Back to Us
Newbiee <3
Episode 64
Previous Episode: https://telegra.ph/Back-to-Us-06-11
Narrator's POV - Sithasi's boarding house
උදේ පාන්දර 5.30ට අරුණට ඇස් ඇරුනා. පුරුද්දටම. Alarm එකක් ඕන වුනේ නෑ.
ඒත් අද ඇස් අරිනකොට දැනුනේ වෙනම ලෝකයක්.
උණ රස්නේ බැහැලා ගිහින්. ඇඟපත තාම ටිකක් කැක්කුමයි, හන්දිපත් වල බරයි. ඒත් ඒ වේදනාව මොකද්ද මේ දැනෙන දේ එක්ක බලද්දී.
මොකද අරුණ ඉන්නේ අවුරුදු ගානක් හිතෙන් විතරක් හොයපු, හීනෙන් විතරක් විඳපු ඒ උණුහුම මැද. ඒ සුවඳ හුස්මක් ගානේ පපුවට බහිනවා.
සිතැසිගේ පපුවට තුරුල් වෙලා.
කෙල්ලගේ තුනී t-shirt එකට යටින් දැනෙන ඒ රස්නේ කොල්ලගේ කම්මුලට දැනෙනවා. මෘදුවට. ජීවිතේටම දැනුන සනීපම දේ වගේ. ඒ පපුව ඇතුලෙන් එන heart beat එක... හෙමින්. ගැඹුරට. ඒ සද්දේ අහන් ඉද්දි මුළු ලෝකෙම නවතිනවා. ප්‍රශ්න, වේදනා ඔක්කොම, මුලු ලෝකෙම නිහඬ වෙනවා වගේ.
සිතැසිගේ ඇඟිලි තුඩු අරුණගේ කොන්ඩේ අස්සෙන් යනවා නින්දෙන්ම. කෙස් ගස් ඇඟිලි අතරේ පැටලිලා. අනිත් අත එයාගේ උරහිස වටේට දාලා. තද කරලා නෙවෙයි. ඒත් අත ඇරලා දාන්නෙත් නෑ වගේ. හරියට 'මං ඉන්නවා. බය වෙන්න එපා' කියනවා වගේ.
අරුණගේ අත් දෙකත් නින්දෙන්ම සිතැසි ඉණ වටේට එකතුවෙලා. තද කරන් නෙවෙයි. හෙමින් අල්ලගෙන. හරියට මේක හීනයක් නම්, ඇස් ඇරියම අතුරුදහන් වෙයි කියලා බයට වගේ.
අරුණට හුස්ම ගන්නත් අමතක වුනා තත්පර කීපෙකට.
ඊට පස්සේ පපුවේ අවුරුද්දක් තිස්සේ හිර කරන් හිටපු බර එක ලොකු හුස්මකින් පිට කළා. මාස ගානකට පස්සේ පපුවට දැනෙන නිදහස. සනීපේ.
අරුණ හෙමීට ඔලුව ඉස්සුවා. සද්දයක් නැතුව. සිතැසි දිහා බලන්න.
කොන්ඩේ කොට්ටෙට තද වෙලා අවුල් වෙලා. නිදි මරපු නිසා ඇස් යට පොඩි අඳුරු ගතියක්. රෑ එළි වෙනකම් එයා ළඟම හිටියා කියන සාක්ෂිය ඒ.
ඒත් ඒ මූණේ තියෙන්නේ මහන්සිය නෙවෙයි. අමුතුම නිසංසල හිනාවක්. තොල් ලාවට ඈත් වෙලා. හරියට එයාත් හොඳම හීනය දකිනවා වගේ.
සිතැසි නිදි. ගැඹුරට.
