Back to Us
Newbiee <3
Episode 63
Previous Episode: https://telegra.ph/Back-to-Us-06-10-2
අරුණ sofa එකේ හාන්සි වෙලා... පිටිපස්සට ඇල වෙලා. ඇස් බාගෙට පියවිලා. මූණේ තාම සුදුමැලියි. ඒත් කලින් තරම් නෙවෙයි.
සිතැසි කුස්සියේ. සද්දයක් නෑ. ඒත් සුවඳ එනවා. ඉඟුරු, සුදු ලූණු, කුකුල් මස් සුවඳ. පොඩියට soup එකක් හදනවා.
ටිකකින් ආවා bowl දෙකක් අරන්. දුම දානවා. එකක් අරුණට. එකක් තමන්ට.
"මෙන්න."
කෙල්ල sofa එකේ අරුණ ළඟින්ම වාඩි වුනා.
"අපි දෙන්නම බොමු. තනියම බොන්න බෑ කියයිද දන්නේ නෑනේ."
අරුණ ඇස් ඇරලා බැලුවා. Bowl එක දිහා. ඊට පස්සේ කෙල්ල දිහා.
සිතැසි හැන්දක් පුරවලා තමන්ම බිව්වා මුලින්.
ඊට පස්සේ අරුණගේ bowl එක අතට ගත්තා.
අරුණ මූණ ඇඹුල් කරගත්තා.
"බඩ පිරෙනවද... හැඳි දෙක තුනක් බිව්වාම."
ඊට පස්සේ හැරිලා අහක බලාගත්තා. තොලත් හපාගෙන. බබෙක් වගේ. CEO කෙනෙක් නෙවෙයි.
"අයියේ..."
සිතැසිගේ කටහඬ පොඩ්ඩක් සැරයි දැන්.
"හිස් බඩට බෙහෙත් දෙන්න බෑ. Doctor කෙනෙක් නෙවෙයි උනත් ඒක මම දන්නවා. මේක ඉවර කරන්නම ඕන."
අරුණ සද්ද නෑ. තාම අහක බලාගෙන.
සිතැස හුස්මක් ගත්තා.
"හරි හරි. එහෙනම්..."
හැන්ද පුරවලා අරුණගේ කට ලඟට ලං කළා.
අරුණ තත්පරයක් බලන් ඉඳලා... කට ඇරියා. හෙමින්. අකමැත්තෙන් වගේ.
එක හැන්දයි. දෙකයි. තුනයි.
සිතැසි bowl එක ඉවර වෙනකම්ම පෙව්වා. හැන්දෙන් හැන්ද. අරුණ මූණ ඇඹුල් කරගෙනම, ඒත් බීවා. එකක්වත් ඉතුරු කළේ නෑ.
සිතැසි හිතෙන් හිනා වෙනවා.
මේකා මං පොවනකොට නම් බොනවා හොරා වගේ. තනියම කිව්වම බෑ කියනවා. බබෙක් නෙවෙයිද?
ඒත් කටින් කියන්නේ නෑ. කිව්වොත් ආයෙත් පටන් ගනියි. 'මං බබෙක් නෙවෙයි' කියලා.
Bowl එක ඉවර වුනාම කෙල්ල tissue එකක් අරන් අරුණගේ කට කොන පිහදැම්මා. හෙමින්.
"හොඳ ළමයා." කියලා මිමිණුවා. හිතලා නෙවෙයි. ඉබේටම කියවුනා.
අරුණගේ කන් රතු වුනා. උණටද ලැජ්ජාවටද දන්නේ නෑ. ඇස් පියාගත්තා ඉක්මනට.
සිතැසිගේ ඇස් ගියේ ඊට පස්සේ table එක උඩ තිබ්බ බෙහෙත් පෙට්ටිය දිහාවට.
"දැන් බෙහෙත් බොන්න වෙලාව හරි."
අරුණ ඇස් ඇරියේ නෑ. ඒත් ඔලුව වැනුවා. "හ්ම්" කියලා.
විරුද්ධ වුනේ නෑ.
මොකද එයා දන්නවා. කෑ ගැහුවත් වැඩක් නෑ.
Snow Queen කියන දේ තමයි අන්තිමට වෙන්නේ.
