A flight to your heart
Sachy Collins
• Episode 06 •
Previous 🩵
"මං වෙනුවෙන් අපේ දරුවව බලා ගත්තු එකට ඔයාට ගොඩක් තෑන්ක්ස් ගුවන්යා. ඔයා මම කියපු කරපු හැම දෙයක්ම ඉවසගෙන හිටියා. සෝ ඔයා මාව ට්‍රස්ට් කරන්න ලාස්ට් චාන්ස් එක විදිහට. මම ඔයාට ඔයා බලාපොරොත්තු වෙන යුවේන්ම වෙන්නම්"
එයා එහෙම කියද්දි මගෙ ඇස් වලින් කඳුළු ආවා. ඔයා මම බලාපොරොත්තු වෙන යුවේන්ම වෙනවා නම් මට ඔයාගෙන් තව මුකුත් ඕනි නෑ. ඔයාට දැන් වත් තේරුණු එක හොඳයි, තවත් රියලිටි එකෙන් හැංගිලා ඉන්නවට වඩා.
"මම ක්ලබ් ගියා. එකේක ගර්ල්ස්ලා එක්ක කනෙක්ෂන්ස් තිබ්බා. ඒත් මම හොයපු ලයිෆ් එක එතනත් නෑ කියලා මට තේරුණා. අනික මගෙ වයිෆ් මට මාවම එපා කරා."
"ආයෙ ඒ ගැන මතක් කරන්න එපා යුවේන්. දැන් හැම දෙයක්ම ටිකෙන් ටික අමතක කරන්න. ඔයා එයාගෙන් ඩිවෝස් වෙන්න නේ යන්නේ. ඉතින් ඔයා ඒ බැඳීමෙන් නිදහස් වෙයි."
එයාගෙ ඔළුව මසාජ් කලා මම. මගෙ ලඟම තියාගෙන, එයාව වෙනස්ම කෙනෙක් කරන්න මට බැරි නෑ. ඒකට අහස්යාත් උදව් කරයි. මොකද අහස්යායි යුවේනුයි අතර තියෙන්නේ නිකන් කින්ශිප් එකක් නෙවෙයිනේ. ඒ තාත්තයි දුවයි. රීසස් වලින් පවා සමාන වුණ එකම ලේ එයාලගෙ ඇඟේ දුවන්නේ.
✈ • ✈ • ✈
කාලයක් ගෙවුනා. යුවේන් දැන් ඉන්නේ ෆ්රන්ට් ඩෝර් එකේ. අපි එකම ෆ්ලයිට් එකට සෙට් වෙනවා ගොඩක් වෙලාවට. එයා අහස්‍යා එක්ක කතා කරනවා. අහස්යාටත් යුවේන් ඇර වෙන කවුරුත් ඕනි නෑ. අංකල් අංකල් ගා ගත්තු ගමන්මයි.
"අංකල්.. ගුම් මෝනිම්."
මම ඩෝ එක ලොක් කරලා ඉස්සරහා හැරෙද්දි යුවේනුත් ඩෝර් එක ලොක් කරනවා කොහෙ හරි යන්න. එතකොට තමයි අහස්‍යා දුවගෙන ගිහින් එයාගෙ ඇඟට පැන්නේ.
"ගුඩ් මෝනින්.. ප්‍රින්සස් කොහෙද මේ යන්නේ ?"
"ඩේ කෙයා එකට.. මගෙ නැනී ලඟට."
"හ්ම්ම්.. එහෙනම් හොඳට ස්ටඩීස් කරන්න.. ටේක් කෙයා.."
"යූ ටූ."
අහස්‍යා කොරිඩෝ එක දිගේ ඇවිදගෙන යද්දි මම බලාගෙන හිටියේ අහස්‍යා දිහා බලාගෙන ඉන්න යුවේන් දිහා. වෙනදට වඩා දැන් ඒ ඇස් අහස්‍යාව හොයනවා කියලා මට තේරුණා.
"යුවේන්.. ඔයා මේ කරන්නෙ බොරුවක් නෙවෙයි නේද. ඔයා ඇත්තටම අහස්‍යාට ආදරෙයිද. මට කියන්න. ඔයා මාව රිජෙක්ට් කරපු කලින් යුවේන් නෙවෙයි නේද ?"
