A flight to your heart

A flight to your heart

Sachy Collins

• Episode 03 •


Previous 🩵


(අද කොටස කියවලා අවුල් ගන්න එපා Dears ☺️)


"Will you be my Girlfriend ?"


එයා ටේබල් එක උඩ තිබ්බ මගෙ අත අල්ලලා එහෙම ඇහුවා. මගෙ කම්මුල් වලට ලේ පුරන්න ඇති. මොකද මේ පළවෙනි වතාව, මම කෙනෙක්ට ආදරේ කරන්න ට්‍රයි කරන.


එකපාරටම මට කැස්සක් ඇල්ලුවා. ඒ එක්කම එයා නැගිටලා ඇවිත් මගෙ මූණට එබුණා. කැස්ස නිසා මගෙ තොලේ ගෑවුණු චොකලට් පෙත්තක් එයා එයාගෙ මහපට ඇඟිල්ලෙන් පිහදුවා. ඒත් එයාගෙ ඇඟිල්ල මගෙ යටි තොල උඩ තද කරද්දි මට දැනුනේ මාව මත් වෙලා යනවා වගේ.


"I will."

(ඔව්)


කැෆේ එකේ කවුරුත් නැති තැන එයා මාව කිස් කලා. ඒ තමයි අපේ එෆෙයා එක පටන් ගත්තු දවස. එදා ඉඳන් අපි කෝල් කලා මැසේජ් කලා ඇවිදින්නත් ගියා. දිව්‍යාදියි මායි හිතුවා අර බෝයි යුවේන් ගැන බොරු කියලා තියෙන්නෙ, කියලා.


ලෝන්ග් හෝල් ෆ්ලයිට් එකක් ගිහාමත් අපි එකට හිටියේ. ඇත්තටම කියනවා නම් අපේ රිලේෂන්ශිප් එකේ වැඩි පුරම තිබුනේ පිසිකල් කන්ටැක්. සමහර දවස් වල මම කල්පනා කරද්දි මට දැනිලා තියෙන එක දෙයක් තමයි එයා මගෙන් ගොඩක්ම බලාපොරොත්තු වුණේ සෙක්ස් කියලා. ඒත් එයා මං ගැන ගොඩක් හොයලා බැලුවා. මාව තනි කරේ නෑ. කොටින්ම කියනවා නම් එයා මට සිඩියුස් වෙලා වගේ හිටියා.


"Have a safe journey.. I'm waiting for you."

(පරිස්සමින් යන්න.. මම බලන් ඉන්නවා ඔයා එනකම්)


එහෙම කියලා මම එයාගෙ එක කම්මුලක කිස් එකක් තිබ්බා. මට හදිස්සියේ අසනීප වුණ නිසා එයා බැන්කොක් ගිහින් එනකම් මට බලාගෙන ඉන්න වෙලා.


එයාගෙ ෆ්ලයිට් එක මෙහෙන් පිටත් වෙනකම්ම මම බලාගෙන හිටියා විව් පොයින්ට් එකේ ඉඳන්. ඇත්තටම යුවේන් මේ ගුවන්‍යාට ආදරේ කරා කියලා මට තේරුණා. ඒ නිසාදෝ එයා නැතුව මට ගොඩක් පාළුයි වගේ දැනෙනවා.


"බැන්කොක් ගියා කියන්නේ බෝයිෆ්‍රෙන්ඩ්ට අවර් ටු අවර් කෝල්ස් ගන්න වෙයි."


"ඇයි."


"දන්නවනේ බැන්කොක් වල නයිට්ලයිෆ් එක ගැන."


"හ්ම්ම්.. මට එච්චරම යුවේන් ගැන සැක නෑ දියා."


"මම ජෝක් එකක් කලේ."


යුවේන් ගැන මම සැක කලේ නෑ. මොකද එයා මං එක්ක ඉද්දි වෙන ගර්ල්ස්ලා මීට් උනෙත් නෑ. එහෙව් එකේ එයා බැන්කොක් වලදි හොඳින් ඉදීවි. ගියපු වෙලේ ඉඳන් මට සැරෙන් සැරේට කෝල් කලත් එයා කියන්නේ මාව මතක් වෙනවා කියලා විතරයි. ඉතින් මොකටද සැක කරන්නේ.


