A flight to your heart

A flight to your heart

Sachy Collins
Do not copy this photo ⚠️️

• Episode 02 •


Previous 🩵


එයා මොකක් හරි ප්‍රශ්නෙක වගේ. ඒත් එයා ඒක මට කියන එකක් නෑ ගලේ ගැහුවත්. මොකද ඊට වඩා ලොකුකමනේ. ඒත් එයාව එතන එහෙම දාලා යන්න මට හිත දුන්නෙ නෑ. ඒ නිසා,


"මම ඔයාව ඔයාගෙ ප්ලේස් එකට එක්ක යන්නද ?"


"ඕනි නෑ."


"ඒත් හෙට උදේ වෙනකම් මෙතන ඉන්නද ඔයා. කොහොමත් ඔයාට ඔහොම ඉද්දි කාර් එක ඩ්‍රයිව් කරන්න බෑ."


මම කියන දේ ඇහුවෙ නෑ එයා. ඒත් මට මෙතනින් යන්න හිතක් නෑ. මෙහෙ ඉන්න මිනිස්සු එයා කව්ද කියලා දන්නවා ඇති. එහෙව් එකේ එයාගෙ කරියර් එකට හානි වෙන දෙයක් නේ එයා පාරෙ වැටිලා මෙහෙම ඉන්න එක.


"එන්න අපි යමු.. මම ඔයාව ඩ්‍රොප් කරන්නම්."


එයාට දහ වතාවක් වගේ කිව්වමයි එයා නැගිට්ටේ. නැත්තම් මං එක්ක යන්න නම් එන එකක් නෑ. ඉතින් එයාව ෆ්‍රන්ට් ශීට් එකට නග්ගගෙන මම එයාව එක්කගෙන ගියා එයාපෝර්ට් ජන්ශන් එකට. මම එයාපෝර්ට් එකට ලඟම අපාර්ට්මන්ට් එකක හිටියේ. එයා නම් එයාගෙ ගෙදර ඉන්නවා කියලා තමා මට ආරංචි ලැබුණේ.


"ඔයාගෙ ප්ලේස් එක මට කියන්න.. මම ඔයාව......."


එයා ශීට් එකේ නිදි. ඉතින් මම තව මුකුත් අහන්නෙ නැතුව එයාව එක්ක ගියා මගේ ප්ලේස් එකට. ගිහින් එයාව ඇහැරවගෙන මගෙ රූම් එකටත් අරන් ගියා. ඇයි එයා මෙහෙම ඩ්‍රින්ක්ස් ගත්තේ. මේක එයාගෙ කරියර් එකටත් හොඳ දෙයක් නෙවෙයි. දකින මිනිස්සු මොනවද හිතන්නේ.


"ඔයා ටිකක් ඉන්න. මම වොශ් එකක් දාගෙන එන්නම්."


මම එහෙම කියලා යන්න හදද්දි එයා මාව එයාගෙ ඔඩොක්කුවට ඇදලා අර ගත්තා. මට හිතා ගන්න පුළුවන් එයා අන්කොන්ෂස් වෙලා ඉන්න මේ වෙලේ මොකක්ද වෙන්න යන්නෙ කියලා.


"Lemme go."

(මට යන්න දෙන්නකො)


"Nope.. I want to be with you.."

(බෑ.. මට ඔයා එක්ක ඉන්න ඕනි)


එයාගෙ අළු පාට ඇස් දිහා බලාගෙන මම කල්පනා කලේ එයා ඒක ඇත්තටම කිව්වද කියලා. දිව්‍යාදි කිව්ව කතාව ඇත්ත වෙන්නද යන්නේ. යුවේන් අනිත් අයට වගේ මටත් අකමැති නැද්ද තවත්.


"Guwanya.. You don't know that I love you."

(ගුවන්‍යා.. ඔයා දන්නෙ නෑ මම ඔයාට ආදරෙයි කියලා)


යුවේන් එහෙම කියලා මාව කිස් කරද්දි මට දැනුණේ පුදුමයක් වගේම අමුතු සතුටක්. ඒත් ඊටත් හාත්පසින්ම මට තේරුණේ මම කරන්නෙ වැරැද්දක් කියලා. එයා අන්කොන්ෂස් වෙලා ඉද්දි එයාට මාව කිස් කරන්න ඉඩ දීලා මම බලාගෙන ඉන්න එක හරිද ?


මම හිතන්නෙ හරි.. ඇත්තටම එයා මට ආදරෙයි නම් මම ඒකට ඉඩ දෙන්න ඕනිනේ. සමහරවිට එයාට මට මේක කියා ගන්න බැරුව ඉඳලා වෙන්න ඇති අද ඩ්‍රින්ක්ස් අරන් මම එන පාරෙම ඉඳලා බලන් හිටියේ.


