A flight to your heart
Sachy Collins
• Last Episode •
Previous 🩵
හැමෝම පුළුවන් තරම් ට්‍රයි කරා ලිවර් එකක් හොයා ගන්න. ඒත් කොච්චර වෙලා ගියත් හම්බුණේ නෑ අවාසනාවකට.
"මිස් ගුවන්යා.. ගුඩ් නිවුස් එකක්."
ඩොක්ටර් එහෙම කියාගෙන මගෙ ලඟට එද්දි මගෙ හිතට පොඩි සතුටක් ආවා. ඒ කියන්නේ එයාලා ලිවර් එකක් හොයාගෙනද ?
"අපිට ලිවර් එකක් හම්බුණා. දැන් ඇක්සිඩන්ට් එකකින් ගෙනාපු අවුරුදු 18 ක කෙනෙක්ගේ හෙල්දි ලිවර් එකක්. ඔයා ඇග්‍රීමන්ට් එක සයින් කරන්න යුවේන් වෙනුවෙන්."
"හරි ඩොක්ටර්."
කියා ගන්න බැරි සතුටක්. මම යුවේන්ගෙ සර්ජරි එකේ ඇග්‍රීමන්ට් ටික සයින් කරාම එයාලා යුවේන්ව සර්ජරි එකට රෙඩි කරා. තියෙටර් එක ඉස්සරහා ඉඳගෙන මම ඇස් වල කඳුළු එක්ක අහස්යාවත් හග් කරන් බලන් හිටියේ යුවේන්ව සර්ජරි එකට ගන්න විදිහ.
පැය ගාණක් ගියා..
සර්ජරි එක ඉවර උනා කිව්වට පැයක් විතර යනකම් ඩොක්ටර් ආවෙ නෑ. දොරෙන් බැලුවට කිසි දෙයක් පේන්නෙ නෑ. දැන් නම් මට බයයි යුවේන් ගැන. අනේ දෙවියනේ මගෙ යුවේන්ට මුකුත්ම වෙන්න එපා.
"ඩොක්ටර් යුවේන්ට මොකද ?"
ඩොක්ටර් කෙනෙක් තියෙටර් එකෙන් එලියට එනවා දැකලා අපි හැමෝම වට උනා.
"බය වෙන්න දෙයක් නෑ. ෆෝචුනේට්ලි.. යුවේන්ට ඒක මැච් උනා."
මගෙ ඇස් වල කඳුළු නැවතුණේ දැන්. මට සතුටුයි. මොකද යුවේන්ට ගැලපෙන ලිවර් එකක් අවසන් මොහොතේ හරි ලැබුණා. අනික අද තමයි යුවේන්ගේ අම්මයි තාත්තයිත් දැන ගත්තේ යුවේන්ගේ ලේම ඇඟේ දුවන එයාගෙ එකම දුව අහස්‍යා කියලා. ඒ වගේම යුවේන්ගෙ අතින් මට වැරැද්දක් උනා කියලා.
"ඒත් යුවේන්ට සිහිය එනකම් පරිස්සමින් බලා ගන්න වෙනවා."
ඩොක්ටර් කිව්ව නිසා යුවේන්ව බලා ගන්න අපි එයා ලඟින්ම හිටියා. අහස්‍යා යුවේන් ළඟ හිටියා කවුරු නැතත්. පැය ගාණක් යද්දි එයාට සිහිය ආවා. ඒත් එයා අපි එක්ක කතා කරේවත් නෑ. ඒ වගේම ඒ ලා අළු පාට ඇස් වල කඳුළු පිරිලා හේතුවක් නැතුව.
"ඔයාට කොහොමද ?"
එයාගෙන් සද්දයක් නෑ. වැඩිය කරදර කරන්නත් ඕනි නැති නිසා මම සයිලන්ට් උනා. ඒ එක්කම එයා ආයෙමත් ඇස් පියා ගත්තා. මට පොඩි බයකුත් දැනෙනවා. නෑ නෑ. යුවේන්ට අමාරු නැතුව ඇති. එයාට අහස්යාවයි මාවයි මතක් වෙලා ඇස් වලට කඳුළු එන්න ඇති.
........
