Back to Us
Newbiee <3
Episode 61
Previous Episode: https://telegra.ph/Back-to-Us-06-09
Narrator's POV
අද තවත් එක සතියේ මැද බදාදා දවසක්.
කලින් දවසේ රෑ ඉඳන් අරුණ හරියට කාලා නෑ. හරියට නිදාගත්තෙත් නෑ. එක දිගට client meetings. Report reviews. Board calls. එකී නොකී හැමදේම ඔලුව උඩ.
ඒත් සිතැසිට දාන message එක වරදින්නේ නෑ. උදේ 8ට, දවල් 1ට, හවස 4ට, රෑ 8ට, රෑ 11ට. හරියටම.
අරුණට එයා ගැනම බලාගන්න අමතක වෙලා. Stress එකයි, වැඩයි, නිදි මැරීමයි එක්ක ශරීරේ ඉල්ලීම් ඔක්කොම mute කරලා.
අරුණට ඒ අස්සේ high fever එකක් ඇවිත්. ඇඟ ගිනියම්. ඇස් රතු වෙලා. කටහඬත් බොර වෙලා. Shirt එකේ උඩ බොත්තම් දෙකම ඇරලා. AC එක 25ට දැම්මත් සීතලයි.
ශලිඳු cabin එකට ඇවිත් බලලා බය වුනා.
"යකෝ උඹ මළමිනියක් වගේ. මූණ බලපන්. Day off එකක්වත් ගනින්. මං බලන්නම් වැඩ ටික. නැත්තන් මැරිලා වැටෙයි මෙතනම."
අරුණ Laptop එකෙන් ඔලුව උස්සන්නේවත් නෑ.
"අවුලක් නෑ. Q4 report එක අද ඉවර කරන්න ඕනේ."
"බේතක්වත් බීපන් යකෝ. Paracetamol දෙකක් ගනින්."
"පස්සේ."
කියලා ආයෙත් keyboard එකට.
4:45 pm
අරුණගේ ඇඟ හොල්ලන්නත් අමාරුයි. ඇස් දෙක පියවෙනවා. ඒත් ඇඟිලි phone එක ගාවට යනවා නිකන්ම. මේ සතියට හය වෙනි පාරද මන්දා "meet වෙමුද" කියලා අහන්නේ. හැමදාම "බෑ" කියනවා. අදත් එහෙම වෙයි. දන්නවා. ඒත් අහන්නේ නැතුව ඉන්න බෑ.
ඇඟිලි වෙව්ලනවා. Type කරනවා.
Aruna: Can we meet today?
Send කළා.
Phone එක මේසේ උඩින් තියලා ඇස් පියාගත්තා. තත්පරයක්. දෙකක්. දහයක්.
Tring.
ඇස් ඇරුනා එකපාරටම. Phone එක අතට ගත්තා.
Sithasi: Can't. ඇඟට අමාරුයි.
කොල්ලගේ පපුව එකපාරටම හීතල වුනා. අර උණ ගතියට වඩා වෙනස් හීතලක්. එයාගේ high fever එක ගැන කිසිම ගානක් නෑ. ඔලුව කැරකෙනවා, ඇඟට පණ නෑ. ඒත් ඒ ඔක්කොම අමතක වුනා. කෙල්ලගේ ඇඟ රිදෙනවා කියන එක ඇහුව ගමන්.
ඇඟිලි ආයෙත් වෙව්ලනවා. මේ පාර උණට නෙවෙයි. කලබලේට.
Aruna: Why? U ok? මොකද වෙලා තියෙන්නේ?
ටික වෙලාවකින්...
Sithasi: No its nothing. Just tired.
Nothing. එහෙම කොහොමද nothing වෙන්නේ. එයාට අමාරුයි කියන්නේ nothing නෙවෙයි.
අරුණ එකපාරටම නැගිට්ටා. පුටුව පස්සට ගියා සද්දෙට. ඔලුව කැරකිලා වැටෙන්න ගියත්. මේසේ අල්ලගත්තා.
