Back to Us

Back to Us

Newbiee <3
Years of silence, One unexpected meeting







Episode 67










Previous Episode: https://telegra.ph/Back-to-Us-06-14-2















Narrator's POV - Aruna's Penthouse






Penthouse එකේ දොර වහන සද්දේ එක්කම අරුණ ලොකු බර හුස්මක් පිට කලා. නිශ්ශබ්දයි. Floor to ceiling windows වලින් මුළු Colombo city එකම පේනවා. දවල් දොළහා පහුවෙකත් වැඩි වෙලාවක් නැහැ. ඒත් අහස අඳුරු වෙලා. වහින පාටයි.


උණ නම් දැන් නෑ වගේ. බැහැලා. නළල අතගාලා බැලුවා. නෑ. රස්නේ නෑ. ඒත් ඇඟ නම් තාම තලලා දාලා වගේ. මස්පිඩු රිදෙනවා. Ribs දිගේ වේදනාවක් දුවනවා.


අරුණ හෙමින් wash room එකට ගියා. ලයිට් එක දැම්මා. Trouser එකයි shirt එකයි ගලවලා Boxer එක පිටින් mirror එක ඉස්සරහට ගියා.


හිටගත්තා. 


Mirror එකෙන් පේන අරුණ දිහා බලාගෙන හිටියා, සද්දයක් නැතුව. තත්පර ගාණක්.


මේ අවුරුද්දකට කලින් හිටපු අරුණ දේවින්ද නෙවෙයි. කොහෙත්ම නෑ.


කොණ්ඩේ වැඩි වෙලා. නළල උඩට වැටිලා. අවුලෙන් අවුලට. රැවුල වැවිලා. දවස් ගාණක. කම්මුල් දෙකම, හකු දෙකම, බෙල්ලත් වහලා.


කළු පාටට, ඇස් යට වල ගැහිලා. කළු වෙලා. නිදි මරපු රෑවල් වල පාට. කම්මුල් ටිකක් ඇතුලට ගිහින්.


වෙනස්ම පිස්සෙක් වගේ කොල්ලෙක් ඉන්නේ. CEO කෙනෙක් නෙවෙයි. Ice King කෙනෙක් නෙවෙයි. කඩන් වැටිච්ච, තුවාල වෙච්ච මිනිහෙක් වගේ. තමන්වම අමතක කරගත්තු මනුස්සයෙක්.


අරුණට එකපාරටම මතක් වුනා ඊයේ රෑ සිතැසි ඇහුව දේ. Sofa එකේ ලඟින් වාඩි වෙලා, ඇගිලි තුඩු අරුණගේ කොන්ඩේ අස්සෙන් දුවවන ගමන්, අහපු දේ.


'මන් නැති උන මාස ටිකට මොනාද අයියේ මේ කරගත්තේ...?'


කටහඬ හෙමින්. ඒත් පිහියක් වගේ ඇනුනා. මොකද උත්තරේ අරුණ දන්නවා. මොකුත් කරගත්තේ නෑ. තමන්වම කාලා දැම්මා විතරයි.


අරුණ ලොකු හුස්මක් ගත්තා. පපුව පිරෙන්නම. දකුණු අත ඉස්සුවා. කම්මුල අත ගෑවා. රැවුල ගොරෝසුයි. ඇඟිලි වලට තදට දැනෙනවා.


කපන්න ඕනේ.


Drawer එක ඇරලා trimmer එක අරන්, plug එකට ගැහුවා. සද්දේ එක්ක පටන් ගත්තා. 


රැවුල වැටෙනවා. සුදු basin එක උඩට. කළු පාට රැවුල් ගස් ටික එකින් එක. මුලින්ම කම්මුල් දෙක. ඊට පස්සේ හකු දෙක. අන්තිමට බෙල්ල. විනාඩි පහක් විතර ගියා. 


Tap එක ඇරලා මූණ හෝදගත්තා. සීතල වතුර. ඇස් දෙකටත් යන්තම් ගාගත්තා 


ආයෙමත් ඔලුව උස්සලා mirror එක දිහා බැලුවා. 


