Another love (short story)

chapter 2.
https://telegra.ph/Another-love-short-story-07-07
chapter 3.
❣️❣️❣️❣️❣️
හවසට ඇවිදින්න එක්ක යන්න පොරොන්දු වුණත් උදේ වෙනකොට මට ඔළුවවත් උස්ස ගන්න බැරි තරමට ඔලුව කැක්කුමක් ආවේ පොඩි උගුරේ අමාරුවකුත් එක්කම. දවල් වෙද්දී හොද වෙයි කියලා හිතුවත් දවල් වෙනකොට වෙව්ලනවා ගානටම මට උණ අරගත්තා.
ඊයේ රෑ ප්‍රශ්න්කයක් තිබුණේ නැතත් වැස්සේ තෙමුණු නිසා උණ ගත්තු බව දැනගෙන හිටියේ මමයි, කියානුයි විතරයි. මොකද ගෙදර ආපු ගමන් කියාන් ගෙ උදව්වෙන් ආන්ටිට නොපෙනෙන්න මම උඩට ගිහින් ඇදුම් මාරු කර ගත්තා නිසා.
අද night duty තිබුණු නිසා උදේ ඉදන්ම සේරා ආන්ටි මගේ ළගට ම වෙලා හිටියා. අම්මලා call කරපු වෙලාවේ එයාලට මුකුත් නොකිය හිටියේ එහෙම වුනොත් එයාල වද වෙන බව මම දාන්න නිසා. ඇත්තටම මට එයාලට දුක් දෙන්න ඕනි නැහැ.
මමෝනවා උනත් මට ඔලුව උස්ස ගන්නවත් බැරි තරමට ඔලුව කැක්කුම තිබුණු නිසා මුළු උදේ වරුවම නිදාගෙන ඉන්න වුණා. කන්න පිරියක් නොතිබුණු නිසා උදේට වගේම දවල්ටත් සුප් හැදි හතරක්, පහක් වගේ විතරයි බිව්වේ. හොස්පිටල් එකක nurse කෙනෙක් විදිහට හැම වෙලාවේම නිවාඩු දාන්න පුළුවන් කමක් නොතිබුණු නිසා සේරා ආන්ටි හවස පහ වෙද්දී night duty තියන නිසා රෑ කෑමත් ලෑස්ති කරලා වැඩට ගියා. මට ඕන දෙයක් තියනවා නම් කියාන්ගෙන් ඉල්ලගන්න කියල කිව්වත් එයා තාමත් මාත් එක්ක හරි යට කතා කරේ නැති නිසා මම ආන්ටි ගිය වෙලාවේ ඉදන් මගේ පාඩුවේ ඇදට වෙලා හිටියා. ඒ වෙනකොට පැරසිටමෝල් අරගෙන තිබුණු නිසා මට ඇගේ අමාරුව පොඩ්ඩක් අඩු වෙනවත් එක්කම මම හිතන්නෙ නින්ද ගියා.
---------------------------------
" දැන් ම නැගිටින එකකට නැද්ද? එහෙම වුනොත් මම හෙට එන්නම් කියාන් "
"මෙයාට නින්ද ගිහිල්ලාදැන් පැයක් විතර, තව ටිකකින් නැගිටියි. "
" තනියම එළියට යන්නේ නැතුව ඉන්න තිබුණේ මෙයාට, කොච්චරවත් කරදරේකම පැටලෙනවා "
" She said she went out for a walk and got lost. Same old lily."
" She always has zero sense of direction. "
" කවුරුහරි එයා ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ. නැත්නම් කොයි වෙලාවේ කරදරේ පැටලෙයිද දන්නේ නැහැ ”
" Awwww..... "
මගේ යාළුවා වෙලත්, මට එහා පැත්තෙන් ඉදගෙන දෙන්නත් එක්ක මටම විරුද්දව කතා කරනවා. ඒ මදිවට හිකි හිකි ගගා හිනා වෙන්නත් එනවා.
මට දැන් නැගිටින්නත් බැරි නිසා මම ඒ විදිහටම හිටියේ දෙන්නගේ කතාවේ ඉතුරු ටිකත් අහන්න ගන්න.
පොඩි නිහඬතාවයකට පස්සේ අයෙමත් නෙහාරා කතා කළේ ටිකක්ස්ව soft voice එකකින්.
" මම ඒ කාලේ දැක්කට වඩා ඔයා ගොඩක් වෙනස් වෙලා කියාන් "
" have I "
ඇත්තටම මට හිත ගන්නවත් බැරි විදිහට කියාන් ගෙ කට හඩ ටිකක් වෙනස් වෙලා තිබුණා. මොන දේ ගැන කතා කලත් විහිළුවෙන් ම මාත් එක්ක කතා කරන එයා දැන් ඇයි අමුතු විදිහකට කතා කරන්නේ....
