Back to Us
Newbiee <3
Episode 68
Previous Episode: https://telegra.ph/Back-to-Us-06-15
Narrator's POV - Sithasi's boarding house
සිතැසි bed එක උඩ දණිස් දෙක hug කරගෙන වාඩි වෙලා හිටියේ phone එකේ screen එක දිහාම බලාගෙන. දැන් විනාඩි පහකට කලින් ආපු message එක. අරුණගෙන්.
Miss your cooking little chef.
එච්චරයි. එක message එකයි. ඒත් සිතැසිගේ පපුව ඇතුලේ ගැහෙනවා හෝ ගාලා. පපුව පිපිරෙයි වගේ.
අරුණට උණ හැදිලා හිටපු ඒ රෑ ඉඳන් අදට හරියටම සතියයි. දවස් හතයි. ඒත් ඒ ගෙවුන දවස් හතේ, දවසකට එක සැරයක් හරි අරුණගෙන් මේ වගේ message එකක් එනවාමයි. උදේට `Have you eaten?` නැත්නම් දවල්ට `Lunch?` නැත්නම් රෑට `Sleep early` වගේ පොඩි පොඩි ඒවා අතරේ.. තව එක message එකක් හරි එනවා... miss ur smile beautiful, thought of u කියලා මොනා හරි පුන්චි දේක අඩුම doodle එහෙක හරි photo එකක් attach කරලා message එකක් එනවා. සිතැසිත් අවුරුදු දහඅටක පුන්චි කෙල්ල්ව්ක් වගේ ඇඹරෙනවා ඒ පොඩි message එහෙකට...
ඒ හැම message එකක් ගානෙම සිතැසිගේ හිත ඇතුලේ හැංගිලා ඉන්න ඒ පුංචි කෙල්ල උඩ පනිනවා. අත්පුඩි ගහනවා. මොකද සිතැසි කියන්නේ එහෙම කෙනෙක්. එක පොඩි වචනෙකින්, එක පොඩි මතක් කිරීමකින් ලොකුවට සතුටු කරන්න පුළුවන් පුංචි ගෑණු ළමයෙක්. ලොකු දේවල් ඕනේ නෑ. අරුණගේ `little chef` කියන කෑල්ලම ඇති දවසම හිනා වෙන්න.
සිතැසි phone එක පපුවට තුරුල් කරගත්තා. ඇස් පියාගත්තා. මතක් වුනේ එදා රෑ. අරුණ උණෙන් දඟලලා, අන්තිමට එයාගේ පපුවට තුරුල් වෙලා නිදාගත්ත විදිහ. පොඩි එකෙක් වගේ. අහිංසක විදිහට. අරුණගේ ඇඟේ රස්නේ, අරුණගේම ඒ සුවඳ, එයාගේ හුස්ම වැටෙන රිද්මය... ඔක්කොම දැනුත් දැනෙනවා වගේ. පපුව උඩින්, සම යටින්, හදවත ඇතුලෙන්ම.
ඒ එක්කම වගේ සිතැසිගේ phone එක vibrate වුනා. Screen එක උඩ
නදීශා අක්කි calling.
"හෙලෝ අක්කියෝ..."
සිතැසි දෙවෙනි ring එක යද්දිම answer කළා. කටහඬේ තාම අරුණගේ message එකේ හිනාව ඉතුරු වෙලා.
"යකෝ phone එක අතේමද තිබ්බේ... එක ring එකෙන්ම ගන්නේ."
නදීශාගේ හුරතල් බැනුම.
"හෙහේ... ඔව් අනේ... දැන් තමයි duty off වෙලා ආවේ. Wash එකක් දාගෙන හාන්සි වුනා විතරයි."
"ආහ්... දැන් ඉතින් ඉස්සර වගේ අපිව මතක නෑනේ... අපිම ඉතින් call එකක් දීලා බලන්න ඕනේ. ඔය නෝනා නම් දැන් අපි හිටියද මළාද කියලවත් බලන්නේ නෑ."
නදීශා කිව්වේ අඬනවා වගේ නෙවෙයි. තේරෙනවා නෝන්ඩියට කියනවා කියලා.
"හයියෝ... අක්කී... sorry අනේ... මේ දවස් වල දුවනවා දුවනවා ඉවරයක් නෑ. Shift double. එහෙන් මේ..."
කියන්න ගිහින් නතර වුනා.. කම්මුල් රතු වුනා.