Aruna: No. I'll come. My meeting will end at 6. After that I'll come ok. Just take care for now. I'll come to you.
Send.
ශලිඳු දොර ගාව හිටියා. මේ සද්දෙට ඇතුලට ආවා.
"මොකද යකෝ? මැරෙන්නද හදන්නේ?"
"මට යන්න ඕනේ 6ට."
අරුණ jacket එක අතට ගත්තා. අත වෙව්ලනවා.
"Meeting එක cancel කරන්න බෑ. ඒත් 6න් පස්සේ මං යනවා."
"කොහෙද යකෝ මේ උණත් එක්ක? ගෙදර ගිහින් නිදාගනින්."
අරුණ කතා නොකරම ශලිඳු දිහා බැලුවා.
ශලිඳු කට වහගත්තා. තත්පරයක් බලාගෙන හිටියා. ඊට පස්සේ ඔලුව වැනුවා.
"හරි හරි. පලයන්. මං අරුන්ට කියන්නම් උඹට හදිස්සි වැඩක් ආවා කියලා. බේත් ටිකක් බීලා පලයන්."
අරුණට ඒක ඇහුනේ නෑ.
Sithasi's boarding house
සිතැසි phone එක දිහා බලාගෙන ඉන්නවා.
I'll come to you.
ඒ වචන ටික දකිද්දී පපුවට මොකක්ද වුනා. පුදුමයි.
මේ Ice King. NexStruct එකේ CEO. කාටවත් නැමෙන්නේ නැති, කාගේවත් වචන අහන්නේ නැති, 'Approved. Proceed.' විතරක් කියන මිනිහා.
ඒත් පොඩ්ඩක් 'ඇඟ රිදෙනවා' කිව්ව ගමන් ලඟට දුවන් එන්න හදනවා. තමන්ගේ උණ 103ට ගිහින් තියාගෙන. Meeting තියෙනවා කියලා දැන දැන.
වෙනදා නම් සිතැසි 'එපා. ඕනේ නෑ. මං හොඳින්' කියලා type කරනවා.
ඒත් අද ඇඟිලි නතර වුනා.
මොකද එයාටත් කොල්ලව බලන්න ඕන වගේ. ඒ දුඹුරු පාට ඇස් දෙක. නහර පිරිච්ච අත් දෙක. 'සිතැසිට අමාරුයි' කියලා ඇහුන ගමන් මුළු ලෝකෙම අමතක කරලා දුවන් එන්න හදන පිස්සු මිනිහව.
Reply එකක් type කළේ නෑ.
ඒත් delete කළෙත් නෑ.
Phone එක පපුවට තුරුල් කරගෙන ඇස් පියාගත්තා.
6 වෙනකන් පැය එකහමාරයි.
පළවෙනි වතාවට පැයක් පාසා බලන්නේ වෙලාව. එයා එනකන්.
6:15 PM.
Front door එකට තට්ටු කරන සද්දයත් එක්කම සිතැසිගේ පපුව ගැස්සුනා.
එයා sofa එකේ කොනකට වෙලා ඉඳගෙන තප්පරෙන් තප්පරේ බලන් උන්නේ.
Phone එකේ clock එක. 6:00 වෙද්දී හිත කියනවා "දැන් එයි" කියලා.
6:05 වෙද්දී "traffic ඇති" කියලා. 6:10 වෙද්දී "අරුණ එන්නේ නැති වෙයි. වැඩ ඇති. CEO කෙනෙක්නේ. මං කියපු පලියට දුවන් එන්නේ නෑ නේ" කියලා.
ඒත් 6:15ට දොරට තට්ටු කරන සද්දෙත් එක්ක හිත ඇතුලේ මොකක්දෝ එකක් උනා වුනා. සතුටක්ද? බයක්ද? තේරෙන්නේ නෑ.
