Back to Us
Newbiee <3
Episode 62
Previous Episode: https://telegra.ph/Back-to-Us-06-10
Narrator's POV
ඇස් පියාගෙන හිටපු අරුණ එකපාරටම ගැස්සිලා ඇහැරුනා.
"හ්හ්..."
හුස්ම උඩින්. පපුව ගැහෙනවා වේගෙන්. ඇස් ලොකු කරලා වටපිට බලනවා. කොහෙද ඉන්නේ කියලා මතක නෑ තත්පරයකට.
Nightmare එකක්. කලින් වගේම. සිතැසි යනවා. එයා නවත්තන්නේ නෑ. කෑ ගහන්න හදනවා. සද්දයක් එන්නේ නෑ. අත දික් කරනවා. අල්ලගන්න බෑ.
ඇස් ඇරිද්දී තමන්ට එහා පැත්තේ ඉන්න කෙල්ලව දැක්කා.
සිතැසි.
Sofa එකේ කොනේ. දණිස් උස්සගෙන. එයා දිහාම බලාගෙන. ඇස් වල බයයි. කලබලයයි.
කෙල්ල ඇස් වලින්ම අහනවා.
ඇයි? මොකද වුනේ? හීනයක්ද?
කොල්ලා ඇස් දෙක පියාගත්තා ආයෙත්. හෙමින් ඔලුව වැනුවා. නෑ කියන්න.
නෑ. මුකුත් නෑ. අවුලක් නෑ.
බොරු. ලොකුම බොරුව. මොකද එයාගේ ඇතුලේ තාම ගැස්සෙනවා. ඒ හීනෙ ඇත්ත වුනොත් කියන බයට.
සිතැසි හිතන්නෙම නැතුව අත දික් කළා. අරුණගේ ඔලුව අත ගන්න ගත්තා. ඇඟිලි තුඩු කොන්ඩේ ඇතුලට යැව්වා. හෙමින්. හරිම හෙමින්.
ඒ සීතල ඇඟිලි තුඩු උණෙන් ගිනි ගන්න ඔලුවට සනීපයි. හරියට පිච්චෙන තැනකට අයිස් වතුර වක්කරනවා වගේ.
අරුණගේ මූණේ පොඩි හිනාවක් මතු වුනා. ඉබේටම. මාස ගානකට පස්සේ හිතේ තියෙන වේදනාව නැතුව ආපු හිනාවක්.
"මොකද අයියේ... මේ කරගත්තේ..."
කෙල්ලගේ කටහඬ හෙමින්. රහසක් කියනවා වගේ. ඇඟිලි තාම කොන්ඩේ අස්සේ.
"ම්ම්... මං නැති මාස ගානට..."
කොල්ලා ඇස් පියාගෙනම හිනා වුනා. උත්තර දුන්නේ නෑ. දෙන්න උත්තරයක් නෑ.'ඔයා නැතුව මං මැරුණා' කියලා කොහොමද කියන්නේ.
ඒ වෙනුවට එයා තව ටිකක් සිතැසිට ලං වුනා. ඇස් පියාගෙනම. ඔලුව හෙමින් හෙමින් සිතැසිගේ උරහිස ලඟට ගෙනාවා.
සිතැසි ගැස්සුනේ නෑ. අත අයින් කළෙත් නෑ.
අරුණගේ ඔලුව එයාගේ උරහිසට බර වුනාම, කෙල්ලගේ අත නතර වුනා තත්පරයකට. හුස්ම එකක් උඩට ගියා. ඊට පස්සේ ආයෙත් හෙමින් කොන්ඩේ අස්සෙන් ඇඟිලි යවන්න ගත්තා.
"ශ්... නිදාගන්න."
සිතැසි කිව්වා. කටහඬ වෙව්ලනවා පොඩ්ඩක්.
"මං... මං මෙහෙ ඉන්නවා."
අරුණට ඒක ඇහුනා. හීනෙන් නෙවෙයි. ඇත්තටම.
"සිතැසි"
කියලා මිමිණුවා. හුස්මක් වගේ.
අත නතර වුනේ නෑ. අනෙක් අත හෙමින් අරුණගේ අත උඩින් තිබ්බා. අල්ලගත්තේ නෑ. තිබ්බා විතරයි.
එළියේ වැස්ස තව තවත් වැඩි වෙනවා. ජනේලේ වීදුරුවට වතුර බිංදු වදින සද්දෙ.
ඒත් ඇතුලේ... ඇතුලේ අවුරුද්දකට පස්සේ දැනෙන පළවෙනි උණුහුම.
Ice Kingගේ ඔලුව Snow Queenගේ උරහිස උඩ.
අන්තිමට දිය වෙලා. හෙමින්. සද්ද නැතුව.
විනාඩි 30ක් පැයක් ඉන්න ඇති.
වෙලාව ගියා කියලා දැනුනේ නෑ දෙන්නටම. එළියේ වැස්සේ සද්දෙයි, room එක ඇතුලේ නිහඬතාවයයි විතරයි.