"එහෙන් මෙ මොකද?"
නදීශා ඉක්මනට අල්ලගත්තා.
"අ... නෑ... නෑ... මොකවත් නෑ. කෝ කියන්නකෝ... මොනාද ඔයාලගේ විස්තර... අපේ ශලිඳු අයියා එහෙම කියන දේ අහගෙන ඉන්නවද හරියට?"
සිතැසි ඉක්මනට කතාව මාරු කළා.
"හප්පෝ යකෝ... මේ මනුස්සයා මාව ආච්චි කෙනෙක් වගේ කොණ්ඩේ සුදු කරලද කොහෙද කසාද බඳින්න යන්නේ..."
නදීශාගේ කටහඬේ මහන්සියයි ආදරේයි දෙකම කලවම් වෙලා.
"මොකක්...?"
සිතැසි ඇඳේ කෙලින් වුනා.
"අනේ යකෝ මේකා එක එක එව්වා කියලා මාව අවුස්සනවා. මට යකා නගිනවා ඒවා ඇහුවම."
සිතැසිට හිනා ගියා. කට අතින් වහගෙන හිනා වුනා.
"ආ ඉතින්... අක්කිට ඔය තරහ යන විදිහට අයියා හොඳටම ආතල් එකක් ගන්නවා ඇති..."
"ආ... තෝ දැන් උගේ පැත්තද ගන්නේ? ඉඳපන්කෝ මං තොපිලා දෙන්නවම..."
නදීශා බොරුවට තරහෙන් කිව්වත් දෙන්නටම හිනා.
සිතැසි phone එක කනේ ගහගෙනම ජනේලෙන් එළිය බැලුවා. හවස 6ට විතර ඇති. ඉර බහිනවා. අහස තැඹිලි පාටයි.
අරුණ දැන් office එකේ ඇති. Ice King mode එකෙන්. ඒත්... ඒත් සිතැසිට විතරක්ම එවනවා Miss your cooking little chef කියලා.
සිතැසිගේ තොල් වලට ආයෙත් ඒ හිනාව ආවා. පුංචි හිනාවක්. ලෝකෙම අමතක කරන හිනාවක්.
"චූටියෝ... පොඩි ආරාධනාවක් කරන්නත් එක්කයි ගත්තේ..."
නදීශාගේ කටහඬේ හුරතල් ගතියක්. සිතැසි ඇඳේ කොට්ටෙට හේත්තු වුනා. කකුල් දෙක පද්දන ගමන්.
"අඩේ... ඔය දෙන්නා බඳිනවද...?"
සිතැසි ඇහුවේ ඇස් ලොකු කරගෙන. හිත ඇතුලේ පොඩි excitement එකක්.
"ඒ යකෝ... උබ එක්ක බෑ... කට ඇරිය ගමන් කසාද!"
නදීශා හයියෙන් හිනා වුනා. ඒ හිනාව ඇහුනාම සිතැසිටත් හිනා.
"හරි හරි... කියන්නකෝ සුදූ..."
සිතැසි නදීශාව මුරුංගා අත්තේ තිබ්බා. කටහඬ අඩු කරලා, ආදරෙන්.
"ආ අන්න එහෙම වරෙන්... මේකයි... next week ශලිඳුගේ b'day එක එනවා... ඉතින් අපි පොඩියට පොඩි party එකක් organize කරන්න කියලා හිතුනා... ගෙදරම."
"අඩේ... මරුනේ... අයියාට surprise ද?"
"ඔව්... ඌ දන්නෙ නෑ. හැමදාම අපිව surprise කරන එකානේ... මේ පාර අපි ඌව surprise කරමු කියලා. ඔයා නැතුව මොන party ද චූටියෝ."
නදීශාගේ වචන වලට සිතැසිගේ ඇස් වලට පොඩි කඳුළක් ආවා.
"ම්ම්... ඉතින්... ඔය චූටියා එනවා නම් අපි දෙන්නා සතුටුයි... හැබැයි..."
නදීශා එකපාරටම නතර වුනා. කටහඬ පොඩ්ඩක් බර වුනා.
"ඇයි අක්කී...?"
සිතැසිගේ ඇහි බැම ඇකිළුනා. පපුව ඇතුලේ පොඩි ගැස්මක්.
"හැබැයි... අරුණ සර්ත් ඉඳී..."
