A flight to your heart
Sachy Collins
(කොටස් කිහිපයක කෙටි කතාවකි)
• Episode 01 •
"ඒ ඉන්නේ යුවේන් අහස්ය රොද්‍රිගෝ.. එයා පයිලට් කෙනෙක්."
එදා මගෙ පළවෙනි ගුවන් ගමන දවසේ, එයාව මම දැක්ක විදිහ මට තාම මතකයි. ඒ නපුරු ලස්සන අළු පාට ඇස් මගෙ හිත හොරකම් කරලා තිබුණා කාලයක්ම.. මමවත් නොහිතපු විදිහට..
"Hii.. මම ගුවන්යා.."
වොශ්රූම් එකේ මිරර් එක ඉස්සරහා ලිප්ස්ටික් එක ගාන ගමන් එහෙම කිව්වේ මම Cabin Crew එකට අලුත් නිසා. අද ඉඳන් මම Sri Lankan Airlines වල වැඩ කරනවා. ඉතින් මේ මගේ පළවෙනි ෆ්ලයිට් එක ට්‍රේනර් කෙනෙක් විදිහට. තද නිල් පාට ස්කර්ට් එක, බ්ලේසර් එක ඇඳලා හැට් එකයි ටයි එකයි දැම්මම මේ ගමේ කෙල්ල වෙනස්ම ලස්සනකින් පෙනුණා.
මම ගුවන්යා කවිදිනී සේමසිංහ. සාමාන්‍ය පවුලක ඉපදුන මගෙ හිතේ පොඩි කාලෙ ඉඳන් තිබුණ එකම හීනේ ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන එක. ඒකට මගෙ පෙනුම පවා මට උදව් කරා. අම්මයි තාත්තයි මහන්සි වෙලා උගන්වද්දි මම මගෙ කැපවීමෙන් උපරිම ඵල නෙලාගෙන මේ තැනට ආවා. ලොකු කාලයක ට්‍රේනින් එකකට පස්සේ අදයි මම ෆ්ලයිට් එකක යන්න හදන්නේ.
"ගුවන්යා.. Let's go."
මට මෙහෙදි ලැබුණු බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමයි දිව්‍යාදි කියන්නේ. එයා හිටපු නිසා මට එච්චර බයක් දැනුණෙ නෑ. ඉතින් එයාක්‍රාෆ්ට් එකට යන්න ටයිම් එක හරි නිසා අපි ඉක්මනින් ගියා. ඒ යද්දි මම දැක්කා පයිලට් කෙනෙක්ගේ යුනිෆෝම් එකක් ඇඳ ගත්තු ලස්සන බෝයි කෙනෙක් අපිව පාස් කරන් යනවා. මම හරියටම එයාගෙ මූණ දැක්කෙ නෑ. ඒත් ඉස්සරහා හිටපු Cabin crew එකේ අයගේ මූණෙ තියෙන හිනාව දැක්කම හිතා ගන්න පුළුවන් එයා කොච්චර ලස්සන ඇත්ද කියලා.
"අපේ ගර්ල්ස්ලා යුවේන්ට සිඩියුස් වෙලා ඉන්නේ."
"කව්ද යුවේන්."
"ඒ ඉන්නේ යුවේන් අහස්ය රොද්‍රිගෝ.. එයා පයිලට් කෙනෙක්."
"හ්ම්.. අපේ ෆ්ලයිට් එකේද එයා එන්නේ."
"Maybe."
අපි ගේට් එකෙන් රැම්ප් ඒරියා එකට ගියා. එයාක්‍රාෆ්ට් එකට තියෙන පඩි පෙළ දැක්කම මට දැනුණා මම සාර්ථකයි කියලා. මොකද ඉන්ටර්විව් එකෙන් පාස් වෙලා මට මෙතෙනට එන්න ලක් එක තිබුණ නිසා.
"අර එන්නේ ඒ පයිලට් නේද ?"
මම දිව්යාදිට පෙන්නුවේ ඈතින් එන යුවේන්ව. කරියර් එක වගේම තමයි එයාගෙ ලස්සනත්. එයා අපි ඉස්සරහටම එද්දි මම දැක්කා ඒ ලස්සන ඇස් දෙක. ලංකාවෙ කෙනෙක් උනාට එයාට තිබුණේ අළු පාට ඇස් දෙකක්. ඒක තමයි මට ඒ දවස් වල තිබ්බ ලොකුම පුදුමය.
