Back to Us
Newbiee <3
Episode 65
Previous Episode: https://telegra.ph/Back-to-Us-06-12
Narrator's POV
සිතැසි 'පිස්සු' කියලා නැගිට්ටා. ඒත් කකුල් දෙක පණ නැති ගානට වෙව්ලනවා. අරුණගේ ඒ 'මං නිකන්ම ගන්නවා' කියන වචන තාම කනේ රැව් දෙනවා.
දොර ගාවට යන්න කලින් ආපහු හැරිලා බැලුවා. බලන්නේ නැතුව ඉන්න බැරිකමට.
අරුණ එයා දිහාම බලාගෙන ඉන්නවා. කොට්ටෙට ඔලුව තියාගෙන. කමිසයක් නැති පපුව උඩට bedsheet එක ඇදිලා. ඒ ඇස් වල උණේ රස්නේ නෙවෙයි තියෙන්නේ. වෙනමම ගින්දරක්. පොරොන්දුවක්. ඉවසීමක්.
ඒ බැල්මට සිතැසිගේ හිත ආයෙත් දිය වෙන්න ගත්තා. ඉක්මනට ඔලුව හරවගත්තා.
"මං... උයලා කතා කරන්නම්...."
කියලා කාමරෙන් එළියට ආවා. දොර වහනකොට අත වෙව්ලනවා.
කුස්සියට ගිහින් gas එක පත්තු කළා. හාල් ටික හෝදන ගමන් හිත දුවනවා විනාඩියට සැතපුම් සීයකින්.
මට පිස්සුද? එයා අසනීපෙන්. රෑ එළි වෙනකම් මං ළඟ හිටියේ අසනීප නිසා. මනුස්සකමට. එතකොට එයා...
ඒත් එයා කිව්වනේ අත්වැරැද්දක් නෙවෙයි කියලා. ඕන කරලා කරේ කියලා. අවුරුද්දකට පස්සේ...
හාල් ටික rice cooker එකට දාලා කල්පනා කලේ මොනාද හදන්නේ කියලා... බෙහෙත් නිසා කට තිත්තත් ඇති...
"සිතැසි..."
එකපාරටම කාමරේ ඉඳන් අරුණගේ කටහඬ.
"ආ... ආ ඇයි?"
බය වෙලා සිතැසි දුවගෙන ගියා දොර ගාවට. ඇතුලට ගියේ නෑ. එළියේ ඉඳන් ඔලුව විතරක් දැම්මා.
අරුණ ඇඳේ ඉඳගෙන ඉන්නවා. කොන්ඩේ අතින් පිටිපස්සට කරනවා.
"Water..."
එයා කිව්වා. කටහඬ තාම බරයි.
"වතුර එකක් දෙන්නකෝ."
"හා... හා දැන්ම."
සිතැසි දුවගෙන ගිහින් kettle එකෙන් උනුවතුර වීදුරුවකට වත් කරලා අරන් ගියා.
කාමරේට යද්දී අරුණ එයා එනකම් බලන් ඉන්නවා. ඒ බැල්මෙන් බේරෙන්න බෑ.
වීදුරුව දික් කළා. අත නොගෑවෙන්න පරිස්සමට.
අරුණ වීදුරුව ගත්තේ නැතුව සිතැසිගේ අතින්ම අල්ලගත්තා. වීදුරුවත් එක්කම.
"තනියම බොන්න පුළුවන්නේ.."
සිතැසි මිමිණුවා. හුස්ම හිර වෙනවා.
"මං දන්නවා පුළුවන් කියලා."
අරුණ හෙමින් කිව්වා. ඇස් දෙකෙන් අහකට බලන්නේ නෑ.
"ඒත් මට ඕන ඔයා අතින්ම."
සිතැසිගේ අත වෙව්ලනවා. වීදුරුවේ වතුරත් එක්ක.
අරුණ හෙමින් ඇදේ සීදුවෙන් වාඩි උනා. වීදුරුවට තොල් තිබ්බා. බොන ගමන් ඇස් දෙක සිතැසිගේ මූණෙන් අහකට ගත්තේ නෑ. අත තාමත් සිතැසිගේ අත අල්ලගෙන.