දැන් හොඳයි. පොඩ්ඩක්. රැවුල අඩු වුනාම මූණට එළියක් ඇවිත් වගේ. Jaw line එක ආයෙත් තියුණුයි. ඒත් ඇස් යට කළු පාට තාම එහෙමමයි. ඒක වතුරෙන් හෝදන්න බෑ.


අරුණ wash basin එකේ දෙපැත්තෙන් අත් දෙක තියාගත්තා. මාබල් එක සීතලයි. ඇඟිලි තද කළා. හෙමින් mirror එකට එබුනා. ලං වුනා. අරුණ එයාගේම ඇස් දෙකට කෙලින්ම බැලුවා. 


තත්පරයක්. දෙකක්.


ඊට පස්සේ තොල් කොනකින් හිනාවක් ආවා. මහන්සි හිනාවක්. ඒත් ඇත්ත හිනාවක්.


"උබ මාව පිස්සෙක් කරනවා මැණික..." 


තමන්ටම කියාගත්තා. කටහඬ හෙමින්. කාමරේ ඇතුලේ දෝංකාර දෙනවා. 


හිනාව තාම තියෙද්දී, එයාගේ දකුණු අත හෙමින් ඉස්සුනා. වම් අතේ පපුව ලඟට ගියා. Heart එක ගැහෙන තැනට. තියාගත්තා. ඇඟිලි තුඩු වලින් හෙමින් අත ගෑවා.


සිතැසිගේ අත තද උන තැන. 


උදේ. අරුණගේ පපුව උඩ. 


ඒ සිනිඳු බව තාම දැනෙනවා. සම උඩ නැතුව, සම ඇතුලේ වගේ. සිතැසිගේ ඇඟිලි වල රස්නේ, එයාගේ සුවඳ, ෂැම්පු එකේ සුවඳද... නෑ... පොඩි සෙන්ටඩ් පවුඩර් සුවදක්... ඒත් නෑ.. එයාටම ආවේණික මොකක්දෝ මිහිරි සුවඳක්. 


ඔක්කොම තාම අරුණගේ skin එක උඩ තියෙනවා වගේ. හොඳටම දැනෙනවා.


අරුණ ඇස් පියාගත්තා. අත තව පොඩ්ඩක් තද කළා පපුවට. Heart beat එක වේගෙන් ගැහෙනවා...


උණ නිසා නෙවෙයි. 


එයා නිසා. 


අරුණගේ සිතැසි නිසා.
















පොඩිවට Wash එකක් දාගත්තු අරුණ තෙත කොණ්ඩෙත් පිහිද පිහිද dining table එකෙන් වාඩි වුනා. ඉස්සරහින් සිතැසි හදලා දීපු lunch box එක. තවම රස්නෙටම. උඩ lid එක open කලා. chicken fried rice එකේ සුවඳ මුළු penthouse එකටම පැතිරුනා. Onion, carrot, egg, soy sauce... සිතැසිගේ අත් ගුණේ...


ඒත්, මුළු penthouse එකම පාලුයි. 


අඩි සිය ගණන් ලොකු hall එක. Italian marble floor එක. දිලිසෙන chandelier එක. ලොකු flat screen TV එක. ඔක්කොම තියෙනවා. ඒත් සද්දයක් නෑ. අරුණගේ හුස්ම ගන්න සද්දේ විතරයි ඇහෙන්නේ.


අරුණට මතක් වුනා සිතැසිගේ පුංචි boarding house එක. 


අරුණගේ penthouse එකත් එක්ක බලද්දි සෑහෙන පොඩී... පොඩි rooms දෙකයි, kitchen එකයි, living area එකයි විතරයි... හරි පොඩියි. ඒත්... ඒත් සිතැසි ඉන්න තැන හරි සිරියාවන්තයි කියලා අරුණට හිතුනා. එතන බිත්ති වලටත් පණ තියෙනවා වගේ. සිතැසිගේ හිනාව පිරිලා. එයාගේ ෂැම්පු සුවඳ, පොත් වල සුවඳ, පොඩි perfume සුවඳ... ඔක්කොම කලවම් වෙලා. හුස්ම ගන්නත් නිදහස්.