✈ • ✈ • ✈
කොහොම හරි මගෙ පලවෙනි ෆ්ලයිට් එක සක්සස් උනා. මට අලුත් ෆ්‍රෙන්ඩ්ස්ලා මීට් උනා. ගොඩක් දේවල් පවා මට දැන ගන්න ලැබුණා. ඒත් යුවේන් ගැන ඇර. ඒ දවස් වල අපි ගියපු බහුතරයක්ම ෆ්ලයිට් වල යුවේන් හිටියා. Cabin crew එකේ ගෑනු ළමයින්ට නම් එයාව පේන්න බෑ ඇඹරෙනවා.
"ඩූ යූ නෝ ගුවන්යා. යුවේන්ගෙ තාත්තාත් පයිලට් කෙනෙක්. එයා තමා එදා අපි ගිය ෆ්ලයිට් එකේ කැප්ටන්."
"රියලි.. ඒත් මට නිකමට වගේ හිතුණා."
මම කීප වතාවක්ම යුවේන් එක්ක හිනා වෙන්න ට්‍රයි කරා. ඒත් එයාගෙ ලෙවල් එකට අපිව මැච් වෙන්නෙ නැති නිසා එයා අපේ හිනාව වත් ගණන් ගත්තෙ නෑ. සමහර විට මේ ලොකුකම එන්න ඇත්තෙත් තාත්තාගෙන් වෙන්න ඇති. යුවේන්ට තිබුණේ සුද්දෙකුගෙ වගේ සුදු පාට ස්කින් එකක්. ඒ නිසාම එයාගෙ රැවුලයි, දිග ඇහි පිහාටුයි කැපිලා පෙනුණා. ඒ විතරද. ඒ අළු පාට ඇස් දෙකත් විශේෂ වෙලා පෙනුණා කාටත් වඩා.
පස්සෙ මම යුවේන්ගේ තාත්තා ඒඩ්‍රියන් රොද්‍රිගෝව දැක්කා. එතකොටයි මට තේරුණේ ඒ අළු ඇස් යුවේන්ට ලැබෙන්න හේතුව. එයාගෙ තාත්තා ඇමරිකන් කෙනෙක්. මැරි කරලා ඉන්නේ ලංකාවෙ කෙනෙක්ලු..
"යුවේන් තාම මැරි කරලා නෑ. හැමෝම ට්‍රයි එකක් දෙනවා."
දිව්‍යාදි එහෙම කිව්වේ අමුතු විදිහට මං දිහා බලන ගමන්. ඇත්තටම කිව්වොත් මගෙ තුන් හිතේවත් එහෙම දෙයක් ගැන අංශු මාත්‍රයක අදහසක් වත් තිබුණෙ නෑ.
"මම දන්න අයියා කෙනෙක් හිටියා තිහස් කියලා. ඒ අයියා නම් ෆොරීන් කෙනෙක් තමා මැරි කලේ. ගොඩක් පයිලට්ස්ලාගෙ චොයිස් එක ඒකලු නේද ?"
"මට නම් ශුවර් නෑ.. ගුවන්යා කොහොමත් හැමෝටම වඩා ලස්සන නිසා එයාට ඩේට් කරන්න චාන්ස් එකක් ලැබෙන්න බැරි නෑ."
දිව්‍යාදි එහෙම කිව්වේ මගෙ හිතට ආගන්තුක හැඟීමක් එකතු කරලා. ඒත් පොළවෙ ඉන්න මම අහස උඩින් යනවා වගේ ඇවිදගෙන යන අහංකාර බෝයි කෙනෙක්ට ඩේට් කරන්නෙ කොහොමද. ඒක නම් ජෝක් එකක්..
........
එදා, ගුවන්යා කියලා මට නම දාන්න ඇත්තෙත් අද මම මේ වගේ තැනක ඉඳීවි කියලා තාත්තාට හිතුනු නිසා වෙන්න ඇති. ඉස්සර එයාක්‍රාෆ්ට් එකක් ගෙදර උඩින් යද්දි මම මොන වැඩේ හිටියත් දුවලා ගිහින් බැලුවා. ඒ තමයි මගේ මූලාරම්භය. ඉතින් එතන ඉඳන් අද වෙනකම් මම ආපු ඒ ගමන.........
ක්රීස්ස්..
වාහනේක බ්රේක් පාරක්..