එයා එන්න කලින් දවසෙ මම උදේම නැගිට්ටේ එයා වෙනුවෙන් මොනවා හරි හදලා තියන්න හිතන්. ඒත් එකපාරටම මට වොමිට් වෙන්න වගේ ආපු නිසා මම බාත්රූම් එකට ගියා. දවසක දෙකක ඉඳන් මට ඇඟට පණක් තිබුණෙ නෑ. එහෙනම් එහෙම උනේ මේ නිසාද. ඒ කියන්නෙ මම......


"ගුවන්‍යා යූරීන් ටෙස්ට් එකක් කරන්න. එතකොට පුළුවන් ඔයාට ඔයාගෙ ලෙඩේ ගැන දැන ගන්න."


හොස්පිටල් එකට ගිහාම ඩොක්ටර් එහෙම කියද්දි මම හිතුවා යූරීන් ටෙස්ට් එකක් කරලා බලන්න. ඉතින් ඒකත් කරලා බැලුවා මේ දැන ගත්තු දේ ඇත්තක්ද කියලා කන්ෆර්ම් කරගන්න. මම මෙච්චර වෙලා හිතපු දේ ටෙස්ට් එකෙන් පෲ වෙලා.


"Congratulations ගුවන්‍යා.. ඔයා ප්‍රෙග්නන්ට්."


"What."


ඩොක්ටර් සතුටින් කිව්වට ඒක අහපු වෙලේ ඉඳන් මගෙ හිත ගින්නක් වුණා. කොහොමද මම මේක යුවේන්ට කියන්නේ. මම එයා නිසා අම්මා කෙනෙක් වෙන්න යනවා කිව්වම එයා මාව මැරි කරයිද හෙට අනිද්දම. නෑ ඒක වෙන්න බෑ. යුවේන් අද වෙනකම් මට කියලා නෑ අපි දෙන්නා මැරි කරනවා කියලා. එතකොට මේ දරුවට මොකද වෙන්නේ. අනික අපේ අම්මයි තාත්තයි දැන ගත්තොත් එයාලා මං ගැන මොනවා නොහිතයිද.


"යුවේන්.. ඔයා හෙට එනවා නේද."


"Yeah babe. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ?"


"අහ්.. නෑ.. මුකුත් නෑ.. ඔයා එන්නකෝ.. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා."


"මොකක්ද ?"


"ඒක සප්‍රයිස් එකක්."


"හ්ම්ම්.."


කෝල් එක කට් කරලා මම කල්පනා කරේ එයාට කියන දේ ගැන. එකපාරටම එයාට කිව්වොත් මම ප්‍රෙග්නන්ට් කියලා, එයා අවුල් යයි. ඒ නිසා අපාර්ට්මන්ට් එකට ආවම කියලා දානවා. ඒත් මේකෙන් මට ජොබ් එකටත් Break එකක් දෙන්න වෙයි වගේ.


"ගුවන්‍යා.. ආ යූ ඕකේ මයි ගර්ල් ?"


"හ්ම්ම්.."


මම ලොබී එකේ කල්පනාවක ඉන්නවා දැකලා දිව්‍යාදි එහෙම ඇහුවා. මම එයාට කිව්වෙත් නෑ මේ ගැන. මොකද මේක ඇහුවොත් එයත් බය වෙනවා. ඒත් හැමවෙලේම මට අසනීප වෙද්දි දකින හැමෝටම හිතා ගන්න පුළුවන් ඒ ගැන.


"ගුවන්‍යා.."


යුවේන් මම ඉන්න ලොබී එකට එද්දි මම සෝෆා එකෙන් නැගිට්ටා. අපි දෙන්නට තනියම ඉන්න දීලා දිව්‍යාදි එළියට ගියා. ඉතින් දවස් ගාණකට පස්සෙ දැක්ක එයාව මම ගිහින් තදින් තුරුලු කර ගත්තා. ඒ එක්කම එයාගෙ තොල් තද වුණේ මගෙ බෙල්ලට.