රෑ වෙනකම් ඉඳලා මම ආයෙමත් එයා ලඟට ගියා. මම යද්දි එයාටත් සිහිය ඇවිත්. එයා ලඟම පුටුවෙන් ඉඳගෙන මම ඒ කම්මුල් දෙපැත්තෙන් අල්ලගෙන නළල උඩ කිස් එකක් තිබ්බේ මගෙ ඇස් වල කඳුළු එයාගෙ මූණට වැටෙද්දි.
"ඔයා හොඳින් නේද ?"
"හ්ම්ම්.."
"අමාරුවක් දැනෙනවද ?"
"නෑ.. කෝ අහස්‍යා."
"එයා එළියේ දියා එක්ක ඉන්නවා.. ඔයාට සිහිය ආවද කියලම අහනවා."
කලින් අහස්‍යාට යුවේන්ව බලන්න දුන්නට මේ රූම් එකේ එයාව තියන්න එපා කියලා ඩොක්ටර් කිව්වා. ඒ නිසා ආයෙ එක්කන් ආවෙ නෑ. ඒත් යුවේන්ට එයා නැතුවත් බෑ එයාට යුවේන් නැතුවත් බෑ.
"මාව හොඳ උනාම එයාව බලන්න එක්ක යන්න. මට එයාව බලන්න ඕනි."
"හ්ම්ම්.."
යුවේන්ටත් ඉක්මනින් හොඳ වෙයි කියලා ඩොක්ටර් කිව්වා. අහස්‍යාට යුවේන්ව බලන්න ඕනි කියන හැම වෙලේම මම වීඩියෝ කෝල් එකක් අරන් දුන්නා. මට හිතෙන්නෙ නෑ තවත් අහස්‍යාගෙන් හංගන්න, යුවේන් එයාගෙ තාත්තා කියලා.
✈ • ✈ • ✈
ටික කාලයක් ගෙවුනා. හෙට යුවේන්ව හොස්පිටල් එකෙන් ඩිස්චාජ් කරනවා. ඒ නිසා මම දුවවයි එයාවයි එක්කගෙන හොස්පිටල් එකේ ගාඩ්න් එකට ආවා. යුවේන්ගෙ ඩිවෝස් කේස් එකේ ඩේට් එන්න එන්නම ලං වෙනවත් එක්ක. මේ කලබල අස්සේ මම අහස්‍යාගේ හිතේ තිබ්බ ලොකුම හිඩැස වහලා දාන්නයි යන්නේ.
"අහස්‍යා.."
"ම්ම්.."
අහස්‍යා යුවේන්ට එහා පැත්තෙන් වාඩි වෙලා යුවේන්ට ලැබුණු ෆ්‍රෙශ් ෆ්ලවර්ස් වල සුවඳ බලනවා. තාත්තටයි දුවටයි ඉස්සරහින් ඉඳගෙන මම රෙඩි උනා, මෙච්චර කාලයක් හංගන් හිටපු දේ කියලා දාන්න.
"ඔයා ඇහුවා නේද තාත්ති කෝ කියලා."
"ඔව්ව්.. ඇයි තාත්ති මාව බලන්න ඇවිත්ද ?"
"හ්ම්ම්.. මීට මාස ගාණකට කලින් තාත්ති ආවා ඔයාව බලන්න."
"ඒ ආවා නම් කෝ එයා."
"මම ප්‍රින්සස්ට කිව්වොත් ප්‍රින්සස්ගේ තාත්ති ඉන්නේ ප්‍රින්සස්ට එහා පැත්තෙමයි කියලා, ප්‍රින්සස් ඒක විශ්වාස කරනවද ?"
"ආ.."
අහස්‍යා යුවේන් දිහා බැලුවේ පුදුමෙන් වගේ. ඒ බෝල ඇස් වල පුදුමයක් වගේම ලොකු විශ්වාසයකුත් රැඳිලා තිබුණා.
"අංකල්.. මගෙ තාත්ති වෙන්නෙ කොහොමද ?"
"අන්කල් තාත්ති උන නිසා තමයි ඔයාට ඒ තරම්ම ආදරේ. අනික බලන්න අන්කල්ගෙ අයිස්.. ඒවා ඔයාගෙ වගේම ග්‍රේ. ඔයාට ලස්සන ඇස් දෙකක් ලැබුණේ ඔයාගෙ තාත්ති නිසා තමයි."
අහස්‍යා යුවේන් දිහා බලාගෙන ඉද්දි මම ඒ දෙන්නා ලඟටම ගියා. අදින් පස්සෙ මේ රහස හැමෝම දැන ගනීවි. මේ ලෝකෙ හැමෝම..