කල්පනාවෙ ගිය මගෙ ඉනෙන් අත දාලා කවුරු හරි වෙනම පැත්තකට ඇදලා ගත්තා. එතකොටයි මට මතක් උනේ මම ඉන්නේ සින්ගප්පුර් වල කියලා. ලෝන්ග් හෝල් ෆ්ලයිට් එකක් නිසා අපි දවසක් වගේ එහෙ හිටියා..
"Are you out of your mind ?"
(සිහියෙන් නෙවෙයිද ඉන්නේ)
මම හැරිලා බලද්දි හිටියේ වෙන කවුරුත් නෙවෙයි. යුවේන්ම තමා. මගෙ එක අතකින් තදින් අල්ලගෙන එයා රූට් එකෙන් මාව පිටට අරගෙන. තව ටිකක් වෙලා ගියා නම් මම බස් එකකට හැප්පෙනවා.
"Thank you sir."
"......"
මගෙ දිහා තරහින් වගේ බලලා යුවේන් යන්න ගියා. ඊට එහයින් හිටපු මගෙ Crew එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඒ මොකක්ද වුණේ කියලා කන්ෆියුස් වෙලා බලාගෙන හිටියා. ඇත්තටම මටත් හිතා ගන්න බෑ යුවේන් මාව බේරගෙන, මං එක්ක කතා කරා කියලා.
"අන්න අපේ අනිත් ගර්ල්ස්ලා ඔයා එක්ක ජෙලස් ලු. ඇයි ඉතින් යුවේන් ඔයාව ටච් කරානේ."
"ජෝක් කරන්න එපා දිව්‍යාදි. I'm so excited now."
"Is it because of him ?"
(ඒ එයා නිසාද)
දිව්‍යාදි එහෙම කියද්දි මම හිනා වෙන්නෙ නැතුව අහක බලා ගත්තා. යුවේන් ගැන මගෙ හිතේ මොකක් හරි කැමැත්තක් ඇති උනොත් නම් ඒ මගෙ ෆ්‍රෙන්ඩ්ස්ලා කියන ඒවා නිසා තමයි. ඒත් මේකෙන් වෙන්නේ අපේ Crew එකේ අය මං එක්ක අමනාප වෙන එක. ඇයි ඉතින් හැමෝගෙම ට්‍රයි එක යුවේන්ව අල්ලගන්න.
මට ශුවර්.. යුවේන්ගෙ තියෙන අහංකාර කමට අපිට එයාගෙ ගෙදර හවුස් මේඩ් කෙනෙක්ටවත් යන්න බැරි වෙයි..
ටික කාලයක් ගෙවුණා..
මම දැන් අවුරුද්දකට ලං වෙන්න කාලයක් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්. අවුරුද්ද සම්පූර්ණ වෙන්න දවස් දෙක තුනයි තිබුණේ. ඉතින් දවසක් අපේ Crew එකේ බෝයි කෙනෙක්ගේ පාර්ටි එකකට ගිහින් මම රෑ වෙලා මගෙ අපාර්ට්මන්ට් එකට යන්න පිටත් උනා. රෑ 12 ට තනියම යද්දි බය නිසා මම ටිකක් ස්පීඩ් එකේ ගියා. ඒත් කාර් එකේ ලයිට් එකට, එක තැනක මම දන්න කෙනෙක් ඉන්න බව පෙනුණා. මගෙ හිතේ සැකයක් ඇති වුණා ඒ මම හිතපු කෙනාමද කියලා. ඉතින් මම කාර් එක නවත්තලා එළියට බැස්සේ එයා එක්ක කතා කරන්න.
"මේ ඔයා නේද.. යුවේන්.."
එයා කාර් එක අයිනේ ඉඳගෙන ඉන්නවා දැකලා මම එහෙම ඇහුවා. මගෙ කටහඬ ඇහිලා එයා ඔළුව උස්සලා බැලුවා. පෙනුමෙන් නම් පේන්නේ ඩ්‍රින්ක්ස් වැඩි වෙලා වගේ.
"ඔයා ඩ්‍රින්ක්ස් අරන්ද ඉන්නේ."
"Mind your own business."
(ඔයාගෙ වැඩක් බලාගන්න)
................................................................ 🛩️ ...
රියැක්ට් 100 + ඕනි ඊලඟ එපියට 🖤..
Sorry එහෙම කිව්වට. ඒත් ලස්සනට ලියලත් ඔයාලා මාව අගයන්නෙ නෑනේ 😣. කලින් කතා වලටත් එහෙමයි. ඒ නිසා මෙහෙම කරමු..
Sachy Collins