අරුණට හිතෙනවා, නිදාගෙන ඉද්දි ගෑනියෙක් මේ තරම් ලස්සන වෙන්න පුළුවන්ද කියලා. ඒ නිසංසල කම. ඒ සැහැල්ලුව. ඊටත් වඩා... t-shirt එකේ ගැඹුරට කපපු කරෙන් පේන කිරි පාට සම. හුස්ම ගන්න ගානට හෙමින් උස් පහත් වෙන හැටි.
අරුණ එකපාරටම ඇස් අහකට ගත්තා. පපුව ඇතුලෙන් ගින්දරක් ඇවිලුනා වගේ. උණ බැහැලා ගියත් ඇඟ ඇතුලෙන් වෙනම රස්නයක් නැගලා එනවා. හිතයි ඇඟයි දෙකම එකපාරට ඇහැරෙනවා.
ඒත්...
මේ මොහොත ඊට වඩා වටිනවා.
මේ විශ්වාසේ, මේ ළෙන්ගතුකම, මාස ගානකට පස්සේ ලැබුන මේ තුරුළු වීම... එක වැරදි හුස්මකින් කැඩෙන්න දෙන්න බෑ.
ඕන එකම දේ මේ. තව ටිකක් මේ සුවඳ අස්සේ ඉන්න. මේ heart beat එකේ රිද්මයට තව ටිකක් දිය වෙන්න. මේ උණුහුමේ තව ටිකක් හොයපු සැනසීම විඳින්න.
ආයෙත් හැඟීම් රැල්ලක් ඇවිස්සෙන්න කලින්, හිත පාලනයෙන් ගිලිහෙන්න කලින්, අරුණ ඇස් දෙක තද කරලා පියාගත්තා.
හෙමින් ඔලුව ආයෙත් පාත් කළා. සිතැසිගේ පපුවටම. හරියට තමන්ගේම තැනට ආවා වගේ.
"තව ටිකක්..." එයා හිතෙන් සුසුම්ලෑවා. කටින් නෙවෙයි... මොකද සිතැසි ඇහැරිලා මේ මායාව ඉවර වෙයි කියන බයට.
'තව ටිකක් මේ හීනේ ඇත්ත කරගෙන ඉන්න දෙන්න.'
ඒ වෙලාවේම වගේ සිතැසිගේ අත නින්දෙන්ම කොල්ලගේ කොන්ඩේ අස්සේ තවත් ටිකක් තද වුනා. ඇඟිලි වලින් පිරිමදිනවා.
එළියේ අලුත් දවසක්, අලුත් ඉර උදාවක්. උදේ ඉර එලිය room එක ඇතුලට එබෙනවා. රන්වන් පාටයි.
ඇතුලේ... Ice King, Snow Queenගේ උණුහුමට වෙලා ආයෙත් නින්දට ගියා.
මේ පාර නම් හීනෙන් නෙවෙයි. මාස ගානකට පස්සේ ලැබුන ඇත්තම නින්ද.
හතට විතර සිතැසිට ඇහැරුනේ පපුව උඩ දැනෙන බරට.
ඇස් ඇරලා බලද්දී... අරුණ. තාමත් එයාගේ පපුවට තුරුල් වෙලා. පාන්දර ඇහැරිලා ආයෙමත් නින්දට ගිහින්. කෙල්ල දන්නේ නෑ අරුණ මීට කලින් ඇහැරිලා හිටියා කියලා. හිතන්නේ මුළු රෑම මෙහෙමම නිදාගෙන ඉන්නවා කියලා.
එයාගේ heart එක එකපාරටම වේගෙන් ගැහෙන්න ගත්තා. ඒත් අරුණට ඒක ඇහෙයි කියන බයට හුස්ම අල්ලන් හිටියා.
සිතැසි හරිම ආදරෙන්, හෙමින් අරුණගේ කොන්ඩේ අස්සෙන් ආයෙමත් ඇඟිලි තුඩු යැව්වා. පිරිමදිනවා. රෑ පුරාම කරපු දේ පුරුද්දට වගේ.
ඒ පහසටදෝ... අරුණ පොඩ්ඩක් හෙලවුනා. නින්දෙන්ම.