කෙල්ල හිතලම මූණ හදාගත්තා. කිසිම හිනාවක් නෑ. කිසිම හැඟීමක් පෙන්නන්නේ නෑ. හෙමින් ගිහින් දොර ඇරියා.
අරුණ.
Office kit එකෙන්ම. කළු පාට long sleeves shirt එකේ උඩ බොත්තම් දෙකම ඇරලා. Tie එක නෑ. කොන්ඩේ දාඩියට ඇලිලා අවුල් වෙලා. මූණ සුදුමැලි වෙලා. තොල් පැලිලා වගේ. ඇස් දෙක රතු වෙලා.
මේ සිතැසි දන්න අරුණ නෙවෙයි. මේ NexStruct එකේ Ice King නෙවෙයි. මේ... මේ මනුස්සයෙක්. ලෙඩ වෙච්ච, මහන්සි වෙච්ච, කඩන් වැටෙන්න ඔන්න මෙන්න ඉන්න මනුස්සයෙක්.
ඒත් අතේ brown paper bag එකක්.
"ඔයාට..."
අරුණ කියලා ඒක දික් කළා. කටහඬ බොරයි. හෙමින්.
සිතැසි අරුණගේ අතින් ගත්තා. සුවඳින්ම අඳුරගන්න පුලුවන්. උණු වඩේ. තෙල් සුවඳයි. පරිප්පු සුවඳයි. අරුණ දන්නවා එයා වඩේ වලට ආසයි කියලා. කොහෙන්ද මතක? අවුරුද ගානකට කලින් කියපු එකක්.
ඒත් කෙල්ලගේ ඇස් යන්නේ bag එකට නෙවෙයි. කොල්ලගේ මූණ දිගේ. නළලේ දාඩිය බිංදු. ඇස් යට කළු වෙලා. හුස්ම ගන්නෙත් අමාරුවෙන් වගේ.
"අරුණ... u ok?"
අරුණට ඉඩ දීලා ඇතුලට එන්න කිව්වා. දොර වහන ගමන් අහනවා. කටහඬේ වෙනදා නැති වෙව්ලීමක්.
අරුණ උත්තර දුන්නේ නෑ. එහෙම්මම වැටුනා sofa එකට. පිටිපස්සට ඇල වුනා ටිකක්. ඇස් පියාගත්තා තත්පරයකට. ඊට පස්සේ ආයෙත් බලෙන් ඇරියා.
"I'm fine."
එයා කිව්වා. කට කොනට හිනාවක් ගේන්න හැදුවා. ඒත් ඒක හිනාවක් වුනේ නෑ.
"Tell me how r u feeling now?"
තමන්ගේ ඔලුව කකියන එකවත් ගනන් ගන්නේ නෑ. ඇඟ ගිනි අරන් වගේ රත් වෙන එකවත් දැනෙන්නේ නෑ. අහන්නේ කෙල්ල ගැන.
"I'm ok."
සිතැසි කිව්වා. කටහඬ පොඩ්ඩක් බාලයි. පොඩි guilty එකක් වගේ.
"It's just stress."
"හ්ම්. එහෙනම් කමක් නෑ."
අරුණ ඔලුව වැනුවා. හෙමින්.
සිතැසිට දැන් හොඳටම තේරෙනවා. අරුණ නම් හොඳින් නෙවෙයි. ඇස් රතු වෙලා. හුස්ම ගද්දිත් වෙව්ලීමක්. ලග හිටියත් ගිනිගන්න රස්නෙයි වගේ.
"අරුණ... ඔයා අසනීපෙන්."
"නෑ... නෑ..."
අරුණ ඉක්මනට කිව්වා.
"Just a headache. ඔයා ගැන කිව්වා නේ. Stress නම් leave එකක් ගන්න."
සිතැසිට ඉන්න බැරි වුනා. එයා අහන්නේ නැතුවම අත දික් කරලා කොල්ලගේ නළලට තිබ්බා.
ගිනියම්.