වතුර උගුරු තුනක් බීලා ඉවර වෙලා අරුණ වීදුරුව පාත් කළා. ඒත් අත අතෑරියේ නෑ.
"Thanks."
එයා කිව්වා. කටහඬ හෙමින්.
"ඊයේ රෑ ඉඳන්ම... හැමදේටම thanks."
සිතැසිට දැනුනා ඇස් වලට කඳුලු ඉනුවා.
"මං... මං බත් එක බලන්නම්."
අත ගසලා දාන්න හැදුවා.
අරුණ අත තවත් තද කළා.
"සිතැසි."
"ම්..."
"මං සනීප වෙනකම් ඉන්නවා."
අරුණ කිව්වා. පැහැදිලිව.
"ඒත් සනීප වුනාට පස්සේ... ඔයා මට 'බෑ' කියන්න හදන්න එපා."
සිතැසිගේ පපුව ගැස්සුනා. උත්තර දෙන්න වචන නෑ.
අරුණ හෙමින් අත අතෑරියා.
"දැන් යන්න..."
සිතැසි වීදුරුවත් අරන් එළියට දිව්වා වගේ ආවා.
සිතැසි දොරට හේත්තු වෙලා හුස්මක් ගත්තා. පපුව ඇතුලෙන් ගැහෙන සද්දේ තාමත් කන් දෙකේ.
'මං සනීප වුනාට පස්සේ... ඔයා මට 'බෑ' කියන්න හදන්න එපා.'
ඒ වචන ටික හිත ඇතුලේ දෝංකාර දෙනවා. බයත් එක්ක මිශ්‍ර වෙච්ච අමුතුම සනීපයක් දැනෙනවා.
Kitchen ව්කට ගිහින් රතු ලූණු ගෙඩි දෙක තුනක් එක්ක අල ටිකක් එලියට ගත්තේ අල හොද්දක් හදනවා කියලා හිතන ගමන්.. කෙල්ල හිනා වුනා තනියම. තොල් හපාගෙන.
"ඉක්මනට සනීප වෙන්න ඕන..."
කෙල්ල තනියම මිමිණුවා. අල ටික සෝදලා පොඩි preasure cooker එකට දැම්මේ ඉක්ම්නට හදාගන්න ඕන නිසා.
"මොකටද?"
එකපාරටම කාමරේ ඉඳන් අරුණගේ කටහඬ. සිතැසි ගැස්සිලා අතේ තිබුන පිහියත් ලිස්සලා බිම වැටෙන්න ගියා.
"අයියෝ..."
කෙල්ල ඉක්මනට පිහිය තදින් අල්ල ගත්තා.
"මො... මොකවත් නෑ. උයලා ඉවර වෙන්න ටිකක් වෙලා යයි..."
සිතැසි පුලුවන් ඉක්මනට හොදට දෙහි ටිකක් එහෙම මිරිකලා රස දැනෙන්න අලහොද්දක් එක්ක කටට සැර දැනෙන්නම ටිකක් සැරට ලුණු මිරිසක් හදව්වා...
උණුවෙන්ම සුදු බත් ටිකක් එක්ක plate එහෙකට බෙදාගෙන අරුණගේ room එකට ගියා.
කාමරේ දොර ඇරියම අරුණ ඇඳේ හාන්සි වෙලා ඉන්නවා. කොට්ටෙට හේත්තු වෙලා. උඩුකය නිරුවත්. Bedsheet එක ඉණ ගාවට.
සිතැසිගේ ඇස් ඉබේම අහකට ගියා. කම්මුල් රත් වෙනවා දැනුනා.
"මෙන්න..."
සිතැසි plate එක, bedside table එක උඩින් තිබ්බා. ලං වෙන්නේ නෑ.
"එතන තියලා වැඩක් නෑනේ."
අරුණ හෙමින් කිව්වා.
"මට අත වෙව්ලනවා තාම. ඔයා කවන්න."
"අරුණ!"
සිතැසිට කියවුනා. නම කියවුනේ ඉබේටම්
"බොරු කියන්න එපා. දැන් ඔයාට අත වෙව්ලන්නේ නෑ."
"එහෙනම් ඔප්පු කරන්න."