ඒත් ඒකට එයාට දුකක් නෑ.
සනීපයක් විතරයි.
අරුණ බෙහෙත් බොන අතරේ සිතැසි guest bed room එක ලෑස්ති කළා. ඇඳට bedsheets දාලා. කොට්ට දෙකක් තියලා. AC එක 26ට දාලා.
"මෙහෙ නිදාගන්න. සාලේ සෝෆා එකේ ඉන්න එපා උණත් එක්ක."
අරුණ හෙමින් නැගිට්ටා. අමාරුවෙන්. ඇවිදගෙන ගිහින් ඇඳට වැටුනා. ඇඳන් උන්නු කළු shirt එකයි, pant එකයි පිටින්ම.
සිතැස ගාවත් අරුණට change වෙන්න ඇඳුම් තිබුනේ නෑ. අනික බෙහෙත් වලට ඉක්මනට නින්ද යයි කියලා හිතුවා.
"මං එහා පැත්තේ room එකේ ඉන්නවා. මොනා හරි ඕන උනොත් කතා කරන්න. ලොකුවට කෑ ගහන්න ඕන නෑ. හෙමින් කිව්වත් මට ඇහෙනවා."
කියලා කෙල්ල දොර වහගෙන එයාගේ room එකට ආවා.
ඒත් කෙල්ලට නින්ද නෑ.
ඇඳට වෙලා පැත්ත පෙරළෙනවා. phone එක බලනවා. වෙලාව 10.30යි. 10.45යි.
ඔලුවේ එකම දේ.
රෑ ආයෙමත් අරුණට උණ එයිද? හොඳටම ඇඟ ගිනි අරන් නේ හිටියේ. බෙහෙත් එකකින් බහිද?
ඒ නිසාම රෑ 11ට විතර ඉන්න බැරුව ආයෙත් අරුණ ගාවට ආවා. දොර හෙමින් ඇරලා.
Room එක අඳුරුයි. Night lamp එක විතරයි.
අරුණ ඇඳේ. Seat එක පොරවගෙන. ඒත් ඇඟ වෙව්ලනවා. Seat එක ඇතුලෙන්.
සිතැසි සීරුවට ලඟට ගිහින් නළලට අත තිබ්බා.
ගිනියම්. හිතුවා වගේම අරුණට උණ. හොඳටම. දාඩිය දාලා කොන්ඩෙත් තෙත් වෙලා. ඒත් සීතල වගේ වෙව්ලනවා. ඇස් තද කරලා පියාගෙන.
"අනේ..."
සිතැසිට කියවුනා.
ඉක්මනට එයාගේ පොඩි odicologne bottle එකයි, වතුර bowl එකකුයි අරන් ආවා. කපු රෙදි කෑල්ලක් odicologne වලින් පොඟවලා හෙමින් කොල්ලගේ මූණ පිහිදැම්මා. නළල දිගේ. කම්මුල් දිගේ. බෙල්ල ගාවින්.
සීතලයි. සුවඳයි.
අරුණගේ රැලි වෙලා තිබුන නළල ටිකක් සැහැල්ලු උනා වගේ. හුස්ම ගැනීම පොඩ්ඩක් හෙමින් වුනා.
"අයියේ... නැගිටින්නකෝ. ඔයාට උණ හොඳටම."
සිතැසි හෙමින් කිව්වේ උරහිසෙන් අල්ලලා හොලවන ගමන්...
අරුණගෙන් ලැබුනේ කෙඳිරිල්ලක් විතරයි. "ම්..." වගේ. ඇස් අරින්නේ නෑ. හොඳ සිහියක් නෑ.
සිතැසි දන්නවා මේ විදිහට තියන්න බෑ. දාඩියට තෙත් වෙච්ච shirt එක ඇඟේම තියාගෙන උණ බහින්නේ නෑ.
අමාරුවෙන්, හරිම පරිස්සමට අරුණගේ shirt එකේ බොත්තම් ගැලෙව්වා. ඊට පස්සේ ඇතුලේ ඇඳන් උන්නු white banian එකත් උස්සලා ගැලෙව්වා.
Banian එක ගලවද්දී කොල්ලගේ හැඩිදැඩි පපුව, උරහිස්, abs ටික එළියට ආවා. Gym යනවා කියලා දැනන් හිටියට මෙහෙම ලඟින් දැකලා නෑ.
