A flight to your heart

A flight to your heart

Sachy Collins

• Episode 05 • 


Previous 🩵


"ඔයා රිජෙක්ට් කලේ එක්කෙනෙක් නෙවෙයි. දෙන්නෙක්ව. ඔයා ඔයාගෙ ලේ තියෙන කෙනෙක්වත් රිජෙක්ට් කරා. ඉතින් කෲස් නොවෙයිද."


"ඒ කියන්නේ......"


"ඔයාට දුවෙක් ඉන්නවා යුවේන්.. එයාට දැන් අවුරුදු පහක්. එයාගෙ නම අහස්‍යා. ප්‍රින්සස් අහස්‍යා තාම එයාගෙ තාත්තිව දැකලා නෑ ෆොටෝ එකකින්වත්."


මම එහෙම කියද්දි ඒ ඇස් කලබල උනා. එයා හිතන්න නැතුව ඇති මම එදා ප්‍රෙග්නන්ට් උනාට ඒ දරුවා ලැබෙයි කියලා. ඒත් වාසනාවට මට අහස්‍යා ලැබිලා මගෙ මුළු ජීවිතේම ලස්සන වෙලා ගියා. ඉතින් ඔයාගෙන් ප්‍රතික්ෂේප වීම මට අමතක උනා.


"එයාගෙ ඇස් ඔයාගෙ වගේමයි. නෑ, ඇස් නෙවෙයි. එයා හැම අතකින්ම ඔයා වගේමයි. වෙනසකට තියෙන්නේ එයා ගෑනු ළමයෙක්."


"මම හිතුවා ඔයා එයාව ඇබෝශන් කරා කියලා."


"ඔයාගෙ හිත තරම් මගෙ හිත පවුකාර උනේ නෑ යුවේන්. ඔයා හිතක් පපුවක් නැති මනුස්සයෙක් ගානට අහස්‍යාව ඇබෝශන් කරන්න කියද්දි මම ඉවසුවා. මම වගේ ගර්ල් කෙනෙක්ව වත් තේරුම් ගන්න බැරි වුණ ඔයාගෙ මැරේජ් ලයිෆ් එක සක්සස්ෆුල් වෙයිද. ඉතින් ඒක කෲස් එකක් තමයි. මට ඔයාව ඕනිම වෙලේ ඔයා මාව තනි කරාට."


මම බැනගෙන යද්දි එයා සයිලන්ට් වෙලා අහගෙන හිටියා. හිතේ තිබ්බ තරහා පිට කරා මම වචන වලින්. ඒ වචන වලින් යුවේන්ගේ හිත රිදෙයි කියලාවත් මම හිතුවෙ නෑ. ඉතින් මම මාව කන්ට්‍රෝල් කරගෙන තරහා පාලනය කරගෙන එයාගෙන් ඇහුවා,


"ඔයාගෙ වයිෆ්ගෙන් ඔයා ඩිවෝස් වෙන්නෙ ඇයි ?"


"එයාට වෙන කෙනෙක් එක්ක කනෙක්ෂන් එකක් තිබිලා තියනවා. මම දන්නෙවත් නැතුව එයාට අවුරුදු දහයක දරුවෙකුත් ඉන්නවා."


"ඔයා ඒක ලේට් වෙලාද දැන ගත්තේ ?"


"හ්ම්ම්.. දැන ගත්ත දවසෙම මම ඩිවෝස් කේස් එකක් ෆයිල් කරා."


"දැන් ඩ්‍රින්ක්ස් ගන්නේ ඒ දුකටද ?"


"හහ්.. ඔයා දන්නවනේ ගුවන්‍යා.. මම කොහොමත් ප්‍රෙශර් උනාම මේක කරනවා කියලා."


එයා ආයෙමත් ඩ්‍රින්ක් එකක් ගන්න යද්දි මම එයාව නැවැත්තුවා. එයාට මගෙ ඉස්සරහ නම් මෙහෙම ඩ්‍රින්ක්ස් ගන්න දෙන්න බෑ. මේකෙන් එයාටමයි හානිය. කවදා හරි දවසක ඇල්කොහොල්ම වැඩි වෙලා එයාගෙ ජීවිතේට හානියක් වෙන්න බැරි නෑ.


"මම එක දවසක් තරහා ගිහින් මමීටයි ඩැඩීටයි බැන්නා. ඒකට එයාලා මං එක්ක තරහින් ඉන්නේ. සෝ මම කලින් ගෙදර යන්නෙ නෑ."


"දැන් වයිෆ් එක්ක නෙවෙයිද ඉන්නේ ?"


"නෑ.. එයා ඒ ගෙදරින් යන්නෙත් නෑ, මම එහෙ යන්නෙත් නෑ."


"එතකොට ඔයා කොහෙද ඉන්නේ ?"


"ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙ ගෙදර."


