A flight to your heart
Sachy Collins
• Episode 04 •
Previous 🩵
"යුවේන්.. ඔයා වැඩකද ?"
"තමුසෙ මට වද දෙන එක නවත්තන්නෙ නැද්ද ඕයි."
"මම කියන දේ පොඩ්ඩක් අහන්න. මට කියන්න ඔයාට ඕනි දේ. ඔයාට බැරිද අපේ බබා එක්ක මාව මැරි කරන්න. නැත්තම් මැරි කරන්න ඕනි නෑ. වෙනදා වගේම මට ආදරේ කරන්න. ප්ලීස් මට හරියට ආන්ස්වර් එකක් දෙන්න."
"මම තමුසෙට කිව්වනේ ගුවන්යා. මට ඔය ළමයා එපා. තමුසෙට ඔය ළමයා ඕනි උනත් ආයෙ මගෙ ඉස්සරහට එන්න එපා."
"ඔයා ඇයි මෙහෙම.."
"වෙන මොන මගුලක්ද මට කරන්න කියන්නෙ තමුසෙ. ඔය ළමයා නලව නලව ඉන්නද කියන්නේ. අහනවා ගුවන්යා. තමුසෙව මට ආයෙ ඕනි නෑ. ඩැඩී මට ගර්ල් කෙනෙක් හොයලා දුන්නා මැරි කරන්න. සෝ මට මගෙ පාඩුවේ ඉන්න දීලා ඕනි මගුලක් කර ගන්නවා."
තාත්තා යුවේන්ට කතා කරන්න කියලා ෆෝන් එක ඉල්ලද්දි මම ෆෝන් එක පොලවේ ගහලා රූම් එකට ගිහින් දොර වහ ගත්තා. එදා එයා පිසිකලි මට ලං වෙද්දි ඇයි හිතුනෙ නැත්තේ අද මෙහෙම දෙයක් වෙයි කියලා. ඇයි මම එයාගෙ ආදරේට රැවටුණේ.
"ගුවන්යා.. අපි ඔය බබාව හදාගමු ඔයා කැමති නම්. අපි ආයෙ කටුනායකට යමු. මගෙ අපාර්ට්මන්ට් එකේම ඔයා ඉන්න. මට පුළුවන් ඔයාව බලා ගන්න."
දිව්‍යාදි එහෙම කියද්දි මගෙ තීරණය උනෙත් ඒක. බබා ලැබුනට පස්සෙ නැනී කෙනෙකුට වත් දීලා මම ආයෙ මගෙ ජොබ් එකට යනවා. අම්මයි තාත්තයිත් කිව්වේ එයාව ඇබෝශන් කරන එක ලොකු පවක් කියලා. අනික මාව දාලා ගියපු, මම ආදරේ කරපු යුවේන් මට දීලා ගිය එකම මතක සටහන නේ මෙයා.
✈ • ✈ • ✈
අවසානෙට මට තේරුණ එකම දේ එයා මගෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නෙ පිසිකල් කන්ටැක් කියන එක. එයාට මම රැවටුණා. මම හිතුවා මම එයාගෙ ලවර් කියලා. ඒත් එයාට මාව පෙනිලා තිබුණේ සෙක්ස් පාට්නර් කෙනෙක් විදිහට විතරයි..
මම ප්‍රෙග්නන්ට් නිසා ජොබ් එකෙන් ටික කාලෙකට ලෙෆ්ට් උනා. ටිකෙන් ටික මගෙ බඩ ලොකු වෙන්න ගත්තා. ඇතුළෙ ඉන්නෙ දුවෙක් කියලා මට ටෙස්ට් එකකින් දැන ගන්න ලැබුණා. ඒ අතරේ යුවේන් අර කිව්ව ගර්ල්ව මැරි කරා. මට හිතාගන්න බෑ මම කොහොම මේ දේවල් දරා ගත්තද කියලා. එයා වෙන කෙනෙක්ගෙ වෙනකොට මම එයාගෙ දරුවා එක්ක තනිවෙලා.
"අම්මී.."
එයාට දැන් අවුරුදු පහක්. මම කලින් විදිහටම මගෙ ජොබ් එක කලා. ඒ අතර තුරේදි මම ඕනි තරම් යුවේන්ව දැක්කා. ඒත් එයා නෙවෙයි මම දිහා ඇස් කොනකින් වත් බැලුවේ.
"ප්‍රින්සස් අහස්‍යා.."
දියා, අහස්‍යාව වඩා ගද්දි මම අපි දෙන්නගෙම බෑග්ස් අරගෙන ආවා. දියා තමයි මට මේ හැම දේකටම හෙල්ප් කලේ. ඉතින් දැන් එයා අහස්‍යාට දෙවනි අම්මා වෙලා.