"ම්හ්..."
ගැඹුරු, බර කෙඳිරියක්. උදේ පාන්දරට කොල්ලෙක්ගේ කටහඬේ තියෙන ඒ රළු, නිදිමත ගතිය එක්ක.
කොල්ලා තව තවත් සිතැසිගේ පපුව ඇතුලට මූණ ඔබා ගන්න හදනවා. ඇස් අරින්නේ නැතුවම. පොඩි එකෙක් වගේ... අම්මාගේ උණුහුම, කිරි සුවඳ හොයනවා වගේ. අසරණයි. ආදරේ හොයනවා.
සිතැසිගේ ඇඟම ගැස්සුනා ඒ දැනීමට. හුස්ම හිර වුනා.
"අයියේ..."
සිතැසි හෙමින් මිමිණුවා. කටහඬ වෙව්ලනවා.
"නැගිටින්න... උදේ වෙලා..."
ලෝබයි. මේ විදිහට තව පැය ගාණක් උනත් ඉන්න පුළුවන්. මාස ගානක දුක, තනිකම මේ උණුහුමෙන් මැකිලා යනවා වගේ. ඒත්... ඒත් බෑ. මෙහෙම ඉන්න බෑ. හිතයි ඇඟයි දෙකම දිය වෙනවා. පාලනය නැති වෙනවා.
"ම්හ්... තව... ටිකක්..."
අරුණගේ කටහඬ ඊටත් වඩා බරයි. ගැඹුරුයි. නිදිමතයි ආශාවයි කලවම් වෙච්ච ඒ sexy රළු ගතිය තියෙනවා.
ඒ හඬට සිතැසිගේ ඇඟම සීතල වෙලා ගියා එකපාරටම. ලේ ටික මිදුනා වගේ. ඊට පස්සේ ආයෙමත් ගිනි ගත්තා වගේ රස්නේ වුනා. කන් දෙක රතු වෙනවා දැනුනා.
"ඉන්නකෝ..."
සිතැසි හුස්මක් අල්ලගත්තා.
"මං නැගිටිනකම් එහෙනම්..."
අමාරුවෙන් වචන පිට කළා.
ඒත් එක්කම අරුණගේ උරහිසෙන් ටිකක් තදින් ඇල්ලුවා. නැගිට්ටවන්න. ඈත් කරන්න.
අරුණ ඇස් ඇරියේ නෑ. ඒ වෙනුවට අර අල්ලපු අතම මාංචු දාලා වගේ අල්ලගත්තා. තමන්ගේ පපුවට තද කරගත්තා.
"ඉන්නකෝ..."
අරුණ කියවනවා නින්දෙන් වගේ. තොල් හෙලවෙන්නේ අමාරුවෙන්.
"අද office නෑහ්..."
ඒ වචන වලට සිතැසිගේ හිත එකපාරටම නතර වුනා.
Office නෑ.
තව කාටවත් උත්තර දෙන්න නෑ.
තව මොකුත් මවාපෑමක් නෑ.
මේ ඉන්න විදිහ... මේ උණුහුම... මේ මොහොත විතරයි ඇත්ත.
අරුණ ආයෙමත් පපුවට තුරුල් වුනා.
"තව ටිකක්..."
කියලා ආයෙත් මිමිණුවා.
සිතැසිගේ අතේ තිබ්බ බලේ හෙමින් හෙමින් නැති වෙලා ගියා.
ඇත්තටම... ඇයි නැගිටින්නේ?
කොන්ඩේ අස්සේ යන අත ආයෙමත් හෙමින් වැඩ කරන්න ගත්තා. උරහිස වටේ දාපු අත තවත් ලං කළා.
"හරි..."
කෙල්ලත් සුසුමක් එක්ක මිමිණුවා. එයාටම ඇහෙන්න.
"තව ටිකක් විතරක්..."