එයා ඔහේ බලාගෙන ඉද්දි මම පුටුවෙන් නැගිට්ටා. තවත් මට මෙහෙම ඉන්න බෑ. අහස්‍යා මං නැතුව නිදිත් නැතුව ඇති.


"මං එක්ක එන්න."


"ඒ මොකටද ?"


"ඔයාට හැමදාම ෆ්‍රෙන්ඩ්ස්ලගෙ ප්ලේසස් වල ඉන්න බෑනේ."


"මට බෑ ඒක කරන්න."


"ඔයාගෙ දරුවා ඉන්න තැනට ඔයාට එන්න බැරිද. මම ඔයාට දෙන්නෙ මේ එක චාන්ස් එකක්. මේ හැමදෙයක්ම හදාගෙන මගෙ ලඟට එන්න."


ඒ මූණට ලං වෙලා මම එහෙම කියද්දි එයාගෙ ලා අළු පාට ඇස් මගෙ දිහා බලාගෙන හිටියේ අමුතුම බැල්මකින්. ඒ බැල්මේ තිබුණේ අහිංසකකමක්. ඉතින් කොහොම මම එයාව මෙතන දාලා යන්නද. මාව රිජෙක්ට් කරත් මේ ඉන්නේ අහස්‍යාගෙ තාත්තා.


"ඔයාට ඒක කරන්න පුළුවන් යුවේන්.. හ්ම්.. මම එළියෙ ඉන්නම්."


මම එතනින් අපේ කන්වර්සේෂන් එක නවත්තලා කාර් එක ලඟට ගියා. එයාගෙ තියෙන අහංකාර කමට මං එක්ක එන්නෙ නැතිවෙයි. ඒත් මට පුළුවන් නම් මම ආදරේ කරපු යුවේන්ව ආයෙමත් හදලා ගන්න, මම ඒකට රෙඩි වෙලා ඉන්නේ. මොකද අහස්‍යාට එයාගෙ තාත්තාගෙ අඩුව දැනෙන නිසා. විනාඩි පහක්ම එතන මම කල්පනා කර කර බලාගෙන හිටියත් එයා ආවෙ නෑ. එහෙනම් එයා අකමැති ඇති ඒකට.


එහෙම හිතන් මම කාර් එකට නගින්න හැදුවේ. ඒත්,


"ගුවන්‍යා.."


මගෙ ඉස්සරහට ආපු එයා ට්‍රවුසර් එකේ පොකට් දෙකට අත් දෙක දාගෙන ඈත පාර දිහා බලා ගත්තා.


"ඔයා ඉන්න අපාර්ට්මන්ට් එකේ එම්ප්ටි තියේද ?"


"ඔව්.. ෆ්‍රන්ට් ඩෝර් එකම එම්ප්ටි."


"Then.. Tell them. That I will book it today."

(එහෙනම්.. ඔවුන්ට කියන්න.. මම ඒක හෙට ගන්නවා කියලා)


එයා ඒකට එකඟ උන එකට මට සතුටුයි. ඉතින් මම එයාට මාව ෆලෝ කරන්න දීලා අපාර්ට්මන්ට් එකට ගියා. එයාපෝර්ට් එකට ළඟම අපාර්ට්මන්ට් එක ඒක නිසා එයාටත් ලේසියි. අනික මම කිව්වෙ නෑනේ මගෙ රූම් එකේ ඉන්න කියලා. ඉතින් එයා අදින් පස්සේ මගෙ ඇස් මානෙ ඉඳීවි.


යන්න කලින් මම දියාට කෝල් කරා. නැත්තම් එයා බය වෙනවා යුවේන්ව දැකලා. ඊට පස්සේ කලින් උන දේවල් හැම දෙයක්ම මතක් කරලා බනින්න ගනීවි එයාට.


ක්රික්..


මම ගිහින් දොර අරිද්දිම මගෙයි එයාගෙයි ඉස්සරහට පැන්නේ අහස්‍යා. යුවේන්ට බැරි වෙයි අදම රූම් එකට යන්න. මොකද ඒ රූම් එක සෙට්ල් කර ගන්නත් ඕනිනේ.


"අම්මී.."


අහස්‍යා මගෙ කකුල් බදා ගත්තා. ඒත් ඒ අළු පාට ඇස් යොමු වෙලා තිබ්බේ යුවේන්ගේ පැත්තට. දුවව දැක්ක ගමන් යුවේනුත් ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. එයා හිතන්න නැතුව ඇති අහස්‍යා එයාගෙ ෆීමේල් කොපි එක වෙයි කියලා.


"අම්මී.. කාලුද මේ අන්කල්."


"අම්මි දන්න කෙනෙක්."


"එයාගෙ අයිස්.. මගෙ අයිස් වගේ."


"ඔව්.. එයා ඔයා වගේම කෙනෙක් තමයි."