හොඳටම රත් වෙලා. අත පුච්චන් යනවා වගේ.
"අයියේ..."
කෙල්ලගේ කටහඬ එකපාරටම වෙනස් වුනා. වෙනදා කියන්නේ නැති වචනයක්.
"ඔ... ඔයාට හොඳටම උණ. ඇඟත් රත් වෙලා."
"නෑ. පොඩි මොකක් හරි."
අරුණ ගනන් ගන්නේ නෑ. නැගිටින්න හැදුවා.
"මං යන්නම්. රෑ වෙනවා. ඔයා rest කරන්න."
"කොහේ යන්නද?"
සිතැසි එකපාරටම සැර වුනා. කටහඬ උස් වුනා. අරුණ ගැස්සුනා ඒකට.
නැගිටින්න හැදුවත් කකුල් වෙව්ලනවා. අතින් sofa එක අල්ලගත්තා. ඇස් වලට අඳුරුයි. සිතැසිට හීල්ලුනා. මේ වැටෙයිද කියලා.
"ටිකක් ඉඳලා යන්නකෝ අයියේ."
සිතැසි අන්තිමට කිව්වා. හෙමින්. කටහඬේ තරහ නෙවෙයි. බයයි.
ඒ වචන ටික ඇහුන ගමන් අරුණගේ පපුවට මොකක්දෝ උනා. පුදුම සතුටක්. මාස ගානකට පස්සේ එයා 'ඉන්න' කියනවා. 'යන්න එපා' කියනවා.
හිනා වෙන්න හැදුවා. ඒත් බෑ. මහන්සියි. ඇඟට පණ නෑ. වචනයක්වත් කතා කරන්න බෑ.
කොල්ලා ආයෙත් sofa එකේ පිටිපස්සට ඇල වුනා. ඔලුව sofa එකේ කොනට තියාගත්තා. ඇස් හෙමින් පියා ගත්තා.
"Just... 5 minutes."
එයා මිමිණුවා. ඇහෙන්නෙත් නෑ වගේ.
"ඔයා හොඳින් ඉන්නවා කියලා දැනගත්තා... ඒ ඇති දැන්."
සිතැසි sofa එකේ අනිත් කොනේ ඉඳගත්තා. අරුණ දිහා බලාගෙන.
උණෙන් රතු වෙච්ච මූණ. වෙව්ලන අත්. ඒත් වඩේ අරන් ආපු මිනිහා. 'ඇඟ රිදෙනවා' කියපු පලියට දුවන් ආපු මිනිහා.
කෙල්ලගේ ඇස් වල කඳුලු පිරිලා.
හෙමින්. සද්ද නැතුව. අත දික් කරලා අරුණගේ අත උඩින් තිබ්බා.
අරුණට ඒක දැනුනා. ඇස් අරින්නේ නැතුවම ඇඟිලි හෙමින් හෙල්ලුවා. සිතැසිගේ අත අල්ලගන්න නෙවෙයි. 'මං මෙහෙ ඉන්නවා' කියන්න වගේ.
Room එකේ නිහඬතාවයක්. Fan එකේ හීන් සද්දෙයි, අරුණගේ හෙමින් හුස්ම ගන්න සද්දෙයි විතරයි.
වඩේ bag එක මේසේ උඩ. තාම උණුහුම තියෙනවා.
ඒ වගේම කෙල්ලගේ පපුවත්.
මාස ගානකට පස්සේ පළවෙනි වතාවට.
"මොනා හරි හදන්නද? මං tea එකක්... නැත්තන් කන්න මොනා හරි..."
ටික වෙලාවකින් සිතැසි හෙමින් අහනවා. කටහඬේ වෙනදා නැති මොකක්දෝ මෘදු ගතියක්.
"එපා... කරදර වෙන්න එපා..."
අරුණ ඇස් අරින්නෙත් නැතුව මිමිණුවා.
"මං හොඳින්... ටිකක් ඉඳලා යන්නම්."