" Hmmm.... " අනේ මන්දා..... ඉස්සර ඔය මාරම serious නෙ... ඒත් දැන් you're more softer "
“ Or maybe you’re just seeing me more often now ”
එහෙම කියලා කියාන් හිනා වුණේ කලින් සැරේට වඩා ටිකක් අඩුවෙන්...
" මම එහෙනම් ගිහිල්ලා එන්නම්, මේ chocolates ටික lily නැගිට්ටම දෙන්න. මම මේක මෙතනින් තියන්නද? "
" හ්ම්ම්ම්.... Thanks. Besides you didn’t have to come this late. "
" It’s okay, see you later "
එයාලගේ අඩි සද්දේ ටිකෙන් ටික දොරෙන් එළියට මැකිලා ගියා. බ්ලැන්කට් එක යට, මගේ හදවත ඕනෑවට වඩා වේගයෙන් ගැහෙන්න ගත්තත් ඇත්තටම ඒ ඇයි කියලවත් මට හිතා ගන්න බැරි වුණා. ඒ දෙන්න මොනවා කර ගත්තත් මට ප්‍රශ්නයක් නැහැනේ, කියලා හිතාගෙන මම අනිත් පැත්ත හැරිලා බ්ලැන්කට් එකෙන් ඔළුවේ ඉදන් කකුල් දෙක ළගට ම පොරව ගත්තේ ක්‍ෂණිකව ආපු ඔළුවේ කැක්කුමකුත් එක්ක.
පැයකට දෙකකට පස්සේ අයෙමත් මගේ කාමරේ දොර අරින සද්දේ ඇහුනා වෙනකොට මම ඉක්මනින්ම අයෙමත් ඇස් දෙක පියා ගත්තේ ඒ කියාන් බව දාන්න නිසා.
" miss sleeping beuty, හරි ලස්සනට රගපාන්නත් පුළුවන් නේද? "
එයා එහෙම කියලා ඔළුට උඩින් තිබුණු බ්ලැන්කට් එක අයින් කර ඇද ළග තිබුණු මේසේ උඩින් bowl එකක් වගේ මොනවා හරි තිබ්බා. ඒ වුණත් මම නිදි විදිහටම ඉන්න තීරණය කළේ මොකක්ම හරි හේතුවකට මට එයත් එක්ක සියුම් තරහක් ඇතිවෙලා තිබුණු නිසා.
" මේක බීලා නිදා ගන්න, මොනවා හරි කන්න ඕනිනේ... "
ඊයා දැන් මම ඒ වෙලාවේ නොනිදා හිටියා කියලා හොදට ම දන්න වග මට තේරුණු නිසා අන්තිමට මම එයාට කතා කරන්න හිත හඩ ගත්තා.
" මට බෑ. මට බඩගිනි නැහැ. "
" pls මේක බොන්න Lilly, I'm really tired. "
" මට එපා කිව්වනේ.... "
" Mommy හදලා ගියේ නිසාවත් බොන්න. වදයක් වෙන්න එපා..... "
ලාවට තිබුණු ඔළුවේ කැක්කුමත් එක්ක අන්තිමට කිව්වා වචන ටිකට නම් මගේ හිත ටිකක් රිදුනා වෙනකොට කාටවත් වදයක් වෙන්න මෙහෙ ආවේ නැහැ කියලා කියන්න හිතුනත්, ඒ වෙනුවට වුණේ මෙච්චර වෙලා තද කරගෙන හිටපු කදුළු කම්මුල් දිගේ පහළට ගලාගෙන ගියපු එක විතරයි. මගේ අතින් පොඩි වැරද්දක් වුණත් ඇයි මෙයා මට මෙහෙම කතා කරන්නේ කියලා මට එයාගෙන් අහන්න ඕනේ වුණත්, කදුලුත් එක්කම දැනුනු ලැජ්ජාව නිසාම මම තාමත් ගොළු වෙලා හිටියේ.
ඊලග තත්පරේදී එයා bowl එක side table එක උඩින් තියලා ඇදෙන් ඉදගත්තා.
" ඔයා අඩනවා ද? ආ..... "
එහෙම අහන ගමන් එයා මගේ නළලට අත තිබ්බා.
" නැහැ.... Pls ඔයා මෙතනින් යන්න. "
" I can't go, ඔයා දැන් ටිකක් නිදා ගන්න, බඩගිනි නැත්නම් බොන්න ඕනි නැහැ. I'll stay here till you fall a sleep "
එහෙම කියලා කියාන් light එක off කරලා, කාමරේ තියෙන සෝෆා එකෙන් ඉද ගත්තේ phone බලන ගමන්. මොන දේ මොන විදිහට කිව්වත් එයා එයාට ඕනේ දේ විතරක් කරන බව මම දන්න නිසා මම කදුළු පිහදාගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගන්න හැදුවත් නිද්ද එක තත්පරෙකට මගේ ළගට ආවේ නැහැ. ඒ වෙනුවට, එන්න එන්නම මගේ ඔළුවේ කැක්කුම වැඩි වෙන්න පටන් ගන්නවත් එක්කම ඇගේ හිරිකඩු එන තරමටම සීතල වැඩි වුණා.
