Back to Us

Back to Us

Newbiee <3
Years of silence, One unexpected meeting







Episode 66










Previous episode: https://telegra.ph/Back-to-Us-06-14














Narrator's POV










සිතැසිගේ අත අරුණගේ පපුව උඩ. 


Heart beat එක. වේගෙන්. උණ නිසා නෙවෙයි. එයා නිසා. 


සිතැසිට දැනුනා අරුණගේ ඇඟේ රස්නේ. උණේ රස්නේ අඩු වෙලා. ඒ වෙනුවට වෙනමම රස්නක්. එයාගේ අත තිබුන තැනින් පටන් අරන් මුළු ඇඟටම පැතිරෙන රස්නක්. 


"අරුණ..."


සිතැසිගේ කටහඬ හෙමින්. වෙව්ලනවා.


"අත... අත අරින්න. කෑම එක නිවෙනවා." 


"නිවෙන්න දෙන්න."


අරුණ කිව්වා. එයාගේ අත සිතැසිගේ අත උඩින් තියලා තද කළා. අයින් වෙන්න දෙන්නේ නෑ.


"මට ඕන මේ රස්නේ. කෑම වලට වඩා." 


සිතැසිට හුස්ම ගන්නත් අමතක වුනා. 


අරුණ හෙමින් නැගිට්ටා. සිතැසි ලගින්ම ඉඳගත්තා. සිතැසිත් එක්කම. දුර අඩු වුනා. හුස්ම වැටෙන දුරටම ආවා. 


"උදේ කිව්වනේ..."


අරුණගේ කටහඬ කොඳුරන ගානට බැස්සා.


"මං සනීප වුන දවසට අහන්නේ නෑ කියලා." 


සිතැසිගේ ඇස් ලොකු උනා. පපුව ගැහෙනවා වේගෙන්... 


"තාම... තාම ඔයාට සනීප නෑ."


සිතැස කිව්වා. ඒත් කටහඬේ ශක්තියක් නෑ.

"උණ..." 


"උණ බැහැලා."


අරුණ එයාගේ නළල සිතැසිගේ නළලේ තිබ්බා. හෙමින්.


"බලන්න. දැන් උණ නෑ. තියෙන්නේ වෙනමම ගිනියමක්." 


සිතැසිට දැනුනා. ඇත්තටම උණ අඩුයි. ඒත් අරුණ කියන ගිනියම... ඒක එයාටත් දැනෙනවා. සම යටින්, ලේ එක්ක දුවන ගිනියමක්. 


"මට බයයි අරුණ."


සිතැසිගේ ඇස් වලට කඳුලු පිරෙනවා.


"මාස හයකට කලින් වගේ... ආයෙත් රිදෙයි කියලා. ආයෙත් ඔයා... ඔයා යයි කියලා." 


අරුණගේ මූණ එකපාරටම වෙනස් වුනා. සෙල්ලක්කාර ගතිය නැති වෙලා. ඇස් වල වේදනාවක් ආවා. 


"Shh..."


එයා සිතැසිගේ කම්මුලට අත තිබ්බා. මහපට ඇඟිල්ලෙන් කඳුලක් පිහදැම්මා.


"ඒක මගේ වැරැද්ද. මං යන්න ඇරියා. මං රැක්කේ නෑ." 


එයා හෙමින් ලං වුනා. නළලට නළල තියන්ම. 


"ඒත් දැන්... දැන් මං කොහේවත් යන්නේ නෑ සිතැසි. ඔයා එලෙව්වත් මං යන්නේ නෑ." 


සිතැසිගේ තොල් වෙව්ලනවා. අරුණගේ හුස්ම එයාගේ තොල් වල ගෑවෙනවා. රස්නෙයි. අරුණගේම සුවඳ කලවම් වෙලා. 


අරුණ තවත් ලං වුනා. මේ පාර නතර වෙන්නේ නෑ වගේ. 


සිතැසි ඇස් පියාගත්තා. අතින් අරුණගේ කමිසයක් නැති පපුව මිරිකගත්තා. අයින් කරන්නද ලං කරගන්නද කියලා හිතාගන්න බැරිව. 


අරුණගේ තොල් සිතැසිගේ තොල් වලට හුස්ම තරම් ලං වෙලා... 


එකපාරටම...


doorbell එක වැදුනා..