එයාගෙ අතින් අල්ලගෙන මම එහෙම ඇහුවේ එයා එන්න එන්නම වෙනස් වෙනවා අදහා ගන්න බැරි නිසා. අහස්‍යා බිම තියෙන පැළ අත ගානවා බලන් ඉඳලා එයා මගෙ දිහා බැලුවා.
"මට අහස්‍යා ගැන ෆීලින්ග්ස් එනවා. Maybe ඒක තාත්තා කෙනෙකුට දැනෙන ෆීලින්ග්ස් වෙන්න ඇති. එයා දකින්නෙ නැතුව මට ඉන්න බෑ වගේ."
එයා හිනාවෙන්ම එහෙම කියද්දි මමත් හිනා උනා. එයා දැන් ඉඳන් අහස්‍යාට හොඳ තාත්තා කෙනෙක් වෙනවා නම් මට හස්බන් කෙනෙක් ඕනෙත් නෑ. මට වටින්නෙ මගෙ දුවගෙ සතුට.
"ඔයා මං වෙනුවෙන් කරපු දේවල් වලට මම ඔයාට ණයයි ගුවන්යා. ඒ වෙනුවෙන් මම රෙඩී ඔයාට හොඳ හස්බන් කෙනෙක් වෙන්නත්."
එයා එහෙම කියද්දි මම එයාව හග් කරා. මට ජීවිතේ පළවෙනි වතාවට සතුටු හිතුණා හිතක් පපුවක් නෑ වගේ හිටපු මනුස්සයෙක්ව, හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් ගානට වෙනස් කරපු එකට. ඉතින් මේ ගුවන්යා ගොඩාක් සාර්ථකයි..
අහස්‍යාව දාලා මම ගියා එයාපෝර්ට් එකට. පොඩි වැඩ වගයකට. දැන් අපේ Crew මෙම්බර්ස්ලා පවා දන්නවා යුවේන් මං එක්ක ආයෙ එකතුයි කියලා. හැබැයි යුවේන් ඩිවෝස් වෙනකම් අහස්‍යාව නම් කාටත් පෙන්නන්න හොඳ නෑ. ඒ වගේම දැන්ම අහස්‍යාට කියන්නත් හොඳ නෑ ඒ ඉන්නෙ එයාගෙ තාත්තා කියලා.
ආයෙ ගෙදර එන්න හදද්දි දියාගෙන් කෝල් එකක්..
"කියන්න දියා."
"ගුවන්යා.. පොඩි ප්‍රශ්නයක්.."
"ඇයි ?"
"යුවේන්ට එකපාරටම අසනීප උනානේ. එයාට බ්ලඩ් වොමිට් වෙනවනේ."
"වට්.. ඔයාලා කොහෙද ඉන්නේ."
"මම එයාව හොස්පිටල් එක්ක ආවා. ඉක්මනින් හොස්පිටල් එකට එන්නකෝ."
දියා කිව්ව නිසාම මම ඉක්මනින් හොස්පිටල් එකට ගියා. යද්දි දියා රූම් එකක් ඉස්සරහා හිටගෙන ඉන්නවා. මෙච්චර කල් යුවේන්ට එහෙම ලෙඩක් තිබුණෙ නෑනේ. ඒත් ඇයි එකපාරටම එයාට බ්ලඩ් වොමිට් උනේ.
"මොකද උනේ දියා."
"ඩොක්ටර් එනකම් ඉන්න වෙනවා. එයා තාම මුකුත් කිව්වෙ නෑ."
මම නොදැනුවත්ව එයාට අසනීපයක් තිබුණද කියලා මම බැලුවේ. වෙනදට වඩා මගෙ හිත කලබලයි. ඒ මදිවට මගෙ ඇස් වල කඳුළු. ඔව් එහෙම වෙන්න ඕනි. මොකද ඒ මගෙ ආදරේ, ඒ වගේම එයා අහස්යාගෙ තාත්තා. අඬ අඬා පුටුවකට වෙලා මම කල්පනා කර කර ඉද්දි ඩොක්ටර් කෙනෙක් ආවා රූම් එකෙන් එළියට. එයාගෙ අතේ රිපෝට්ස් වගයක් තිබුණා. ඒ වගේම ඒ මූණෙ තිබුණේ බැරෑරුම් ප්රකාශනයක්.