මම යුවේන්ට එන්න කියලා අහස්‍යාව අරගෙන එයාගෙ රූම් එකට ගියා. අහස්‍යා නිදාගන්න ටයිම් එක පාස් වෙලා නිසා ගොඩක් වෙලා කියවලා තමයි නිදා ගත්තේ. ඉතින් එයාව තියලා මම ලිවින් රූම් එකට එද්දි යුවේන් එක්ක දිව්‍යාදි ලොකු කතාවක.


"හෙට උදේ වෙද්දි රූම් එක ක්ලීන් කරලා රෙඩි කරලා දෙයි එයාලා. එතකන් ඔයා අද මෙහෙ ඉන්න."


"ඉට්ස් ඕකේ.. මම ඒක ෆික්ස් කර ගන්නම්."


"ඔහොම හැසිරෙන්න එපා යුවේන්. මම ආස නෑ ඒකට. ඔයාට මං එක්ක ඉන්න බැරි අහස්‍යා ඉන්න නිසාද ?"


"අහ්.. එහෙම එකක් නෑ."


මම ටිකක් තදින් කතා කරද්දි එයා හිනා වෙලා එහෙම කිව්වා. දිව්‍යාදි අපි දෙන්නට කතා කරන්න ඉඩ දීලා ඇතුලට ගියා. ඒත් යුවේන් එක්ක මට තව කතා කරන්න බෑ. මොකද මගෙ ඔළුව රිදෙන්න පටන් අරන්, අද දවසෙම වුණ සිදුවීම් නිසා.


"ආයෙ ඔයා ඩ්‍රින්ක්ස් ගන්න එපා යුවේන්. ඒක ඔයාගෙ බොඩි එකට හොඳ නැතිවෙයි."


එහෙම කියපු මම එයා ඉඳන් ඉන්න තැනට එහා පැත්තේ ටේබල් එක උඩ තිබ්බ හෑන්ඩ් බෑග් එක අරගෙන, චේන්ජ් කරගන්න රූම් එකට යන්නයි හැදුවේ. ඒත් මට යන්න නොදී යුවේන් මගේ ඉන වටෙන් අත දාන්....


"Im sorry ගුවන්‍යා.. මම ඔයාටයි අපේ බබාටයි ලොකු වැරැද්දක් කරා."


එයා මගෙ බඩට මූණ තද කරන් මගෙ ඉනෙන් තදින් අල්ලගෙන එහෙම කිව්වා. ඒ කියන්නේ දියා එයාට කලින් උන හැම දෙයක්ම කියලා.


"ඔයා එක්ක එෆෙයා එකේ ඉද්දි ඩැඩී මට මැරි කරන්න කෙනෙක් හොයලා දීලා තිබුණේ. ඒකයි මම ඔයාව මැරි කරන්නෙ නෑ කියලා හිතන් හිටියේ."


"වෙන ගර්ල් කෙනෙක් නම් මම රිජෙක්ට් කරාම මගෙ දරුවා වත් හදාගන්න කැමති වෙන එකක් නෑ. ඒකත් ඔයා කරා. මගෙ වයිෆ්ගෙ ඇත්ත දැන ගත්තු දවසෙ මට හිතුණා ඔයා අද මගෙ ළඟ හිටියා නම් මං මෙච්චර Disappoint වෙන්නෙ නෑ කියලා. ඒත් මම කරපු වැරැද්දට මට මෙහෙම උනා මදි."


"මං වෙනුවෙන් අපේ දරුවව බලා ගත්තු එකට ඔයාට ගොඩක් තෑන්ක්ස් ගුවන්‍යා. ඔයා මම කියපු කරපු හැම දෙයක්ම ඉවසගෙන හිටියා. සෝ ඔයා මාව ට්‍රස්ට් කරන්න ලාස්ට් චාන්ස් එක විදිහට. මම ඔයාට ඔයා බලාපොරොත්තු වෙන යුවේන්ම වෙන්නම්"


.................................................. ✈️ ...


ඔන්න බබා ලව්වා යුවේන්ට පනිශ්මන්ට් එක දුන්නා මම 😁

දැන් මොකද කරන්නෙ කපල් එකට ?


(කෙනෙක් අහලා තිබ්බා කවර් පික් එකේ ඉන්න බෝයි පයිලට් කෙනෙක් නෙවෙයි කියලා. එයා පයිලට් කෙනෙක් තමා. හැබැයි Student pilot කෙනෙක්. බැජ් එක හොඳට බලන්න. ඒක එහෙම එකක්. Students ලට Instructors ලා නැතුව ෆ්ලයි කරන්න බෑ. එයාලා තනියම ෆ්ලයි කරන්න පුළුවන් කියලා නිර්දේශ කලොත් විතරයි අදාල student pilot ට තනියම ෆ්ලයි කරන්න පුළුවන්.)


(Student pilots :- 20 - 40 hours මම දන්න විදිහට / බැජ් එකේ සුදු ඉරි එකක් හෝ දෙකක් තමා සාමාන්‍යයෙන් තියෙන්නෙ )


Sachy Collins

Report Page