පැයක් නැත්නම් දෙකක් කොච්චර වේලාවක්ද කියන්න දන්නේ නැහැ, ඉවසගෙන ඉදලා ඉදලම අන්තිමට උණ නිසා දැනුන ඇගේ අමරුවත්එක්කම මගේ කටින් හීන් කෙදිරියක් පිට වුණා.
" lily තාම ඔයාට නින්ද ගියේ නැද්ද..... "
මෙච්චර වෙලා phone එකේ මුණ ඔබාගෙන හිටපු කියාන් මගෙන් එහෙම අහන ගමන් phoone එක පැත්තකින් තියලා ඇවිල්ලා, ඇදට එහා පැත්තෙන් තිබුණු table lamp එක on කරලා මගේ නළලට අත තියලා බැලුවා.
" oh my god lilly, ඔයාගේ ඇස් දෙක හොදටම රතු වෙලානේ... ඇයි නින්ද යන්නේ නැහැ කියලවත්, මට නොකිව්වේ.... "
ඊලග තත්පරේදී එයා සේරා ඇන්ටිට call එකක් අරගෙන මුළු record එකම දුන්නා වෙනකොට, ආන්ටිත් එහා පැත්තෙන් විනාඩි ගානක් මොනවදෝ කිව්වා. ඊලග සැරේ එයා "okay mommy" කියලා call එක cut කලා. ඊට පස්සේ මම පොරවාගෙන හිටපු බ්ලැන්කට් එක අයින් කරලා, towel එක තෙමෙලා ලාවට වගේ මිරිකලා මගේ නළලට උඩින් තිබ්බා.
" මම පැරසිටමෝල් අරගෙන එන්නම්, පොරව ගන්න එපා එහෙම වුනොත් උණ අඩු වෙන එකක් නැහැ "
එහෙම කියලා වතුර වීදුරුවකුත් එක්ක ආපු එයා මාව ඇදෙන් ඉඳවලා බෙහෙත් ටික බොන්න දුන්නා. ඇත්තටම ඒ වෙලාවේ මගේ ඇස් වලට කදුළු ආවේ කියාන් වෙනුවට මේ වෙලාවේ අම්මා ළග හිටියා නම් කියලා මතක් වුණු නිසා. එහෙම වුණා නම් මගේ ඔළුවේ කැක්කුම යනකන් මගේ ඔළුව අතගගා අනිවාර්යෙන් අම්මා ළගට වෙලා ඉන්නවා.
" අඩන්න එපා lily, ඔළුව ගොඩක් රිදෙනවා ද ? "
කලින් කතා කලාට වඩා ගොඩාක් පහත් හඩකින් එහෙම අහපු එයා, එයාගේ දිග ඇගිලි මගේ කම්මුල් හරහා යැව්වේ කදුළු එකින් එක පිහදාන ගමන්.
ඒත් එක්කම මෙච්චර වෙලාවක් ඇද වෙට්ටමට හේත්තු වෙලා හිටපු මාව, එයා එක අතකින් එයාගෙ පපුවට තුරුළු කර ගත්තේ අනිත් අතින් හරි පරිස්සමට මගේ ඔළුව අත ගාන ගමන්. මෙච්චර වෙලාවක් මම හෙව්වේ ඒ උණුසුම වෙනකොට මටත් නොදැනීම මම එයාගේ පළල් උරපතු අස්සට තව තවත් ගුලි වුණේ සීතලෙන් ගැහෙන පූස් පැටියෙක් ගාණට....
එහෙම එක විනාඩියක් ඉන්න වුණේ නැහැ එයාට call එකක් ආවා.
" යන්න එපා.... "
ඇත්තටම අයෙමත් සැරයක් බ්ලැන්කට් එක පොරවගෙන ඇද වෙට්ටමට හේත්තු වෙලා මුළු රෑ පුරාම වෙව්ල වෙව්ල ඉන්න වෙයි කියලා මට බය හිතුනා නිසාම මගේ කටින් ඒ වචන දෙක පිට වුණා.
" හ්ම්ම්ම්.... යන්නේ නැහැ. ඔයා නිදා ගන්න. "
එහෙම කියලා එයා call එක cut කලා.
" ක... කවුද ද... ද... න්නේ නා.. හැනේ, ඇයි ක.... ක.... Cut කළේ.... "
" කවුරු වුණත් කමක් නැහැ.... ඔයා දැන් නිදා ගන්නකෝ... "

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
කතාවට කැමති නම් react (❤) එකක් දාගෙන යන්න. ලියපු අනිත් කතා වලට වගේ react වැටෙන්නේ නැති නිසා ලියන්න හිතෙන්නේ නැහැ.
🌹🌹🌹🌹🌹🌹🌹🌹
_Daisy_