දෙන්නම ගැස්සුනා. සිතැසි ඇස් ඇරියා. අරුණ නතර වුනා. තොල් අතර දුර අඟලක් විතර. 


ආයෙත් වැදෙනවා. දිගටම. 


"Shit."


අරුණ කෙඳිරුවා. නළල රැලි කරගෙන.


"කවුද මේ වෙලාවේ..." 


සිතැසි ඉක්මනට අරුණගෙන් ඈත් වුනා. නැගිට්ටා. මූණ රතු වෙලා. හුස්ම ගන්නෙත් අමාරුවෙන්. 


"ම... මං බලන්නම්."


සිතැසි කාමරෙන් එළියට දිව්වා වගේ ගියා. 


අරුණ ඇඳට හාන්සි වෙලා අතින් මූණ වහගත්තා. හයියෙන් හුස්මක් පිට කළා. 


"Perfect timing." 


සිතැසි දොර ගාවට ගිහින් දොර සීරුවට open කලා ටිකක්.


එහා ගෙදර ශාමලී අක්කා. අතේ ඇලුමිනියම් bowl එකක්. උඩින් කඩදාසි කොලේකින් වහලා. හිනා වෙලා...


"ආ නංගී, ඔයා ඉන්නවා නේද... මන් ඒත් හිතුවා ඔයා office එකට ගිහින් වත්ද කියලා. ඊයේ අයියා එනකොට අම්මලා දිහායින් හිද පොලොස් ගෙඩියක් ගෙනාවා. ඉතින් අද පොඩ්ඩක් මිරිසට හදලා ගත්තා. ඔයාව දැන් අල්ල ගත්තේ නැත්තන් මන් හවස එද්දිත් රෑ වෙනවා දෙන්න බැරි උනොත් කියලා මන් දැන්ම අරන් ආවා. රස්නෙටම තියෙනවා."


සිතැසිට එකපාරටම ඔක්කොම අමතක වුනා. Kiss එක, අරුණ, උණ, ගිනියම. ඉක්මනට bowl එක අතට ගත්තා. 


"ආ අක්කේ... තැන්ක් යූ... ගොඩාක් තැන්ක් යූ. මේ... මේ අයියාටත් thanks කරන්න හොදේ..."


ශාමලී අක්කා එබිලා බලන්න හැදුවා.

"මොකෝ කෙල්ල අද වැඩට යන්නේ නැද්ද... තවම ලෑස්ති වෙලත් නෑ."


"නෑ නෑ අක්කී... අද මේ... පොඩ්ඩක් පරක්කුවෙලා යනවා. Meeting එකක් තියෙනවා දවල්ට ඒකටම යන්න කියලා..." 


සිතැසි බාගෙට හිනා වෙවී, කිව්වේ... කියන්න ඔලුවට බොරු එන්නෙත් නැහැ... තව විනාඩියක් විතර අක්කා එක්ක කතා කරලා සිතැසි ඉක්මනට දොර වැහුවා.


හුස්මක් ගත්තා. දෙයියනේ...


හැරිලා බලද්දී... 


අරුණ සාලේ මැද්දේ. බිත්තියට හේත්තු වෙලා. අත් දෙකත් පපුව උඩ බැඳගෙන. කොණ්ඩේ අවුල් වෙලා. මූණේ අමුතු හිනාවක්. ඇහි බැම උස්සලා බලන් ඉන්නවා.


"හොඳ වෙලාවට කෙල්ලෙක් ආවේ." 


අරුණ හෙමින් කිව්වා. කට කොනකින් හිනා වෙවී. කටහඬ තාම බාලයි. 


"මිනිහෙක් ආවානම්... මේ head lights දෙක දැකලාම එක්කෝ ඌ අන්ද වෙනවා. එහෙම නැත්තන් ඌ උඹව උස්සන් යනවා කරේ තියාගෙන."


සිතැසිට එකපාරටම තේරුනේ නෑ. ඔලුව පැත්තකට ඇල කරලා බැලුවා. ඇහි බැම රැලි කරගෙන. 


"Head lights...? මොන head lights ද ?"


අරුණගේ හිනාව තවත් වැඩි වුනා. ඇස් වලින් පහළට ඉඟි කළා. 


තත්පර දෙකක් ගියා. 