ඓතැසි එකපාරටම ගැස්සුනා. මූණ රතු වුනා ඉක්මනට. ඇස් අහකට ගත්තා තත්පරයකට. පපුව ගැහෙනවා වේගෙන්.
'මේ මොන විකාරයක්ද සිතැසි. එයාට අමාරුයි. උඹ මොනවාද හිතන්නේ.'
කියලා හිතටම බැනගන්න ගමන් ඉක්මනට තව කපු රෙදි කෑල්ලක් වතුරෙන් පොඟවලා මිරිකලා අරුණගේ බෙල්ල, පපුව, අත් එහෙම තෙත මාත්තු කරන්න ගත්තා. කොහොම හරි උණ බස්ස ගන්න ඕන.
එයාගේ ඇඟිලි තුඩු පපුව උඩින් යද්දී, බෙල්ල හරහා යද්දී...
අරුණ එකපාරටම ඇස් ඇරියා. බාගෙට. අඩ නින්දේ වගේ. උණෙන් බොඳ වෙච්ච ඇස් දෙකක්.
ඒත් ඒ ඇස් වල වේදනාව අඩු වෙලා. සිතැසිගේ අත් වල පහසට, සීතලට... සනීපයි.
"සිතැ...සි..."
එයා මිමිණුවා. කටහඬ හිරවෙලා.
"ශ්... මං මෙහෙ ඉන්නවා."
සිතැසි කිව්වා. එයාගේ කටහඬත් වෙව්ලනවා.
"නිදාගන්න... උණ බහිනවා දැන්."
අරුණ ආයෙත් ඇස් පියාගත්තා. ඒත් මූණේ රැලි ටික මැකිලා.
සිතැසි දිගටම පිහිදැම්මා. හෙමින්. පරිස්සමට.
එළියේ වැස්ස තාම වැටෙනවා.
ඇතුලේ... ඇතුලේ අවුරුද්දකට පස්සේ Snow Queen අතින් Ice King දිය වෙනවා.
හෙමින්. රස්නෙට නෙවෙයි. සීතලට.
සිතැස අමාරුවෙන් කොහොම හරි අරුණගේ උණ ටිකක් අඩු කරගත්තා. නළල පිච්චෙන ගාන අඩුයි දැන්. හුස්මත් ටිකක් හෙමින්.
ඒත්... ආයෙත් තනියම දාලා යන්න හිත නෑ. දාලා ගියොත් ආයෙමත් උණ වැඩි වෙයිද දන්නේ නෑ. ආයෙමත් වෙව්ලයිද දන්නේ නෑ. ඒ බය හිතේ.
ඒ නිසාම සිතැසි කොට්ටයක් ඇදලා අරන් ඇඳේ විට්ටමට තිබ්බා. හෙමින් ඇඳ උඩින්ම හාන්සි වුනා. අරුණ ලඟම. පොඩ්ඩක්වත් ඈත නෙවෙයි. අත දිග් කළොත් අල්ලන්න පුළුවන් දුරින්.
එක අතක් අරුණගේ කොන්ඩේ අස්සට යැව්වා. හෙමින්. ඇඟිලි තුඩු වලින් නළල අත ගානවා. දාඩිය තෙතට පිච්චිලා තිබුන කොන්ඩේ අතරින්.
Room එකේ නිහඬයි. AC එකේ හීන් සද්දෙයි, එළියේ වැස්සෙයි, අරුණගේ හෙමින් හුස්මයි විතරයි.
ටිකකින්... අරුණ හෙලවුනා. නින්දෙන්ම.
පොඩි එකෙක් අම්මාගේ රස්නේ හොයනවා වගේ. සීතලට වෙව්ලන කෙනෙක් ගිනි උණුහුම හොයනවා වගේ. ඇස් පියාගෙනම එහාට මෙහාට ඔලුව වැනුවා.
ඊට පස්සේ... හෙමින්... හරිම හෙමින්... සිතැසිට ලං වුනා.
අන්තිමට අරුණගේ ඔලුව ආවේ සිතැසිගේ පපුව උඩට. බරට. මුළු ඔලුවම තියාගත්තා. හරියට ඔයාව තමයි මගේ ආරක්ෂිතම තැන කියනවා වගේ.