ඒත් මේ penthouse එක? අරුණට දැනුනේ හිරගෙදරක ඉන්නවා වගේ හැඟීමක්. සුපිරිම ගණයේ සැප සම්පත් අත ලඟින් තිබුනත්... ඊයේ රෑ සිතැසි ගාව, එයාගේ පපුවට ඔලුව තියාගෙන නිදාගත්ත වෙලාවේ දැනුන සතුට, ඒ සැනසීම... ඒක මෙතන නෑ. කොහේවත් නෑ. මිලියන ගාණක වටිනා penthouse එක ඇතුලේ, ලොකුම ඇඳ උඩ නිදාගත්තත් ඒ සැනසීම ලැබෙන්නේ නෑ.


අරුණ හැන්ද අතට ගත්තා. එක කටක් කෑවා. රසයි. හරිම රසයි. සිතැසිගේ අතේ රස. ගෙදර රස. අම්මගේ කෑම වලින් පස්සේ දැනුන පළවෙනිම ගෙදර රස.


Phone එක අතට ගත්තා. සිතැසිට call එකක් ගන්න හිතුනා. 'කෑවා... රසයි... thank you' කියන්න හිතුනා. 


ඒත්... ඊයේ රෑ නිදි මරාගෙන, නළලට අත තිය තියා, වතුර දී දී, බෙහෙත් දී දී එයාව බලාගත්ත නිසා... සිතැසිට පොඩි නිදහසක් දෙන්න ඕනේ. පොඩ්ඩක් නිදාගන්නවත් ඇති. Call කරලා disturb කරන්න හොඳ නෑ.


ඒ නිසා phone එකේ WhatsApp එක open කආ, සිතැසිගේ chat එකට ගියා. Type කරන්න පටන් ගත්තා.


Lunch eka gaththa.. dwlt tiyen beheth ekth biww.


Send කලා.. 


ඒත්... අරුණට ඒ මදි. සිතැසිගේ lunch එකට compliment එකක් දෙන්න ඕනේ. ඒත්... ඒත් ඒකට හරියන වචන අරුණ දන්නේ නෑ. CEO අරුණ දේවින්ද. Board meeting වල කතා කරන, million dollar deals close කරන අරුණ දේවින්දට... කෙල්ලෙක් හදපු බත් එකකට compliment එකක් type කරන්න තේරෙන්නේ නෑ.


අරුණ පුටුවේ පිටිපස්සට හාන්සි වුනා. නළල රැලි කරගෙන, ඇඟිල්ලකුත් කටේ දාගෙන හපාගන්න ගත්තා. පොඩි එකෙක් වගේ. අවුරුදු 30කටත් වැඩී. තාම නියපොතු හපනවා.


Lunch eka.rasayi...


Type කරලා බැලුවා. 


"Shit." 


කෙඳිරුවා. ඉක්මනට delete කළා. මේ මොන ගොන් පාට් එකක්ද. "Rasayi" විතරක්? ඒකෙන් මොකක්ද කියන්නේ. සිතැසි උදේ මහන්සි වෙලා හැදුවේ "rasayi" කියලා අහගන්නද?


ආයෙමත් type කරනවා.


Sithasi mata...


Delete. 


Oyage lunch eka...


Delete. 


Phone එක මේසේ උඩින් තිබ්බා. අත් දෙකෙන් මූණ වහගත්තා. දෙයියනේ. අවුරුදු 18ක පොඩි කොල්ලෙක්, තමන්ගේ first crush එකට love letter එකක් ලියන්න දඟලනවා වගේ. වචන පටලවගෙන. මක මක. ලිය ලිය. අරුණ දේවින්ද දැන් ඒ තත්වෙට වැටිලා.


අන්තිමට phone එක ආයෙත් අතට ගත්තා. හුස්මක් ගත්තා. හෙමින් type කළා. මකන්නේ නැතුව. එකපාර.