අරුණගේ ඔලුව තාම සිතැසිගේ උරහිස උඩ. ඇස් පියාගෙන. හුස්ම හෙමින්. ගැඹුරට.
පුදුමයි. ඇඟේ රස්නේ ටිකක් අඩු වෙලා. උණ බැහැලා වගේ. බෙහෙත් නැතුවම. Tablet එකක්වත් බිව්වේ නෑ. සිතැසි කවපු cereal ටික විතරයි.
සිතැසිගේ සුවඳම බෙහෙතක් වෙලා. ඒ ළඟින් ඉන්න එක. ඒ ඇඟිලි තුඩු කොන්ඩේ අස්සෙන් යන සනීපේ. ඒ 'මං මෙහෙ ඉන්නවා' කියන වචන ටික.
අරුණගේ රස්නේ හුස්ම සිතැසිගේ බෙල්ල ගාවට වැදෙනවා. හෙමින්. උණුහුමට. ඒ හුස්මත් එක්ක එන එයාගේම සුවඳ. Office perfume එකේ ඉතුරු සුවඳයි, දාඩියයි, උණයි ඔක්කොම කලවම් වෙලා. ඒත් අප්පිරිය නෑ.
ඈත් කරන්න හිතක් නෑ සිතැසිට.
සිතැසි හිතන් උන්නේ අරුණට ආයෙත් ලං වෙන්නේ නෑ කියලා. ආයෙත් රිදෙයි කියලා. ආයෙත් ලං කරලා ඈත් කරයි කියලා. හිත හයිය කරගෙන හිටියා. පපුවට ගලක් තියාගෙන හිටියා.
ඒත් මෙහෙම කොල්ලා වැටිලා ඉන්නකොට... මූණ සුදුමැලි වෙලා, ඇස් යට කළු වෙලා, උණෙන් ගිනි අරන්, 'සිතැසි' කියලා මිමිණුවාම...
සිතැසිට බලන් ඉන්න බෑ.
අත ඉබේටම යනවා. කොන්ඩේ අත ගානවා. නළල පිහිදානවා. පිච්චෙනවා. ඒත් අත ගන්නේ නැතුව ඉන්න බෑ.
"අයියේ..."
සිතැසි හෙමින් කිව්වා. කටහඬ හරිම පොඩියි. වැස්සට ඇහෙයිද දන්නේ නෑ.
"අඩුයි නේද උණ...?"
අරුණ ඇස් ඇරියේ නෑ. ඔලුව හෙමින් වැනුවා විතරයි. උරහිස උඩම තියාගෙන.
"හ්ම්."
ඒ 'හ්ම්' එකේ තිබ්බේ සනීපයක්. සහනයක්. මාස ගානකට පස්සේ දැනෙන ආරක්ෂාවක්.
සිතැසිගේ අත නතර වුනේ නෑ. කොන්ඩේ අස්සෙන්. නළල දිගේ. කම්මුල ගාවට වෙලා ආයෙත් උඩට.
අරුණගේ අත හෙමින් හෙමින් ඇවිත් සිතැසිගේ අත ළඟින් නතර වුනා. අල්ලගත්තේ නෑ. ළඟින් තිබ්බා විතරයි. ඇඟිලි තුඩු ගෑවෙනවා නොගෑවෙනවා.
දෙන්නම සද්ද නෑ.
වචන ඕන නෑ දැන්.
මාස ගානක් තිස්සේ හිතේ හිර කරන් හිටපු දේවල්, කියන්න බැරි වෙච්ච දේවල්, අඬන්න බැරි වෙච්ච දුක...
ඔක්කොම මේ නිහඬතාවය ඇතුලේ දිය වෙලා යනවා.
උණ බැස්සට අරුණට නැගිටින්න හිතුනේ නෑ.
සිතැසිට 'දැන් හොඳයි නේ. යන්න' කියන්න හිතුනේ නෑ.
මොකද දෙන්නටම තේරෙනවා.
බෙහෙත් වලට හොඳ කරන්න බැරි උණක් මේක.
ලඟින් ඉන්න එකෙන් විතරක් අඩු වෙන රස්නෙයක්.
"නැගිටින්නකෝ... අපි මොනා හරි කමු..."
සිතැසි හෙමින් කියනවා. උරහිස උඩ බර වෙලා ඉන්න අරුණ දිහා බලලා.
අරුණගේ සද්දයක් වත් නෑ. හුස්ම විතරයි. උණුහුමයි.
"ආයේ උණ එයි අයියේ. කාලා බෙහෙත් බොමුකෝ. හරිද?"
සිතැසි ආයෙත් කියනවා. මේ පාර පොඩ්ඩක් තදින්.
"බෙහෙත් ඕනේ නෑ..."
අරුණ හෙමීට මිමිණුවා. ඇස් අරින්නේ නෑ. කටහඬ හීනෙන් වගේ.
"බෙහෙත් ඕන. අනික කීයටද අන්තිමට කෑවේ? උදේද? ඊයේ රෑද?"