අරුණ අත දික් කළා.
"මේ අත අල්ලලා බලන්න වෙව්ලනවද නැද්ද කියලා."
සිතැසි දන්නවා ඒක උගුලක් කියලා. අත අල්ලගත්තොත් ආයෙත් අතාරින්නේ නෑ.
"කන්න."
සිතැසි අරුණ ලගින් වාඩි වෙලා plate එක අතට ගත්තා.
"කට අරින්න."
අරුණ හිනා වුනා. අර උදේ දැකපු හැබෑ හිනාවමයි.
සිතැසි පොඩිවට බත් කටක් අනලා අරුණගේ තොල් ලඟට ලං කළා. අත වෙව්ලනවා.
අරුණ කට ඇරලා බත් කට කටට ගත්තා. ඒත් ඇස් දෙක සිතැසිගේ මූණෙන් අහකට ගත්තේ නෑ. බලන් ඉන්නේ බත් කටේ රස බලනවා වගේ නෙවෙයි. එයාවම රස බලනවා වගේ.
දෙවෙනි කට ලං කරනකොට අරුණ බත් කටත් එක්කම සිතැසිගේ ඇඟිලිත් මෘදුවට හැපුවා.
"ස්..."
සිතැසිට කෙඳිරි ගෑවුනා. ඉක්මනට අත ඇදලා ගත්තා.
"මො... මොකද කරන්නේ?"
"බත් එක හරිම රසයි."
අරුණ කිව්වා නොදන්නා ගානට.
"උයපු අතත් එක්කම රසයි වගේ."
සිතැසිගේ මූණෙන් ගිනි පිට වෙනවා දැන්.
"තව කවන්නේ නෑ!"
කෙල්ල plate එක තල්ලු කළා.
"තනියම කන්න."
අරුණ ආයෙත් හිනා වුනා. මේ පාර හයියෙන්.
"හරි හරි තරහ ගන්න එපා."
එයා අත දික් කරලා සිතැසිගේ අතින් අල්ලගත්තා. මේ පාර බේරෙන්න දුන්නේ නෑ.
"Thank you. ඇත්තටම. රෑ ඉඳන්ම... මං වෙනුවෙන් නිදි මරාගෙන..."
එයාගේ කටහඬ එකපාරටම හෙමින්. සෙල්ලම නතර වෙලා. ඇස් වල තිබුනේ අවුරුදු ගානක පසුතැවීමක්.
සිතැසිගේ කේන්තිය දිය වෙලා ගියා ඒ බැල්මට.
"ඔයා... ඔයා අසනීප උනාම මට ඉන්න බෑ අරුණ."
සිතැසි හෙමින් කිව්වා. ඇස් පියාගෙන.
"තරහෙන් හිටියත්... මට බෑ."
අරුණ සිතැසිගේ අත එයාගේ පපුවට තියාගත්තා. හරියට උදේ හිටියා වගේ. Heart beat එක දැනෙන තැන.
"එහෙනම් තරහෙන් ඉන්න එපා."
එයා කිව්වා.
"මොකද මටත් ඔයා නැතුව ඉන්න බෑ සිතැසි. කවදාවත් බැරි වුනා. ඉස්සරහටත් බෑ."
කාමරේ ආයෙත් නිහඬයි.
එළියේ හිරු දැන් හොඳටම පායලා. කාමරේ ඇතුලට එළිය පුරවලා.
Plate එකේ රස්නේ දුම යනවා පේනවා..
ඒ වාෂ්ප වගේම දෙන්නගේ හිතේ තිබුන අයිස් කඳු ටිකත් හෙමින් හෙමින් වාෂ්ප වෙලා යනවා.
සිතැසි අත අදින්න හැදුවේ නෑ.
මොකද එයා දන්නවා.
Ice King සනීප වෙන දවස එන්න ලඟයි කියලා.
ඒ දවසට... Snow Queenට ඕනත් ඒකමයි කියලා.
පොඩි කොටසක් රෑ වෙලා තව එකක් දෙන්නම් ආ... 😮💨
අදහස් කියාගෙන යන්න 😌❤️
Channel Link: https://t.me/Back_to_Us