"අහස්‍යා නම් යුවේන් වගේමයි ගුවන්යා. ඇත්තටම අහස්‍යා දැක්කම මට මතක් වෙන්නෙම යුවේන්ව."
"ඔයාට විතරද."
යුවේන්ගෙ අළු පාට ඇස් දෙක ඒ විදිහටම අහස්‍යාට ලැබිලා තිබුණා. තාත්තාගෙ පාටම, ඒ මූණම තියෙන නිසා දකින ඕනිම කෙනෙක්ට හිතා ගන්න පුළුවන් යුවේන්මයි එයාගෙ තාත්තා කියලා. හැබැයි දුව එයාගෙ ඩීසන්ට් සයිඩ් එකේ ෆීමේල් කොපි එකක්. අහස්‍යා මටත් වඩා අහිංසකයි.
"ඔයා දන්නවද ගුවන්යා.. යුවේන් එයාගෙ වයිෆ්ගෙන් ඩිවෝස් වෙන්නලු නේද යන්නේ."
"මොකක් ?"
"ඔව්.. අපේ Crew එකේ අය කිව්වේ. එයාගෙ වයිෆ් එච්චර හොඳ කෙනෙක් නෙවෙයිලු."
"රියලි.."
මට ඒක ඇහුවම දැනුනේ දුකක්. මාව ප්‍රතික්ෂේප කරපු කෙනා ගැනම දුක් වෙන්න තරම් මම මෝඩ වෙලා. නෑ, මේ හැමදේටම හේතුව මම එයාට තාමත් ආදරේ නිසා. මට බෑ එයා එක්ක ගෙවුණු කාලෙ අමතක කරන්න.
"හෙට චමල්ගෙ සෙවන් ඉයර්ස් ඇනිවසරි එක. අහස්‍යාව කා එක්කද තියලා යන්නේ. අම්මලා නෑනේ. නැනීව ගෙන්නන්න පුළුවන්ද ?"
"ඔව්.. නැනීව ගෙන්නන්නම් මම. එයා හෙට ෆ්‍රී ඇති."
අහස්‍යා කීප වතාවක්ම මගෙන් ඇහුවා එයාගෙ තාත්තා කව්ද කියලා. එයා එහෙම අහන හැම වෙලාවකම මගෙ හිතට දැනෙන්නේ දරාගන්න බැරි දුකක්. දරුවෙක් එක්ක තනි වෙන එක හරි ලේසියි කියලා හිතුනට දරුවා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරුයි කියලා මට හිතුනෙ නෑ. ඉතින් මම අහස්‍යාගේ ඒ ප්‍රශ්නෙට කිව්වෙ,
"ඔයාගෙ තාත්ති පයිලට් කෙනෙක්. එයා ඉන්නේ ස්කයි එකේ."
"තාත්ති බිමට බහින්නෙ නැද්ද මාව බලන්න ?"
"නෑනේ."
එච්චරයි ඒ කන්වර්සේෂන් එක. මම කියන දේ එයාත් පිළි අරගෙන සද්ද නොකර ඉන්නවා. කොහොමත් එයාගෙ ඇස් නිසාම එයා කවදා හරි යුවේන්ව දැක්කොත් අඳුන ගනීවි මේ ඉන්නෙ තාත්තා කියලා.
........
අහස්‍යාව හවස මම ඩේ කෙයා එකෙන් අරන් ආවා. අද රෑට අපේ Crew එකේ චමල්ගෙයි එයාගෙ වයිෆ්ගෙයි ඇනිවසරි එක. මට මතකයි. එදත් ඒ ඇනිවසරි පාර්ටි එකට ගිහින් එද්දි තමයි මට යුවේන්ව මීට් උනේ. ඒ වගේම යුවේන් මට ආදරෙයි කිව්වේ.
දියා යන්නෙ නැති නිසා මම තනියම ගියා. එයයි මායි හම්බුණු තැන දකිද්දි මට මතක් වෙන්නෙම එයා මට ආදරේ කරපු හැටි විතරයි. එයයි මායි ගත්තු සෙල්ෆීස් පවා දකිද්දි මට මතක් වෙන්නෙ නෑ යුවේන් මාව දරුණු විදිහට රිජෙක්ට් කරා කියලා. ඒත් එයාට වරදිනවට මම කැමති නෑ. එයා ඒ දවස් වල කරපු දේවල් දැන් එයාට එයාගෙ වයිෆ්ගෙන් විඳින්න ලැබිලා නම්, එයා හැදිලා නම් එච්චරයි. මට ඕනි එයා හොඳ කෙනෙක් වෙනවා දකින්න.