"දැන් කොහොමද ඔයාට."


"ඒ අසනීපෙට Reason එකක් තිබුණා යුවේන්."


"ඇයි.. මොකක්ද ඔයාට තියෙන්නේ ?"


මම එහෙම කියද්දි එයාගෙ ඇස් වල තිබුනේ කුතුහලයක්. එයා හිතන්න ඇති මට ලොකු අසනීපයක් තියනවා කියලා. ඒත් ඇත්තටම වෙලා තියෙන දේ එයා දැන ගත්තොත්,


"මම ප්‍රෙග්නන්ට් යුවේන්.."


මම එහෙම කියද්දි ඒ මූණෙ තිබුණෙ Cold Expression එකක්. ඒ කියන්නේ මේ දේ එයා කීයටවත් බලාපොරොත්තු වෙන්නෙ නැද්ද. එයා කැමති නැද්ද මගෙ බඩේ ඉන්න එයාගෙ බබාව බාර ගන්න.


"What."


"Yeah.. I did a urine test. Then the doctor told me that your baby is in my womb."

(ඔව්.. මම යූරීන් ටෙස්ට් එකක් කරා. එතකොට ඩොක්ටර් කිව්වා මට, ඔයාගෙ බබා මගෙ බඩේ ඉන්නවා කියලා)


මම එහෙම කියද්දි එයා මාව අතෑරලා දැම්මා පිටි පස්සට විසි වෙන විදිහට. මෙච්චර වෙලා හොඳට හිටපු එයා අපේ බබා ගැන අහපු ගමන්ම වෙනස් වුණා. ඒ මූණෙ තිබුණා බයක් වගේම කලබලයක්.


"No way.. I can't let that happen."

(වෙන්න බෑ.. මේක වෙන්න බෑ)


"Why ?"


"තමුන්ට තේරෙන්නෙ නැද්ද ගුවන්‍යා. අපි මැරි කරලා නෑ. මට ඔයාව මැරි කරන්නත් බෑ."


"බෑ ?"


එයාගෙ ආදරණීය වචන එන්න එන්නම වෙනස් උනා මට දරා ගන්න බැරි විදිහට. ඒ කියන්නේ මේක වෙන්න ඕනි නැති දෙයක්ද. එයා කැමති නැද්ද මේක වෙනවට.


"අහනවා ගුවන්‍යා.. ඔයා ඔය ළමයව ඇබෝශන් කරන්න ඕනි. ඩූ යූ අන්ඩර්ස්ටෑන්ඩ් දැට් ?"


එයා එහෙම කියද්දි මගෙ ඇස් වලින් කඳුළු ආවා. එදා තරම් දුක් වුණ දවසක් මගෙ ජීවිතේටම තියෙන්න නැතුව ඇති. හරියට නිකන් මම අසරණ වෙලා වගේ මට දැනුනේ.


"එ..ඒත් මම කොහොමද එහෙම කරන්නෙ යුවේන්.. එයා ඔයාගෙ.."


"No.. තමුසෙට මං එක්ක ඉන්න ඕනි නම් මම කිව්ව දේ කරනවා. නැත්තම් ඔය ළමයව අරගෙන යනවා යන්න මෙතනින්."


"What."


තත්පර ගාණක් යද්දි යුවේන් මගෙ ඇස් ඉස්සරහම වෙනස් උනේ කලින් මට ආදරේ කලේ නෑ වගේ. එයා කිව්වා මට එයා බබෙක් බලාපොරොත්තු උනේ නෑ කියලා. ඒත් එහෙම කියලා එයාගෙ බබාව මට මරලා දාන්න පුළුවන්ද හිතක් පපුවක් නෑ වගේ. මම ඒක කළොත් මට සමාවක් ලැබෙන එකක් නෑ දෙවියන්ගෙන්.


"දුව.."