"යුවේන්ගෙ ලිවර් එක හොඳ කන්ඩිෂන් එකක නෙවෙයි තියෙන්නේ. ඒක ගොඩක් ඩැමේජ් වෙලා. ඒකයි එයාට බ්ලඩ් වොමිට් වෙලා තියෙන්නේ."
"ඒත් කොහොමද එහෙම වෙන්නෙ ඩොක්ටර්."
"එයා ගොඩක් ඇල්කොහොල් යූස් කරපු කෙනෙක් නේද. ලිමිට් එකක් නැතුව යූස් කරාම මෙහෙම වෙනවා."
මම හිතුවා හරි. එදාම මට හිතුණා එයාගෙ මේ ඇල්කොහොල් යූස් කිරිල්ල කවදා හරි එයාට මෙහෙම දෙයක් කරයි කියලා. මම නැති අවුරුදු ගාණටම යුවේන් කාටත් හොරෙන් ක්ලබ් වල ඩ්‍රින්ක්ස් ගන්න ඇති. ඒත් එයාගෙ ජීවිතේට මොනා හරි උනොත් අහස්යාටයි මටයි මොකද වෙන්නේ.
"පොඩි ටයිම් එකක් තියෙනවා. දවස් දෙක තුනක් ඇතුලත අපිට ඕ නෙගටිව් ලිවර් එකක් ඩොනේට් කරන්න පුළුවන් නම් යුවේන්ට වෙන ඩැමේජ් එක අඩුවෙයි. නැත්තම් එයා ගැන ශුවර් කරන්න එපා."
මම කොහෙන්ද ඕ නෙගටිව් හොයන්නේ. මගෙ ලේ ඒ නෙගටිව්. මේ හදිස්සියේ හොයන්න කෙනෙකුත් නෑ. එක්කො යුවේන්ගෙ තාත්තාව කන්ටැක් කරගෙන බලන්න ඕනි. එයාගෙ ලේ මැච් උනොත් අපිට මොකක් හරි කරන්න පුළුවන්.
"මම යුවේන්ගේ තාත්තව කොහෙන් හරි හොයන් එන්නම්."
මම දියාව එතන තියලා යුවේන්ගේ තාත්තා උන ඒඩ්‍රියන් රොද්‍රිගෝ හොයාගෙන ගියා. ගෙවල් කීපයකින් ඇහුවම හැමෝම මට යන පාර කිව්වා. ඉතින් මම ගිහින් එයාලාට කතා කරා යුවේන්ට උන දේ කියලා. ඒත් අවාසනාවකට වගේ,
"යුවේන්ගෙ තාත්තත් ඔය ටිකමයි කලේ. එයාටත් ලිවර් එක ඩොනේට් කරන්න උනා අපිට ඒ කාලෙම."
යුවේන්ගෙ අම්මා එහෙම කිව්වා. තාත්තා කරපු දේමද යුවේනුත් කරලා තියෙන්නේ. ඒත් ඒකෙන් ගිනි ගන්නෙ මාව. මොකද තනි වෙන්නේ මමයි දුවයි විතරයි. අනික අපි දෙන්නටම යුවේන්ව ඕනිම වෙලාව මේ. මම ආයෙමත් හොස්පිටල් එකට ගියේ යුවේන්ගේ අම්මයි තාත්තයි එක්ක. ඒ යද්දි දියා අහස්‍යාව එක්කගෙන ඇවිත් හොස්පිටල් එකට.
"අම්මී.. අන්කල්ට මොකද උනේ."
"අන්කල්ට ඕර්ගන් එකක් රිප්ලේස් කරන්න වෙලා."
"එයාට ගොඩක් අමාරුද ?"
"හ්ම්ම්."
මම හොස්පිටල් එකේ පුටුවකට වෙලා ඉඳන් ඉද්දි අහස්‍යා මගෙන් අහනවා යුවේන්ට මොකක්ද උනේ කියලා. ඉතින් මම එයාට බය නැතුව ඇත්ත කිව්වා. එ චූටි හිත රිදුනත්..