එළියේ ඉර උඩට එනවා.
ඇතුලේ... අවුරුද්දකට පස්සේ Ice Kingටයි Snow Queenටයි වෙලාව නතර වෙලා.
හෙට ගැන නෙවෙයි. ඊයේ ගැන නෙවෙයි.
අද.
මේ මොහොත විතරයි.
ටිකකින් දෙන්නාගෙම නින්ද කඩන ගමන් අරුණගේ phone එක කෑ ගහන්න ගත්තා.
"ශලිඳු..."
අරුණ නිදිමතේම අතපත ගාලා answer කළා. Speaker එක වැදුනේ හිතලා නෙවෙයි.
"අරුණ තෝ කොහෙද යකෝ..!"
ශලිඳුගේ කටහඬ කාමරේ පුරා පැතිරුනා.
"මං office එකේ නෑ කියලා දැනගෙන penthouse එකටත් ගියා... නෑ. කොහෙද ඉන්නේ?"
සිතැසි ගැස්සුනා. ශලිඳුගේ කටහඬට...
"මට නිවාඩුවක් දාපන්..."
අරුණ ඇස් දෙක පියන්ම කෙල්ලගේ පපුව අස්සේ ඉඳන්ම කියනවා. කටහඬ තාම නිදිමතයි, බරයි.
ඊයේ රෑ සිතැසි කිව්වනේ අද නිවාඩු දාන්න කියලා. සිතැසිත් ඊයේ රෑම leave එකක් දැම්මා අද ඉන්න. අරුණව බලාගන්න.
"කොහෙද හු$%& ඉන්නේ...!"
ශලිඳු කෑ ගහනවා සිතැසිටත් හොඳටම ඇහෙනවා.
"උඹට පිස්සුද? Client meeting එකක් තියෙනවා උදේ 9ට!"
"Sick එකක් දාපන්... මට අවුලක් නෑ... මං නිදි..."
අරුණ නිකන්ම කියලා දැම්මා. සිතැසිට හිනා ගියා ඒ කියන විදිහට. Ice Kingගේ ඔලුව සිතැසිගේ පපුව උඩ තියාගෙන, CEO ජීවිතේ ගැන no care එකේ ඉන්න හැටි.
ශලිඳුට මොකුත් කියන්න නොදී අරුණ call එක cut කරලා phone එක ඇඳ පහළට වීසි කළා. ටක් ගාලා සද්දෙට වැටුනා.
කාමරේ ආයෙත් නිහඬයි.
ඒත් දැන් අරුණ fully awake.
ඒක තේරුන ගමන් සිතැසිට පපුව ඇතුලෙන් ගැස්මක් ගියා. දැන් මෙහෙම ඉන්න එක අවුල් වගේ. රෑ කළුවරේ තිබුන හැඟීම් උදේ එළියට පේන්න ගන්නවා.
ඊටත් වඩා... කොල්ලගේ ඇඟේ වෙන දෙයක් හොඳටෝම නැගිටලා. අරුණට ඒක හොඳටම දැනෙනවා. කෙල්ලට දැනෙන්න දෙන්න බැරි නිසා හෙමීට, හරිම හෙමීට සිතැසිගේ පපුවෙන් අයින් වුනා. හුස්මක් අල්ලගෙන. කොට්ටේ උඩින් ඔලුව තියා ගත්තා. ඇස් ඇරලා සිවිලිම දිහා බලාගත්තා.
සිතැසිටත් තේරුනා. අරුණ ඈත් වුනේ ඇයි කියලා. එයාගේ කම්මුල් ආයෙත් රතු වෙනවා.
ටික වෙලාවක් දෙන්නම කතා නෑ. හුස්ම විතරයි.
"දැන් කොහොමද..."
සිතැස අහන්නේ හෙමින්. අරුණ දිහාට හැරෙන ගමන්. උණ බැහැලද බලන්න වගේ. ඒත් ඇත්තටම අහන්නේ වෙන දෙයක්.