අරුණ ඒකට උත්තර දෙන්නේ නෑ. නිහඬයි. මොකද කියන්න උත්තරයක් නෑ. ඊයේ රෑ ඉඳන් කෑවේ නෑ කියලා කොහොමද කියන්නේ.
"අයියේ..."
සිතැසිගේ කටේ සද්දෙ. පොඩ්ඩක් තරහයි. පොඩ්ඩක් බයයි.
"ෂ්... සද්ද කරන්න එපා..."
අරුණ හීනෙන් වගේම කියනවා. උරහිසට තව ටිකක් බර වෙනවා.
"ටිකක් ඉන්න දෙන්න..."
"නැගිටින්නකෝ. මං soup එකක්වත් හදන්නද? උණුවෙන් බිව්වම ඇඟට සනීපයි."
"කරදර වෙන්න එපා..."
අරුණ හෙමින් කිව්වා. ඇස් අරින්නේ නැතුවම.
"මං ටිකකින් යන්නම්. හෙටත් meetings තියෙනවා. Miss කරන්න බෑ."
"අනේ අයියේ මේ..."
සිතැසි එකපාරටම අරුණ ලඟින් ඈත් වුනා. උරහිස ඇදලා ගත්තා.
උරහිස උඩ තිබුන අරුණගේ ඔලුව එකපාරටම වැටෙන්න යද්දී අරුණ ගැස්සිලා ඔලුව උස්සලා කෙල්ල දිහා බැලුවා.
ඒ ඇස් වල තියෙන්නේ ඇයි ඈත් උනේ කියන බැල්මක්. රිදුනු බැල්මක්. පොඩි එකෙක්ගේ සෙල්ලම් බඩුව උදුරගත්තම එන බැල්ම වගේ.
එදා කෙල්ලගේ ඇස් දෙකේ තිබුනෙත් මේ බැල්මමයි. අරුණ 'there's no us' කියලා හැරිලා යද්දී.
"හෙට sick leave දාන්න."
සිතැසි කෙලින්ම කිව්වා. ඇස් රවාගෙන.
"මං ශලිඳු අයියාට call එකක් දෙන්නම්. එයාට කියන්නම් ඔයාට හොඳටම අමාරුයි කියලා."
"බෑ... impo..."
අරුණ වචනේ ඉවර කරන්න හැදුවා.
"අනේ මේ..."
සිතැසි කියවනවා අරුණට කතා කරන්න දෙන්නේ නෑ..
"Important meetings, Q4 report, client කිය කිය මැරෙන්නද හදන්නේ? අයියේ මං කියන දේ අහනවා."
අරුණ කට වහගත්තා. කෙල්ලගේ මූණ දිහා බලන් ඉන්නවා. මේ සිතැසිද? එදා නිහඬවම අඬපු, "හරි" කියලා ඔලුව වැනුව කෙල්ලද?
"අදවත් හෙටවත් කොහෙවත් යන්නේ නෑ."
සිතැසි තීරණේ කිව්වා.
"ඔයා මෙහෙ ඉන්නවා. උණ බහිනකම්. හරියට සනීප වෙනකම් බහින්නේ නෑ එලියට. හරිද?"
"සිතැසි ඔයාට කරදරයි..."
අරුණ හෙමින් කිව්වා. කටහඬේ වරදකාරී හැඟීමක්.
"අයියේ... මං තමුසේගේ කට කඩනවා දැන්."
කෙල්ල දත්මිටි කනවා. ඇස් ලොකු කරලා.
"තව එක වචනයක් කිව්වොත් කරදරයි කියලා."
අරුණට එකපාරටම හිනා ගියා.
හයියෙන් නෙවෙයි. හෙමින්. මහන්සියට. ඒත් ඇත්තටම.
මාස ගානකට පස්සේ පපුවෙන්ම එන හිනාවක්.
"හිනා වෙන්න එපා."
සිතැසි තවත් රවලා කිව්වා. ඒත් එයාගේම කට කොනටත් හිනාවක් ආවා ඉබේටම.
අරුණ ආයෙත් ඔලුව පාත් කළා. මේ පාර උරහිසට නෙවෙයි. සිතැසිගේ අත ගාවට. අත උඩින් ඔලුව තියාගත්තා.
"හරි."
එයා කිව්වා. හෙමින්.
"යන්නේ නෑ. මෙහෙ ඉන්නවා."
සිතැසිගේ හිත එකපාරටම නිවුනා. හුස්මක් පිට වුනා.
අත දික් කරලා ආයෙත් අරුණගේ කොන්ඩේ අස්සෙන් ඇඟිලි යැව්වා.
"Good boy."
කියලා මිමිණුවා හෙමින්.
අරුණගේ හිනාව තවත් ලොකු වුනා.
Ice King. CEO. දැන් 'Good boy' වෙලා...
😌❤️ අදහස් කියාගෙන යන්න...
Channel Link: https://t.me/Back_to_Us