Another love (short story)

chapter 1
https://telegra.ph/Another-love-06-24
chapter 2.
❣️❣️❣️❣️❣️
" Oh my god lily, ඇත්තටම ඔයා ගොඩක් වෙනස් වෙලා " ඒ කාලේ තිබුණු මෝඩ පාට ටිකක අඩු වෙලා "
" ඒක තමයි, මම ලස්සන වෙලා නේද? "
" අනේ ඔව්, කොහොමත් ඉතින් ල් එහෙමනේ හිතාගෙන ඉන්නෙ "
" මොකද්ද කිව්වේ "
" නෑ මොකුත් නෑ "
" ඔයා කියන්න මම හිතාගෙන ඉන්නෙ මම ලස්සනයි කියලා වුණත් එහෙම නෑ කියලද? "
"හ්ම්ම්ම්.... අනේ මන්ද "
" තාමත් ඒ වගේමයි, ඔයා වගේද කවුරු හරි කාලෙකින් තමන්ගේ ගෙදරට ආපුවම සලකන්නේ "
" oh shit, මට එකත් අමතක වුණා. එන්නකෝ පහළට, ඔයාට දෙන්න දෙයක් තියනවා "
එහේම කියලා මගේ අතේ තිබුණු කෝප්පේ ගත්තු එයා මාවත් ඇදගෙනම පහළට ගිහින් coffee table එක උඩ තිබුණු ලිවුම කවරයක් මට දුන්නා.
" මම හිතනවා ඔයා ඕකට කැමති වෙයි කියලා "
" මොකද්ද මේ "
" ඇරලා බලන්නකෝ "
ඈත්තටම මම ඒක ඇරලා බැලුවේ මොනවද තියෙන්නේ කියලා කිසිම අදහසක් නැතුව. ඒ උනත් එකේ තිබුණු දේත් එක්ක අතටම මට කලන්තේ හැදෙන්න වගේ ආවා. මම අවුරුදු ගානක් අසාවෙන් බලන් හිටපු band එකක live concert එකකට tickets දෙකක්.
" ඇත්තටමද ආ.... "
" හ්ම්... ඔයාගේ යාලුවත් එක්ක යන්න, tickets දෙකක්ම තියනවා "
"අනේ thank you....."
කොහොමින් කොහොම හරි kiyan නුත් uni ගියාට පස්සේ මම විතරයි ගෙදර ඉතුරු වුණේ. තනියම ඉන්න කම්මැලි හිතුනු නිසා නෙහාරා ට කතා කරලා එන්න කිව්වත් එයාලගේ ගෙදරත් කවුරුත් හිටියේ නැති නිසා එයාට එන්න විදිහක් තිබුනේ නැහැ. මට කරන්න වැඩකුත් නොතිබිනු නිසා මුළු දවසම nexfix එකේ කතා බලන්න ගත්තු මට, මම හිතන්නෙ දවල් 1ට විතර නින්ද ගිහිල්ලා තිබුනා. හවස 4 ට විතර මට ඇහැරුනේ මහා හයියෙන් ෆොනේ ඒක රින්ග් වෙන්න ගත්තු නිසා. මේ ආන්ටි ගෙන් ආපු 9 වෙනි call ඒක වෙනකොට තවත් miss call 8 තිබුනා.
"මොකද්ද දරුවෝ වෙලා තියෙන්නේ ඇයි call answer කරන්නේ නැත්තේ, මම කොච්චර බය වුනාද?"
" අයියෝ ආන්ටි මට පොඩ්ඩක් නින්ද ගියානේ "
" phone ඒක ළග තියාගෙනේ නිදා ගන්න හොද ද, මම තවත් ටිකකින් off වෙනවා. පරිස්සමින් ඉන්න හොදේ, මම එහෙනම් තියන්නම් පුතේ.... God bless"
"හරි...."
කොච්චර ඉවසගෙන හිටියත් 5 විතර වෙනකොට මට මට ගෙදරට වෙලා ඉන්නෙ බැරි උනා, ඒත් aunty ගෙන් ඇහුවොත් පොඩ්ඩක් ඇවිදින්න යන්නද කියලා අනිවාර්යෙන් තනියෙන් යන්න එපා කියන නිසා, අන්තිමට සීතල නැති වෙන්න ස්කාෆ් එක දාගෙන එළියට බැස්සේ kiyan වත් aunty වත් එන්න කලින් විනාඩි දහයෙන් අපහු එනවා කියලා හිතාගෙන.
ඇත්තටම මට නිහුරු ගතියක් දැනුනේ නැත්තේ ලංකාවේ ඉදිද්දීත් මම ඕනි තරම් තනියෙන් ගිහිල්ලා තියන නිසා. එළියට ආපු වෙලාවේ අම්මලාට card එකකුත් post කලේ call කරනවට අමතරව ලියුමක් card එකක් වගේ දේවල් තැපැල් කරන්න පොඩි කලේ ඉදන්න ම මම ආස කාපු නිසා.