අරුණත් ඔලුව හරවලා සිතැසි දිහා බැලුවා. ඇස් දෙකේ නිදිමත ගතිය නැති වෙලා. ඒ වෙනුවට වෙනම දෙයක්. ගැඹුරු. උණුහුම්.
"මගේ CEO ජීවිතේ හොඳම නින්ද ලැබුනේ ඊයේ රෑ..."
අරුණ කෙලින්ම කිව්වා. හංගන්නේ නැතුව. මග අරින්නේ නැතුව. ඒ බෝල දුඹුරු පාට ඇස් දෙක දිහාම බලාගෙන.
කෙල්ල එකපාරටම රතු වුනා. කන් දෙකත් එක්කම. උණ හැදිලා වගේ.
ඒ බොරුවක් නෙවෙයි කියලා දන්නවා. අරුණගේ ඇස් වල ඒ ඇත්ත තියෙනවා. මාස ගානකින්, අවුරුද්දකින් හොයපු සැනසීම ඊයේ රෑ ලැබුනා කියන ඇත්ත.
කෙල්ල හිනා වුනා. පොඩි හිනාවක්. තොල් කොනකට විතරයි. මොකුත් කියන්නේ නෑ. කියන්න වචන නෑ.
ඒත් ඒ හිනාවේ තිබුනේ මාස ගානකට පස්සේ දිය වෙච්ච Snow Queenගේ හිත.
අරුණත් හිනා වුනා. පළවෙනි පාරට. හැබෑවටම.
එළියේ හිරු රැස් කාමරේට පිරෙනවා.
ඇතුලේ... අවුරුද්දක හිම කඳු දිය වෙලා ගඟක් වෙලා ගලනවා.
සිතැසි "මං... tea එකක් හදන්නම්" කියලා නැගිටින්න හදද්දී අරුණ එක අතකින් කෙල්ලගේ අතින් අල්ලගත්තා. හෙමින්. ඒත් අතාරින්නේ නෑ කියන ගානට.
අරුණ සිතැසි නැගිටින්න දෙන්නේ නෑ.
"තව ටිකක් ඉන්න"
අරුණ කිව්වා. කටහඬ තාම උදේ පාන්දරට තියෙන ඒ බර, රළු ගතියෙන්. ඇස් දෙක සිතැසිගේ මූණෙන් අහකට යන්නේ නෑ.
සිතැසි ගැස්සුනා.
"අයියේ... උදේ වෙලා. ඔයාට..."
"ඊයේ රෑ වුනේ අත්වැරැද්දක් නෙවෙයි සිතැසි."
අරුණ වචන හෙමින්, පැහැදිලිව කිව්වා.
"මට ඕන උනේ මේකමයි. ඔයා ලඟ ඉන්න එක. ඔයාගේ උණුහුමේ නිදාගන්න එක."
සිතැසිට හුස්ම ගන්නත් අමාරු වුනා එකපාරටම. පපුව ගැහෙන සද්දේ අරුණටත් ඇහෙයි කියලා බය හිතුනා. අවුරුද්දක් තිස්සේ හිත යට හංගන් හිටපු වචන අරුණගේ කටින්ම ඇහෙද්දී මුළු ඇඟම වෙව්ලනවා.
අරුණ හෙමින් සිතැසිගේ මූණ ලඟට ලං වුනා. ඇස් දෙක පියවිලා නෑ. සිතැසිගේ ඇස් දිහාම බලාගෙන. අත තාමත් සිතැසිගේ අත අල්ලගෙන. අනෙක් අත හෙමින් සිතැසිගේ කොපුලට ලං කළා.
සිතැසිට තේරුනා මොකක්ද වෙන්න යන්නේ කියලා. අරුණ සිතැසිව සිපගන්න කරන්න ලං වෙනවා. මාස හයකට පස්සේ. පළවෙනි පාරට වගේ.