ඊට පස්සේ තමයි සිතැසිට මතක් වුනේ... එයා තාම ඉන්නේ ඊයේ රෑ නිදාගත්ත ඇඳුම පිටින්. පොඩ්ඩක් oversize වගේ ඒත් ඇගටම වගේ තියෙන t shirt එකයි. පොඩි short එකයි. යටට... යටට වෙන මොකුත් නෑ.


"ඊයා අයියේ...!! මොකක්ද අප්පා...!!" 


සිතැසි කෑ ගැහුවා. අත් දෙකෙන් පපුව වහගත්තා. මූණ රතු වෙලා නෙවෙයි, දම් පාට වෙලා. කන් දෙකෙන් දුම් දානවා. ලැජ්ජාවේ ඇඹරිලා ගියා.


"මොනාද අනේ කුනුහරුප කතා කියන්නේ.. අප්පා ඔයා... ඔයා..."


අරුණ හිනා වෙන්න ගත්තා. හයියෙන්. පපුව හෙලවෙනකන්. උණ තියෙන එකත් අමතක වෙලා වගේ.


"කුනුහරුප කතාද ද? කවුද දොර ඇරියේ මෙහෙම? මං නෙවෙයිනේ."


සිතැසිට තවත් ඉන්න බෑ. ගස්සගෙන දිව්වා room එකට. දොර වහගත්තා.


අරුණට ඇහුනා ඇතුලෙන් "අනේ දෙයියනේ" කියලා තමන්ටම සිතැසි කියාගන්න සද්දෙ.


විනාඩි විස්සකට විට්ගර පස්සේ සිතැසි එළියට ආවා. Wash එකක් දාගෙන, කොණ්ඩේ පොනීටේල් එකක් දාගෙන. ලා නිල් පාට cotton ගවුමක් ඇඳගෙන. දණහිසට පොඩ්ඩක් උඩින්. අත් දිගු. කර ලඟටම වැහුන. දැන් හරි. 


ඒත් මූණ තාම රතුයි. අරුණ දිහා බලන්නේ නෑ. බිම බලාගෙන කුස්සිය පැත්තට යනවා.


"දැන් හරිද?" 


අරුණ ඇහුවා. හිනාව තාම තොල් කොනේ. 


"Head lights නිවිලා ද?"


"අරුණ!! ඔයා shirt එකක් දාගන්න.. මට කියවන්නේ.."


සිතැසි කෑ ගැහුවා.


අරුණ හිනා වෙවී තවම


"හරි හරි sorry. ඒත්... ගවුමට ලස්සනයි." 


එයා ඇහැක් ගැහුවා. 


සිතැසිට ආයෙමත් ලැජ්ජා හිතුනා. ඒත් මේ පාර කේන්තියෙන් නෙවෙයි. වෙනම හැඟීමකින්. 


"කෑම නිවුනා. ආයෙත් රත් කරන්නම්." 


කියලා kitchen එකට මාරු වුනා. හිනාව හංගගෙන.








Kitchen එකෙන් එන අලහොද්දේ සුවඳයි, පොලොස් මාලුවේ මිරිස් සුවඳයි එකට කලවම් වෙලා මුළු ගෙදරම පිරිලා. සිතැසි බත් එකයි පොලොස් ටිකයි පිඟානකට බෙදනවා. අත් තාම පොඩ්ඩක් වෙව්ලනවා. අරුණගේ ඒ 'head lights' කතාව ඔලුවේ කැරකෙනවා. 


අරුණ සාලේ සෝෆා එකට බර වෙලා වාඩි වෙලා ඉන්නවා. තාම shirt එකක් නෑ. පපුව උඩ අත් දෙක බැඳගෙන. හිනාව තාම මූණේ. සිතැසි කුස්සියෙන් එළියට එන හැම පාරකටම ඇස් උස්සලා බලනවා. ඒ බැල්මට සිතැසිගේ බෙල්ලයි කන් පෙති දෙකයි ආයෙත් රතු වෙනවා.


"මේ... උදේ කෑවෙත් කටවල් දෙකයි.. දැන්වත් කන්න." 


සිතැසි plate එක මේසේ උඩින් තියලා, අරුණ දිහා නොබලම කිව්වා. කටහඬ හෙමින්. තාම ලැජ්ජාව ඉවර නෑ.


අරුණ හෙමින් නැගිටලා මේසේ ලඟට ආවා. පුටුව ඇදලා වාඩි වුනා. සිතැසිට එහා පැත්තෙන්. වැඩිය ලං නෑ. ඒත් දුරත් නෑ.