"මට බැරිද අන්කල්ට දෙන්න ඒක. මටත් අන්කල්ට තියෙනවා වගේ ඕර්ගන් එකක් ඇතිනේ. ඉතින් ඒකෙන් හාෆ් එකක් මට දෙන්නෝනි."
අහස්‍යා එහෙම අහද්දි මට මතක් උනා අහස්‍යාට තියෙන්නෙත් යුවේන්ගේම ලේ කියලා. ඒත් එයාට ඒක කරන්න බෑ. යුවේන්ට මැච් වෙන්නේ වැඩිහිටියෙක්ගේ ලිවර් එකක්.
"අම්මී.. ඔයා මාව අහන්ද ඉන්නේ. මගෙ ඕර්ගන් එකෙන් හාෆ් එකක් අන්කල්ට දෙමු."
"ඒත් ඔයාට ඒක කරන්න බෑ පැටියෝ."
මම අහස්‍යාව හග් කරන් ඇඬුවා. යුවේන්ව මට වටිනවා. ඒත් ඒක අහස්‍යා වගේ පොඩි දරුවෙකුට කරන්න බෑ. අඩුම මට දරුවගෙන් ලේ ටිකක් වත් ඩොනේට් කරන්න හිතෙන්නෙ නෑ. මොකද යුවේන් නැති කාලේ මට ජීවත් වෙන්න හරි බලාපොරොත්තුවක් උනේ අහස්‍යා විතරයි.
"අන්කල්ට දැන් ගොඩක් රිදෙනවා ඇති නේද."
අහස්‍යා මම බෑ කියන හැම සැරේකටම ඒක කරන්න ඕනි කිව්වා. ඒත් එයාව පොඩ්ඩක් සැර කරලා මම තියා ගත්තා. බෑ කිව්වට ඒ පුංචි හිතට තේරෙන්නෙත් නෑනේ.
"අහස්‍යා පොඩි දරුවෙක් නිසා ඒක කරන්න බෑ. Adult කෙනෙක් අපි හොයා ගන්න ඕනි පුළුවන් තරම් ඉක්මනින්."
ඩොක්ටර් කිව්ව නිසා අපි හෙව්වා හැම තැනින්ම හෙල්දි ලිවර් එකක්. ඒත් එක තැනකවත් 70% ක් වත් හොඳ ලිවර් එකක් තිබුණේ නෑ. ඉතින් එන්න එන්නම යුවේන්ගෙ සිටුවේෂන් එක Worst උනා අපි බලාගෙන ඉද්දිම.
"ඩොක්ට අන්කල්.. පීලීස්.. මගෙ ලිවර් එක යුවේන් අන්කල්ට දෙන්න. යුවේන් අන්කල් නැතුව මට ඉන්න බෑ."
"දුවට ඒක කරන්න බෑ. දුව වෙන අංකල් කෙනෙක් හරි ආන්ටි කෙනෙක් හරි හොයන් එන්න ඒක කරන්න. නැත්තම් අංකල් තවත් අසනීප වෙයි."
අපිට ගන්න තිබුණ ෆයිනල් ඩිසිෂන් එක ඒක. ඒ නිසා මම හිතේ ලොකු ගින්දරක් තියාගෙන හැම දෙයක්ම බලාගෙන හිටියා අසරණ වෙලා. හැමෝම පුළුවන් තරම් ට්‍රයි කරා ලිවර් එකක් හොයා ගන්න. ඒත් කොච්චර වෙලා ගියත් හම්බුණේ නෑ අවාසනාවකට.
.................................................. ✈️ ...
කා ගාව හරි තියේද O- ලිවර් එකක් 😣
තියෙනවා නම් කියන්න යුවේන්ව බේර ගන්න 💔
හෙට අවසන් කොටස ❕
ලයික් කමෙන්ට් දෙන හැමෝටම ආදරෙයි. මම ලියපු කතාවකට මෙච්චර ලයික් කමෙන්ට් වැටුනාමයි. ඉතින් මට සතුටුයි 🩵..
Sachy Collins