නම ඇහුන ගමන් සිතැසිගේ පපුව ගැස්සුනා. Phone එක අල්ලන් හිටපු අත වෙව්ලුවා පොඩ්ඩක්. හුස්මත් නතර වුනා තත්පරයකට.
"ඔයා දන්නවනේ බබා... සර් ශලිඳුගේ හොඳම යාළුවෙක් කියලා... අවුරුදු ගානක ඉඳන්. ඌ නැතුව කරන party එකක් නෑනේ..."
නදීශා හෙමින් කිව්වා. එයා දන්නේ නෑ. අරුණයි සිතැසි අතරේ මේ මාස දෙක තුනට උන දේවල් එයා දන්නේ නෑ. නදීශා දන්නේ මාස හතකට විතර කලින් දෙන්නා ලොකු රණ්ඩුවෙන් පස්සෙ, දෙන්නම "no contact" ගියා කියලා විතරයි. සිතැසි නදීශාට ඉන් අස්සේ උන දේවල් කිව්වේ නෑ. කියන්න බැරි උනා. ඊටත් වඩා එක පොඩි phone call එකකින් කියන්න බැරි තරම් ලොකු, බර කතාවක් ඒක.
"අනේ අක්කී ඒක කමක් නෑ..."
සිතැසි ඉක්මනට කිව්වා. කටහඬ ටිකක් වෙව්ලුවා. ඒත් හංගගත්තා.
නදීශාට ඒක තේරුනාද දන්නේ නෑ. එයා තවත් හෙමින් කිව්වා, වචන තෝර තෝර.
"චූටී... we are not forcing you to attend the party, okay...? If you are not ok with it, it's okay you didn't come... මට ඕනේ නෑ ඔයාව අමාරුවේ දාන්න. ඔයාට අපහසු නම්..."
නදීශාගේ කටහඬ ඇතුලේ ආදරේ, බය, අනුකම්පාව ඔක්කොම කලවම් වෙලා. ඒත් සිතැසිට ඒ ආරාධනාව reject කරන්න බෑ. කරන්නෙත් නෑ. මාස ගාණකින් දැකලා නැති අක්කයි අයියයි. අරුණව... අරුණව දැක්කේ නැතුව සතියයි. ඒත් දැන්... දැන් එයාව ලඟින්ම දකින්න චාන්ස් එකක්.
"අක්කී... මං අනිවාර්යෙන්ම එනවා... මන් ඔය දෙන්නව දැකලත් දැන් සෑහෙන දවසක්... I really miss u guys..."
සිතැසි කිව්වේ හිතේ තියෙන ඔක්කොම ආදරේ කටහඬට පුරවගෙන. ඇත්තමයි. එයාලව miss කරනවා. ඒ දෙන්න්නා, ඒ කතා, ඒ හිනාව... ඔක්කොම.
"අනේ චූටියෝ ඇත්තම නේද...? ශලිඳුට කිව්වම ඌ පිස්සු නටයි සතුටට."
නදීශාගේ කටහඬ එකපාරටම උද්යෝගිමත් වුනා. සැනසුම් සුසුමක් හෙලනවා ඇහුනා.
"ඔව් අනේ... මට date එකයි location එකයි දාන්න... මන් අනිවාර්යෙන්ම එනවා... මොනා හරි හදන්න ඕන නම් කියන්න, මන් උදව් කරන්නම්."
"අනේ ඕන නෑ බබා. ඔයා විතරක් වරෙන්. Cake එකයි කෑමයි මන් බලාගන්නම්. ඔයා ආවම ඇති."
Call එක cut වුනාට පස්සෙත් සිතැසි phone එක දිහා බලාගෙන හිටියා.
Next week. ශලිඳු අයියගේ birthday. අරුණත් එනවා.
Party එකකදී. සෙනඟ මැද්දේ. CEO අරුණ දේවින්දයි, සිතැසි කියන පුංචි කෙල්ලයි.
පපුව ඇතුලේ බයයි, ලැජ්ජයි, ආසාවයි ඔක්කොම කැළතීගෙන ගියා. සමනල්ලු පියඹනවා වගේ.
Miss your cooking little chef කියලා message එවපු අරුණව, මිනිස්සු ගොඩක් මැද්දේ දකිනකොට...
සිතැසි කොට්ටේ මූණ ඔබාගත්තා.
"දෙයියනේ..."
කෙඳිරුවා. කම්මුල් රත් වෙලා.
😪❤️ පොඩි කොටසක්...
Channel Link: https://t.me/Back_to_Us
Newbieee <3