"Hmm ?"


දිග කිස් එකකින් පස්සෙ එයාට ඕනි උනේ ඊටත් වඩා මගෙ ලඟට එන්න. මීට කලින් කවදාවත් කිසිම කෙනෙකුට මෙහෙම ලං වෙලා නොතිබුණු මට පළවෙනි වතාවට දැනුනේ බයක්. අම්මයි තාත්තයි දැන ගත්තොත් මං ගැන මොනවා නොහිතයිද. ඒත්..


මමත් මගේ හැඟීම් වලට ඉඩ දුන්නා. එයාට චාන්ස් එක දුන්නා මම, මට ලං වෙන්න. ඉතින් තව දුරටත් මම වර්ජින් උනේ නෑ. අපි ලං උනේ පිසිකල් කන්ටැක් එකකින්. ඒත් එවෙලෙ මට තේරුණා එයා වෙනදා වගේ මට ලොකුකම් දාන එක නවත්තලා කියලා.


✈ • ✈ • ✈


අපිට ෆ්ලයිට් එකක් තිබුණා Moscow වලට. එදා තමා වීක් එකකට පස්සෙ වගේ මට දිව්‍යාදිව මීට් උනේ. පහු ගිය දවස් ටිකේ අපිට මීට් වෙන්න ටයිම් එකක් ලැබුණෙ නෑ එයාගෙ අක්කගෙ මැරේජ් එක නිසා. ඉතින් මට දිව්‍යාදිට කියන්න ඕනි උනා එදා මායි යුවේනුයි අතර උන දේ.


(Tip :- Moscow වලට දැන් Sri Lankan Airlines යැවෙන්නෙ නෑ. ඒත් ඉස්සර අනිවාර්යයෙන් ගියා. අපි කතාව නිසා හිතමු දැනුත් යනවා කියලා)


"දියා.. මට දෙයක් කියන්න තියෙනවා."


"මොකක්ද ?"


"ගිය සිකුරාදා යුවේන් මගෙ ප්ලේස් එකට එක්ක ගෙන ආවා මම."


"Wait.. What did you say ?"

(ඉන්න.. මොකක්ද ඔයා කිව්වේ)


දිව්‍යාදි කන්ෆියුස් වෙලා මගෙන් එහෙම ඇහුවා. මට දිව්‍යාදිගෙ රියැක්ශන් එක දැක්කම වෙනදා නැතුව හිනා ගියා. මොකද එයා තමයි මේක වෙනකම් ඇඟිලි ගැන ගැන හිටියේ.


"එයා ඊයෙ ඩ්‍රින්ක්ස් අරන් හිටියේ.. ඉතින් මම අපාර්ට්මන්ට් එකට එක්කන් ආවා. එතකොට එයා කිව්වා එයා මට ආදරේ කරනවා කියලා."


"Oh my god.. ඒ කියන්නේ මම කිව්ව එක හරි. යුවේන් ගුවන්‍යාට කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ. So what happened ?"


"අපි....අ.."


"ඔයයි එයයි......"


දිව්‍යාදි සෙනඟ ගොඩේ කියන්න හදද්දි මම එයාගෙ කට වැහුවා. කාට හරි ඇහුණොත් මටමයි ලැජ්ජාව.


"ශ්ශ්.. ඕකට කෑ ගහන්න ඕනි නෑනේ."


"එහෙනම් යුවේන්ව ගුවන්‍යා සිඩියුස් කර ගත්තා නේද.. හ්ම්ම්.. ඒත් පොඩි ප්‍රශ්නයක් ගුවන්‍යා. මට මේක ඔයාට කියන්නමයි ඕනි වෙලා තිබුණේ.


"මොකක්ද ?"


"යුවේන්ව වැඩිය ට්‍රස්ට් කරන්න යන්න එපා."


"Why."


"එයා දකින දකින හැම ලස්සන ගර්ල් කෙනෙක් එක්කම පිසිකල් කන්ටැක් තියන කෙනෙක්ලු. මට ළඟදි Crew එකේ බෝයි කෙනෙක් කිව්වේ. යුවේන් ක්ලබ් එකේ ගර්ල්ස්ලා එක්කලු වැඩිපුරම ඉන්නේ."


දිව්‍යාදි කිව්වේ ජෙලස් එකට නෙවෙයි මගෙ හොඳට වෙන්න ඇති. ඒත් මට හිතෙන්නෙ නෑ එයා එදා මට බොරුවක් කිව්වෙ කියලා. එයාගෙ ටයිප් එක මොන ටයිප් එකක් උනත් මට හිතෙනවා එයා ඇත්තටම මට ලව් කියලා.


"ශුවර්ද ඔයාට."