"Thanks." 


එයා කටහඬ බාල කරලා කිව්වා. පිඟාන දිහා බලන්නේ නැතුව සිතැසිගේ මූණ දිහාම බලන්.


සිතැසිට ඉන්න බෑ ඒ බැල්ම ඉස්සරහ. ඉක්මනට අරුණගේ plate එක තියලා, එයාටත් බත් ටිකක් බෙදාගත්තා. දෙන්නම කතා නෑ. හුස්ම සද්දේයි ඈතින් ඇහෙන මිනිස්සුන්ගේ busy ජීවිත වල සද්දෙයි විතරයි. ඒත් නිහඬතාවය අපහසු නෑ. පුරුදු, උණුසුම් නිහඬතාවයක්. උදේ වෙච්ච දේවල් හින්දා හුළඟේ තාම පොඩි රස්නයක් ඉතුරු වෙලා.


කාලා ඉවර වෙලා අරුණ plate එක පැත්තකට කළා. හෙමින් සිතැසි දිහා බැලුවා.


"සිතැසි." 


"හ්ම්?"


"මං... මං දවල් වෙලා යන්නම්. මගේ penthouse එකට." 


එයා හෙමින් කිව්වා. අත් දෙක මේසේ උඩ. ඇඟිලි එක rhythm එක්කට table එකට තට්ටු කරනවා. 


"අද office යන්නේ නෑ. ඔය Doctor කිව්වනේ rest කරන්න කියලා."


සිතැසි එකපාරටම ඔලුව ඉස්සුවා. ඇස් වල ප්‍රශ්නයක්. ඒත් තත්පරයක් ඇතුලත ඒක වෙනස් වුනා. තේරුම් ගත්ත බැල්මක් ආවා. මූණට හෙමින් හිනාවක් ආවා.


"හා..හරී..." 


සිතැසි කිව්වා. හිනාව තාම තියෙනවා. සහනයක් එක්ක. 


"එහෙම තමයි හොඳ. උණ දැන් සෑහෙන්න අඩුයි.. ඒත් rest කරන්න ඕනේ. නැත්තන් ආයෙත් වැඩිවෙයි..."


අරුණ බලාගෙන හිටියා. ඒ හිනාව දිහා. උදේ දොර ගාව වෙච්ච ලැජ්ජාව, කේන්තිය, ඔක්කොම යට කරගෙන ආපු මේ හිනාව. අවුරුදු හතකට කලින් එයා ආදරේ කරපු හිනාවමයි.


"උදේට බෙහෙත් බිව්වා. දවල්ටත් බොන්න ඕනේ." 


සිතැසි නැගිට්ටා. කුස්සිය පැත්තට ගියා. 


"මං දවල්ටත් කෑම එකක් හදලා දෙන්නම්. අරන් යන්න. දවල්ට කන්න... රෑට තමයි... මන් ශලිඳු අයියා අතේ මොනා හරි එවන්නද..?."


අරුණගේ ඇස් පොඩ්ඩක් ලොකු වුනා. හිතුවේ නෑ එහෙම කියයි කියලා. 


"ඔයාට... ඔයාට මහන්සි නැද්ද? Office යන්නත් ඕනේ නේද?"


"මන් අද leave එකක් දැම්මා." 


සිතැසි fridge එක ඇරලා එළවළු ටික එළියට ගන්න ගමන් කිව්වා. අරුණ දිහා බලන්නේ නෑ. ඒත් කටහඬේ උණුසුමක් තියෙනවා. 


"ඉක්මනට හදන්න පුලුවන් දෙයක් හදන්නම්. Chicken fried rice එකක් වගේ. ඔයා කැමති ද...?."


"රෑට මන් මොනා හරි order කරගන්නම්..."


අරුණ මේසෙට හේත්තු වෙලා බලාගෙන හිටියා. සිතැසි kitchen එකේ එහාට මෙහාට යනවා. පොනීටේල් එක වැනෙනවා. ලා නිල් ගවුමේ කොන දණහිස ගාවින් හෙලවෙනවා. උදේ වෙච්ච දේවල්, මාස හයක වේදනාව, ඒ ඔක්කොම මැද්දේ මෙහෙම සාමාන්‍ය, ගෙදරක වගේ දවසක්.


"Thank you." 


අරුණ හෙමින් කිව්වා. 