"තාත්ති ආයෙ කවදාවත් ප්‍රින්සස්ව දාලා යන එකක් නෑ. ප්‍රින්සස් ආයෙ තාත්තිගෙන් ඈත් වෙලා ඉන්නෙත් නෑ."
මම එහෙම කියද්දි අහස්යාගෙ මූණෙ තිබුණේ හිනාවක්. ඒ හිනාවට යුවේන්ගෙ හිතත් ඇදිලා ගියා මම හිතන්නේ.
"තාත්තී.. ඇයි මට කිව්වෙ නැත්තේ ඔයා මගෙ තාත්ති කියලා."
"මට ඕනි උනා ප්‍රින්සස්ව සප්‍රයිස් කරන්න."
යුවේන් එහෙම කියද්දි අහස්‍යා එයාව හග් කර ගත්තේ හරි සතුටින්. අහස්‍යාට එයාගෙ තාත්ති ලැබෙයි කියලා මම කීයටවත් හිතුවෙ නෑ. ඒත් වාසනාවකට ඒක එහෙම උනා. අද ඉඳන් මමයි ප්රින්සසුයි තනි වෙන්නෙ නෑ. ඒ වගේම යුවේන් තනි වෙන්නෙත් නෑ.
"තාත්ති සනීප උනාම අම්මිව මැරි කරන්නම්. ඊට පස්සෙ අපි ලස්සන චූටි හවුස් එකක් හදලා එකට ඉමු. හොඳද ?"
"ඕකේ තාත්තී.."
අහස්යාගෙ කෝලම් බලාගෙනම මම ඒ දෙන්නව හග් කරා. ආයෙ නම් මගෙ ජීවිතේට වසන්තයක් ඇරෙන්න නියඟයක් නම් එන්න එපා. ඒ වගේම අහස්‍යාව තාත්තගෙන් වෙන් වෙන්නත් එපා. අපි තුන් දෙනාට හැමදාටම සතුටින් ජීවත් වෙන්න තියෙනවා නම් මට ඒ හොඳටම ඇති."
"මාව ආයෙ දාලා යනවද යුවේන්."
එයාව හග් කරන් මම එහෙම ඇහුවා. ඒ එක්කම එයා මගෙ කනට ලං වෙලා කිව්වා,
"නෑ.. කවදාවත් නෑ.. ඔයාවයි ප්රින්සස්වයි ආයෙ තනි කරන්නෙ නෑ මම."
අවසානයේ එයාගෙ පොරොන්දුව වුණේ ඒක. ඉතින් මම මගේ ගේම් එකෙන් දිනුවා. මාව රිජෙක්ට් කරපු නපුරු යුවේන්ව මම මගෙ ටයිප් එකට හදා ගත්තා. ඒ නිසා මට දැන් දැනෙන්නේ මම මුළු ලෝකෙම දිනුවා කියලා. ඔව් ඒක හරි. මම මගේ ප්රින්සස්ටයි මටයි එයාටයි ලස්සන ලෝකයක් හැදුවා.
"Guwanya.. Do you know.. That my heart belonges to you.."
යුවේන්.. ඒ අහංකාර පයිලට්.. එයා අවසානෙ මට එහෙම කිව්වේ මගෙ දෙතොල් උඩ එයාගෙ දෙතොල් තද කරන ගමන්...
.................................................. ✈️ ...
කතාව ලස්සන නම්,
ඔයාලට පුළුවන් නම් 300 + රියැක්ට් වලට ගේන්න ට්‍රයි කරමුද My dears 😇..
අද වෙනකම් කමෙන්ට්, රියැක්ට් කරපු හැමෝටම Thank you so much 🩵..
ඒ වගේම කතාව කියවපු හැමෝටමත් Thanks ගොඩාක්..
(මේ අවුරුද්දේ අවසන් මාස වල හෝ ලබන අවුරුද්දෙ මුල බොහෝ දුරට මේකෙ නවල් එක එයි. ඒකටත් එකතු වෙන්න බලන් ඉන්න 🥲. මට 2024 එක්සෑම් නිසා තව මාසෙකින් විතර ලියන එක නවත්තනවා )

My Telegram Channel OR My Whatsapp Channel
Bye එහෙනම්.. මම Sachy Collins