"I don't think so. But be careful Guwanya."

(මම.හිතන්නෙ නෑ. ඒත් පරිස්සමින් ගුවන්‍යා)


"හ්ම්ම්.."


ලංකාවට එනකම් මම හොඳින් නෙවෙයි හිටියේ. එදා යුවේන් මං එක්ක හිටියා විතරයි ආයෙ මීට් උනෙත් නෑ. දිව්‍යාදි කියන දේ ඇත්ත නම් ඇයි එයා මට ආදරෙයි කිව්වේ. එහෙම ආදරෙයි කියලා කිව්වෙත් මාව රවට්ටන්නද ?


"ගුවන්‍යා.."


මම ෆ්‍රී දවසක ඇවිදින්න කියලා ටවුන් එකට ගියා. එතකොට තමයි මට මගෙ නම කියලා කෙනෙක් කතා කරනවා ඇහුණේ. මම හැරිලා බැලුවා. ඒ යුවේන්. එයා මගෙ ඉස්සරහට ඇවිදගෙන ආවා.


"I wanna talk with you."

(මට ඔයා එක්ක කතා කරන්න ඕනි)


"About what ?"

(මොනවා ගැනද)


"එදා මම කිව්ව දේ ගැන."


එයා එහෙම කියද්දි මට මතක් උනේ දිව්‍යාදි කිව්ව දේ. ඒත් මම ආදරේ කරන ඒ අළු පාට ඇස් මගාරින්නෙ කොහොමද. එදා අපි අතරෙ මුකුත් නොවුණා වගේ හැසිරෙන්නෙ කොහොමද මම.


"ඔයා කැමති නම් අපි අතන ටේබල් එකට යමුද."


ලඟම තියන අවුට්ඩෝ කැෆේ එකේ ටේබල් එකක් පෙන්නලා එයා එහෙම අහද්දි මම ඔළුව වැනුවා. ඉතින් එයයි මායි දෙන්නම මූණට මූණ බලාගෙන ඉඳ ගත්තා. කැෆේ එකේ කෙනෙක් අපිට මෙනු එකත් අරගෙන ආවා.


"ඔයා මොනවා හරි බොනවද ?"


"හ්ම්ම්.. අයිස් කොෆී එකක් හොඳයි."


මෙනු එක අරගෙන කැෆේ එකේ වේටර් ඇතුලට යද්දි මම එයා දිහා බැලුවා. ඒ වෙද්දිත් ඒ අළු පාට ඇස් මගෙ ඇස් දිහාවට හැරිලා තිබුණේ.


"එදා උන දේට.. I'm sorry."


"Its okay.. ඒත් ඔයා මට ආදරෙයි කිව්වා."


"ඒක කිව්වේ බොරුවට නෙවෙයි."


බිමට හැරවිලා තිබුණු මගෙ ඇස් එයාගෙ පැත්තට හැරුණා. දිව්‍යාදි කිව්වේ තනිකරම බොරුවක්ද කොහෙද. කොහොමද මම යුවේන්ව විශ්වාස නොකරන්නේ.


"මම.. ඇත්තටම.. ඒක ටික දවසක ඉඳන් කියන්න හිටියේ."


"ඔයා ඇත්තටමද ඒක කිව්වේ ?"


"හ්ම්.."


එයා එහෙම කියද්දිම වේටර් ඇවිත් අපි දෙන්නගෙ ඕඩර් දෙක ටේබල් එක උඩින් තියලා ගියා. ඔළුව පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්න මම කූල් කොෆී එක බීගෙන බීගෙන ගියා.


"Will you be my Girlfriend ?"

(මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙනවද)


එයා ටේබල් එක උඩ තිබ්බ මගෙ අත අල්ලලා එහෙම අහනවා.


.................................................. ✈️ ...


මේකටත් 100+ ඕනි My babies 😌

React කරන කමෙන්ට් කරන හැමෝටම තෑන්ක්ස් 🪻


කතාව ඉක්මනින් යනවා වගේ තේරෙනවා ඇති. කෙටි කතාවක් නිසා මම කොටස් පොඩි ප්‍රමාණයකින් ලියලා තියෙන්නේ. ඒත් මම හිතන්නෙ නෑ මෙහෙම අවුල් කියලා. මොකද නවකතාවක් වගේ දිගටම ලියන්න බෑ අනේ. මට එකසෑම් නිසා ටයිම් නෑ. ඒත් බය වෙන්න එපා 😁. ආයෙ මේ ටයිප් එකේ දිග, ලස්සන නව කතාවක් මම ගේන්නම් එක්සෑම් ඉවර උනාම. කොටස් ගොඩාක් තියෙන, දිග එපි තියෙන 🩵..


Sachy Collins

Report Page