Thanq for everything sithasi. It means a lot ti me.


Send කළා. 


Phone එක පැත්තකින් තියලා, lunch box එක ලඟට ඇදලා ගත්තා. තාම රස්නෙයි. 


මේ පාර කටට ගනිද්දී ඇස් පියාගත්තා. රස විතරක් නෙවෙයි. Care එක. ආදරේ. සිතැසිගේ හිත. ඔක්කොම දැනෙනවා. 


Penthouse එක තාම පාලුයි. ඒත් පපුව ඇතුල පිරුණා වගේ. පොඩ්ඩක්...













Narrator's POV — Next Morning, NexStruct Solutions






Penthouse එකේ නිශ්ශබ්දතාවයෙන් මිදිලා, අරුණ ආයෙත් එයාගේ රාජධානියට ඇවිත්. nexstruct Solutions 12th floor. CEO cabin... 


AC එකේ සීතලයි, ලොකු වීදුරු ජනේලෙන් එන ඉර එළියයි, කළු leather chair එකයි. ඔක්කොම පුරුදු විදිහටම. ඒත් අරුණ... කලින් ice king නෙමෙයි...


Laptop එක open කරලා, mails check කරනවා. උණ බැහැලා. ඇඟේ රිදීමත් අඩුයි. මූණ clean shave කරලා. අලුත් navy blue shirt එකක්. Cuff links දාලා. කොණ්ඩේ පීරලා පිටිපස්සට කරලා. පිටින් බැලුවම Ice King. Perfect. Sharp. 


ඒත් ඇතුලෙන්? 


ඇතුලෙන් තාම උදේ සිතැසි ගෙන් recive උන message එක ඔලුවේ කැරකෙනවා.


Beheth beela innawa neda? Breakfast skip karanna epa.


ඒ එක්කම Door එක කඩාගෙන වගේ ඇරුනා. Thud සද්දයක් එක්ක.


"කොහෙද හු$%& තො හිටියේ... මං..."


ශලිඳු. අරුණගේ PA උනාට අවුරුදු 10කටත් වැඩි යාළුකම... දොරට තට්ටු කරන කතා නෑ. ඇතුලට කඩාගෙන ආවා file එකකුත් උස්සන්.


"මං personal day off එකක් ගත්තේ ශලිඳු. I had high fever... and u know it..."


අරුණ ශලිඳුගේ කතාව ඉවර කරන්නත් නොදී කිව්වා. Laptop එකේ screen එකෙන් ඇස් අහකට ගන්නේම නැතුව. කටහඬ flat. CEO voice එක. Ice King mode on.


ශලිඳු තත්පරයක් නතර වුනා. ඇහි බැම උස්සලා අරුණ දිහා බැලුවා. ඊට පස්සේ අමුතු හිනාවක් දාගෙන ඇවිත් අරුණගේ ඉස්සරහ පුටුවෙන් වාඩි වුනා. කකුලක් උඩින් කකුලක් දාගත්තා.


"අඩෝ... අඩෝ... මොකක්ද මේ මූණේ අලුත් spark එක..."


ශලිඳු අරුණගේ මූණ දිහාම බලන් ඉන්නවා. විනිවිදිනවා වගේ. අරුණ ගනන් ගන්නේ නෑ. Keyboard එකේ type කරනවා. Mails වලට reply කරනවා. හරියට ශලිඳු කියන්නේ invisible මනුස්සයෙක් වගේ.


"තෝ... shave කරලා... ශාහ්... shirt එකත් iron කරාලා... යකෝ.. ඊයේ මට නොකියා උබ මනමාලියෙක් වත් බලන්න ගියාද...?"


ශලිඳු අහන්නේ කට කොණකින් හිනා වෙන ගමන්. ඇස් වල සෙල්ලක්කාර පාට.


අරුණගේ ඇඟිලි keyboard එක උඩ නතර වුනා. තත්පරයකට. ආයෙත් type කරනවා.


"Shalindu, this is a work place. Where u and i both work..."