අන්තිමට කොහොම හරි අතේ තිබුණු ඔරලෝසුව දිහා පලද්දී තමටි මට තේරුනේ විනාඩි 10ක ගමනට හරියටම විනාඩි 60ක කාලයක් ගිහිල්ලා කියලා. එහෙන්ම ම අනිත් පැත්තට මගේ phone ඒක හෙව්වේ ආන්ටිට call එකක් අරගෙන එයාලා ගෙදර ආවද කියලා දැන ගන්න. ඒත් දෙයියනේ මගේ phone එකත් නැහැ, එතකොට තමයි මට මතක් වූනේ ස්කෆ් ඒක බඩ ගන්න phone ඒක dessing table එක උඩ තිබ්බට මට ඒක අපහු ගන්න බැරි උනා කියලා.
ඒ වෙලාවේ අනිත් අතට මට දෙයියෝ සිහි වූනේ කොහෙවත් නැති වැස්සකුත් එක්ක අකුණුත් ගහගෙන හයියෙන්ම වහින්න ගත්තු නිසා. මං ළග ඒ වෙනකොට කුඩයක් වත් නොතිබුණත් වැස්ස නතර වෙනකන් කොහෙවත් නැවතිලා ඉන්නත් කාලයක් තිබුනේ නැහැ, ඒ ඇරත් වැස්ස නිසා මුළු පරිසරයම කරුවල වෙලා තිබුනේ, අන්තිමට කරන්න දෙයක් නොතිබුනම නිසා ස්කෆ් එක ඔලුවට දාගෙන මම අඩිය ඉක්මන් කලේ, ක්‍ෂණිකව ආපු බයට ම මගේ හදවතත් පුළුවන් උපරිමයට ගැහෙන්න පටන් ගනිද්දී.
ඒ උනත් මට මීටර් දහක් දුවන්න උනේ නැහැ කොහෙන්ද ආපු අතක් මගේ වැලමිටෙන් අදලා අරන් ඔලුවට උඩින් කුඩයක් අල්ලුවේ, මගේ එක අතකිනුත් අල්ල ගන්න ගමන්. මොකද්ද වෙන්නේ කියලවත් හිතා ගන්න බැරුව මගේ ඇස් වලින් කදුළු බේරෙන්න ගත්තේ ඇස් අරින්න බය නිසාම තද කරලා ඇස් දෙක වහ ගනිද්දී.
" ඒයි මෝඩි, ඇස් දෙක අරිනවා... තමුන්ට කිව්වා නේද පොඩ්ඩක් ගෙදරට වෙලා ඉන්න කියලා. එක දවසක් ඉවසන්න බැරි වුනාද? "
ඇත්තටම ඒ ඇහුන කියාන්ගේ කට හඩත් එක්ක හිතට සහනයක් දැනුනත් හිත රිදෙන විදිහට කියපු ඒ වචන ටික නිසාත්, නොදන්නා රටකට ඇවිල්ලා පළවෙනි දවසෙම මෙහෙම දෙයක් උනානේ කියලා ආපු shock එක නිසාත් මට මගේ කදුළු නවත්ත ගන්න බැරි වුණා.
" දැන් මෙතන අඩන්නත් එනවද? යන තැනක phone එකවත්ඇ අරගෙන යන්න බැරිද "
" අනේ බනින්න එපා... "
" මොනවා, බනින්න එපා... බනින්න නෙවෙයි ඕනේ, ඇත්තමයි මට...... "
" අනේ s..... sorr... ry.... iiii... "
" හරි දැන් ඔය අඩන එක නවත්තන්නකො, ඔයා හොදටම තෙමිලානේ ඔය ස්කෆ් එක අයින් ගලවන්න. "
එහෙම කියලා මගේ ඔලුවේ තිබුණු ස්කෆ් එක අයින් කලා.
" සීතලයිද? "
" අ..... අනේ.... න්.... නැහ්.... හැ... "
නැහැ කියලා කිව්වත්, මුළු ඇගම තෙමිලා තිබුණු නිසා මාව කිටි කිටියේ වෙව්ලන්න ගත්තා.
" හ්ම්ම්... ඇත්තද, ඔය කදුළු ටික පිහිද ගන්නකෝ...."
ඒඑහේම කියලා කුඩේ මගේ අතට දීලා, එයා දාගෙන හිටපු overcoat එක ගලවලා, ඒක මගේ උරපත්ත වටේ යවල ඉස්සහයින් අදාල තද කළා.

අන්තිමට taxi එකකින් අපි ගෙදර ආවා. ආන්ටි මට තනියම ගිය කියලා දොස් කියයි කියලා හිතුවත් එහෙම කිසි දෙයක් වුණේ. අඩුම තරමින් මට තේරුණු විදිහට ආන්ටි වුණේ මොකද්ද කියලවත් දන්නේ නැති තත්වයක් තමයි තිබුණේ.
රෑ dinner ගත්තට පස්සේ, ආන්ටි dishes හෝදන වෙලාවේ තමයි kiyan කිව්වේ ඒ වෙලාවේ මම ගෙදර නැහැ කියලා එයාට ආන්ටි call කරපු වෙලාවේ මම එයත් එක්ක ඉන්නවා කියලා එයා ආන්ටිට කිව්වා කියලා. ඒ නිසා වුණු දේවල් කාටවත් කියන්න ඕනි නැහැ කියලත් එයාට හෙට lectures නැති නිසා හෙට හවසට ටිකක් ඇවිදින්න යන්න, subway එක ගැන වගේ දේවල් කියලා දෙන්න පොරොන්දු වුණා.
-------------------------------------------
කතාවට කැමති නම් react (❤️) එකක් දාගෙන යන්න.