ඒත් මෙහෙම මේ මනුස්සයා වැටිලා ඉන්නවා සිතැස්ට බලන් ඉන්න බෑ. කළු shirt එක දාඩියට තෙත් වෙලා. මූණ සුදුමැලි වෙලා. තොල් වියලිලා.
"මං cereal එකක් හදන්නද?"
කෙල්ල ආයෙත් ඇහුවා. මේ පාර උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ වගේ.
"කන්න බෑ සිතැසි... අප්පිරියයි..."
කොල්ලට කියවෙනවා. කටහඬ වෙව්ලනවා. අමාරුවෙන් වචන පෙළගස්සනවා.
"ඇත්තටම... බෑ..."
"පන්ඩිත නොවී ඉන්න."
කෙල්ල එකපාරටම කිව්වා. වෙනදා වගේ නෙවෙයි. සැර නෑ. ඒත් තීරණාත්මකයි.
"මං ඉක්මනට එන්නම්. හෙල්ලෙන්න එපා."
කියලා kitchen එක පැත්තට ගියා.
කොල්ලට ඇස් ඇරගන්නවත් බෑ. ඇස් දෙක දනවා. ඇඟ ඇතුලෙන් වෙව්ලනවා. ඔලුව කකියනවා හරියට මිටියකින් ගහනවා වගේ. කන් දෙකේ සද්දෙ.
"සිතැසි..."
කියන්න හැදුවා. සද්දයක් ආවේ නෑ.
ටික වෙලාවකින් සෙරෙප්පු සද්දෙ. කෙල්ල ආපහු ආවා. අතේ පොඩි bowl එකක්. රස්නෙන්. ඕට්ස් වල සුවඳයි.
"අයියේ... නැගිටින්නකෝ... මේක කන්න..."
සිතැසි කොල්ලා ළඟින්ම sofa එකේ වාඩි වුනා. දණ ගහගෙන. Bowl එක අතේ.
"අනේ කන්න බෑ..."
අරුණ ඔලුව හෙලෙව්වා. ඇස් අරින්නේ නෑ.
"බඩ... බඩ අවුල්..."
"පොඩි එකා වගේ ඉන්නේ නැතුව."
කෙල්ලගේ කටහඬේ හිනාවක් නෑ. ඒත් කේන්තියකුත් නෑ.
"කෝ... මං කවන්නද?"
ඒ වචනේට අරුණගෙ ඇස් එකපාරටම ඇරුනා. පුදුමෙන්. අමාරුවෙන් ඔලුව හරවලා සිතැසි දිහා බැලුවා.
සිතැසි. එයාගේ සිතැසි. කලින් දවස් දෙක තුනේම එක වචනෙන් උත්තර දුන්න කෙල්ල...
දැන් එයා ඉස්සරහා දණ ගහගෙන ඉන්නවා. අතේ උණු cereal bowl එකක් තියන්. 'මං කවන්නද?' කියලා අහනවා.
අරුණගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවීම සිතැසි හැන්දක් පුරවලා කොල්ලගේ කට ලඟට ලං කළා.
අරුණට තේරෙන්නේ නෑ මොකද කරන්නේ කියලා. අත ඉස්සුවේ නෑ. එපා කිව්වෙත් නෑ.
කට ඉබේටම පොඩ්ඩක් ඇරුනා.
උණු cereal එක දිවට දැනුනා. මිහිරියි. උණුහුමයි. පපුව ඇතුලේ අවුලපු ගින්දර පොඩ්ඩක් නිවුනා වගේ.
මේ මෙච්චර දවසක් තමන් එක්ක තරහින්, රිදිලා, කෑ ගහලා බැනපු කෙල්ල නේද කියලා කොල්ලට හිතෙනවා. ඒ ඇස් වලම දැන් වෙන මොකක්දෝ තියෙනවා. කේන්තිය නෙවෙයි. දුක. බය.
"තව?"
ආයෙත් හැන්ද පුරවනවා.
