඇහුවා. කටහඬ හෙමින්. කනට ඇහෙන්නෙත් නැති තරම්. උණ හැදිලා හිටපු දවස මතක් කරලා.
අරුණ තත්පරයක් බලන් හිටියා. ඊට පස්සේ හෙමින් ඔලුව වැනුවා.
"ම්හ්... ඔව්... හොඳටම හොඳයි..."
කටහඬ යටින්. ගැඹුරුයි. රෑට phone එකෙන් කතා කරනකොට ඇහෙන පාටමයි.
සිතැසිගේ ඇස් ඉබේම පහත් වුනා. ගිහින් නතර වුනේ අරුණගේ අතේ තියෙන whisky glass එකේ. ඇම්බර් පාට liquid එකෙන් භාගයක් විතර ඉතුරු වෙලා. Ice කැට දෙක තුනක් පාවෙනවා.
අරුණට තේරුනා. එයා දන්නවා. සිතැසි එයා drinks ගන්නවට කැමති නෑ කියලා. එදා මාස හතකට කලින්.. ඒ දෙන්නව වෙන් අරන්න හේතු උන රණ්සුද දවසෙත්.. සිතැසි... ඒක කිව්වා... අරුණ ඒක ඇහුවා...
අරුණගේ තොල් කොණකට හිනාවක් ආවා. පොඩි එකක්. දඟකාර එකක්.
"පොඩ්ඩයි... කාලෙකින්... ගත්තේ..."
කිව්වේ glass එක උස්සලා පෙන්න ගමන්. හරියට පොඩි ළමයෙක් 'චොකලට් එකයි කෑවේ' කියනවා වගේ.
සිතැසිට නිකන්ම හිනා ගියා. මොකුත් නොකියා, තොල් හපාගෙන හිනා වුනා. බනින්නත් බෑනේ මෙතන. අනික... අනික එයාට මොන අයිතියක්ද බනින්න.
එකපාරටම අරුණ කෙලින් වුනා. Glass එක stool එකෙන් තිබ්බා. හෙමින් සිතැසි ඉන්න පැත්තට හැරුනා. ඇස් දෙක සිතැසිගේ මූණෙන් පහලට ගියා. කළු frock එක දිගේ. ආයෙත් උඩට.
Room එකේ සද්ද, සින්දු, කතා ඔක්කොම අරුණට ඇහෙන්නේ නැති ගානට.
"තාමත්... හැම ඇඳුමටම වඩා ලස්සන ගවුමටම තමයි..."
අරුණ කිව්වා. ගැඹුරු කටහඬින්. හෙමින්. සිතැසිට විතරක්ම ඇහෙන්න. වටේ හිටපු දහදෙනාට නෙවෙයි. DJ එකේ bass එකටවත් යට නොවී, කෙලින්ම සිතැසිගේ පපුවටම වදින විදිහට.
සිතැසි freeze උනා.
ඇස් දෙක ලොකු කරගෙන අරුණ දිහා බලන් ඉන්නවා. හුස්ම ගන්න අමතක වෙලා. අතේ ඇඟිලි සීතල වෙලා. පපුව ඇතුලේ දහස් ගානක් සමනල්ලු එකපාර නිදහස් වුනා වගේ.
අරුණ බලන් ඉද්දිම, සිතැසිගේ කම්මුල් දෙක, කන් දෙක, බෙල්ල දිගේ රතු පාට වෙන්න පටන් ගත්තා. තක්කාලි ගෙඩියක් වගේ. ලැජ්ජාව කඳුළු වගේ උඩට එනවා.
බිම බලාගන්න ඕනේ. ඒත් බෑ. ඇස් අහකට ගන්න බෑ. අරුණගේ ඇස් වල හිර වෙලා.
ඈතින් ශලිඳු මොනාදෝ කියලා කෑගහනවා..
ඒත් සිතැසිට ඒක ඇහුනේ නෑ.
ඇහුනේ අරුණගේ වචන ටික විතරයි.
ගවුමටම තමයි...
හදවත පිපිරෙයිද දන්නේ නෑ.
😪 අනේ අවුල් වගේ ද මේ කොටස....
Channel Link: https://t.me/Back_to_Us