හිතට දාහක් දේවල් එකපාර ආවා. බයයි. ආසයි. තරහයි. ආදරෙයි. ඔක්කොම කලවම් වෙලා.
අරුණගේ හුස්ම එයාගේ තොල් ලඟටම ආවා. රස්නෙයි.
ඒත්...
ඒ මොහොතේම සිතැසි අත අරුණගේ පපුව තද කළා. හෙමින් තල්ලු කළා. ඔලුව අහකට හරවගත්තා.
"බෑ..."
කෙල්ලගේ කටහඬ වෙව්ලනවා.
"තවම... තවම ඔයාට සනීප නෑ අයියේ."
අරුණ නතර වුනා. මූණ ලඟටම ඇවිත් තිබුනේ. තව අඟලක් විතරයි.
"සිතැසි..."
අරුණගේ කටහඬේ රිදීමක් තිබුනා. Reject වුන දුකද, තේරුම් ගත්තු කමද මන්දා.
"ඔයාට උණ. ඇඟ රිදෙනවා. බෙහෙත් බීලා ඉන්නේ."
සිතැසි ඇස් පියාගෙන කිව්වා. අරුණ දිහා බලන්න බෑ. බැලුවොත් හිත වෙනස් වෙයි කියලා බයට.
"මට... මට බෑ ඔයා අසනීපෙන් ඉද්දි මෙහෙම... මෙහෙම හරි නැහැ..."
අරුණ ටික වෙලාවක් එහෙම්ම හිටියා. හුස්ම වැටෙන සද්දේ ඇහෙනවා. ඊට පස්සේ හෙමින් පස්සට වුනා. අතත් අතෑරියා.
සිතැසිට දැනුනා පපුව ඇතුලෙන් මොකද්දෝ හිස් වුනා වගේ. ලෝබ හිතුනා. ඒත් හරි කියලාත් හිතුනා.
"හරි."
අරුණ හෙමින් කිව්වා. කේන්තියෙන් නෙවෙයි. තේරුම් අරන් වගේ.
"ඔයා හරි. මට තාම සනීප නෑ."
එයා ආයෙත් කොට්ටෙට ඔලුව තියාගත්තා. ඇස් ඇරලා සිවිලිම දිහා බලාගත්තා.
"ඒත් සිතැසි..."
අරුණ ආයෙත් කතා කළා.
"මං සනීප වුන දවසට... මං ආයෙත් අහන්නේ නෑ. එදාට මං නිකන්ම ගන්නවා."
සිතැසිගේ ඇස් ලොකු වුනා. කම්මුල් ආයෙමත් රතු වුනා.
"උදේට මොනාව හදන්නෝනේ.. බත් ටිකක් කමුද රස්නෙන්...?"
කෙල්ල මාතෘකාව මාරු කළා ඉක්මනට. නැගිටින්න හැදුවා.
"හා."
අරුණ හිනා වුනා. පොඩි හිනාවක්.
"හැබැයි ඔයානම් මං ලඟින් යන්න එපා. උණ ආයෙත් හැදෙයි."
සිතැසිටත් හිනා ගියා ඒ කතාවට. ඇස් වල කඳුලුත් එක්ක.
"පිස්සු."
කියලා එයා නැගිට්ටා. ඒත් දොර ගාවට යන්න කලින් ආපහු හැරිලා බැලුවා.
අරුණ එයා දිහාම බලාගෙන ඉන්නවා. ඒ ඇස් වල තිබුනේ උණ නෙවෙයි. වෙනමම ගින්දරක්.
ඉක්මනට සනීප වෙන්න ඕන කියලා සිතැසිට හිතුනා. අරුණට නෙවෙයි. එයාටම.
😌❤️ හිතෙන දේ කියාගෙන යන්න....
🥹 thanq so much ඔයාලාගේ comments වලට. ආදරෙයි ❤️😫
Channel Link: https://t.me/Back_to_Us