කටහඬ අයිස් වගේ. සීතලයි. තදයි. Professional.


"Ugh... උබ දන්නවා.. උබ CEO නෙවෙයි දෙයියෙක් උනත් මට උබ අර gym එකේ bar එකක් ගහගන්න බැරුව හිටිය ඇටයමයි කියලා..."


ඒකට නම් Ice Kingගේ mask එක පොඩ්ඩක් crack වුනා. තොල් කොනකට හරිම පොඩි හිනාවක් ආවා. තත්පරයකට විතරයි. ආයෙත් අතුරුදහන් වුනා. ඒත් ශලිඳු දැක්කා. උගේ ඇස් ලොකු වුනා.


"ශලිඳු..."


අරුණ තදින් කිව්වා. Warning එකක් වගේ. නම විතරයි කියන්නෙ. ඒත් ශලිඳු ගනන් ගත්තේ නෑ. දෙන්නගේ friendship එක එහෙමයි. Title නෑ. Position නෑ.


ශලිඳු පුටුවෙන් හේත්තු වුනා. මූණේ තිබ්බ සෙල්ලක්කාර ගතිය නැති වෙලා ගියා. ඒ වෙනුවට බරපතල, යාළුවෙක්ගේ බැල්මක් ආවා.


"ඊයේ මොනා උනත්... වෙලා තියෙන්නේ හොඳ දෙයක්... උබට හොඳක් වෙනවා නම් මට ඉන් එහා අදාල නෑ..."


කියලා අතේ තිබ්බ file එක අරුණගේ මේසේ උඩට විසි කළා. ටක් ගාලා සද්දෙට වැටුනා.


"ඊයේ reports ටිකයි අද meeting details ටිකයි... දහයට client meeting එකක් ලෑස්ති වෙයන්..."


අරුණ file එක දිහා බැලුවා. ඊට පස්සේ හෙමින් ඔලුව උස්සලා ශලිඳු දිහා බැලුවා. 


තත්පරයක් දෙන්නම කතා නෑ. 


"Thanks." 


අරුණ කිව්වා. හෙමින්. CEO voice එකෙන් නෙවෙයි. අරුණ දේවින්දගේ voice එකෙන්. යාළුවෙක්ට කියන විදිහට.


ශලිඳුගේ තොල් වලට ආයෙත් හිනාවක් ආවා. මේ පාර නෝන්ඩියට නෙවෙයි. සහනයට.


"එහෙම එනවා එහෙනම්." 


කියලා නැගිට්ටා. දොර ගාවට ගිහින් හැරිලා බැලුවා. 


"අරුණ..."


"හ්ම්?"


"කෑම කෑවද උදේට?" 


අරුණගේ ඇස් ටිකක් ලොකු වුනා. ශලිඳු දන්නවා. ඌ හැමදේම දන්නවා. 


"ඔව්." 


අරුණ කිව්වා. කෙටියෙන්. 


ශලිඳු ඔලුව වැනුවා. 


"හොඳයි. Meeting එකට කලින් තව coffee එකක් බීපන්. මූණේ තාම පොඩි මහන්සියක් තියෙනවා... මනමාලිගේ බලන්න ගියත් එපා කියන්නේ නෑ ඉතින්." 


ඇහැක් ගහලා ශලිඳු එළියට ගියා. 


දොර වැහුනට පස්සේ අරුණ ආයෙත් පුටුවට හේත්තු වුනා. අතින් නළල පිහදැම්මා. 


මනමාලි නෙවෙයි. 


මැණික. 


Phone එක අතට අරන් screen එක on කළා. Wallpaper එක නෑ. කළු පාටයි. ඒත් screen එකට එබිලා බලද්දී පේන්නේ සිතැසිගේ හිනාව. 


දහයට meeting එක. 


ඊට කලින් වැඩ ටික ඉවර කරන්න ඕනේ. Ice King ආයෙත් වැඩ.












❤️😌 අදහස් කියාගෙන යන්න








Channe Link: https://t.me/Back_to_Us









Newbieee <3

Report Page