මම ආයෙ ගමේ ගියා. අම්මයි තාත්තයි මේ දේ දැන ගන්නම ඕනි. මට ගැහුවත් බැන්නත් කමක් නෑ. මෙවෙලෙ මට හරියටම ඩිසිෂන් එකක් ගන්න ඕනි මට වටින්නේ යුවේන්වද නැත්තම් එයාගෙ බබාද කියලා. ඇත්තටම මට ඒ දෙන්නම වටිනවා.


"ආන්ටි.. ගුවන්‍යා ප්‍රෙග්නන්ට්."


"දෙයියනේ."


දිව්‍යාදි එහෙම කියද්දි අම්මයි තාත්තයි මගෙ දිහා බැලුවෙ දුකකින් වගේ. මට ලැජ්ජයි එයාලට මූණ දෙන්න. ඒත් මෙතන වැරැද්ද වුණේ මම යුවේන්ව ට්‍රස්ට් කරපු එක.


"යුවේන් කියලා බෝයි කෙනෙක් හිටියා. එයා පයිලට් කෙනෙක්. ගුවන්‍යාගෙ බබාගෙ තාත්තා එයා. ඒත් එයා එච්චර හොඳ බෝයි කෙනෙක් නෙවෙයි. මුලදි මම හිතුවා එයා ගුවන්‍යා නිසා හැදෙයි කියලා. ඒත් එහෙම උනේ නෑ. ෆයිනලි, ගුවන්‍යා එයාට රැවටුණා."


යුවේන් ගැන ලැබුණු හැම ගොසිප් එකක්ම ඇත්ත. අර බෝයි කියලා තිබ්බ විදිහටම යුවේන් කිසිම කෙනෙක්ව මැරි කරන්න කැමති නෑ. එයාට ඕනි වෙලා තියෙන්නේ කනෙක්ෂන්ස් තියන්න ගර්ල්ස්ලා විතරයි. ඒත් මම එයාට රැවටුණා. එයා මට දුන්න ආදරේට මම වහලියක් උනා. දැන් යුවේන් මගෙ ගැන හොයන්නෙවත් නෑ. කෝල් එකක් ගත්තට ආන්ස්වර් කරන්නෙත් නෑ. එතකොට මට දැනෙන්නේ එසේ මෙසේ දුකක් නෙවෙයි. මොකද මම එයාට ආදරේ කරේ එයා මට ආදරේ කරා වගේ බොරුවට නෙවෙයි.


අම්මයි තාත්තයි මං එක්ක තරහින් හිටියේ නෑ. එයාලට තරහා තිබුණේ යුවේන් එක්ක. එක දවසක් මම හිතුවා අවසාන වතාවට යුවේන්ගෙන් අහන්න මොකක්ද මගෙන් වෙන්න ඕනි කියලා. අම්මගෙයි තාත්තගෙයිත් ඩිසිෂන් එක වුණේ ඒක. ඉතින් මම එයාලා හැමෝම ඉස්සරහා යුවේන්ට කතා කරා.


"යුවේන්.. ඔයා වැඩකද ?"


"තමුසෙ මට වද දෙන එක නවත්තන්නෙ නැද්ද ඕයි."


.................................................. ✈️ ...


කොහොමද යුවේන් වෙනස් උන විදිහ..

හැබැයි කතාවෙ එන්ඩ් එක නම් සෑඩ් එන්ඩින් නෙවෙයි..


(පයිලට්ලා එහෙම නෑ. සමහර පිරිමි ළමයින්ගෙ වගකීම් විරහිත හැසිරීම ගැන මම කියන්නේ. ඒත් එහෙම කරපු අයට පනිශ්මන්ට් ලැබිලා තියෙනවා 🫢. ඉතින් අපි ගුවන්‍යාගෙනුයි බබාගෙනුයි පනිශ්මන්ට් එක දෙමු පැනලා ගියපු තාත්තට 😌)


React 150+ ඕනේ ☺️ | රියැක්ට් දෙන අයට ආදරෙයි 🪻


Sachy Collins

Report Page