සිතැසි එකපාරටම ගැස්සිලා ගියා. හුස්ම හිර වුනා වගේ. ඇස් ලොකු වුනා. අත් දෙක ගල් වෙලා වගේ තිබුනේ ලන් කරගන්නද අයින් කරන්නද කියලා හිතාගන්න බැරුව.
"අයියේ..."
සිතැසි මිමිණුවා. කටහඬ පොඩ්ඩක් ගැස්සෙනවා. වෙව්ලනවා.
අරුණගෙන් සද්දයක් නෑ. නින්දේ. ඒත් එයාගේ හුස්ම රස්නෙට සිතැසිගේ පපුවට වැදෙනවා. ඔලුවේ බර, ඇඟේ රස්නේ, හුස්ම වැටෙන රිද්මේ... ඔක්කොම සිතැසට දැනෙනවා.
ඈත් කරන්නද? තල්ලු කරන්නද?
හිතුවා. තත්පරයකට.
ඒත් බෑ.
සිතැසිත් ගෑනියෙක්නේ.
තමන් කොච්චර තරහා උනත්,
" වයිර කරනවා, ආයෙත් ලං වෙන්නේ නෑ"
කියලා හිතෙන් දහස් වාරයක් හිතන් උන්නත්...
මහ රෑ නිදි නැතුව කොට්ටේ තෙමෙනකම් ඇඩුවේ මේ කොල්ලා නිසා නේද? බත් කටක් හරියට කන්න බැරුව හිටියේ මේ කොල්ලා මතක් වෙලා නේද? හිනා වෙලා හිටියට හිත ඇතුලෙන් පපුව හූරගෙන ඇඩුවේ මේ කොල්ලා නැති නිසා නේද?
ඒ ඇත්ත හෙමින් හෙමින් හිත ඇතුලෙන් උඩට එනවා. කෙල්ලගේ හිතේ යටම හංගලා, පස් යට කරලා, වල දාලා තිබ්බ ඒ ආදරේ... අද වැස්සට පස් සේදිලා ආයෙත් මතු වෙනවා.
පොඩි එකෙක් වගේ තමන්ගේ පපුවට තුරුල් වෙලා නිදියන ඒ Ice Kingගේ මූණ දිහා සිතැසි බලන් හිටියා.
උණට රතු වෙලා. ඇස් යට කළු වෙලා. තොල් වියලිලා. මාස ගානකින් හරියට නිදාගෙන නැති බව මූණෙන්ම පේනවා.
CEO. හැමෝටම බය හිතෙන, කතා කරන්න කලින් දෙපාරක් හිතන මිනිහා.
දැන් එයාගේ පපුව උඩ නිදියනවා. අසරණ වෙලා. ආරක්ෂාව හොයනවා.
සිතැසිගේ ඇස් වලට කඳුලක් ආවා ඉබේටම. තරහට නෙවෙයි. දුකට. ආදරේට.
එයා හෙමින් අත උස්සලා අරුණගේ පිටට තිබ්බා. තුරුල් කරගත්තා. හෙමින්.
"හ්..." කියලා හුස්මක් පිට කළා.
හිත නිදහස් වුනා වගේ.
ටිකකින් කෙල්ලත් ඇස් පියා ගත්තා. අරුණගේ කොන්ඩේ අස්සේ ඇඟිලි තියාගෙනම.
හෙට උදේට මොනවා වෙයිද? අරුණ ඇහැරිලා මේ ඉන්න විදිහ දැක්කම මොනවා කියයිද? ආයෙත් wall එක හදාගනියිද? නැත්නම්...
දන්නේ නෑ.
හෙට උදේ එන දේකට හෙටම මූණ දෙනවා කියලා හිතාගත්තා.
අද රෑට... අද රෑට මේ උණුහුම ඇති.
එළියේ වැස්ස තාමත් වැටෙනවා.
ඇතුලේ... ඇඳ උඩ, එකම කොට්ටේ බෙදාගෙන, Ice King සහ Snow Queen.
අන්තිමට දිය වෙලා. දෙන්නම එකට.
🥹❤️ හදිස්සියේ ලිව්වේ mistakes ඇති...
Channel Link: https://t.me/Back_to_Us