ක්රීස්ස්..
පාර්ටි එකේ ඉඳන් ආයෙ ගෙදර යද්දි මම හිතුවා එයා එදා හිටපු ක්ලබ් එක ඉස්සරහා නවත්තන්න. ඒ නිසා මම කාර් එක බ්රේක් කරලා අයිනෙන් පාක් කරා. ඔය කියන තරම් ගර්ල්ස්ලා එයා එක්ක මේ ක්ලබ් එක ඇතුළෙ හිටියද. ඒ ගර්ල්ස්ලා අතරේ එයාගෙ හිතේ ආදරය දිනා ගත්තු එකම කෙල්ල මේ ගුවන්යා වුණා නම් අද මට සතුටින් ජීවත් වෙන්න හරි තිබුණා.
"යුවේන්.."
ක්ලබ් එක ඇතුලට යද්දි මම දැක්කේ යුවේන් පුටුවක ඉඳන් ඉන්නවා. ක්ලබ් එකේ එයයි, තව පිරිමි දෙතුන් දෙනෙකුයි විතරයි හිටියේ. ඉතින් මම එයා ලඟට ගියේ මං බලලා 'හායි' වත් කියයිද කියලා බලන්න.
"ගුවන්යා.."
මාව දැක්කම එයා ඔළුව උස්සලා බැලුවේ මගෙ නම හිමිහිට මුමුණන ගමන්. එයා මාව මොන විදිහට අසරණ කරත් සෙන්සිටිව් මම හැමදාම එයා ඉස්සරහා දෙකට නැවුණා. මොකද මම එයාට ඇත්තටම ආදරේ කරපු නිසා.
"ඔයා තාමත් ඕක නැවැත්තුවෙ නැද්ද. ඔයාගෙ කරියර් එක ගැන හිතලා වත් ඕක නවත්තන්න බැරිද. අනිත් මෙම්බර්ස්ලා ඔයා ගැන මොනවද නොහිතන්නේ."
එයාගෙ අතේ තිබුණු වයින් ග්ලාස් එක බිමට දාලා මම එයා ඉස්සරහ පුටුවකින් ඉඳ ගත්තා. එදා අපි මීට් උන තැනදි, අවුරුදු ගාණකට පස්සෙ අද වගේ දවසක මට එයාව ආයෙ මීට් වෙයි කියලා මම හිතුවෙ නෑ. ඒකත් ඉස්සර වගේම ඩ්‍රින්කර් කෙනෙක් විදිහට.
"ගුවන්යා.. ඔයාව අද මට මීට් උන එක හොඳයි."
"ඇයි ?"
"ඔයා මට හේට් කරලා කෲස් එකකුත් කරාද ?"
"නෑ.. ඇයි ?"
"ඔයා මාව දාලා ගියපු දවසෙ ඉඳන් මගෙ ලයිෆ් එක රුයින් වෙලා ගියා හැම සයිඩ් එකෙන්ම. මගෙ මැරේජ් ලයිෆ් එක, ෆැමිලි එක, මගෙ සතුට, ඒ හැමදෙයක්ම."
එයා එහෙම කියද්දි මම ඒ ඇස් දිහා බැලුවා. තාමත් ඒ ලස්සන මූණ වෙනසක් නැතුව ඒ විදිහටම තියෙනවා. ඔයා නොදැනුවත් උනාට යුවේන් අහස්ය රොද්‍රිගෝ කියන්නේ අවුරුදු පහක ලස්සන දුවෙකුගෙ තාත්තා කෙනෙක්. ඒක මමයි තව කීප දෙනෙකුයි ඇරෙන්න වෙන කවුරුත් නොදන්ම රහසක්. ආසයි මට ඒ රහස කියන්නත්. ඒත් මොකටද මම ඒක කියන්නේ. එයයි මාවයි දරුවවයි රිජෙක්ට් කරේ.
"ඔයා රිජෙක්ට් කලේ එක්කෙනෙක් නෙවෙයි. දෙන්නෙක්ව. ඔයා ඔයාගෙ ලේ තියෙන කෙනෙක්වත් රිජෙක්ට් කරා. ඉතින් කෲස් නොවෙයිද."
"ඒ කියන්නේ......"
.................................................. ✈️ ...
මම නිකන්ද කිව්වේ පනිශ්මන්ට් ලැබෙනවා කියලා 🫣
දැන් කියන්න එපා මම පයිලට්ලාට අපහස කරා කියලා 🥴
මම කිව්ව විදිහට මේ එක Boy type එකක් විතරයි. ඒකෙ නම :- සෙල්ලක්කාරකම
Sachy Collins