සිතැසි හැරිලා බැලුවා.


අරුණ ඔලුව වැනුවා. ඇස් වල වෙනද නැති බැල්මක්. 


"මාව බලාගත්තට. උණ හැදිලා, තනියම ඉද්දී... කවුරුත් නැති වෙලාවක. ඔයා හිටියාට."


සිතැසි කැරට් grat කරන එකත් නතර කරලා අරුණ දිහා බැකුවා. උගුරේ මොකදෝ එකක් හුරවෙලා වගේ...


"ඒක... ඒක ඕනම කෙනෙක් කරන දෙයක්..." 


එයා හෙමින් කිව්වා. ආයෙත් කර කර උන්න වැඩේ පටන් ගත්තා. අරුණට පෙන්නේ නැති වෙන්න ඇස් පිහදාගත්තා ඉක්මනට.


"ඕනම කෙනෙක් කරන්නේ නෑ සිතැසි..." 


අරුණ නැගිට්ටා. හෙමින් කුස්සියේ දොරකඩට ආවා. හේත්තු වුනා. 


"ඒකයි තවත් වටින්නේ."


දෙන්නට මැද්දෙන් ආයෙත් නිහඬතාවයක්. ඒත් මේ පාර ඒක බර නෑ. සැහැල්ලුයි. පිළිගැනීමක් වගේ.


පැය භාගයකට විතර පස්සේ සිතැසි lunch box එකක් අරුණගේ අතට දුන්නා. රස්නෙටම.


"මේක. දවල්ට. බෙහෙත් බොන්න අමතක කරන්න එපා.රෑට කෑම මතක් කරලා order කරගන්න. හොදට බඩ පිරෙන දෙයක්. නැත්තම් gastritis හැදෙයි බෙහෙත් වලට. රෑට SMS එකක් දාන්න හොඳයිද කියලා."


අරුණ lunch box එක අතට ගත්තා. අනිත් අතින් සිතැසිගේ අත ඇල්ලුවා හෙමින්. උදේ වගේ තද කරලා නෙවෙයි. හරිම මෘදුයි. ස්තූතියි කියනවා වගේ.


"දාන්නම්." 


එයා කිව්වා. ඇස් දෙක සිතැසිගේ ඇස් වලටම ලොක් කරගෙන. 


"පරිස්සමින් ඉන්න.. මන් ගිහින් massage එකක් දාන්නම්..."


"හ්ම්." 


සිතැසි ඔලුව වැනුවා. අත තාම අරුණගේ අතේ. අයින් කරගන්න හිතුනේ නෑ.


අරුණ හෙමින් අත අතෑරියා. සපත්තු දාගත්තා. දොර ගාවට ගිහින් හැරිලා බැලුවා. 


"සිතැසි." 


"ඔව්?"


"උදේට... sorry." 


එයා කෙලින්ම කිව්වා.


"දොර ගාව සීන් එකට. Head lights සීන් එකට නෙවෙයි. ඊට කලින් සීන් එකට. ඔයාව අපහසුතාවයට පත් කළාට."


සිතැසිගේ මූණ ආයෙත් රතු වුනා. ඒත් මේ පාර බිම බැලුවේ නෑ. අරුණගේ ඇස් දිහාම බැලුවා.


"ඒකට... ඒකට sorry කියන්න එපා." 


එයා හෙමින් කිව්වා. කටහඬ පැහැදිලියි. 


අරුණගේ ඇහි බැම ඉස්සුනා. පුදුමයෙන්.


සිතැසි හිනා වුනා. පොඩි හිනාවක්. ලැජ්ජාවයි, නිදහසයි කලවම් වුන හිනාවක්.


"පරිස්සමින් යන්න අරුණ."


අරුණ තත්පරයක් බලන් හිටියා. ඊට පස්සේ එයත් හිනා වුනා.


"යන්නම්..." 


දොර ඇරගෙන එයා එළියට ගියා. 


සිතැසි දොර වහලා, දොරට හේත්තු වෙලා හුස්මක් ගත්තා. පපුව ඇතුලේ තාම ඒ ගිනියම තියෙනවා. ඒත් දැන් ඒක බය හිතෙන ගින්නක් නෙවෙයි. උණුසුම් කරන පහනක් වගේ. 













😌❤️ අදහස් කියාගෙන යන්න....






Channel Link: https://t.me/Back_to_Us












Newbieee <3


Report Page