අරුණ සද්ද නෑ. ඔලුව හෙමින් වැනුවා. හා කියන්න වගේ.
දෙවෙනි හැන්ද. තුන්වෙනි හැන්ද.
අරුණගේ අද දවසටම හරියට ඇගට වැටෙන එකම කෑම එක. උදේ ඉඳන් coffee එකයි, වතුර උගුරකුයි ඇරෙන්න වෙන මොකුත් නෑ.
සිතැසිගේ අත වෙව්ලන්නේ නෑ. හරි පරිස්සමට කවනවා. හරියට කැඩෙන්න ඔන්න මෙන්න තියෙන පෝසිලේන් බෝනික්කෙක්ව අල්ලනවා වගේ.
"ඇති."
අරුණ හෙමින් කිව්වා හැඳි හතරකට පස්සේ. කටහඬ තවමත් දුර්වලයි. ඒත් කලින් තරම් නෙවෙයි.
"තව ටිකක්."
"බෑ... දැන්නම්."
කෙල්ල බලෙන් කැව්වේ නෑ. Bowl එක මේසෙන් තිබ්බා. Tissue එකක් අරන් කොල්ලගේ කට කොන පිහදැම්මා. හෙමින්.
අරුණගේ ඇස් වල කඳුලු පිරිලා. උණටද? මහන්සියටද? නැත්තන් මේ මොහොතටද? එයාටම තේරෙන්නේ නෑ.
"සිතැසි..."
එයාගේ කටහඬ හිරවෙනවා.
"මං..."
"ශ්... කතා කරන්න එපා. පොඩ්ඩක් rest කරන. මං මෙහෙ ඉන්නවා."
අරුණට තවත් අල්ලන් ඉන්න බෑ. ඇස් ආයෙත් පියවුනා. මේ පාර බලෙන් නෙවෙයි. සහනයකට.
කෙල්ලගේ සුවඳයි. ළඟින් ඉන්නවා කියන හැඟීමයි. මාස ගානකට පස්සේ දැනෙන ආරක්ෂාවයි එක්ක.
සිතැසි නැගිට්ටේ නෑ. එහෙම්මම sofa එකේ කොනෙන් වාඩි වෙලා හිටියා. අරුණගේ අත ලඟින්. අල්ලන්නේ නැතුව. ඒත් ලඟින්.
එළියේ පොඩිවට වැස්ස පටන් ගන්නවා. හීන් සද්දෙට.
බෝඩිම ඇතුලේ උණුහුමයි.
වඩේ සුවඳයි, cereal සුවඳයි, අරුණගේ perfume එකේ ඉතුරු සුවඳයි එකට කැලතිලා.
"ඔයාට යන්න ඕනේ නම් මන් ශලිඳු අයියාට කියන්නද..?"
සිතැසි අහනවා...
" එපා.. ඌ අද dinner out එකක් කෙල්ල එක්ක. "
අරුණ ඇස් පියාගෙනම කියනවා..
"මට තනියම drive කරන්න පුලුවන්... "
ඒ කතාවට නම් සිතැසිට පොඩි කේන්තියකුත් ආවා. මෙහෙම එකසිය ගානකට උණ තියාගෙන...
"පණ්ඩිතකම නම්..."
අරුණ අමාරුවෙන් පොඩියට හිනා උනා.
"බලමුකෝ. බෙහෙත් ටිකක් තියෙනවා මන් ගාව. තව ටිකකින් බොමු. ඊට පස්සේ බලමු අපි..."
සිතැසි කියන්නේ අන්තිම තීරණය විදියට අරුණට argue කරන්න ඉඩක් නැහැ....
සිතැසි phone එක silent කළා.
Ice King දිය වෙලා වැටිලා ඉන්නකොට, එයාව තනියම දාලා යන්න බෑ.
😌❤️ අදහස් කියාගෙන යන්නෝ....
Channel Link: https://t.me/Back_to_Us